IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ජාතීන් අතර අවිශ්වාසය නැති කරන හැටි ජනපති කියයි

රජයේ ත්‍රෛභාෂා ප්‍රතිපත්තිය ජාතීන් අතර තිබෙන අවිශ්වාසය දුරලන්නයි. මේ භාෂා ඉගෙන ගැනීම ඉතා වැදගත්. එම භාෂාවලින් අප කතා කරන විට අවිශ්වාසය නැති වෙන්න පුළුවන්‘ යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. සමාජ එකාබද්ධතා සතියේ සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපති එසේ පැවැසීය. අරලියගහ මන්දිරයේ පැවැති මෙම උත්සවයේ දී වැඩි දුරටත් කතා කළ ජනාධිපතිවරයා මෙසේ ද පැවැසීය. ‘ ජාතීන් අතර සමානාත්මතාව අපි පොඩි කාලේ ඉඳලම ඉගෙන ගන්න ඕනෑ දෙයක් අපි සිංහල, දෙමළ, මුස්ලිම් කියල පාසල් වෙන් කරනවා. අපි සුහදත්වය ගැන කතා කරනවා. නමුත් පොඩිකාලේ ඉඳලා උගන්වන්නේ වෙන්ව ජිවත් වෙන්න. අපි මේ කාරිය පාසලින් ආරම්භ කරන්න ඕනෑ. ඇමැති වාසුදේව නානායක්කාර මහතා ද මෙහිදී කතා කෙළේය.



අදහස් (0)

ජාතීන් අතර අවිශ්වාසය නැති කරන හැටි ජනපති කියයි

මධු Tuesday, 17 July 2012 02:41 AM

දෙමළ ඉගෙන ගත්තාට නම් කමක් නැහැ.මුස්ලිම් ජාතීන් එක්ක නම් ඒ තරම් සම්බන්ධකම් හොද නැහැ

:       0       0

අජිත් වීරක්කොඩි Tuesday, 17 July 2012 02:59 AM

විස්වාසය උක් දණ්ඩක් වැන්නේ වැළඳු පසුවයි මිහිර දැනෙන්නේ

:       0       0

දී සිල්වා Tuesday, 17 July 2012 04:54 AM

කතාව නම් දෝලාවෙන් ගමන පයින්

:       0       0

නිශාන්ත Tuesday, 17 July 2012 06:35 AM

දැන් භාෂාව ඉගෙන ගත්තය කියලා හරියයි ඔක්කොම

:       0       0

SK Tuesday, 17 July 2012 07:19 AM

දැන් මේකද ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ?

:       0       0

පොතේගුරා Tuesday, 17 July 2012 07:48 AM

පළමුවෙන්ම එක් භාෂාවක් කතා කරන මහ ජාතිය අතර විශ්වාශය ගොඩ නැගිය යුතුයි නේද?

:       0       0

ලුම්බිණි Tuesday, 17 July 2012 08:38 AM

මම හිතන්නේ වෙන භාෂාවක් කතා කල පමණින් ජාතීන් අතර තිබෙන අවිශ්වාසය නැති වෙන්නේ නැහැ. සියලුම දෙනාට සම අතිවාසිකම් තිබිය යුතුයි ඉස්සර වෙලාම. මේක නීති වල තිබුනට වැඩක් නැහැ. ක්‍රියාවෙන් තිබෙන්න ඕන. අපි සිංහල හෝ අපි දෙමල නැතිනම් මුස්ලිම් කියල හිතන්නේ නැතුව අපි ශ්‍රී ලාංකිකයන් කියල හිතන්න පුළුවන් වෙන්නේ එතකොටයි.

:       0       0

බෙන් ටෙන් Tuesday, 17 July 2012 09:04 AM

ජනාධිපතිතුමා හරියටම හරි... භාෂා නොදැනුවත්කම නිසා ගැටළු රාශියක් මතුවෙනවා. භාෂා තුනම ඉගෙනගත්තහම තමන්ටම ඕනෑම දෙයක් තේරුම් ගැනීමට හැකිවෙනවා. එයින් ප්‍රශ්න රාශියක් වි‍සදෙනවා. සැමවිටම ආගම්වාදය, ජාති වාදය තම කරමත තබා සිටින අයටනම් මෙය හොද ප්‍රවෘත්තියක් නොවනු ඇත. මන්ද, ඔවුන් දැනටමත් තම ශරීරයට යම් ආගමක් තදින්ම ඇතුල්කරගෙන සිටින නිසා.

