IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


ජාත්‍යන්තරය සතුටු කරන්න ත්‍රස්තයන්ගේ නම් කපලා

(*** දසුන් රාජපක්ෂ)

ජාත්‍යන්තරය සතුටු කිරීම සඳහා යහපාලන ආණ්‍ඩුව මෙරට ක්‍රියාත්මක වූ ත්‍රස්ත සංවිධාන සහ ත්‍රස්තවාදීන්ගේ නම් අඩුවෙන් අසාදු ලේඛනගත කර ඇති බව දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් හිටපු ආරක්ෂක ලේකම්වරයකු වූ උත්පල දයානන්ද බස්නායක මහතා ඊයේ (16) පැවැසීය.

උත්පල දයානන්ද බස්නායක මහතා එලෙස සඳහන් කළේ කර්නල් ශම්මි කුමාරරත්න මහතා කළ පැමිණිල්ලක සාක්ෂිකරුවකු වශයෙන් ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමිනි.

සාක්ෂි ලබාදීමේ කටයුතු එම ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්‍ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ සිදු කෙරුණි.

එහිදී විනිසුරුවරුන් සහ නීතිඥවරුන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂි ලබාදුන් හිටපු ආරක්ෂක ලේකම්වරයකු වූ උත්පල දයානන්ද බස්නායක මහතා මෙසේ ද කීය.

“2015 වර්ෂයේ ජනවාරි 11 වැනිදා ආරක්ෂක ලේකම් ලෙස මට පත්වීම ලැබුණා. එම පත්වීම කළේ යහපාලන ආණ්‍ඩුව මගින්. එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ රටවල් අතර 1373 නමැති ප්‍රඥප්තියට ලංකාව අත්සන් කර තිබෙනවා. ජාත්‍යන්තරව එක්වී ත්‍රස්තවාදය වැළැක්වීමට ගත යුතු පියවර ඇතුළත් එම ලේඛනයට ලංකාව අත්සන් කළා.”

විනිසුරු මඬුල්ල:- ඒ ප්‍රඥප්තිය අත්සන් කළේ කුමන වර්ෂයේ ද?
සාක්ෂිකරු:- 2001 වසරේදී ස්වාමීනි. මෙම ලේඛනය සකස් කර තිබෙන්නේ දෙස් විදෙස් බුද්ධි අංශවල සහයෝගය ඇතිව. එම ලේඛනය මගින් වසරක් පාසා ලොව තුළ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී සංවිධාන සහ ත්‍රස්තවාදීන් අසාදු ලේඛනගත කරනවා. අපේ ආරක්ෂක අමාත්‍යාංශය ද වසරක් පාසා එම ලේඛනය යාවත්කාලීන කරනවා.

2014 වර්ෂයේ ඉදිරිපත් වී තිබුණු අසාදු ලේඛනයේ මෙරට තුළ ත්‍රස්තවාදී සංවිධාන 16ක් හා ත්‍රස්තවාදීන් 424 දෙනකු නම් කර තිබුණා. 2015 වර්ෂයේ එම ලේඛනය යාවත්කාලීන කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැනුම්දීමක් කළේ නැහැ. නම් කළ ත්‍රස්තවාදී සංවිධානවල තත්ත්වය සොයා බලා එම අසාදු ලේඛනය යාවත්කාලීන කරනවා. යම් පුද්ගලයකු හෝ සංවිධානයක් තවදුරටත් ත්‍රස්තවාදී සංවිධානයක් නොවන බවට ප්‍රබල සාක්ෂි ලැබුණොත් ඔවුන් ඉන් ඉවත් කරනවා.

සුරේන් සුරේන්ද්‍රන් සහ ජෝසෆ් එම්මානුවෙල් පියතුමා යන දෙදෙනාගේ නම් එම අසාදු ලේඛනයේ තිබුණා.

