IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘ජාත්‍යන්තරය අප සමඟයි : බරක් ඔබාමා වසර අග ලංකාවට‘

‘අපි ජාත්‍යන්තරය තරහ කර ගත්තේ නෑ. ඉන්දියා අගමැති ලංකාවට ආවා. තවත් අය ආවා. ඇමෙරිකා ජනාධිපති බරක් ඕබාමාත් වසරේ අන්තිම ලංකාවට එන්න පොරොන්දු වෙලා තිබෙනවා. ‘ යැයි ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.

‘අද තියෙන විපක්ෂය ප්‍රතික්ෂේප වූ විපක්ෂයක්. ඔවුන්ට සදාචාරාත්මක අයිතියක් නෑ විශ්වාස භංගයක් ගේන්න. පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාව පෙන්නුව විශ්වාසය තියෙන්නේ කාටද කියා. මහින්ද රාජපක්ෂ, ඔහුගේ ආණ්ඩුව සහ ඔහුගේ ප්‍රතිපත්ති ජනතාව පැහැදිලිව ප්‍රතික්ෂේප කළා. ජනාධිපතිවරණය අවසන් වූ ගමන් මහ මැතිවරණයක් තිබ්බා නම් විපක්ෂයට මන්ත්‍රීධුර 60කට වඩා එන්නේ නෑ. ‘

(වීඩියෝ සනත් ඩෙස්මන්)

(ඡායාරූප ඉසංක සුනිමල්)

DSC_0119 DSC_0124



අදහස් (0)

‘ජාත්‍යන්තරය අප සමඟයි : බරක් ඔබාමා වසර අග ලංකාවට‘

සුනිල් Tuesday, 16 June 2015 02:33 PM

පහුගිය දවස්වල ඔබාමට විරුද්ධව මෙහෙත් ව්‍යාපාරයක් තිබුනා නේද? ඒ කාලේ ඔබාමාට විරුද්ධව බස් හෝල්ට් වල ලියපුවා තවම මකලා නැහැනේ. ඔබාමා එන්න කලින්වත් මකලා දැම්මොත් මොකද? නැත්නම් ඕවා ඇමරිකාවේ පත්තරේකවත් යන්න බැරි නැහැ. (නි)

:       0       0

කපිල Tuesday, 16 June 2015 02:44 PM

ඇමෙරිකාව එන්නේ රටට උදව් කරන්න කියලා හිතන්න තරම් අපි මෝඩවෙන්න ඕනෑ නැහැ. අපිට යූ.එන්.ඒ. ආරක්ෂක මණ්ඩලයේදී උදව් කරන්නේ චිනයයි රුසියාවයි මිසක් ඇමෙරිකාව නොවේ. (නි)

:       0       0

කුමාර් Tuesday, 16 June 2015 02:48 PM

ඔබාමා යනු අවස්ථාවාදියෙක් ලෙසයි මම දකින්නේ. ඔහු මියන්මාරයට ආවඩනවා. මොන හියුමන් රෙකෝඩ් එකක්ද ඒ රටේ තියෙන්නේ? නිකන් අපිට පහුගිය කාලේ පිම්බුවා. (නි)

:       0       0

ලාල් Tuesday, 16 June 2015 03:02 PM

සමහරු හිතාගෙන ඉන්නේ ලංකාව පිහිටා තිබෙන්නේ තනිවූ ග්‍රහ ලෝකයක කියලයි. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Tuesday, 16 June 2015 03:11 PM

රටක ආර්ථිකය ගොඩනැගෙන්නේ එරට නිෂ්පාදනයන් වෙනත් රටවලට යවන්න ඉඩ ලැබෙනවානම් තමයි මෙයට හොඳම තෝතැන්න තමයි ඇමෙරිකාව ..කරුමයකට ඇමරිකානු වෙළෙදපොල ලංකාවට දොර වැහිලා ......උදාහරණයක් ලෙස මෙහි තිබෙනවා කොස්ට්කෝ කියා ව්‍යාප්ත වුනු අති දැවැන්ත වෙළද ව්‍යාපාරයක් එහි මුළු ලෝකයේම පවතින නිෂ්පාදනයන් අලෙවි වන්නේ පුදුමාකාර ලෙසටයි ...ඉතින් අපේ රටේ දේශීය එක නිෂ්පාදනයක් හෝ මෙම වෙළදපොල ආක්‍රමණය කළොත් අපේ රටේ ආර්ථිකයට වාසියක්ද ? අවාසියක්ද ?මම එහි පොල්තෙල් බෝතල් තිබෙනවා දැකලා ආසාවෙන් අතට ගත්තා ලංකාවෙන් වෙන්න අැති කියලා ...නමුත් එහි තිබුනේ මේඩ් ඉන් පිලිපීන් කියලා .... අංක එකේ පොල්තෙල් තිබෙන පොල් කර්මාන්තයේ ප්‍රධාන රටක් වන අපේ රටට මෙවන් වෙළදපොලක් දිනාගන්න බැරිවීම අපි ලද අභාග්‍යයක් බව මෙරටට බැන බැන කොමන්ට් දමන ඔබලා කල්පනා නොකරන්නේ මන්ද ? (බ)

