IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ජාතික සමගියට විශේෂ බළකායක්

විශ්වාසය,සමගිය හා  සැමගේ සහභාගීත්වය  සහිත ජාතියක් ගොඩ නැගීමේ  මුලික අවශ්‍යතා  කෙරෙහි සැලකිළිමත් වීමේ අරමුණෙන් ප්‍රතිසන්ධානය පිළිබඳ විශේෂ ජනපති කාර්ය සාධක බළකායක් විසින්  ස්ථාපිත කැර තිබේ.

මෙම බළකායේ  චාලි ජයවර්ධන  මහතා එහි සභාපතිවරයාය. ජාවෙඩි යුසුෆ්,කන්දයියා නීල කන්දන්,මහාචාර්ය මේමානික්යලිංගම්, රියෙන්සි අර්සකුලරත්න ,ප්‍රියන්ති ප්‍රනාන්දු, සෙසු සාමාජිකයෝ වෙති.

 විසදිය යුතු ගැටළු හදුනාගනිමින් විවිධ ප්‍රජාවන් අතර ප්‍රතිසන්ධාන ඇති කිරීමත්,ගැටුම් හේතුකොටගෙන පුරවැසියන්ට විදින්නට සිදු පීඩාවන් සමනය  කිරීමටත් මෙම කාර්ය සාධක බළකායේ කාර්යයක් වන බව පැවසේ.

 



අදහස් (0)

ජාතික සමගියට විශේෂ බළකායක්

නිශාන්ත Wednesday, 04 March 2015 12:29 PM

මේ රටේ බහුතරය සිංහල බෞද්ධයන්. ඒ අය ජාතිවාදීන් නොවේ. එහෙම වුනා නම් වැල්ලවත්ත වැනි ද්‍රවිඩ ප්‍රදේශ තිහාරිය,මී ඇල්ල වැනි මුස්ලිම් ප්‍රදේශ මේ විධියට සාමකාමිව පවතින්නෙ නැහැ. මෙය තේරුම් කරගෙන බහුතර සිංහල බෞද්ධයන්ට සිදුවන පීඩාවන් සමනය කලොත් ගැටුම් ගැටළු ඇතිවෙන එකක් නැහැ. (නදී)

:       0       0

ශාන් Thursday, 05 March 2015 05:37 AM

කව්රු මොනවා කීවත් මෙතන ප්‍රයෝගික වෙන්නේ බණ්ඩාර-කැකිරාව ගේ අදහස පමණයි.(නදී)

:       0       0

රතූ Thursday, 05 March 2015 05:51 AM

මේ පත් කරපු අයගේ ප්‍රොෆයිල් එක පොඩ්ඩක් බැලුවා නම් මොකාට එන්නද හදන්නේ කියල තේරෙනවා (නදී)

:       0       0

විමුක්ති Wednesday, 04 March 2015 01:16 PM

මුලින්ම සිංහලයාට සාධාරණත්වය ඉෂ්ට කරන්න. එතකොට නිකම්ම ජාතික සමගිය ඇතිවේවි. (නදී)

:       0       0

විජයබාහු Wednesday, 04 March 2015 01:22 PM

තවත් එක ගොන් පාර්ට් එකක් විතරයි(නදී)

:       0       0

රජින්ද Wednesday, 04 March 2015 01:27 PM

නිශාන්ත සහ විමුක්ති මහත්මයින්ගේ අදහසට සම්පුර්ණයෙන්ම එකගයි. (නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 04 March 2015 01:41 PM

කෙනෙකුට පිහිනන්න් පුරුදු වෙන්න නම් අනිවාර්යයෙන් ජලයට් බහින්න සිදුවෙනවා. ඒ වගේම ජාතික සමගිය ඇතිවෙන්න අපි සැම අතර අවබෝධයක් තමා අවශ්‍ය වන්නේ. බලකායන් පිහිටුවීමෙන් නොව විශ්වාසය හා අවබෝධය තුලින් එය වර්ධනය කල යුතුයි. කෙසේ වෙතත් ඒ සඳහා ගන්නා සියලුම යහපත් ප්‍රයත්නයන් වලට අපගේ ස්තුතිය. (නදී)

:       0       0

දුමින්ද Thursday, 05 March 2015 07:07 AM

බණ්ඩාර, ඔබ මිනිසත් කමේ පතුල දකින්නෙක්. (ර)

:       0       0

නුවන්සර Wednesday, 04 March 2015 01:45 PM

බලවතා දුබලයාට පීඩා කරනවා කියා මතයක් තිබෙනවා ලොව පුරා.(නදී)

:       0       0

බණ්ඩාර-කැකිරාව Wednesday, 04 March 2015 02:05 PM

අපි සිංහල කොල්ලෝ..අපි නම් ජාතික සමගියෙන් ඉන්නේ,,මුස්ලිම්,දෙමළ, සිංහල කියලා අපි අතර බේදයක් නෑ. අපි හොද යාලුවෝ.අපේ සමගිය බිදින්නේ විවිධ ජාතිවාදී සංවිධාන ,,එවැනි අන්තවාදී සංවිධාන වල ක්‍රියාකාරිත්වය පරික්ෂා කිරීම සහ ඒවාට නායකත්වය දෙන පුද්ගලයන් ගැන අවධානය යොමු කරන්න..(හේ)

:       0       0

ෂ්‍යාමර් Thursday, 05 March 2015 08:12 AM

මෙතැන සමහර උදවිය සිංහල ජාතිය ආරක්ෂා කරන්න කතා කරනවා.සිංහල ජාතිය විනාශකළේ අපිද? (නි)

