(සුජිත් හේවාජුලිගේ)
පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක් ජනතාවට රුපියල් 250කට ලබාදිය හැකි බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා කර ඇති ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශව කැඳවා පුළුල් විමර්ශනයක් පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත.
මේ අනුව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ ප්‍රධානීන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධානීන්
ලබන 12 වැනිදා කෝප් කමිටුව හමුවට කැදවෙන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවැසීය.
ජනක රත්නායක මහතා කර ඇති එම ප්‍රකාශය දැඩි ආන්දෝලනාත්මක එකක් වන හෙයින් ජනතාවගේ පැත්තෙන් බලා එහි ඇත්ත නැත්ත සෙවීම සඳහා තවදුරටත් විමර්ශන පැවැත්වීම අත්‍යවශ්‍ය කරුණක් බව කෝප් කමිටුවේ සාමාජිකයන් සියලු දෙනාගේ අදහසවී ඇතැයිද මහාචාර්යවරයා සඳහන් කළේය.
මේ අතර විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා කර ඇති එම ප්‍රකාශය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වා ජනතාවට සත්‍ය අනාවරණය කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගෙන් ඉල්ලීමක් කළේය.
තමා, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා කැඳවා මේ ගැන විමර්ශනයක් පවත්වන ලෙසද අමාත්‍යවරයා එමගින් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ කාර්යසාධනය විමසීම සඳහා එම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ඇතුළු එහි ප්‍රධානීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට පසුගිය 6 වැනිදා කැඳවනු ලැබ සිටියහ. සභාපතිවරයා එම ආන්දෝලනාත්මක ප්‍රකාශය කර ඇත්තේ ඒ රැස්වීමේදීය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනකගේ ප්‍රකාශය ගැන කෝප් විමර්ශනයක්
Lalith M Friday, 08 July 2022 07:04 PM
ඇත්ත නොවුනත් ඇත්ත ආසන්නව තිබිය හැකිය. රජයේ ඇමතිවරු සහ ඉහල නිලධාරීන් ගසාකෑම.
janaka Saturday, 09 July 2022 12:29 AM
මේ මගේ වාචාලකමට කියපුවානේ... පස්සේ ඉල්ලා අස්කර ගන්නම්..! ආණ්ඩුව බලුකරලා පන්නලා ජනාධිපති වෙන්න හිතන් ඉන්න අපේ රනිල් කියපු නිසානේ කිව්වේ...!