IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ජනක ඇමති මොකක්දෝ කියයි

සාධාරණ වැඩපිළිවෙළක් යටතේ ඉදිරියටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඉන්නට බලාපොරොත්තුවන බව ඉඩම් ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. දඹුලු ගොවියාගේ ලොකු ලූණු ප්‍රශ්නය ගැන පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරණය ගැන මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට ඇමති මෙසේ පිළිතුරු දුන්නේය.

‘‘ඡන්දයකට ඉදිරිපත්වන හැම කෙනෙකුම කියන්නේ තමන් දිනන බවයි. අපි බලමු, දිනනවා කියන කට්ටිය කොහොමද දිනන්නෙ කියලා. අපි නියම ශ්‍රී ලංකා පාක්ෂිකයෝ. හැමදාම පක්ෂයත් එක්ක හිටියා. සාධාරණ වැඩපිළිවෙලක් යටතේ ඉදිරියටත් ඉන්න බලාපොරොත්තු වෙනවා.”

 

 



අදහස් (0)

ජනක ඇමති මොකක්දෝ කියයි

බන්දු Sunday, 19 October 2014 11:46 AM

අද පරණ ශ්‍රී ලංකා කාරයින්ට තැනක් තියෙනවද? ශ්‍රී ලංකා ප්‍රතිපත්ති තියෙනවද? (නදී)

:       0       0

රොබින් Sunday, 19 October 2014 11:55 AM

තමන්ගේ මල්ල පිරෙන්නේ නැතිනම් මේක සාදාරන නැහැ කියන්න බලාගෙන බොහොම අය දේශපාලනයේ ඉන්නවා. (නදී)

:       0       0

ලක්මාල් Monday, 20 October 2014 03:23 AM

දඹුල්ලේ අපරාජිත නායකයා කියල කිව්වේ මේ ඇමතිතුමාට , හැමදාම පක්ෂය වෙනුවෙන් හිටපු හොඳ කෙනෙක් ... එත් දැන් රටේ වෙන දේවල් දැක්කම කල කිරෙනවා.. මොනරාගල සුමේධ ඇමති තුමියත් මේ බෝට්ටුවේම තමයි... හොඳ හොඳ සෙල්ලම ඉස්සරහට වෙනවා. (ස)

:       0       0

පද්මිණී Sunday, 19 October 2014 12:23 PM

මම අහල තියෙන්නේ මෙතුමා අවංකව කටයුතු කරන අයෙක් හැටියටයි. (නදී)

:       0       0

අසංග Sunday, 19 October 2014 12:42 PM

ආගම පාවා දෙන පිරිස. (නදී)

:       0       0

චන්ද්‍රා Sunday, 19 October 2014 01:38 PM

මේ නොකියා කියන්නේ දැනට ඇති ක්‍රමය අසාධාරණයි කියලනේ, හොද කියමනක් (නදී)

:       0       0

ආකෝන් Monday, 20 October 2014 04:27 AM

ධරමරාජේ ඉගෙනගන්න කලේමොහු හොඳ දරුවෙක්. ශිෂ්‍යනායක වගේම ක්‍රිකට් උප නායක. නයකත්වය අරන් විනයානුකූලව කටයුතු කල හැකි කෙනෙක්. (ස)

:       0       0

සමන්ජය Sunday, 19 October 2014 02:19 PM

අද ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරු වැඩි දෙනෙක් මෑතක පාර්ලිමේන්තුවට ආවේ. තමන්ගේ නෑදෑයන් පලාත් සභා, ප්‍රාදේශීය සභා වලට රිංගවන්න ඉන්නේ. ජනාධිපතිතුමාගේ බලමහිමයෙන් මිසක් මෙයාලගේ ඇති හැකියාවකින් නෙවෙයි. දැන් සමහරු හිතන් ඉන්නේ මහා ලොක්කෝ කියලා. ඔය පනින්න දඟලන සමහරුන්ට පැන්නට පස්සේ වැලේ වැල් නැතිවෙනවා. (නදී)

:       0       0

ඩයස් Sunday, 19 October 2014 02:22 PM

දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුවන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන්. එතුමා නොකියා කියන්නේ අසාදාරනයක් වී ඇති බවයි. දැන් ඕක එතනෝල් මුදලාලිලාගේ පක්ෂය වෙලා. (නදී)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Sunday, 19 October 2014 03:22 PM

බන්දුල පෙරේරා, සම්පත්, ඔයාලගේ මොළය කඳුලක්වත් තිබේ නම් දැන්වත් තේරුම්ගන්න දැනට මේ රටේ පවතින පාලනය ගැන. එහි ඇති වැරදි අඩුපාඩු පෙන්වන්නේ එහි ඇමතිවරු. ඔයාලා විතරක් නිකන් කඩේ ගියාට වැඩක් නැහැ. (නි)