:       0       0

අනේ හපොයි Tuesday, 17 July 2012 09:17 AM

බෙන්ටෙන්, ඔබ 100%ට 1000000% ක් හරි යාළුවේ

:       0       0

කම්මලේගෙදර Tuesday, 17 July 2012 08:48 AM

අධ්‍යාපනයට වෙන්කරන මුදල (1.68% සිට 6% දක්වා ) වැඩිකලොත් ළමයින්ට භාෂා තුනම උගන්වන්න පුළුවන් වෙයි නැත්නම් ඉතින් සොරිම තමයි ..

:       0       0

චන්දි Tuesday, 17 July 2012 09:38 AM

සිංහල බෞද්ධ පාසල් වසාදැමිමේ වැඩපිළිවලේ ආරම්භය.....

:       0       0

එස්.කේ Tuesday, 17 July 2012 09:38 AM

අතීසාරෙට අමුඩ ගහන මිස්සු තමයි වැඩිහරිය..

:       0       0

ලොක්කා Tuesday, 17 July 2012 09:27 AM

ලංකාවේ ශිෂ්ටාචාරය ගොඩ නැගු සිංහල ජාතියට ඉතිහාසයෙන්ම හිමි තැන අහිමි කරන වැඩ පිළිවෙළේ තවත් එක් පියවරකි මේ. සියල්ලෝම ශ්‍රී ලාංකිකයෝය. අපි අලුත්ම භාෂාවක් හදල දෙමු මේ අමුතු ජාතියට.

:       0       0

ගාල්ල‍ගේ Tuesday, 17 July 2012 09:28 AM

එක හොඳ අදහසක් නමුත් මගේ පෞද්ගලික මතය වන්නේ හැමෝටම මේ රටේ සම අතිවසිකම් හිමිවිය යුතු වෙන්න ඕනි .සාමාන්‍යයෙන් බහුතරයක් කතා කරන භාෂාව තම ඒ රටේ පළමු භාෂාව වෙන්න ඕනි. මොකද අපි එංගලන්තෙට හරි ඇමෙරිකාවට හරි ගියාම ඒගොල්ල අපේ භාෂාව කතා කරන්න පුරුදුවෙන්නේ නැහැනේ. අපිට කතා කරන්න වෙන්නේ ඒගොල්ලන්ගේ භාෂාව .මේක ඇති කරලා තියෙන්නෙත් අපේම රටේ අය‍‍.අපි සුද්දට බැන්නට සුද්ද හරි.....

:       0       0

අලිබබා Monday, 16 July 2012 08:10 PM

ජනාධිපති තුමනී ඔබ පවසන්නේ ඇත්තෙන්ම සත්‍යයක්. අපි සිංහලය, දෙමළය, මුස්ලිම්ය කියා පාසැල් තුලින්ම වෙන්කරනවා. අපි සුහදතාවය ගැන කතා කරනවා. නමුත් පොඩිකාලේ ඉදලාම අපට උගන්වන්නේ වෙන්ව ජීවත් වෙන්න. මෙම ක්‍රම වේදය වෙනස් කිරීමට දැන් කාලය පැමිණ ඇත. මෙයට භාෂාවන් ප්‍රගුණ කිරීමට කවුරුත් උනන්දු විය යුතුය.

:       0       0

අලිබබා Monday, 16 July 2012 08:10 PM

ජනාධිපතිතුමනි, ඔබ පවසන්නේ ඇත්තෙන්ම සත්‍යයක්. අපි සිංහලය දෙමළය මුස්ලිම්ය කියා පාසැල් තුලින්ම වෙන් කරනවා. අපි සුහදතාවය ගැන කතා කරනවා. නමුත් පොඩිකාලේ ඉදලාම අපට උගන්වන්නේ වෙන්ව ජීවත් වෙන්න. මෙම ක්‍රමවේදය වෙනස් කිරීමට දැන් කාලය පැමිණ ඇත.මෙයට භාෂාවන් ප්‍රගුණ කිරීමට කවුරුත් උනන්දු විය යුතුය.

:       0       0

ශාන් Tuesday, 17 July 2012 10:12 AM

මධූ, ඔයා එකක් මතක තියා ගන්න.ඔබලාව එදා බේරුවේ මුස්ලිම් රටවල් තමයි

:       0       0

ෆාරු Tuesday, 17 July 2012 10:58 AM

ඔවු මධූ. අපේ ජාත්‍යන්තර ප්‍රශ්න වලට උදවු කළේ මුස්ලිම් රටවල් නෙමෙයිනේ.ඒ නිසා ඔයා කියන විදියකට අපි ඉන්නම්

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Monday, 16 July 2012 08:43 PM

ජනපතිතුමනි, ඒක කරන්න ඔබට පුළුවන්....