:       0       0

රුවන් Wednesday, 04 March 2015 02:42 PM

නිශාන්ත සහ විමුක්ති මහත්මයින්ගේ අදහසට සම්පුර්ණයෙන්ම එකගයි. (නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 05 March 2015 08:23 AM

"පිරිසිදු චේතනා...ගෙනදෙයි වාසනා" කියලා කියනමක් තිබෙනවා. අපි සිතන, පතන සියල්ල යහපත් නම් ආගම් වශයෙන් හෝ ජාති වශයෙන් හෝ සුළු මහා ජාතීන් ලෙස වෙනස්නොවී මේ රටේ ජීවත්වෙන්න පුළුවන්. දේශපාලකයන්ගේ අවශ්‍යතාවයන් මත හසුරුවන කිසිම කල්ලියකට හසුනොවී ලාංකිකයන් හැටියට ජීවත්වෙන්න පුරුදුවිය යුතුයි (නි)

:       0       0

අදිරි Wednesday, 04 March 2015 03:57 PM

ජාතික ව්‍යාපාර වලට අත දෙන්නේ ඔය තරුණ ළමයි (නදී)

:       0       0

රණවක Thursday, 05 March 2015 09:41 AM

රට ගැන හිතන්න. සිහලුන්ට නැතිකළ තැන ලබාදෙන්න. උතුරේ සිංහල ජනතාවට පදිංචිය ලබාදෙන්න. (නි)

:       0       0

හිල්මි Thursday, 05 March 2015 09:51 AM

කෝටි දෙකක ජනතාව අතර විවිධ අදහස් විවිධ මතදරන්නන් ඉන්න පුළුවන්. කොහේහරි පොඩි පොඩි ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් ඕනෑම වෙලාවක. අවශ්‍ය වෙන්නේ ප්‍රශ්නයක් ඇතිවුවිට රටේ නීතිය ඉතා තදින් ක්‍රියාත්මක කිරීමයි. නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන ස්වාධීනව ක්‍රියාත්මක වීමේ පරිසරයක් ඇතිකිරීමයි. (නි)

:       0       0

හිල්මි Thursday, 05 March 2015 09:53 AM

ජාතික සමගියට විශේෂ බළකායක් ස්ථාපිත කිරීම අනවශ්‍යයි, නිකන් අපි අසමගියෙන් ඉන්නවා වගේනේ කතාව, කෝටි දෙකක ජනතාව අතරේ විවිධ අදහස් විවිද මත දරන්නන් ඉන්න පුළුවන්, කොහේ හරි පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඕනෑම වෙලාවක, අවශ්‍ය වෙන්නේ ප්‍රශ්නයක් ඇති වුනහම රටේ නිතිය ඉතා තදින් ක්‍රියාත්මක කිරීම. නිතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන ස්වාදීනව ක්‍රියාත්මක වීමේ පරිසරයක් ඇතිකිරීම. (ර)

:       0       0

නදීර Wednesday, 04 March 2015 05:26 PM

සියළු ජාතීන් එකට එක්වී මේ රට සංවර්ධනයට දායකවෙමු (නි)

:       0       0

විකුම් Wednesday, 04 March 2015 10:01 PM

සිංහල බෞද්ධයන් බහුතරය කිසිම බේදයක් නැතුව සමගියෙන් ඉන්නවා. නමුත් යුද්ධයට පෙර උතුරේ සිටි සිංහල පවුල් තවම නැවත පදිංචි නොකරන්නේ මොකද? සීමා කඩයිම් ඇතිකරලා තියෙන්නේ ඇයි සිංහලයන්ට ? (නි)

:       0       0

විකුම් Wednesday, 04 March 2015 10:06 PM

සිංහලයින්ට උතුරේ, නැගෙනහිර සහ වතුකරයේ ඉඩම් ගන්න දෙන්නේ නැත්තේ මොකද? මේවාට විසඳුම් දෙන්න. (නි)

:       0       0

පාලිත ප්‍රනාන්දු. Wednesday, 04 March 2015 10:09 PM

නිශාන්ත,විමුක්ති මහත්වරුන්ගේ අදහස මුළුමනින්ම අනුමත කරමි.එදා පුංචි පවුල රත්තරන් යැයි කියමින් සිංහලයා විනාශ කළා. සිංහල බොදු අයිතිය විනාශ කළා. අද එක පවුලක් සිංහල ප්‍රදේශයකට ආවොත් අවුරුදු 10 කින් එතන අසිංහල ජනපදයක්. සිංහලයා අඩුවෙලා.මෙහෙම කියන්නේ සාධක ඇතුව. මුලින්ම සිංහලයාට අහිමි වූ දේවල් නැවත දෙන්න.උතුරේ සහ නැගෙනහිර ජනගහණ අනුපාතය අනුව සිංහලයාට පදිංචිවීමට සළස්වන්න. (නි)

:       0       0

තිලක් වික්‍රමගේ Thursday, 05 March 2015 02:19 AM

සුලුතරය ගැන විතරක් සිතා රටක් ගොඩගන්න බැහැ. බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න යම් පියවරක් ගතයුතුයි. හැමදේකම සීමාවක් තියෙන්න ඕනෑනේ. (නි)

:       0       0

ටෙක්ලා Thursday, 05 March 2015 02:43 AM

රටට හොඳක් වෙනවා නම් අපි සතුටුයි (නි)

:       0       0

දුමින්ද Thursday, 05 March 2015 04:36 AM

තවත්, පර උන සුදු නෙළුමක් නොවේවා.! (ර)

:       0       0

අබේ-ටෝකියෝ Thursday, 05 March 2015 05:12 PM

ජාතික සමගිය නැතිකළේ දේශපාලකයෝමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 292 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 196 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 332 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1028 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2815 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 345 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25214 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site