IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


’ජාත්‍යන්තර සම්මුති පනත ඉවත් කළ යුතුයි’ - දිනේෂ් කියයි

(විනීතා එම් ගමගේ)

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වු ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත වැනි පනත් තාවකාලිකව නතර කිරීම නොව එය සම්පුර්ණයෙන්ම ඉවත් කර ගත යුතු යැයි මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළේය. 

එම සම්මුතියට අදාල පනත ශ‍්‍රි ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කිසිදු වලංගුභාවයක්  නැතැයි ද මන්ත‍්‍රීවරයා කියා සිටියේය. 

විදේශ කටයුතු අමාත්‍යංශය හා එහි නිලධාරින් එම  පනතට අස්සන් කරමින් ඉතා බරපතල වරදක් සිදුකර ඇතැයි කී ගුණවර්ධන මහතා එම පනත මඟින් යුද්ධය නිම කිරීමට නායකත්වය දුන් රණවිරුවන් හා ඊට  නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙන්ම එවකට ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිස් මෙවැනි පනතක් සම්මත කර ගැනීමෙන් දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්වන්නේ  යැයි ද හෙතෙම සඳහන්  කළේය. 

සරලව කිවහොත් මෙම  පනත සම්මත වුවහොත් විදේශ රටකට මෙරට  පුරවැසියකුට යම් චෝදනාවක් නැගී ඇතැයි සඳහන් කරමින් එරට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවක එම තැනැත්තා එකී රටට භාර දීමට සිදුවන්නේ යැයි ද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

දිනේෂ් ගුණවර්ධන මහතා මේ අදහස් පළ කළේ පාර්ලිමේන්තුවේ දී ඊයේ (05) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුව අමතමිනි.
 

 



අදහස් (7)

’ජාත්‍යන්තර සම්මුති පනත ඉවත් කළ යුතුයි’ - දිනේෂ් කියයි

narada Wednesday, 05 July 2017 08:57 AM

සරලව කියපු කතාව නම් තේරුණා...

:       0       0

MOHAN Wednesday, 05 July 2017 08:57 AM

ඇයි එතකොට සරත් ෆොන්සේකා මහත්තයා ගැන මොනවද කියන්න තියෙන්නේ?

:       0       0

athura Wednesday, 05 July 2017 08:59 AM

එතකොට ඒ කාලෙ හිටපු හමුදාපතිට ප්‍රශ්නයක් නැද්ද?

:       0       0

palitha Wednesday, 05 July 2017 09:23 AM

මෙයාලා පුදුම විදිහට බය වෙන්නේ.... අර දෙන්නට මොනවා හරි වෙයි කියලා. රට ගැන හිතල කතා කරන කෙනෙක් හොයාගන්න හරි අපහසුයි. තමන්ගේ වාසියටයි වැඩ කරන්නේ. රටේ හැම දෙයක්ම ආපස්සට දන්නා රෑ දහවල් නැතුව වැඩ කරනවා. හරිම කණගාටු දෙයක්....

:       110       34

ලුම්බිණි Wednesday, 05 July 2017 10:13 AM

රෑට ගෙදරට ඇවිත් අල්ලාගෙන ගිහින් අතුරුදන් කරන්න හැකියාවක් තිබිය යුතුයි. මෙවැනි පනත් තාවකාලිකව නතර කිරීම නොව එය සම්පුර්ණයෙන්ම ඉවත් කර ගත යුතු බව ඇත්ත. මහා සංඝ රත්නය සහ දිනේෂ් ගුණවර්ධන මැතිතුමාලා වැනි අය කරන්නේ නිවැරදි දෙයක්....

:       0       0

victor Wednesday, 05 July 2017 10:46 AM

ආණ්ඩු කරන අයට මිනි මැරීමට අවසර දිය යුතුයි කියලද කියන්නේ ?

:       1       3

Susil Thursday, 06 July 2017 02:36 AM

එතකොට අප්පච්චිගෙ කාලෙ ඔහේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු සයිටම් පනත ගැන් මොනවද හිතෙන්නෙ දැන් ?

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මලින් පීරීගිය නුවරඑළිය වසන්තය
2025 අප්‍රේල් මස 19 729 0

නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.


ආරක්ෂකයා ප්‍රභාකරන්ට බය වෙලා මුරකුටියට ගිනි තියලා
2025 අප්‍රේල් මස 19 2282 0

මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය


පුංචි ඡන්දෙට උනන්දුව හොඳටම මදි
2025 අප්‍රේල් මස 19 562 0

පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද


දළදා වඳින්න අද මහ සෙනඟක්
2025 අප්‍රේල් මස 19 582 0

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.


එදා ගමට දුන් මුදල් වැටුනේ සාක්කු වලට
2025 අප්‍රේල් මස 19 294 0

අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.


හාලිඇල දුම්රියපළ පාර ජලයෙන් යටවෙයි
2025 අප්‍රේල් මස 19 529 0

හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 188 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 240 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site