නැමීබියාවේ ඔපුවෝ හි දී සාම්ප්‍රදායික ඇඳුම් ඇඳගත් කතක් සුපිරි වෙළඳසලකට පැමිණ බඩු මිලදී ගන්නා ආකාරය දිස්වන ඡායාරූප පෙළක් මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවි පුරා ජනප්රියවී ඇත.
උඩුකය නිරුවත්ව ඇය විවිධ භාණ්ඩ ට්‍රොලියකට එකතු කරගනිමින් සිටින ආකාරය එම ඡායාරූපවල දිස්වේ. ඇය සබන් කුඩු, සීනි සහ කිරි මිලට ගන්නා ආකාරය එහි දැක්වේ.
හිම්බා ගෝත්‍රික කාන්තාවක් වන ඇය වයස අවුරුදු 20ක පමණ තරුණියක් බව කියති. ඇගේ සාප්පු සවාරිය ඡායාරූපය නගා ඇත්තේ ස්වීඩන ජාතික පරිසර වාර්තාකරණ ඡායාරූප ශිල්පියකු වන බිජන් පියර්සන්ය.
තමා භාණ්ඩ මිලට ගැනීමට වෙළඳසලට පිවිසි අවස්ථාවක ඇය දැකීමෙන් පුදුමයට පත්වූ බව ඔහු පවසයි.
උතුරු නැමීබියාව සහ යාබද ඇන්ගෝලාවේ කුමීන් ගඟ ආශ්‍රිතව හිම්බා ගෝත්‍රිකයෝ 50,000ක් පමණ ජීවත් වෙති. ඔට්ජි හිම්බා බස කථාකරන මොවුන් නැමීබියාවේ අවසන් එඬේර ගෝත්‍රිකයන් ලෙස සැලකේ. බැටළුවන් හා එළුවන් ඇති කිරීම ඔවුන්ගේ ජීවන මාර්ගයයි.
ඔවුන්ගේ හිස සහ සිරුර හිරු එළියෙන් රැක ගැනීම සඳහා මඩ තවරාගෙන සිටින අතර ඔවුහු ඇඳුම් එළු හමින් සාදාගෙන සිටිති.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජේත්තුකාර ගෝත්‍රික කෙල්ල සබන් සොයා සුපර්මාකට් එයි
ඩෑම් Sunday, 04 September 2016 10:25 AM
සරල ජීවිත වනසන නාගරීකරණය...
සමන්ති Tuesday, 06 September 2016 12:07 AM
කලකදී අපේ ආදිවාසින් වගේ වෙන පාටයි පෙනෙන්නේ. (නි)
බමුණු Wednesday, 07 September 2016 06:04 AM
හැබැයි නියම පට්ට චොකලට් පාට. මැට් බ්‍රවුන් කලර් ලූක් එක කියල වැඩක් නැහැ. (බ)
කෝනාර Tuesday, 06 September 2016 01:25 AM
රවි, කලාත්මකබව වෙන දෙයක්. මම කියන්න්නේ සමහරු බෙහෙත් නොකර ඔවැනිදේට ගිහින් මැරෙනවා. එ්ක දකින මොළයක් ඇති අයත් ඒ අයට අනුකම්පා කරයි කියන එකයි හිතන්නේ. (නි)
ලලීන්ද්‍ර Tuesday, 06 September 2016 01:33 AM
යාග දෙස විද්‍යාත්මක ඇසකින් බලන්න එපා කියන ගමන්ම ඒවා ඉතාම තර්කානුකූලයි, මනෝවිද්‍යාත්මකයි කියන එක නම් එතරම් ගැළපෙන්නෙ නැහැ වගේ නේද? තමන් කියන දේ ගැනවත් හරිහැටි අවබෝධයකින් ලිවිය යුතුයි. (නි)
හේමාෂ් Tuesday, 06 September 2016 01:30 AM
දැක්කහමත් අප්‍රසන්නයි. අනේ මේත් මිනිසුන් නේද කියලා හිතෙනවා. (නි)
නීලා Tuesday, 06 September 2016 01:39 AM
බෙන්තර මහේෂ්, ඔයා හිතනවද මෙහෙම ප්‍රචාරණය කළොත් මේවා සාමාන්‍ය මිනිස්සු ගන්නවා තියා අතවත් තියයි කියලා. (නි)
වෙනුර Monday, 05 September 2016 04:10 AM
මේ ගෝත්‍රික වර්ගය ජීවත්වෙන්නේ ඉතාම කර්කෂක පරිසරයක. වතුර ඇත්තෙම ඇහැ. ඉර එළියෙන් බේරෙන්න සත්ව තෙල් සමඟ රතුපස් වර්ගයක් මිශ්‍රකර ගානවා. නාන්නේ කලාතුරකින්. පරිසරයට අනුවර්තනයවීමක්. කිරි සමඟ මස් ආහාරයට ගන්නවා. (නි)
නිර්මාල් Tuesday, 06 September 2016 01:40 AM
රවි, වේදිකාවක යාගයක් කිරිම ගැන නෙමෙයි කියලා තියෙන්නේ, ලෙඩට බෙහෙත් නොකර යාග කිරීම වැනි දේ කියලයි. (නි)
රියන්සි Sunday, 04 September 2016 12:47 PM
එයාලටත් වෙනස අවශ්‍යයි වගේ ඒක හොඳ දෙයක් (බ)
ජයපාල Friday, 09 September 2016 06:29 AM