:       0       0

සෙනරත් Tuesday, 16 June 2015 03:25 PM

දාල තිබෙන අදහස් වලට අනුව, ඔබාමා එනවට දැන්මම දෙකට නැවීගෙන ඉන්න කට්ටියක් ඉන්න බව පෙනෙනවා. (නදී)

:       0       0

ලංකා Tuesday, 16 June 2015 03:29 PM

ඇමරිකාව කොටින්ගේ යුධ නැවි විනාශ කරන්න ඔත්තු දුන්න තමයි. හැබැයි ඔවුන් අපව යුධ අපරාධ වලට වැරදි කරුවන් කරන්න දඟ කවනවා. හැබැයි ඇමරිකාව මේවගේම තත්වයක සිටින ඊශ්‍රායලය වෙත ඇති යුධ අපරාධ චෝදනා අහෝසි කරන්න මාන බලනවා.(නදී)

:       0       0

ලක්මාල් Tuesday, 16 June 2015 08:48 AM

එදා නොහිටිය යහළුවෝ අද මොකටද? එයා ආවා / නාව කියලා අපිටනම් කිසිම සිතලක්වත් - රස්නයක්වත් නැහැ. (ම)

:       0       0

සාරංග Tuesday, 16 June 2015 08:51 AM

එකියන්නේ ඔබතුමාම පිලිගන්නවා ජනවාරි 8 සිට අද දක්වා බැලුවම පිරිහීමක් තියෙනවා කියල? ඒ කියන්නේ විශ්වාසභංග වීමක් නොවේද? (ම)

:       0       0

ශාන්ත - කටාර් Tuesday, 16 June 2015 08:52 AM

එහෙමද අප්පේ , මාර සතුටුයි , ඔබාමා අවම අපේ ඔකොම ප්‍රශ්න විසදෙනවද ? (ම)

:       0       0

නන්දලාල් Tuesday, 16 June 2015 09:00 AM

සමහර අයගේ ඇස් වල කටු ඇනෙනවා වගේ ඇති ජනපති ඔබාමාගේ ශ්‍රී ලංකා සංචාරය. ඒ මොකෝ අපේ රටේ හැම "හොඳ, වටිනා, වැදගත්" දෙයක් තියෙනවා නම් ඒක කරේ "කුරහන් සාටක අඳින ඒගොල්ලෝ " නේ. (ම)

:       0       0

නාමල් Tuesday, 16 June 2015 09:15 AM

ජයවේවා... ශ්‍රී ලංකාව සිටිය යුත්තේ ඇමරිකාව, යුරෝපය, ඉන්දියාව වැනි දියුනු ප්‍රජාතන්ත්‍රවාදී බලවතුන් සමග මිස චීනය, රුසියාව වැනි ඒකාධිපති රාජ්‍යන් සමග නොවේ...(ම)

:       0       0

නුවන් Tuesday, 16 June 2015 09:20 AM

දැන් මෙතැන මෝඩ විදිහට ඇමරිකාවට බනින අය ඉදීවි.. හැබැයි ඕනෑම කෙනෙකුට වීසා දෙනවා කිව්වොත් ලංකාවේ ලොකුම පෝලිම හැදෙන්නේ ඇමරිකානු හා බ්‍රිතාන්‍ය නානාපති කාර්යාල ළඟ..(ම)

