IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ජේතවනාරාම දාගැබේ අකුණු සන්නායකය උස්සන්න හදලා

(බී.ජී. චතුරංග සහ  දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර අටමස්ථානයට අයත් ඓතිහාසික ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය සොරකම් කර රැගෙන යාමට පැමිණි තිදෙනකු ත්‍රිරෝද රථයක් සමග  අත්අඩංගුවට ගත් බව උඩමළුව පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත්ව ඇත්තේ තඹුත්තේගම සෝලම, මීරගහවත්ත වැලිමඩ, උඩුව, මහනුවර යන ප්‍රදේශවල 29,  38 සහ 41 වියේ පසුවන තිදෙනෙකි.

ඓතිහාසික ජේතවනාරාම දාගැබ ආරක්ෂාවට පවතින සලපතල මළුවේ පිහිටුවා ඇති අකුණු සන්නායකය සොරා ගැනීමට පැමිණි තිදෙනා ඒ සොරකම් කිරීමට ප්‍රථමයෙන් ජංගම දුරකථන මගින් මෙම අකුණු සන්නායකයේ ඡායාරූප ලබා ගෙන ඇති බව පොලිසිය කියයි. 

මේ සම්බන්ධයෙන් උඩමළුව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (2) උදෑසන සිට සිදු කළ විමර්ශනයකට අනුව මෙම සැකකරුවන් එදින පස්වරු 3.15ට පමණ  සලපතල මළුවේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙම අකුණු සන්නායකය ජංගම දුරකථන මගින් වීඩියෝ ගත කර රාත්‍රියේදී සොරා ගැනීමට සැලසුම් කර තිබූ   බව විමර්ශනවලදී  අනාවරණය වූ බව පොලිසිය සදහන් කළේය.

අත්අඩංගුවට ගැනුණ සැකකරුවන්ගේ ජංගම දුරකථන පරික්ෂාවේදී මොවුන් විසින් මීට පෙර සිදු කරන ලද නිදන්  වස්තු සොරා ගැනීම පිළිබඳව තොරතුරු රැසක් ද  අනාවරණය වූ බව පොලිසිය කියයි.



අදහස් (1)

ජේතවනාරාම දාගැබේ අකුණු සන්නායකය උස්සන්න හදලා

Bamunuarachchi Monday, 03 June 2024 11:36 PM

අකුණු ගගහ වහින දවසක සන්නායකයට තියලා බඳිමු. රජයේ සේවකයො හොරු, ජනතාව කුඩු කාරයෝ, හොරු මංකොල්ල කාරයෝ, පාතාලයෝ, මාල කඩන එවුන්. මුන්ව තියාගෙන 225 වෙනස් කලාට රට හදන්න බැහැ.

:       0       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1055 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 733 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1132 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 830 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 499 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 906 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site