IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


'ජෝදා' එකේ ජොදාගේ නංගිට හඬ කවන්නෙත් මමයි.

2016-05-17-ENT-67

2016-05-17-ENT-70හඬකැවීමේ කලාව යනු ලෝකයේ එදා සිට අද පටන්ම දිව යන කලාවක් ලෙස ප්‍රචලිතව පවතින්නකි. මෙවැනි කර්තව්‍යයක යෙදෙන සරණි හංසි පෙරේරා අපත් සමග එක්විය. ඇගේ වැඩකටයුතු පිළිබඳව අපත් සමග මෙසේ පැවසීය.
“පාසල් යන කාලෙ ඉඳලම මීඩියා, වොයිසින්ග් , ඩබින් කියන අංශයන් සඳහා තමයි වැඩිපුරම යොමුවුණේ.මුලින්ම  පාසලේ සහ අනෙකුත් බාහිර කටයුතුවල ළමා නිවේදිකාවක විදිහට තමයි කටයුතු කරනු ලැබුවේ.  මේ අතරේ ප්‍රදීප් මහේෂ් ලියනගේ මාමාගේ සිරස කිඩ්ස් වීඩියෝ ටීම් එකේ Kvt හංසි විදිහට සම්බන්ධවෙන්න අහම්බෙන් අවස්තාවක් ලැබුණා.ඇත්තටම ඒ දවස අද වගේ මතකයි.

ඒ කාලෙ මුලින්ම මම ගියේ ඩබින්වලට.මගේ පාසල වන පිළියන්දල  මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ  පන්තියේදී පාසල නියෝජනය කරලා කැස්බෑව සංස්කෘතික මධ්‍යස්ථානය සංවිධානය කල වසරේ දක්ෂතම නිවේදකයා/නිවේදිකාව  කියන තරඟ අංශය ජයග්‍රහණය කලා.ඊට පස්සේ ඒ සංස්කෘතික මධ්‍යස්ථානයේ ළමා මණ්ඩපේ ගුරුවරියක වශයෙන් ටික කාලයක් සේවය කරන්න පුළුවන් වුණා පුංචි පොඩ්ඩෝ එක්ක ගෙවුණු ඒ කාලය හරිම සුන්දරයි.ඒ අතරේ  ශ්‍රී එෆ්.එම්. එකේ “කණාමැදිරි රාත්‍රිය’’, “බොලිවුඩ් සිනමාව” වැනි ගුවන්විදුලි කතා මාලාවලට සම්බන්ද වෙලා වොයිසින්ග් වැඩ කලා.ඒකේ දන්න කෙනෙක් චැනල් එකකින් කට්ටිය තෝරනවා මට අයදුම් කරන්න කිව්වා. සියත FM එකෙන්  තමයි ඒ වැඩේ කළේ. ඒ සම්මුඛ පරීක්ෂණ සඳහා ආව දහස් ගාණක් අතරින් මටත් අවස්ථාව ලැබුණා. එතැනින් එෆ්.එම්. ඩීජේ කෙනෙක් විදිහට “සිංදු කරත්තේ”, “මෝර්නින්ග් ෂෝ” ප්‍රෝග්‍රෑම් කරන්න අවස්ථාව ලැබුණා. ඒකාලේත් ලයිසියම් ඉන්ටර්නැෂනල් “යූත් ස්කූල්’’ සහ “ජන මාධ්‍ය පාඨමාලාවේ” ඉගෙනීමේ කටයුතුවල යෙදිලා හිටියේ. ඊටපස්සෙ මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුනා  මැක්ස් රේඩියෝ එකට

.තාරුණ්‍යට හෙටක් නාලිකාවේ වැඩසටහනට සම්බන්ධ වුනෙත් ඒ කාලෙමයි.  ඒකාලේ සිරස නාලිකාවේ  “ප්‍රවීණා’’, “ශාන්ති’’ වගේ ඉන්දියානු ටෙලිනාට්‍යවල සහ ටොම් සෝයර් ,නිම්වල අභිරහස,ජිමී නියුට්‍රෝන්  වගේ කාටූන් ඩබින් කරන්න අවස්ථාව ලැබුණා. දැන් “ස්වප්නා”,“මේ ආදරයයි’’ කතාවල  අතිරේක චරිත කිහිපයක් සඳහා හඬකැවීමෙන් දායක වෙන අතර, “අනන්තෙන් ආ තරුකුමරා” කතාව සඳහා දායක වුණා.ඒ කතාව විකාශය වුණේ පොඩි කාලයක් වුනත් ඒ පිළිබඳව බොහෝ දෙනා කතා කරනු ලැබුවා.තව හිරු රූපවාහිනියේ “බෙන් ටෙන්’’ කාටුන් එකේ ‘ගුවේන්’ සහ “සිත්තරාවි” කාටුන් එකේ ‘සිත්තරාවි’ මමයි. ඒ වගේම “ජෝදා අක්බර්” කතාවේ ජෝධාගේ නංගී ‘සුභාන්යා’ට හඬ කවන්නෙත් මමයි. 
දෙරණ ටීවී නාලිකාව තුල  මම දායක වුණු වැඩකටයුතු පිළිබඳව කතා කළොත්,  “සුටිං මාටිං’’, “කුන්ග්ෆූට්”, “කුන්ග්ෆු චන්ඩි’’, “වලස් මුල්ල” “මිඩ් සමර් ඩ්‍රීම්”, “මොන්ස්ටර්ස් vs එලියන්ස්” කාටූන්ස්  වගේම මේ දිනවල විකාශය වන “මෙලඩි ඔෆ් ලව්’’ කතාමාලාවේ ප්‍රධාන ගායිකාව ‘නූරි’ සඳහා හඬකැවීමෙන් මම දායක වෙනවා. ඊට අමතරව FM දෙරණ එකේ කතා කිහිපයක් සඳහා දායක වුණා.

