(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආර්ථික ගැටලු ඇතුළු රටේ ප්‍රශ්න විසඳීම අරමුණු කරගත් ජාතික සභාවක් පිහිටුවීම සඳහාවූ යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත.
මෙම යෝජනාව පාර්ලිමේන්තුවේිදී ලබන සතියේ සම්මත කර කරගැනීමට නියමිතය.
කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මඟ පෙන්වීම හා ආර්ථික ස්ථායිකරණයට අදාල කෙටි සහ මධ්‍යකාලීන පොදු වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කර ගැනීම මෙම ජාතික සභාව පිහිටුවීමේ අරමුණ වේ.
කතානායකවරයා සභාපතිවරයාවූද අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, විරුද්ධ පක්ෂයේ නායකවරයා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන පිළිගත් දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් තිස් පස් දෙනකුට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විතවූ ජාතික සභාව යනුවෙන් හඳුන්වනු ලබන පාර්ලිමේන්තු කාරක සභාවක් තිබිය යුතු යැයි න්‍යාය පුස්තකයට ඇතුළත් කෙරුණු එම යෝජනාවේ සඳහන් වේ.
ආංශික අධීක්ෂණ කාරක සභා, රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව, රජය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව,පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව, බැංකු කටයුතු සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව, ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව, ආර්ථික ස්ථායිකරණය පිළිබඳ කාරක සභාව සහ රජයේ මුදල් පාලනය කරන කවර හෝ කාරක සභාවක් වෙතින් වාර්තා කැඳවීම ජාතික සභාවට බලය තිබිය යුත්තේය යනුවෙන්ද එම යෝජනාවේ දැක්වේ.
ජාතික සභාවේ ඝනපූර්ණය සාමාජික මන්ත්‍රීවරුන් දහ දෙනකුගෙන් සංයුක්ත විය යුතු බවත් කාරක සභාවේ පූර්ණ අවසරය ලබා නොගෙන එහි අනුගාමී රැස්වීම් තුනකට නොපැමිණෙන යම් සාමාජික මන්ත්‍රීවරයකු එම කාරක සභාවේ සාමාජිකත්වය අතහැර ගියා සේ සලකනු ලැබිය යුතු බවත් යෝජනාවේ සඳහන් වේ.
ජාතික සභාවක් පිහිටුවීම සඳහාවූ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්වූ පක්ෂ නායකයෝ තීරණය කළහ.
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජාතික සභා යෝජනාව න්‍යාය පුස්තකයට
sena Monday, 12 September 2022 03:10 PM
නිල බලයෙන් එන කට්ටිය දැක්කාම හිතාගන්න පුුළුවන් ආර්ථිකයට ඉදිරියේදී වන විනාශය...