නිරාවරණය වූ ගැහැණු උඩුකය මේ පද පේලි හා ගැලපෙන බව විවිධ වයස්වල රණතිසරුන් දුටු විට ඔබට වැටහෙනු ඇති ‘දෙහි දොඩම් රැක්කා අගනා තැඹිලි වික්කා පසුව වට්ටක්කා වැලක වැටකොළු තිබෙනු දැක්කා (බ)
උපුල් ගලප්පත්ති Monday, 05 September 2016 04:16 AM
මට නම් මේ ප්‍රවෘත්තිය විශ්වාස කළ නොහැක්කකි... ඇඳුම් නොහඳින හිම්බා නෝනට රෙදි සෝදන කුඩු කුමටද ? එළුවන්, හරකුන්, බැටළුවන් පාලනයෙන් ජිවත් වන ඔවුන්ට කිරිපිටි කුමටද ? (බ)
රවි Monday, 05 September 2016 04:32 AM
කෝනාර, යාග( රට යකුම,සන්නි යකුම,හූනියම ආදී නොයෙක් යාග) ඉතාම තර්කානුකූලයි. මනෝ විද්යාත්මකයි. ඉතාම කලාත්මකයි. ඒ දිහා විද්‍යාත්මක ඇහැකින් බලන්න එපා. කලාත්මක ඇහැකින් බලන්න. (බ)
බෙන්තර මහේෂ් Monday, 05 September 2016 05:50 AM
මට නම් හිතෙන්නේම මේක වෙළෙඳ ප්‍රචාරණ උපක්‍රමයක් කියායි (නි)
දුමින්ද Monday, 05 September 2016 11:52 AM
රංගනයක්... (ර)
මහාදේව Wednesday, 07 September 2016 08:18 AM
ඇය දිග මාලයක් දාල තිබුනනන් "කරේ පත්ම කැකුළු මාල හංස තුඩින් පිපෙන ලියේ" වැනි මහගම සේකරයන් ලියු පදවැලක සැබැ අර්ථය දැක බලාගන්න තිබුන. (බ)
බමුණුසිංහ Wednesday, 07 September 2016 01:37 AM
පිටිගල මිලානෝ, ඕක කියන්නත් දෙයක්ද? (නි)
ඉසුරු Sunday, 04 September 2016 04:41 PM
එහෙම තමයි ඉතින් ලෝකය දියුණු වෙනකොට (නි)
ටෙහාන් Sunday, 04 September 2016 05:14 PM
බොහොම දුර්ලභ ඡායාරූපයක් (නි)
බුද්ධි Thursday, 08 September 2016 10:51 AM
මෙයාගේ වයස කිව්වේ කොහොමද?
ලංකාසිරි Monday, 05 September 2016 07:41 AM
දරුවෙකුත් කරපින්නා ගත් මැයට මේ ගත්ත බඩු තනියම නම් උස්සගෙන යන්න බැහැ. අනිවාර්යයෙන්ම කාර් එකත් පාර්ක් එකේ ඇති. (බ)
පිටිගල මිලානෝ Tuesday, 06 September 2016 01:49 PM
අපේ ලංකාවේ මිනිස්සු මේ පුවත නම් මේවෙනකොට අටදහස් වතාවක් බලලා තියෙනවා. ලංකාවේ මිනිස්සු ගැන හිතාගන්න පුළුවන් මොන වගේද කියල. (අ)
කුමාර් (ගල්ෆ්) Thursday, 08 September 2016 11:39 AM
1800 ගණන්වල අවසාන කාලය වෙනකම් ලංකාවේ ගැමි ස්ත්‍රීන් සිටියේත් මේ වගේ තමා. ළමාතැනීලාට විතරයි උඩුකය වැසෙන්න ඇඳුම් තිබුනේ. (නි)
සොපි Monday, 05 September 2016 02:24 PM
මට නම් මේක මහ විකාරයක් (නි)
සේනක Monday, 05 September 2016 03:25 PM
වෙළඳ ප්රචාරක සමාගමක වැඩක් වෙන්න බැරිද? (නි)
කෝනාර Sunday, 04 September 2016 10:09 PM
අපි මෙවැනි දෙයක් දැක්කම අනුකම්පා කරනවා වගේ තමයි අපෙත් සමහර වැඩ (ලෙඩට බෙහෙත් නොකර යාග කිරිම වැනි දේ) දැක්කම දියුණු රටවල අය අපිට අනුකම්පා කරන්නේ. (නි)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Sunday, 04 September 2016 09:18 AM
මේ ගෝත්‍රිකයන් වුණත් කවදා හරි දියුණුයි කියන සමාජය කරා ඒමට කැමති බව මේ පින්තුර වලින් පේනවා. "ලංකාදීප" යට ගොඩක් තුති. (බ)
අයිකේඑස් චන්ද්‍රසිරි Sunday, 04 September 2016 09:25 AM
දරුවාගේ බෙල්ල එල්ලිලා තියෙන විදියට බය හිතෙනවා (බ)
කාන්ති Tuesday, 06 September 2016 07:47 AM
අපේ කොල්ලන්ට බලන්න මොනවහරි දෙයක් වෙළද ප්‍රචාරයකට දැම්මහම ඔහොම තමයි. එයා කිරිදෙන අම්ම කෙනෙක් කියල පිරිසිදු සිතින් බලන්න. (බ)
බමුණුසිංහ Tuesday, 06 September 2016 04:41 PM
මේක බ්‍රෙසියර් නිෂ්පාදන හෝ සන්ලයිට් සමාගමක වෙළඳ දැන්වීමක් (අ)