IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ජාතික රජයකට ශ්‍රීලනිපයෙන් බුලත්

එක්සත් ජාතික පක්ෂය සමග ජාතික රජයක් බිහි කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද අනුමැතිය දුන් බව දේශපාලන ආරංචි කියයි.

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව එහි සභාපති මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද රැස්විය. මේ ගැන තවදුරටත් ක්‍රියා කිරීම සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත් කරනු ලැබ සිටී. එම කමිටුවට නිමල් සිරිපාලද සිල්වා, සුසිල් ප්‍රේමජයන්, එස්.බී.දිසානායක, සරත් අමුණුගම, මහින්ද සමරසිංහ යන පිරිස අයත්ය.

සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටුවන ලෙස ඡන්දයට පෙරත් ජයග්‍රහණයෙන් පසුවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටියේය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමක් සඳහා පැමිණියේ වසර 10කට පසුවය.

 



අදහස් (0)

ජාතික රජයකට ශ්‍රීලනිපයෙන් බුලත්

චමිල Thursday, 20 August 2015 03:43 PM

බලාගෙන ගියාම රනිල් කොච්චර හොඳද? (නි)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 20 August 2015 09:00 AM

පක්ෂය පරාජය කරන්න පක්ෂයේ සභාපතිකමේ ඉදන්ම කුමන්ත්‍රණය කරපු එකයි පක්ෂයට ඡන්දය දෙන්න එපා කියල එළිපිටම කියපු එකයි දැන් අනුන්ගේ දරුවන්ට උප්පැන්න ලියන්න හදනවද කිසි හිරිකිතයක් නැතුව..මේකද යහපාලානේ..ප්‍රජතන්ත්‍රවාදේ.ලැබුණු සෑම ආසනයක්ම ලැබුනේ සන්ධානයක් වශයෙන් එක්සත්ව මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් මැතිවරණයට මුණ දීපු නිසා..ආසන 95ක් ගත්තේ ද්‍රෝහීන් පලවා හැරියේ මෙයාලට ඕන විදියට මේ ලැබූ ජයග්‍රහණය යු අැන් පි එකට පවා දෙන්න නෙමෙයි..සියලු සන්ධාන නායකයින්ගෙන් හා මහින්ද මහතාගෙන් ඉල්ලා සිටින්නේ අපේ ඡන්දයට සාධාරණත්වය ඉෂ්ට කරන්න කටයුතු කරන්න කියල (බ)

:       0       0

බණ්ඩා Thursday, 20 August 2015 09:23 AM

බයියොන්ට දුක හිතේවි අප්පා ......(බ)

:       0       0

දිලූ Thursday, 20 August 2015 09:28 AM

වඩාත්ම නරක සහ අශිෂ්ට දේශපාලනඥයන් ලංකාවේ විය හැකිය. ලාංකිකයන් කියන්නත් අපට ලැජ්ජයි ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ. සියලු දේශපාලුවන් ලංකාවට ලොකු වැරද්දක් කළා. (බ)

:       0       0

දහම් Thursday, 20 August 2015 10:28 AM

ඡන්ද ගැන ජනතා විශ්වාසය නැති කරන වැඩ මේවා. මිනිස්සු නෑදෑකම් නැති කරගෙන, ව්‍යාපාර විනාස කරගෙන, රස්සාවල් නැතිකරගෙන ජීවිත පරදුවට තියල තමන්ගේ පක්සේට අපේක්සකයට වැඩ කලේ. උන් ඒ ජනතාවගේ ඒ කැපකිරීම් තමන්ගේ වාසිය වෙනුවෙන් පාවා දෙනවනම් මුන්ට වැහි නැති හෙනම ගහන්න ඕනේ (නදී)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 20 August 2015 06:30 AM

යකඩෝ පක්ෂය පරාජය කරන්න පක්ෂයේ සභාපතිකමේ ඉදන්ම කුමන්ත්‍රණය කරපු එකයි පක්ෂයට ඡන්දය දෙන්න එපා කියල එළිපිටම කියපු එකයි දැන් අනුන්ගේ දරුවන්ට උප්පැන්න ලියන්න හදනවද කිසි හිරිකිතයක් නැතුව..මේකද මුන්ගේ මහලොකු යහපාලානේ..ප්‍රජතන්ත්රවාදේ.ලැබුණු සෑම ආසනයක්ම ලැබුනේ සන්ධානයක් වශයෙන් එක්සත්ව මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් මැතිවරණයට මුණ දීපු නිසා..ආසන 95ක් ගත්තේ ද්‍රෝහීන් පලවා හරියේ මෙයාලට ඕන විදියට මේ ලැබූ ජයග්‍රහණය යු අන් පි එකට පවා දෙන්න නෙමෙයි..සියලු සන්ධාන නායකයින්ගෙන් හා මහින්ද මහතාගෙන් ඉල්ලා සිටින්නේ අපේ ඡන්දයට සාධාරණත්වය ඉෂ්ට කරන්න කටයුතු කරන්න කියල. (අ)

:       0       0

ප්‍රකාශ් Thursday, 20 August 2015 10:47 AM

අපි හසු නොවෙමු (නදී)

