IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ජාතික සංහිඳියාවට ‘යදම්‘ අරඹයි

ජාතික ඒකාබද්ධතා හා ප‍්‍රතිසන්ධාන අමාත්‍යාංශය ‘සිසු දිවියට නව අරුතක් - ජාතික සංහිඳියාව පාසලෙන් අරඹමු’ යන තේමාව යටතේ ආරම්භ කළ ‘යදම්’ ජාතික සංහිඳියා වැඩසටහන ආරම්භ කිරීමේ උත්සවය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී අද පස්වරුවේ පැවැත්විණි.

පාසල් තුළින් ජාතික සංහිඳියාව ඇති කිරීම උදෙසා පාසල් තුළින් ක‍්‍රියාත්මක විය යුතු වැඩපිළිවෙලක් හඳුන්වාදීම, ජාතික ඒකාබද්ධතා හා ප‍්‍රතිසන්ධාන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය හා තේමා ගීතය එළිදැක්වීම ඇතුළු කටයුතු රැසක් මෙහිදී සිදුකෙරිණි.

පාසල්වල උදෑසන රැස්වීමේදී සාමයේ අවශ්‍යතාව පැහැදිලි කෙරෙන වැඩපිළිවෙළක් ඇතිකිරීම, ජාතික සමගිය ඇතිකිරීමේ ප‍්‍රායෝගික වැඩපිළිවෙලකට දරුවන් ප‍්‍රායෝගිකව දායක කරවාගැනීම, චිත‍්‍ර, රචනා තරග පැවැත්වීම ඇතුළු කටයුතු රැසක් මේ යටතේ සිදුකිරීමට නියමිතය.

‘‘පවුලට, ගමට හා රටට සාමයේ පණිවුඩය ගෙන යා හැකි සාමයේ පණිවුඩකරුවන් වන්නේ දරුවන් නිසා සංහිඳියා වැඩපිළිවෙල දරුවන් සමග ආරම්භ කළ බව ජාතික ඒකාබද්ධතා හා ප‍්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා පැවසීය.

විද්‍යා, තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය යන මහත්වරුන්, පාසල් සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

bmich_201655 bmich_201655-2 bmich_201655-3 bmich_201655-4 bmich_201655-5 bmich_201655-6



අදහස් (17)

ජාතික සංහිඳියාවට ‘යදම්‘ අරඹයි

කිත්සිරි Friday, 06 May 2016 02:40 AM

සියල්ලට කලින් සමහර එෆ්.එම්. නාලිකා වල භාෂාව හදන්න සහ රියලිටි වැඩසටහන් වලට නිසි ප්‍රමිතියක් දෙන්න (නි)

:       0       0

නිමල් ලලිත Friday, 06 May 2016 02:42 AM

සුසන්ත, ඔබ හරියට හරි. දැන් ඉතින් සිංහල ජාතිය අසරණ වෙනතුරුම සහජීවනයට ඉඩ දියයුතුය (නි)

:       0       0

ටෙෂාන් Friday, 06 May 2016 07:19 AM

සමහරු නම් හැමදේම දිහා බලන්නේ වැරදියට (නි)

:       0       0

විපුල Friday, 06 May 2016 02:54 AM

සංහිඳියාව කියන්නේ ෆෙඩරල් ක්‍රමය කියො අපිට තව ටික කලකින් සමහරු කියයිද දන්නෙ නැහැ. බලන්න බහුතර දෙමළ දේශපාලකයන්ගේ කටේ සංහිඳියාව තිබෙනවද? (නි)

:       0       0

බණ්ඩාර උඩවත්ත Friday, 06 May 2016 08:03 AM

සුසන්ත නොකියා කියන්නේ මොකක්ද මේ? (නි)

