ව්‍යාජ ගුවන් ගමන් බලපත් සහ වීසා භාවිතා කරමින් මෙරටට පැමිණි විදේශීය ජාතිකයෝ තිදෙනෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
මව(50), දියණිය (24) පෙම්වතා (27) ලෙස තමන් හදුන්වා දී ඇති මෙම විදේශීය ජාතිකයෝ තිදෙනා තමන් කුමන රටක පුරවැසියන්ද යන්න සගවා ඇති බව පොලීසිය කියයි.
මොවුන් තිදෙනා පසුගිය 25 වෙනිදා මලයාසියාවේ සිට මෙරටට පැමිණ මීගමුව ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන ඇති බව කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.
පසුව ඔවුහු පෙරේදා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 568 දරණ ගුවන් යානයෙන් ලංඩන් බලා යාමට ගුවන්තොටුපොළට පැමිණ ඇත.
එම අවස්ථාවේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරීන් විසින් මොවුන්ගේ ලිය කියවිලි පරීක්ෂා කිරීමේදී ඔවුන් අත වු ගුවන් ගමන් බලපත් හා වීසා ව්‍යාජ බව දැන ප්‍රශ්ණ කිරීමේන් අනතුරුව තිදෙනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇත.
මොවුන් කවර රටක පුරවැසියන් දැයි යන්න අනාවරණය කර ගැනීම සදහා ප්‍රශ්ණ කර ඇතත් ඔවුන් තම තොරතුරු වසන් කරමින් සිටින බව වාර්ථා වෙයි.
මේ පිළිබඳ කරන ලද මුලික පරීක්ෂණ වලින් අනතුරුව තිදෙනාව මීගමු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.
ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.
රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව
පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජාතිය කියන්නෙත් නැහැ, රට කියන්නෙත් නැහැ
නිමල් Friday, 29 May 2015 11:43 AM
මේ අය කතා කරවන්න පුළුවන් අය අපේ හමුදාවල පමණක් නොවෙයි පිටත් ඉන්නවා.කොහොම කොහොම හරි අන්තිමට මෙ අයත් සිංහල රටේම පදිංචි වේවිද?(හේ)
ජයා Sunday, 31 May 2015 05:54 AM
ඇයි, දැන් යහපාලනය ඇතිවෙලාද?, කොහෙද ඒක තියෙන්නේ?(බ)
ඉමේෂ් Friday, 29 May 2015 12:48 PM
රටට ඕනේ කෙනෙක්ට එන්න පුළුවන් ද එ් කියන්නේ? ඇවිල්ලා යද්දීද අල්ලන්නේ? අනේ හැබැටම මෙහෙමත් රටක නේ අපි රට වෙනුවෙන් යුද්ධ කරේ?(හේ)
සත්‍යයා Friday, 29 May 2015 12:56 PM
කවුද දන්නේ තුන් දෙනාම ගොළුවෝ ද කියලා. (හේ)
බණ්ඩාර Friday, 29 May 2015 01:22 PM
ගොළු නිසයි කතා නොකරේ. දැන් යහපාලනයක් නිසා ,කාටවත් කරදර හිරිහැර නොකරන නිසයි අපි ලංකාවට අවේ.(හේ)
රංජිත් Friday, 29 May 2015 05:21 PM
කොහොමද ලංකාවට එන්න වීසා ගත්තේ, (ම)
සත්‍යයා Saturday, 30 May 2015 03:32 AM
බණ්ඩාර මහත්තයෝ! යහපාලනය කියන්නේ හොරුන්ට සිතුසේ හොරකම් කරන්න හෝ තක්කඩි කම් කරන්න ඉඩ දෙනවා කියන එක නොවෙයි. එහෙමෙ හොරකම් කරපු පිරිසක් එළවපු ඓතිහාසික ක්‍රියා දාමයට තමයි යහපාලනය කියන්නේ. (බ)
සඳුන් Friday, 29 May 2015 07:20 AM
පොලීසියට වෙලා ඇත්තේ විදේශිකයන් නිසා දෙකක් ඇනලා අහන ක්‍රමය පාවිච්චි කරන්න බැහැනේ. ලාංකිකයන්නම් මේ අය අහ ගනී.(ම)
චමල් Friday, 29 May 2015 07:22 AM
මූණු පෙන්නන්න මම කියන්නම් මොන ජාතිකයෝද කියලා (ම)
මහින්ද ඒකනායක Friday, 29 May 2015 10:19 AM
අපේ ලංකාවේ පොලිසියට මෙයාලව කතාකරවන්න බැරිනම් ලෝකේ කාටවත් කතාකරවන්න බැරි වේවි.(හේ)