IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ජානක වක්කුඹුරත් කලවාන අතහරී

කලවාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකත්වයෙන් තමා ඉවත්වන බව මන්ත්‍රී ජානක වක්කුඹූර මහතා අද (24) සිය නිවසේ පැවැති රැස්වීමකදී පැවසීය.

මන්ත‍්‍රීවරයා එහි රැස්ව සිටි සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉවත් නොවන ලෙසයි.  එහිදී කලවාන ආසනයේ සියලු නිදහස් පක්‍ෂ සමිති ශාඛා සංවිධාන විසුරුවා හරින බවට කලවාන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍ය සංවිධාන ලේකම් හිටපු පළාත් සභා මන්ත‍්‍රී කේ.ටී.එස්. චමින්ද මහතා කළ යෝජනාව හිටපු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී එම් ගුණරත්න මහතා විසින් ස්ථිර කළේය.

‘අපේ පක්‍ෂ නායක රටේ ජනපති. උඩින් තියෙන්නේ නිල්පාට යටින් කොළ පාට. ඔබ සැම රුපියලේ සාමාජික වෙලා අන්තිමට දැන් දහයේ සාමාජිකවෙලා ඉන්නවා. හැම අවුරුද්දෙම. මා මගේ පඩියෙන් රුපියල් සීයක් සාමාජික මුදල් දෙනවා.  ඔබ සැම  මගෙන් ඉල්ලීමක් කළා. නමුත්  මහින්ද රාජපක්‍ෂ සමග ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉන්න  ඕනි. 4වැනිද පක්‍ෂ සමුළුවට යන්නේ නෑ කියන ඒකට මා එකගයි. එය මා හිස නමා පිළිගන්නවා. පක්‍ෂය හරි මගට ගේන්න අපේ බණ්ඩාරනායක මහතාගේ ප‍්‍රතිපත්ති රකින්න අපි එකතුවෙලා කටයුතු කරන්න ඕනෑ‘ යැයි ද වක්කුඹුර මහතා කීවේය.

DSCF9663 DSCF9669



අදහස් (0)

ජානක වක්කුඹුරත් කලවාන අතහරී

ලක්ෂ්මන් Wednesday, 24 August 2016 06:09 PM

මෙහෙම කරන්න හැමෝටම බැහැ. ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

වින්සන්ට් Wednesday, 24 August 2016 10:33 AM

මෙතුමාට නොතේරෙන බණ්ඩාරනායක ප්‍රතිපත්තිය මහින්ද ළඟ තිබිය හැකිද? "මිනිසාගේ පරම යුතුකම...." මෙතුමාගේ නව දේශපාලන ගමන තුළ අපට කිසි දවසක දැකිය නොහැකිය. මේ නිසා බණ්ඩාරනායක ප්‍රතිපත්තිය කාගෙවත් බඩවියත රැකගැනීමට භාවිතා නොකරන්නේ නම් මැනවි. (නි)

:       0       0

ශාන්ත Thursday, 25 August 2016 12:44 AM

එළියට යන කවුරුවත් ගිහින් නවතින්නේ කොහෙද කියන්නේ නැහැ. පක්ෂයක් හදනවා කියන්නෙත් නැහැ. ආයෙත් නාමයෝජනා නොලැබෙන බව දන්නා නිසයි මෙහෙම කරන්නේ. මෙයාලට යන එන මං නැතිවෙනවා. (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 25 August 2016 12:49 AM

කොන්ද පණ තිබෙන තවත් එක ශ්‍රී ලාංකිකයෙක්. අපේ ලස්සන ශ්‍රී ලංකාව රැකගැනීමට පෙරමුණ ගන්න (නි)

:       0       0

සඳරුවන් Thursday, 25 August 2016 01:44 AM

ඔබ මහින්ද සමඟ නම් අපි ඔබ සමඟයි! (නි)

:       0       0

දිනේෂ් Thursday, 25 August 2016 07:58 AM

පිටිගලගේ ආසනයත් කලවානද? (බ)

:       0       0

ආර්. වික්‍රම Wednesday, 24 August 2016 11:44 AM

ඔබ මහින්ද සමඟ නම් අපි ඔබ සමඟයි! (නි)

:       0       0

ෂෙහාන් Wednesday, 24 August 2016 07:09 AM

ඔබට ජයෙන් ජය! මහින්ද සමඟ සිටින සැමට ජනතාව සදා සළකනු ඇත. එ්ත් ශාඛා සමිති විසුරුවන්නේ ඇයි? (නි)