නීතිඥ මඬුල්ල:- අසාදු ලේඛනයෙන් පුද්ගලයන්ගේ නම් ඉවත් කරන්නේ කෙසේ ද?
සාක්ෂිකරු:- ආරක්ෂක අමාත්‍යවරයා, ජනාධිපතිවරයා සහ ආරක්ෂක මණ්‍ඩලය දැනුවත් කර යම් යම් අය ත්‍රස්තවාදී කටයුතු නොකරන බව අනාවරණය වුවහොත් ඔවුන්ගේ නම් ඉවත් කරනවා.
අසාදු ලේඛනයෙන් පුද්ගලයකු ඉවත් කිරීමේ බලය තිබෙන්නේ විදේශ කටයුතු අමාත්‍යවරයාටයි. ඒ ආරක්ෂක අමාත්‍යවරයා නිර්දේශ ඉදිරිපත් කළ පසුවයි.

නීතිඥ මඬුල්ල:- මෙම අසාදු ලේඛනය ගැන සෙවීමට 2015 වසරේ ඔබට කැඳවීමක් ලැබුණා ද?
සාක්ෂිකරු:- එවකට විදේශ කටයුතු අමාත්‍යවරයා ඒ ගැන සෙවීමට මගේ අමාත්‍යාංශයෙන් නිලධාරීන් දෙදෙනකු ඉල්ලා තිබුණා.

නීතිඥ මඬුල්ල:- එයට කැඳවූයේ කුමන නිලධාරීන් ද?
සාක්ෂිකරු:- මේජර් කේ. රණවීර හා ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්න යන අය කැඳවූවා.

නීතිඥ මඬුල්ල:- ශම්මි කුමාරරත්න කවුද?
සාක්ෂිකරු:- විදේශ බුද්ධි අංශ සම්බන්ධ නිලධාරියා ලෙස ඔහු කටයුතු කළා. ඒ වනවිට ජාතික බුද්ධි ප්‍රධානියකු පත්කර තිබුණේ නැහැ. ජාතික බුද්ධි ප්‍රධානියා පත්කරන තෙක් එම තනතුරේ වැඩ බැලීමට ශම්මි කුමාරරත්න 2015 අප්‍රේල් 23 සිට පත්කළා. අසාදු ලේඛනයේ තිබූ දෙදෙනකුගේ නම් ඉවත් කිරීමට එවකට විදේශ කටයුතු ඇමැති වූ මංගල සමරවීර මහතා තමාට තර්ජනය කළ බව ශම්මි කුමාරරත්න මට ප්‍රකාශ කළා.

2014 ඉදිරිපත් වූ අසාදු ලේඛනයේ සුරේන් සුරේන්ද්‍රන් සහ ජෝසෆ් එම්මානුවෙල් පියතුමාගේ නම් සඳහන්ව තිබුණා. ඔවුන්ගේ ත්‍රස්ත ක්‍රියා නවතා ඇති නම් ඔවුන්ගේ නම් අසාදු ලේඛනයෙන් ඉවත් කිරීමට විදේශ කටයුතු අමාත්‍යවරයා ලිඛිතව ඉල්ලා සිටිය යුතුයි. සොයා බලන විට ඔවුන් දෙදෙනා ඒ වනවිට ද ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සිදුකරමින් සිටි නිසා මංගල කළ ඉල්ලීම ගැන මම කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. මෙය ජාතික ආරක්ෂාවට ඍජුව බලපාන නිසා මා කිසිත් නොකර සිටියා. 2015 සැප්තැම්බර් 8 වැනිදා මා විශ්‍රාම යනතුරු එම ස්ථාවරයේ සිටියා.

2015 නොවැම්බර් 20 අසාදු ලේඛනයක් සකස් කර ඇති බව මා දැනගත්තා. ඉන් ත්‍රස්තාවාදීන් 115ක් සහ ත්‍රස්තවාදී සංවිධාන 6ක් දක්වා ප්‍රමාණයක් අඩුවී තිබුණා.

නීතිඥ මඬුල්ල:- ඊට අදාළව 2015 වර්ෂයේ ඉදිරිපත් වූ අසාදු ලේඛනය ඉදිරිපත් වනවිට ඔබ ආරක්ෂක ලේකම්ව සිටියා ද?
සාක්ෂිකරු:- නැහැ. කරුණාරත්න හෙට්ටිආරච්චි මහතා තමයි ආරක්ෂක ලේකම්ව සිටියේ. 2015 අසාදු ලේඛනයේ එතරම් ත්‍රස්ත සංවිධාන හා පුද්ගලයන් අඩුවීම ගැන මට සැක හිතුනා. එය ජාතික ආරක්ෂාවට තර්ජනයක්.