:       0       0

සේන Tuesday, 16 June 2015 09:20 AM

අපේ සිංහලයෝ නොදන්නා එකම දෙය දේහපාලනය .පිස්සු හා විහිලු කතා කියනවා .ඇමරිකාවට අවශ්‍ය රනිල් ට හෝ රටට මුකුත් කරලා යන්න නොව දෙමල සන්ධානය උතුර අරන් දෙන්න .(ම)

:       0       0

ශාන්ත - කටාර් Tuesday, 16 June 2015 09:27 AM

නන්දලාල් කාගෙවත් කුණු කන්දල් වලට අත දාන්න එපා , (ම)

:       0       0

සුනිල් Tuesday, 16 June 2015 09:35 AM

ඉතින් ඔබාමා ඉන්නේ කාලේ අවසාන වෙලා ගෙදර යන ගමන් නේ. ඇවිත් ඔහේ යාවි, ඒත් ඉතින් මෙහෙ වගේ තුන්සැරයක් ඉල්ලන්න පුළුවන් කියාවිද දන්නේ නැහැ එයත්.? (ර)

:       0       0

සිරි Tuesday, 16 June 2015 04:40 PM

ඕනෑ කෙනෙකුට පුළුවන්නේ මාධ්‍ය සාකච්ඡා තියන්න. (නි)

:       0       0

පියලාල් Tuesday, 16 June 2015 09:38 AM

කවුද මේ ගොල්ලන්ට කලින් එන්න එපා කියුවේ.? තරහ වෙන්න දෙයක් අපේ රටෙන් වුනේ නැහැනේ.? (ර)

:       0       0

සුරන් Tuesday, 16 June 2015 09:39 AM

ඇමරිකාව, යුරෝපය, ඉන්දියාවත් යැපෙන්නේ චිනේ ණය වලින් , එතකොට මොන රටද බලවත්.? (ර)

:       0       0

චතු Tuesday, 16 June 2015 09:45 AM

නුවන්, ඔයාට වැරදිලා. මිනිස්සු ඒ රටවල් වලට යන්නේ රැකියාවක් කරලා වැඩි මුදලක් හොයාගන්න මිසක් තමන් ඉපදුන රට පාවල දෙන්න වත් රටට ආදරේ නැති කමට නෙමේ. එහම කරන අයත් ඉන්නවා... (ර)

:       0       0

ද සිල්වා බර්ලින් Tuesday, 16 June 2015 09:47 AM

ඇමෙරිකාව, යුරෝපය කියන්නේ අපේ නිෂ්පාදන අලෙවි කරන සංචාරක ව්‍යාපාරය මගින් විශාල වශයෙන් විදේශ විනිමය අපේ රටට ඇදී එන රටවල් ඒවා තරහ කරගෙන අපේ රට දියුණු කිරීම අපහසුයි, චීනයේ , ඉන්දියාවේ , රුසියාවෙන් අපි භාණ්ඩ සහ සේවා ලබාගැනීමට පුරුදු වෙලා ඉන්න නිසා අපේ විදේශ විනිමය ඔවුන්ට ඇදී යනවා . ඔවුන් අපේ සංවර්ධන ව්‍යාපෘති වලට මුදල් දුන්න එක ඇත්ත නමුත් අපි ඒවාට පොලි ගෙවන්න ඕනේ , චීනය , රුසියාව , සහ ඉන්දියාව සමගත් අපේ සම්බන්ධ කම් තබාගත යුතුය නමුත් අපිට ඒවා මතම යැපෙන්න බැහැ. (ර)

:       0       0

තිලක් - ඩුබායි Tuesday, 16 June 2015 09:58 AM

සේන, කොටි ඉස්සෙල්ලාම තහනම් කරපු බටහිර රට ඇමරිකාව කියලා මතක නැත්ද? මේවා ඉල ඇදෙන විහිලු... රැස්වීම්වල අහගත්ත කථා මෙතැන ඇවිත් කියනවා. (ර)

:       0       0

චන්ද්‍රා Tuesday, 16 June 2015 09:58 AM

ජාත්‍යන්තරය පමණක්ම මදි ජනතාවත් ඔබලා සමග සිටිය යුතුයි රට පාලනය කිරීමට නම්. (ර)