:       0       0

සුනෙත් Sunday, 19 October 2014 03:44 PM

තියන ක්‍රමේත් හරි නේ. එ්ක විවේචනය කරලා බලේ අරන් කරන්නෙත් මේකම තමා. හැමදාම අපි රැවටුනා. (නදී)

:       0       0

සේනාදීර Sunday, 19 October 2014 03:47 PM

මේ ක්‍රමෙන් ඇමති තුමාට වාසියක් නැහැ වගේ පේන්නේ. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 19 October 2014 04:32 PM

ජයන්ත මහත්තයෝ..එතුමා කොහේ පනින්නද?පැන්නොත් පනින්නේ නහින දෙහින කාලේදී වලට තමයි. මේ අදහස මගේ නෙමෙයි. (නදී)

:       0       0

රත්න Sunday, 19 October 2014 08:35 AM

ජනක මහත්තයෝ, දැන් සන්ධානය කියන්නේ යූ.ඇන්.පි යේ පරණ පිටපත. ප්‍රධාන ඇමති ධූර සියල්ලම දරන්නේ ඒකෙන් පැනපු කට්ටිය. ඔවුන් රටත්, පක්ශයත් වලට ගෙනියන හොඳට රෙදි අපුල්ලන එහෙයියන් පිරිසක් පමනයි. කියව කියවා ඉන්නේ නැතිව කොන්ඳ කෙලින් තියාගෙන වැඩකරන්න පුලුවන් වාතාවරණනයකට පිවිසෙන්න. (නදී)

:       0       0

රණතුංග Sunday, 19 October 2014 06:43 PM

අසංග, ඔබට මම එකඟයි. (නි)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 19 October 2014 09:00 AM

සාදාරන වැඩපිළිවෙලක් යටතේ විතරක්ද ඉන්නේ ? නැත්තන් යනවද? පරදින්න එනකොට පනින්න හදන අයව කිසිම පක්ෂෙකින් ගන්න හොද නැහැ . (නදී)

:       0       0

ජගත් Sunday, 19 October 2014 09:30 AM

ඔව් සර්, දැන් සන්ධානේ කියන්නේ තනිකරම ශ්‍රි.ල.නි.ප යට විරුද්ධ පක්ෂයක් නොවැ. (නදී)

:       0       0

ජීවන්ත Sunday, 19 October 2014 09:33 AM

දැන් තමයි වලිගේ වනලා සන්ධානෙ වහලා, රට විනාස කරන ඇට මැස්සෝ, කිනිතුල්ලෝ පන්නන්න වෙලාව. (නදී)

:       0       0

සත්‍යපාල Sunday, 19 October 2014 09:33 AM

ඒ කියන්නේ මෙච්චරකල් ඉදල තියෙන්නේ සාධාරන නොවන අසාධාරණ වැඩපිළිවෙලක් යටතේ නේද ඇමතිතුමෝ (නදී)

:       0       0

සේන Sunday, 19 October 2014 09:34 AM

පණිවිඩය පැහැදිලියි. මට සැලකුවේ නැති නම් මම යනවා (නදී)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Sunday, 19 October 2014 09:35 AM

අන්න හරි ඇමතිතුමා ඔහොම යන්. (නදී)

:       0       0

සම්පත් Sunday, 19 October 2014 09:45 AM

දැන් සිදුවන දේවල් වලින් එක් එක්කෙනාගේ ප්‍රකාශ වලින් අපිට පැහැදිලි වෙනවා ඊලග ඡන්දය දිනන්නේ කව්ද කියා (නදී)

:       0       0

කාවින්ද Sunday, 19 October 2014 09:54 AM

තුන්වැනි වතාවට දිනන කෙනෙකුත් තිස්වැනි වතාවට පරාද වන කෙනෙකුත් ඉන්නා බව නම් පැහැදිළියි. (නදී)

:       0       0

සම්පත් Sunday, 19 October 2014 10:14 AM

මී ලග ඡන්දයේදී ශ්‍රී ලංකාවේ රැවටෙන්නන්ගේ පිරිස සුලුතරයක් බවට පත්වන බව ඇමතිතුමාගේ අදහස් වලින් පෙනෙනවා (නදී)

:       0       0

ජගත් Sunday, 19 October 2014 10:25 AM

ඇමතිතුමා මොකක්දෝ නොකියා කියනවා. (නදී)

:       0       0

නිරාන් සෞදි Sunday, 19 October 2014 10:48 AM

අසාධාරණ ඉවසන්න බැරිතරමට මෝදු වෙලා නේද ඇමති තුමෝ (නදී)

:       0       0

ජයන්ත සිල්වා Sunday, 19 October 2014 11:18 AM

ඒ කියන්නේ බන්දුල පෙරේරාටත් තේරෙනවා පරදින්න එන්නේ කියලා එහෙම නේද....? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 896 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2013 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 661 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 369 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 943 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1525 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39105 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25576 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 322 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1083 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site