:       0       0

බණ්ඩා Thursday, 20 August 2015 10:54 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය කර හැරීමේ පළමු ප්‍රයත්නය සාර්ථක කරගත් රනිල් ඇතුළු එජාප කණ්ඩායමට උණුසුම් සුබපැතුම් වසර දෙකක් සබාග රජයකට මුක්කු ගැහෙමෙන් පසු මෛත්‍රීට සබපාතිකම් කරන්න ශ්‍රීලනිප යක් ඉතුරු නොවෙනු ඇත හුරේ (නදී)

:       0       0

තුෂාර සමන් චමින්ද කරුණාතිලකේ Thursday, 20 August 2015 06:59 AM

අන්න නියම හොඳ තත්වයක් රටේ වැසියෝ හැටියට අපි සතුටු වෙනවා මොකද ඔක්කොම එකතුවෙලා මේක හදන්න ඕනි එතකොට තම ලංකාව නියම රටක වෙන්නේ ආර්ථිකය හොඳ වෙන්න හොඳ ක්‍රමවේදයක් තියෙන්නේ ඕනි බොරුවට එහෙත් මෙහෙත් අදින්නේ නැතිව පාර්ලිමේන්තුවෙන් හොඳට කළ බිල අපේ රටේ ප්‍රසන විසදන්න ඕනි හරිද මේක රටෙවසියෝ හැටිය දන අවවාදය ස්තුති (අ)

:       0       0

දුමින්ද Thursday, 20 August 2015 07:38 AM

මත වෙනුවට රට පෙරට (ම)

:       0       0

රවතාවත්ත Thursday, 20 August 2015 12:26 PM

බඩ පෙරට, රට ට කොහාටද, දෙයියෝ දනී. (අ) ,

:       0       0

ප්‍රියා Thursday, 20 August 2015 08:34 AM

නියමයි (ම)

:       0       0

ද සිල්වා Thursday, 20 August 2015 01:28 PM

මොන පක්ෂේ දිනුවත් හොරු ටික කොහොම හරි පාර්ලිමේන්තුවට පැනල අැමතිකම් ගන්න හදන හැටි දැක්කම හරිම හිරිකිතයි. ඉස්සෙල්ලා කිව්වේ හොරුන්ට නාම යෝජනා දෙන්නේ නැහැ කියලා. නමුත් නාමයෝජනා දීල කියනවා චන්දෙ දෙන්න එපා කියලා. පැරදුනහම ජාතික ලිස්ට් එකෙන් ගන්න කතා කරනවා. මොකක්ද මේ පක්ෂේට වෙලා තිබෙන්නේ ? හොරු නැතුව වෙන කිසිම සුදුස්සෙක් නැද්ද මේ ගොල්ලට පාර්ලිමේන්තු යවන්න ? හැමදාම කොන්ද පන නැතිය කියල බැනුම් අහන රනිල් මෙදා පාර කෙලින් තීරණයක් අරන් තිබෙනවා පැරදිච්ච මිනිස්සු ජාතික ලිස්ට් එකෙන් පාර්ලිමේන්තු යවන්නේ නැහැ කියල ? ජනාධිපති තුමනි කෙලින් තීරණයක් ගන්න. මෙහෙම ගියොත් වෙන්නේ ලබන පාර ජනාධිපතිවරණෙන් රනිල් දිනලා, සජිත් අගමැති වේවි , එතකොට අාසන ක්‍රමය ඇවිත් තිබුනොත් ශ්‍රී ල නි ට වෙන්නේ නැවතත් අාසන 8 ට බහින්න (නදී)

:       0       0

ද සිල්වා බර්ලින් Thursday, 20 August 2015 01:59 PM

ජාතික ලැයිස්තුව තිබෙන්නේ රටේ පාලනයට අවශ්‍ය කරන උගත් බුද්ධිමත් ඉංජිනේරුවරු , මහාචාර්යවරු වැනි පුද්ගලයන් පාර්ලිමේන්තුවට ගෙන එන්න මිසක් ඡන්දෙන් පැරදුන ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ පුද්ගලයන් පාර්ලිමේන්තු යැවීමට නොවේ (නි)

:       0       0

ජයශාන්ත Thursday, 20 August 2015 02:29 PM

නියම වෙනසක්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වන්නි සියයට 69යි
2024 සැප්තැම්බර් මස 21 70 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම කටයුතු අවසන් වන විට වවුනියාව දිස්ත්‍රික්කයේ සියයට 69.47 ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කොට ඇති බව වන්නි දිස්ත්‍රික් තේරීම් භාර න


අනුරාධපුර සියයට 75යි
2024 සැප්තැම්බර් මස 21 165 0

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජන්ද දායකයන් විසින් සියයට 75ක ප්‍රතිශතයක් ජන්දය භාවිතාකර ඇතැයි අනුරාධපුර මහ දිසාපති තේරිම් භාර


මහනුවර සියයට 80යි
2024 සැප්තැම්බර් මස 21 297 0

මෙවර ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ ඡන්ද මධ්‍යස්ථාන 890 තුළ සාමකාමීව ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු කෙරුණ අතර ඡන්ද ප්‍රකාශ කිරී


නුවරඑළිය සියයට 80යි
2024 සැප්තැම්බර් මස 21 301 0

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන 534 ක ජන්ද පෙට්ටි ගණනය කිරිමේ මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කරන අතර සියයට 80 ක් ජන්දය භාවිතා කර තිබේ.


ගම්පහ සියයට 75යි
2024 සැප්තැම්බර් මස 21 655 0

ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 75 කි.


ගලපිටමඩින් ඡන්ද නීති කැඩූ අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 21 488 0

ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14600 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 193 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 104 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site