:       0       0

ශමන්ත වෙල්ගම Tuesday, 16 June 2015 09:59 AM

තිත්ත ඇත්ත නම්, අපේ අදායමෙන් වැඩි ප්‍රතිශතයක් ලැබෙන්නේ ඇමෙරිකාව සහ යුරෝපීය රට වලට කරන අපනයන වලින්. බොහෝ දෙනෙක් නොදන්නවා වියහැකි. අපිට අවශ්‍ය වන්නේ සාදාරන ලෙස කාටවත් බාල්දු නොවී අපේ හැකියාවෙන් හරි හම්බ කරගෙන අපේ දෙපින් නැගීසිටීමටයි. අපේ දෙශපාලකයෙන් කලයුතු වන්නේ එවැනි තත්වයක් ඇතිකිරීමට කටයුතු කිරීමයි. (ර)

:       0       0

ධර්ම Tuesday, 16 June 2015 10:02 AM

අපිට මටකයි ඇමෙරිකාව අපිට කිසිම උදවූවක් කරේ නැනේ යුධ්ධේදී. (ර)

:       0       0

දුමින්ද Tuesday, 16 June 2015 10:11 AM

යුද්ද කාලේ ඔය යාලුඉවෝ නේද කිව්වේ ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් කියල (ම)

:       0       0

ද සිල්වා බර්ලින් Tuesday, 16 June 2015 10:17 AM

හැමදාම යුද්ධය ගැනම කතා කරමින් යුධ මානසිකත්වයකම සිටින්නේ නැතුව ජාතින් අතර සහ ජීවනයක් ඇති කර රටේ සියලු දෙනාටම එක එක දේශපාලකයන් පසු පස නොයා තමන්ගේ ශක්තියෙන් රැකියාවක් ව්‍යාපාරයක් කරගෙන් ජිවත් විය හැකි පරිසරයක් රටේ ස්ථාපිත කරගත යුතුය, දැනට මට පෙනෙන විදිහට රටට තිබෙන ලොකුම ප්‍රශ්නය අල්ලස , වංචාව සහ දුසහනය වේ , මෙය කෙසේ හෝ සියලු දෙනාම එකතුවී මෙය ජයගත් යුතුය. (ර)

:       0       0

සේන Tuesday, 16 June 2015 10:22 AM

තිලක්, කොටි යුදමය වසයෙන් පරාජය කිරීම නිසා . ලංකාවට යුද අපරාද චෝදනා ගෙනෙන්නේ ඇමරිකාව. (ර)

:       0       0

නාමල් Tuesday, 16 June 2015 10:23 AM

කොටි ඉස්සෙල්ලාම තහනම් කරපු බටහිර රට ඇමරිකාව කියලා මතක නැත්ද? (ර)

:       0       0

ලහිරු Tuesday, 16 June 2015 10:24 AM

රුසියාව , චීනය ඒකාධිපති රටවල් කියල කියන්නේ කොහොමද ? 8 පාස් නැති අයත් දැන් අන්තර්ජාලය පාවිච්චි කරනවනේ . කිසිම දෙයක් දන්නේ නැතුව ඔහේ කියවනවා. අපිට ඇමෙරිකාව සමග ගැටුමක් නෑ . එත් අපිට බටහිර හැම දෙයක් සමගම එකඟ වීමට බෑ . අපි තවදුරටත් කොලනි නෙමෙයි . චීනය, රුසියාව ආසියාවේ රටවල්. ඒවා ඉදිරියට එන ලෝක බලවතුන් . තවදුරටත් ඇමෙරිකාව තනි ලෝක බලවතා නොවේ . අප සෑම රටක් සමගම හොඳ සම්බන්ධතා පවත්වා ගත යුතුයි. (ර)

:       0       0

ලලීන් රෝසා Tuesday, 16 June 2015 10:31 AM

නඩේටම තියෙනේ අැමරිකන් උණක්. (නදී)

:       0       0

විජයබාහු Tuesday, 16 June 2015 10:31 AM

නාමල්, මහා කොටිය මැරෙන්න යනකොට බේරගන්න හැදුව රට ඇමරිකාව කියල මතක නැද්ද (නදී)

:       0       0

විජයබාහු Tuesday, 16 June 2015 10:33 AM

ශමන්ත මම හිතන්නේ දැන් එ්ක වෙනස් වෙලා (නදී)