විනිසුරු මඬුල්ල:- විදෙස් රටවල් සතුටු කිරීමට ද ඉවත් කිරීම් කළේ?
සාක්ෂිකරු:- යහපාලන ආණ්‍ඩුව ගත් ක්‍රියාමාර්ග නිසා එය පැහැදිලි වෙනවා.

නීතිඥ මඬුල්ල:- එලෙස අසාදු ලේඛනයේ නම් ඉවත් කළ හැකි ද?
සාක්ෂිකරු:- එලෙස ඉවත් කිරීමට ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාටත් බැහැ. එය ජාත්‍යන්තර සම්මුතියක්.

 



අදහස් (2)

ජාත්‍යන්තරය සතුටු කරන්න ත්‍රස්තයන්ගේ නම් කපලා

Perfect job Thursday, 17 September 2020 09:21 PM

අනේද කියන්නේ? ඕක පටන්ගත්තේ කේපී ගෙන් නේද? LTTE එකේ ප්‍රභාකරන් ළඟට හිටපු ලොක්කා අවි ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වූ කෙනා. මැලේසියාවෙන් අරන් ආවා කිව්වා. අන්තිමට මිනිහා ගැව තිබ්බ නැවුත් අතුරුදන්, සල්ලිත් අතුරුදන්... මිනිහා දැන් සිල්ගත්ත උපාසකයෙක්.. මිනිහගේ නම එකපාරටම ඉන්ටර්පෝල් ලිස්ට් එකෙනුත් අතුරුදන්. නඩුත් නැහැ. දඬුවමුත් නැහැ. පුදුම පුනරුත්ථාපනයක් වුණේ.

:       0       0

BamunuarachchiFriday, 18 September 2020 01:22 PM

ඉතින් අවුරුදු 5 බම්බු ගැහැව්වාද? කේ.පී. ට විරුද්ධව නඩු දාන්න තිබුණනේ. හලෝ ඔතන ඉඳන් කොහෙන්වත් අහපු සම්ප්‍රප්ඵලාප කියවයි. නමුත් චෝදනා පත ඉදිරිපත් කොරන්න ගියාම චෝදනා සහතික කරන්න සාක්ෂි ඉදිරිපත් කරන්න ගියාම තමයි හිරවෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මනම්පිටියේ ආගමික මධ්‍යස්ථානයක් අසල වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 18 1214 0

මනම්පිටියේ පවත්වාගෙන යනු ලබන ආගමික මධ්‍යස්ථානයක් අසල මීට සුළු වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.


පිල්ලෙයාන් රියදුරු ලෙස කටයුතු කළ අයෙකු අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 18 947 0

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වු මහාචාර්ය සිව සුබමනියම් රවින්ද්‍රනාත් මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ස


මදුරු මර්දකයෝ 1103ක් හොර පාරෙන් අරන්
2025 අප්‍රේල් මස 18 387 0

සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර මදුරු මර්දන සහයකයන් 1103 දෙනෙකු සේවයේ යොදවා තිබුණත් මෙම තනතුරු සඳහා පසුගිය වසරේ මාර්තු මාසය දක්වා විධිමත් අනුමැතියක් ලබාග


දින 30ක් ජීවත් වෙන්න ලක්ෂයක මුදලක්
2025 අප්‍රේල් මස 18 1193 0

ශ්‍රී ලාංකික පවුලකට සිය ආහාර සහ ආහාර නොවන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා සාමාන්‍යයෙන් මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් අවශ්‍ය බව ලෝක ආහාර වැඩසටහනේ න


සුනිල් සේනානායක දිවි සැරිය නිම කරයි
2025 අප්‍රේල් මස 18 1168 0

එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.


මත්පැන් අළෙවිසැල් 3කට මුද්‍රා තබයි
2025 අප්‍රේල් මස 18 721 0

අලුත් අවුරුදු උත්සව සමයේ කළ වැටලීම්වලදී නීති විරෝධීව මත්පැන් අළෙවි කළ සුරාබදු බලපත්‍ර හිමි මත්පැන් අළෙවිසැල් තුනකට මුද්‍රා තැබූ බවත් එම මත්පැන් අළෙව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 68 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site