මට හීනයක් තිබ්බා ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙන්න.ඒ හීනේ හැබැවුණේ ශ්‍රී ටීවී කියන චැනල් එකේදී.ඒ වගේම මං රිපෝටර් කෙනෙක් විදිහටත් වැඩ කලා.ඒ කාලේ “රියැලිටි” කියන වේදිකා නාට්‍යයේ  ‘චේතනාගේ’ චරිතය සඳහා  මම රංගනයෙන් දායක වුණා. “රියැලිටි” ඒ අවුරුද්දේ යෞවන සම්මාන තරඟයේ ප්‍රථම ස්ථානය වගේම රාජ්‍ය නාට්‍ය උලෙළේ තෙවෙනි තැන දිනාගත්තා.ඒ කාලේ කෙටි චිත්‍රපට/වේදිකා නාට්‍ය පැත්තෙන් හොඳ නිර්මාණ කිහිපයකටම දායක වෙන්නත් හැකි වුණා.කොහොම හරි නිවුස් පැත්තට සමුදීලා වේදිකාව පැත්තට යොමු වුණා. දැන් නම් ඇත්තටම වේදිකාව සඳහා සම්බන්ධ වෙලා නැහැ. 
තව වෙළෙඳ දැන්වීම කිහිපයක් සඳහා නිරූපණයෙන් දායක වුණා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම්වල වොයිස්/නැරේෂන් වලින් දායක වුණා. මෑතකදී එහෙම කරපු වෙළෙඳ දැන්වීමක් තමයි ‘SLT’ එකේ වෙළෙඳ දැන්වීම් මාලාව.2011 වසරේ සිට මම “කාර්ගිල්ස් රේඩියෝ” එකේ සිංහල මාධ්‍ය නිවේදිකාව. ඒ සඳහා ස්තූති කරන්න ඕනේ මනෝජ් අයියාට. ‘කාර්ගිල්ස් රේඩියෝ’ කියන්නේ කාර්ගිල්ස් සිලෝන් එකේ ඉන්හවුස් රේඩියෝ චැනල් එක. ඒකෙත් ගොඩක් අයගේ ආදරය දිනාගෙන වැඩකටයුතු කරගෙන යනවා. ගොඩක් අය ඇත්තටම මම කවුද කියලා අහනවා. මොකද රූපවාහිනි වගේ නෙවෙයිනේ. අපිව පේන්නේ නැහැනේ. ඉතිං ගොඩක් අය කටහඬට ආදරේ කරන නිසා තමයි අපිව අහන්නේ.ඒ අයගේ ඒ ප්‍රතිචාරවලට ඇත්තටම මම ආදරෙයි.
චිත්‍රපටවලටත් හඬ කැවීමෙන් දායක වෙලා තියෙනවා. “කලර්” කියන චිත්‍රපටයේ විදෙස් කාන්තාවන්ගේ චරිතවලට හඬකැවීමෙන් මම දායක වුණා.ඊට අමතරව ඉදිරියේදී එන්න නියමිතව තියෙනවා මම හඬකැවීමෙන් දායක වුණු තවත් චිත්‍රපටයක්. ඒ නිශාන්ත

ප්‍රදීප් මහතාගේ නිෂ්පාදනයක් වන “හීරෝ නීරෝ” චිත්‍රපටයයි. එහි චරිත කිහිපයක් සඳහා මම හඬකැවීමෙන් දායක වුණා. ඇත්තටම කිව්වොත් චිත්‍රපටය බලද්දියි මම ගැනලා බැලුවේ කී දෙනෙක්ට මම හඬකැවීමෙන් දායක වෙලා තියෙනවාද කියලා. විශේෂයෙන්ම Event Presenting පැත්තෙනුත් වැඩකටයුතු කරනවා. Presenter කෙනෙක්,හඬකැවීමේ ශිල්පිනියක් ලෙස වගේම ඉසව් සම්බන්ධීකරණ නිලධාරිනියක් විදිහට www.srilankanevent.com සහ ThambapannieEM ආයතන සමඟ කටයුතු කරනවා.මේ දවස්වල  ලබන ජූලි  මාසේ ගාලු පුරහල පරිශ්‍රයේ පැවැත්වෙන  තම්බපන්ණී විවාහ මංගල ප්‍රදර්ශණය 2016 සඳහා සූදානම් වෙනවා.
මේ හැමදේම අතරේ මම coke ekka rock wenna hangout onAir  වැඩසටහන් මාලාව සහ Radio99  LivingToLove වැඩසටහන්  කලා.ඒ music.lk එකේ.ඇත්තටම විනෝදාංශයක් විදිහට නිදහස් වේලාවට  මම කරන්නේ නිසදැස් වගේ එක එක දේවල් ලියන එක,නිදහස් කලා  ශිල්පිණියක් විදිහට මම අද මේ ඉන්න තැනට එන්න උදව් කරපු හැමකෙනෙක්ටම  මම ස්තුති කරනවා!

ඩිලාන් ක්‍රිෂාන්ත

20160518Hansi-1 20160518Hansi-2 20160518Hansi-3

2016-05-17-ENT-66
2016-05-17-ENT-68
2016-05-17-ENT-69



අදහස් (0)

'ජෝදා' එකේ ජොදාගේ නංගිට හඬ කවන්නෙත් මමයි.

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1268 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2729 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1691 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2914 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 1958 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38547 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site