:       0       0

සමා Tuesday, 16 June 2015 10:38 AM

සංචාරක ව්‍යාපාරේ අවුරුදු කීපයේ වැඩිම වර්ධනය කොහෙන්ද තියෙන්නේ කියල පොඩ්ඩක් බලන්න සිල්වා මහත්තයෝ. අතීතේ දිහා නෙමේ අනාගතේ දිහා බලලා තීරණ ගන්න ඕනේ වෙලාවක් . අපි මොනාද ඇමරිකාවට අපනයන කරන්නේ. ලාබ කම්කරු ශ්‍රමය වැය වන භාණ්ඩ. එකද අපි ඉස්සහර අවුරුදු 10 - 15 කරන්නත් හිතා ගෙන ඉන්නේ.? අපිට වටිනාකම එකතු කල භාණ්ඩ අපනයන කරන්න ඔය කියන සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දීලා තියන උදව්ව මොකක්ද.? (ර)

:       0       0

කුමාරන Tuesday, 16 June 2015 10:39 AM

ඒ අය ඇවිත් මොනවද කලේ? අඩුම තරමේ බෝක්කුවක් හදන්නවත් මුල්ගලක් තිබ්බද? පඹයෝ ලංකාවට ඕනේ නැහැ. අපිට ඕනේ අපේ රට සංවර්ධනයට සහය දෙන, ආයෝජනය කරන රටවල්. (ර)

:       0       0

ප්‍රභාත් Tuesday, 16 June 2015 10:56 AM

ධර්ම මහත්තයා ලංකාවේද ඉන්නේ? රනිල් අගමැති වෙලා ඉන්න කාලේ ඇමරිකන් යුධ නැව් 2ක් ලංකාවට ගෙනාවා. තාමත් ලංකාවට තියෙන යොඳම යුධ නැව් 2 ඒවා. ඕනේ නම් හොයල බලන්න. ඒ වගේම යුද්ධයේ අවසන් සමයේ ඔවුන්ගේ චන්ද්‍රිකා දුරකතන(satellite phone data) අපිට දුන්නා. ප්‍රභාකරන් ලංකාවේ හිර වෙලා ඉන්න බවත්, සංඥා එන ප්‍රදේශයත් ආසන්න නිවරද්‍යතාවයකින් තොරතුරු ලැබුනා. අවසන් යුධ සමයේ කේ. පී ගේ ගෝලයෙක් ඇමරිකන් මිසයිල මිලදී ගන්න යනකොට F. B. I. එකෙන් ඔවුන්ව අල්ලාගත් බව ඔබ දන්නේ නෑ කියන්න.(නදී)

:       0       0

හයේෂා ජීවන්ති Tuesday, 16 June 2015 10:57 AM

මන් අහනවා ඔබාමා ලංකාවට එනකොට රජය කියක් විතර වියදම් කරයිද.? (ර)

:       0       0

ප්‍රකාෂ් Tuesday, 16 June 2015 11:04 AM

අනේ මෙහෙම මෝඩ රැලක්. හිතන් ඉන්නේ ඇමෙරිකාව උදව් කරාවි කියලා. කට අැර ගෙන බලාගෙන ඉන්න රට බෙදල දෙන්න තමයි ඔය ලං වෙන්නේ. රට නිදහස් කල නායකයින්ව විනාශ කරන එකත් ඒ අය කරනවා මොකද එයාලගේ ඒජන්තයෝ කොන්ත්‍රාත් එක බාර ගෙන ඉන්නේ.ලැජ්ජයි. (නදී)

:       0       0

පුලාරා Tuesday, 16 June 2015 11:09 AM

නාමල් ඔබ හරියටම හරි, එරික් සෝල්හයිම්, බරක් ඔබාමා වගේ අය අපිට ගොඩාක් ආදරෙයි. එයාලට කිරිත් එරෙනවාලු අපේ රට ගැන හිතනකොට. ආදරේ එතරම්ම උතුරා යනවලු. අනේ මේ දෙයියලා අපේ රටට ඉක්මනට එන්නේ කවදාද නේද නාමල් මල්ලියේ. (නදී)

:       0       0

බෙල්සෝන් Tuesday, 16 June 2015 11:25 AM

මේ, ඔබාමා එන්නේ ඇයි දන්නේ නැහැ (නදී)

:       0       0

ධර්මා Tuesday, 16 June 2015 11:25 AM

ඔබාමා ලිබියාවටත් ගියා, සිරියාවටත් ගියා, යුක්රේනයටත් ගියා. ඔබාමාගේ සීයල වියට්නාමයටත් හිරෝශිමවටත් ගියානේ. අගෙයි ! ජයවේවා! (නදී)