:       0       0

ගයානාත් Friday, 06 May 2016 08:12 AM

සුසන්ත හරි වගේ මටත් පෙනෙනවා. කොහොම වුණත් කාර්මික ආරක්ෂාව, මහාමාර්ග වලදී විනීතකම වගේ දේවලුත් මෙහෙම පාසල් කාලයේම ඉගැන්නුවා නම් මීටත් වඩා වටිනවා. (නි)

:       0       0

හසන් Friday, 06 May 2016 03:14 AM

සංහින්දියව නොදන්නා කට්ටිය මේ පාසලට සම්බන්ධ වෙලා ඉගෙන ගන්න. ඔය ජාති වාදය පතුරවන කට්ටිය කවද හරි ලංකාව ලොකු විනාසයක අදාල දාල තමයි නවතින්නේ (ම)

:       0       0

රොහාන් Friday, 06 May 2016 09:05 AM

හසන් සුසන්ත හරියටම හරි එක තාම තිත්ට ඇත්ත (බ)

:       0       0

සුසන්ත Thursday, 05 May 2016 04:07 PM

අපිට පේන විදියටනම් දැන් සංහිදියාව බෝර්ඩ් ලෑල්ල එල්ලලා කරන්නේ සිංහලයාගේ කොන්ද කඩන එක, අනිත් අය ඉල්ලන සියල්ල දිය යුතුය කියන තැනට තල්ලු කරන එක. අනිත් අය සංහිදියාව කියල කරන්නේ වෙනම පාලනයන්, වෙනම බලතල ඉල්ලන එක . ඒකට සංහිදියාව කියන ගමන්, එක රටක ඉමු කියන සිංහලයින්ට අන්තවදියෝලු . චාමර කොහෙන් හරි හොඳ පොල්ලක් අරන් මට ගහගෙන ගහගෙන පලයන්කෝ අනේ. (බ)

:       0       0

හේරත් Thursday, 05 May 2016 04:21 PM

සුසන්ත, ඔයාගේ කටේ රත්තරන් දමන්න වටිනවා. ඔය කියපු දෙයට අලුතෙන් යමක් එකතු කරන්න මට දෙයක් ඉතුරු වෙලා නැ (බ)

:       0       0

සෙනරත් Thursday, 05 May 2016 05:19 PM

සුසන්ත, ඔබ හරියටම හරි. (නි)

:       0       0

ප්‍රියංකර Friday, 06 May 2016 12:08 PM

''ජාතික සංහිඳියාව'' කෙසේවෙතත් ගම්බද පාසල් බොහෝ දරුවෝ හාමතේ ඉන්න බව සොයා බලා කටයුතු කරනවා නම් හොඳයි. ධනපති පන්තියෙ පාසල් වලින් ද ඔය වැඩපිළිවෙලවල් ආරම්භ වියයුත්තේ? (නි)

:       0       0

ජගත් Friday, 06 May 2016 01:09 AM

ඉතාම හොඳ වැඩපිළිවෙළක් (නි)

:       0       0

මංගල වේලාරත්න Friday, 06 May 2016 01:33 AM

සංහිඳියාව කියන්නේ මොකද්ද කියලාවත් නොදන්නා සමහර අය මොනවා කියනවාද කියලා එ් අයවත් දන්නේ නැහැ (නි)

:       0       0

සුගත් Friday, 06 May 2016 01:59 AM

සුසන්ත හරි. සිංහල ජාතිය නැතිවුණ දවසකට කට්ටියට සංහිඳියාවේ තරම තේරෙයි (නි)

:       0       0

ටානි Friday, 06 May 2016 02:00 AM

බොහොම හොඳයි. හදවතින්ම සුබ පතනවා (නි)

:       0       0

ඇන්ජලෝ Friday, 06 May 2016 02:15 AM

හොඳ ඇරඹුමක්. හොඳ වටපිටාවක් පොඩි කාලෙම සකස් කළොත් ඉදිරියේදී හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 680 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 1442 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 1337 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 379 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 339 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 2416 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38451 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25331 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 269 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 903 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site