(යොහාන් භාසුර)
කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාර සහ දැඩි සත්කාර ඒකක පිරිසිදු කිරීම සෞඛ්‍ය සේවකයන් ඉටුකළ යුතු යැයි සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පත්කළ කමිටුවකින් නිර්දෙශ කර ඇති බව එම රෝහලේ වෛද්‍යවරු පවසති.
එසේ නිර්දේශ කර තිබුණ ද එම කාර්ය සෞඛ්‍ය සේවකයන් හරහා ඉටුකිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කිසිඳු පියවරක් ගෙන නොමැති බවත් ඒ සඳහා හැකි ඉක්මණින් කටයුතු කිරීමට රෝගීන් ජනතාවගේ ආරක්‍ෂාවට වඩාත් වැඳගත් බවත් වෛද්‍යවරු කියති.
ජාතික රෝහලේ ශල්‍යකර්මවලට ලක්කරන රෝගීන්ගෙන් සැළකිය යුතු පිරිසක් ආසාදනයන්ට ලක්වීම පිළිබඳව වෛද්‍යවරු කළ ඉල්ලීමකට අනුව සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මේ පිළිබඳව සෙවීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙක්ගෙන් සමන්විත එම ත්‍රිපුද්ගල කමිටුව පත්කළ බව කියන වෛද්‍යවරු සෞඛ්‍ය සේවකයන් එම පිරිසිදු කටයුතු නොකරන්නේ නම් විනය පියවර ගතයුතු යැයි ද එම කමිටුව නිර්දේශ කර ඇති බව ද සඳහන් කළේය.
ජාතික රෝහලේ ශල්‍යාගාර සහ දැඩි සත්කාර ඒකක 50 කට අධික සංඛ්‍යාව සනීපාරක්‍ෂක සේවකයන් විසින් මේ වන විට පිරිසිඳු කිරීම කරනු ලබන අතර ඔවුහු වැසිකිළි ඇතුළු සෙසු ස්ථානවල පිරිසිදු කිරීම හේතුවෙන් ඔවුන් හරහා ශල්‍යාගාර සහ දැඩි සත්කාර ඒකකවලට විෂබීජ ඇතුල්වීමේ දැඩි අවදානමක් ඇති බවත් වෛද්‍යවරු වැඩි දුරටත් සඳහන් කරති.
විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ
මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ
ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්
වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ජාතික රෝහලේ ශල්‍යාගාර - දැඩි සත්කාර සෞඛ්‍ය සේවකයන් පිරිසිදු කළ යුතුයි
Mh Mohan Thursday, 21 September 2023 02:53 PM
ඔවුන් හොඳට ස්ට්‍රයික් කරන්න හැබැයි