:       0       0

දයාජ Tuesday, 16 June 2015 11:28 AM

ඇමෙරිකාවේ ජනාධිපති මැතිවරණය එන දෙසැම්බර් මාසයේ පැවැත්වෙනවා..නව ජනාධිපතිවරයා වැඩ බර ගන්නේ ජනවාරි 1 දා.තනතුරෙන් ඉවත්ව යන ජනාධිපති වරයෙක් ගේ පැමිණීම අපරටට ප්‍රයෝජනයක් නැහැ කියලයි මට සිතෙන්නේ. (ර)

:       0       0

විජයබාහු Tuesday, 16 June 2015 11:33 AM

මට නම් සන්තෝසේ වැඩි කමට බෙල්ලත් රිදෙනවා. අපිට කිරි ඉතිරෙයි නේද ඔබාමා ආවම. (බ)

:       0       0

සුදේශ් Tuesday, 16 June 2015 12:53 PM

ෂා නියමයිනේ! (නි)

:       0       0

කැටවල Tuesday, 16 June 2015 12:55 PM

ජාත්‍යන්තරය අප සමඟ සිටිනවා නම් අපිට මීටවැඩිය ගොඩක් දියණූවෙන්න පුලුවන් (නි)

:       0       0

රූපා Tuesday, 16 June 2015 12:55 PM

ජාත්‍යන්තරය කියන්නේ බටහිර රටවල් විතරයි කියලා කියන්න නම් ඕනෑ කෙනෙකුට පුළුවන්. බටහිර රටවල් තරහකර නොගෙනම හිටියා නම් ඔවුන්ගේම උපදෙස් පරිදි අදත් උතුරේ හොඳ හොඳ ෂෝ බලන්න පුලුවන් වෙයි (නි)

:       0       0

බිමල් Tuesday, 16 June 2015 01:02 PM

විජයබාහුගේ බෙල්ල රිදෙන්නේ මෙතන එක එක නමින් අදහස් දාලම වෙන්න ඇති. ඇයි දන්නෙම නැද්ද, කලින් හිටිය අය ඇමරිකන් පුරවැසියෝ කියලා.පාලකයෝ දන්නවා රට කරන්න ඕනෑ විදිය. ඔහේ කලබල වෙන්න එපා (නි)

:       0       0

කරුණාරත්න Tuesday, 16 June 2015 01:10 PM

වසර අගනේ එන්නේ.... අපි බලමුකෝ... (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Tuesday, 16 June 2015 01:13 PM

ඔහොම යමු ඔහොම යමු....අනේ ඉතින් ලංකාවට....යහපාලනයේ සරණයි! (නි)

:       0       0

සජී Tuesday, 16 June 2015 01:17 PM

බරක් ඔබාමා එනවා කියලා හොඳටම විශ්වාසද? (නි)

:       0       0

සුසිල් Tuesday, 16 June 2015 01:35 PM

වෙන රටවලට ඇඟිලි ගහලා, ආණ්ඩු හොඳින් හෝ නරකින් වෙනස් කරලා ජයපැන් බොන්න එන අය අපි කරේ තබාගෙන පිළිගන්නවා. සිරියාව, ලිබියාව, ඉරාකය දිහා බල්නන මිනිසුනේ! (නි)

:       0       0

නිහාල් Tuesday, 16 June 2015 01:38 PM

හොඳට ජාත්‍යන්තරය අල්ලලා තියාගන්නකෝ එහෙනම් (නි)

:       0       0

චානිල් Tuesday, 16 June 2015 02:04 PM

ඔව් මෙතන පුවත් තීරයේ කවුද අලුත් සෙල්ලමක් පටන් අරගෙන. අපි කිහිප දෙනෙකුගේ නමින් ප්‍රතිචාර ලියලා. තව තුන් දෙනෙක් ලියලා තිබුනා අද දවසේ ඔය ගැන කියලා. මම ඔය උදේ ඉඳලා මෙතන එල්ලිලා ලියන කෙනෙක් නෙමෙයි. මෙහෙම වුණාම අපිවත් මෙතන කුලියට ලියන කට්ටියගේ ගොඩට වැටෙනවා. ඒ නිසා කවුරු වුණත් ඔය කැත වැඩේ නවත්වන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 0 0

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 248 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 341 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 1882 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 57 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12652 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36630 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24239 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 178 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site