:       0       0

ෆිරෝ Tuesday, 17 July 2012 11:28 AM

මේවා තේරුමක් නැති කතා

:       0       0

ෂෙරීෆ් Monday, 16 July 2012 09:11 PM

බොහොම වටිනා කියමනක්‍‍...

:       0       0

අමිල කටුනායක Monday, 16 July 2012 09:14 PM

භාෂාව කෙසේ වෙතත් ආකල්පමය වෙනසක් ඇති කර යුතුයි‍‍.....

:       0       0

එම්.ටී.එම්. අබ්දුල් ලතීfප් Tuesday, 17 July 2012 11:47 AM

අති ගරු ජනාධිපතිතුමනි, ඔබගේ අදහසට මා පෞද්ගලිකවම ගරු කර ප්‍රශසා කරනවා. එසේ නමුත් එදා පටන් අද වෙනකම් සෑම පාසලකම භාෂාව සමග තම තමන්ගේ ආගමට මුල් තැන දෙමින් ආගම හා බැදුනු අධ්‍යපන ක්‍රමයක් තුළ සියලුම ජාතීන් එකම පාසල් ක්‍රමයකට ඇතුලත් කර භාෂාව ප්‍රගුණ කිරීමේ වැඩ පිළිවෙළ වෙනුවට, වෙනත් විකල්ප වැඩපිළිවෙළක් යොදා ගතහොත් මෙහි සාර්ථකත්වයක් ලබාගත හැකිවේ යැයි මා විශ්වාස කරන අතර එය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි.

:       0       0

හීන් මැණිකා Tuesday, 17 July 2012 01:06 PM

මට ඔය කියන ඒවා ගැන විශ්වාසයක් නෑ

:       0       0

aaa Tuesday, 17 July 2012 12:33 PM

මධූ වගේ අයට ගැළපෙන්නේ ප්‍රභාකරන්ව තමයි

:       0       0

අලිබබා Tuesday, 17 July 2012 12:43 PM

මුස්ලිම්වරුන්ට බොහෝවිට භාෂා කීපයක්ම කතා කිරීමට පුලුවන. දෙමළ, සිංහල, අරාබි, ඉංග්‍රීසි. මෙයට අමතරව තවත් අය අමතර භාෂාවන්ද උගනී. මේ සියලුම භාෂාවන්දනී. නමුත් බොහෝ ලාංකිකයන් දන්නේ තම මවු භාෂාව පමණි.සිංහල උගතුන් පමනක් ඉංග්‍රීසි කථා කරයි. ඒ හැර භාෂා ප්‍රගුණත්වය නැති නිසා බොහෝ විට අන්අය දෙස වපර ඇසින් බැලීමට සමහරක් සිංහල කියා ගන්නා වු පුද්ගලයන් පුරුදුව සිටි. මෙය සාමයට සමගියට සහජීවනයට තිබෙන ප්‍රබල බාධාවකි.මෙහි අදහස් දක්වා ඇති අයගේ අදහස්වලින්ද එය ඉතා පැහැදිලිය.

:       0       0

ඔසන් සලාම් - දෝහා Tuesday, 17 July 2012 01:48 PM

කුමන භාෂාවකින් ඉගෙන ගත්තත් අපගේ සිසු පරපුර ඉගෙන ගන්නේ එකම විෂයයන්. නමුත් භාෂාව සහ ආගම යන විෂයයන් දෙක හැර. මගේ පෞද්ගලික මතය නම් එක්කෝ කොළඹ ඩී.එස්. සේනානායක වැනි විද්‍යාලයන් ර‍ටේ සෑම අධ්‍යාපන කලාපවලම එක බැගින් බිහිවිය යුතුය. එසේ නැතිනම් සෑම පාසලකම ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්විය යුතුය. කුමක් හෝ සුදුසු තීරණයකට රජය පැමිණිය යුතුයි.

:       0       0

ගිරිගොරිස් Tuesday, 17 July 2012 01:08 AM

මේවට කමෙන්ස් දාන්න කව්රුවත් නැහැ වගේ ,

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි
2024 ඔක්තෝබර් මස 13 446 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්


මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 998 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 306 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 195 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 4738 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 978 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26047 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 295 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1341 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site