:       0       0

ටී. සිල්වා Wednesday, 24 August 2016 07:16 AM

උගත්කමට ආඩම්බරවීම තරම් නූගත්කමක් තවත් නැති බවයි මම නම් හිතන්නේ (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Wednesday, 24 August 2016 07:25 AM

ගිලෙන නැවෙන් තවත් අයෙක් පැන්නා වගෙයි! (නි)

:       0       0

දුමිදු Wednesday, 24 August 2016 07:20 AM

පක්ෂ මඩගොහොරුවක රටම ගිලී ඇත (නි)

:       0       0

අර්ජුන Wednesday, 24 August 2016 07:23 AM

කළ වැඩකුත් නැත. රටට වැඩකුත් නැත. සිටියත් අපිටද වැඩක් නැත (නි)

:       0       0

නිරේෂ් Wednesday, 24 August 2016 07:33 AM

අනේ මන්දා පාඩමක් ඉගෙනගෙන නැහැ වගේ තවම (නි)

:       0       0

නාරංගොඩ Wednesday, 24 August 2016 07:30 AM

නියමයි. ජයවේවා! (නි)

:       0       0

ඇසළ Wednesday, 24 August 2016 07:30 AM

ආදර්ශයක් අනෙකුත් කටු කන අයට. මේ කොන්ද පණ තිබෙන කෙළින් වැඩ කරන මිනිස්සු. (නි)

:       0       0

අතුල Wednesday, 24 August 2016 07:35 AM

ඔය මහින්ද සමඟයි කියන අය අති බහුතරයක් කොහොම අයද කියලා අපි දන්නවා. ඔය එක් කෙනෙක් ළඟවත් බණ්ඩාරනායකගේ හෝ කාගෙවත් ප්‍රතිපත්ති නැහැ. පේනවනේ පාද යාත්‍රාවේ හැසිරුණ විදිය (නි)

:       0       0

ශාන සෞදි Wednesday, 24 August 2016 07:38 AM

හොඳ ක්‍රියාවක්. දැන් හොරු, තක්කඩි හා දුෂකයන්ගෙන් තොර පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් හදාගන්න පුළුවන් අරගොල්ලන්ට (නි)

:       0       0

ශෂික Wednesday, 24 August 2016 01:12 PM

මම ජානක ගැන දනන් හිටියේ නැහැ.අද තමා ගොඩක් තොරතුරු හොයාගත්තේ.කවදාවත් කිසිම වංචාවකට හසුනොවූ රුවන් පුරයේ වැඩකරපු දේශපාලකයෙකු බවයි කියන්නේ.(හේ)

:       0       0

තිස්ස Thursday, 25 August 2016 02:49 AM

එක් කෙනෙක් වෙනුවෙන් මැරෙන්න හදන අය වැඩක් නැහැ. ජනවිරෝධී පනත් සම්මත කරනකොට මොවුන් මී පැටවු වගේ (නි)

:       0       0

පිටිගල Wednesday, 24 August 2016 01:26 PM

කවුරු අස්වුණත් කලවාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතාව පුද්ගලයින් පස්සේ යන්නේ නැහැ. ඔවුන් නිල පක්ෂය සමඟයි. (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 24 August 2016 07:50 AM

කොන්ද කෙලින් තියාගෙන ගත්ත තීරණයක්. අපිට දැන් සතුටුයි. (නි)

:       0       0

නීල් Wednesday, 24 August 2016 07:59 AM

දුර නොපෙනෙන ළඟ පමණක් බලා තීරණ ගන්න අය ඉවත්වීම රටට ආශිර්වාදයක්. පක්ෂ සැළකිය යුත්තේ මැතිවරණයේදී නියෝජිතයන් තෝරාගැනීමට පමණයි. ඉන් පත්වන අය සියලුම පුරවැසියන්ට සේවය කළ යුතුයි. මෙයාලා පක්ෂය ගොඩගන්න හදන අය මිසක් රට ගොඩගන අය නොවෙයි. ඇයි අනික් සියලු පක්ෂිකයන් ලංකාවෙ පුරවැසියන් නොවෙයිද? (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 24 August 2016 01:55 PM

මහින්දට අනාගතයක් නැති බව නම් පැහැදිලියි (නි)

:       0       0

දේවේන්ද්‍ර Wednesday, 24 August 2016 08:10 AM

කෙනෙක් යනකොට එතනට එන්න සියයක් ඉන්නවා. කැඩී ගියොත් මේ දෙගොල්ලටම ජයග්‍රහණයක් නැති බව තේරුම් නොගැනීම මහා ඛේදයකි.(ම)

:       0       0

විපුල Wednesday, 24 August 2016 08:17 AM

දැන් කලින් මැතිවරනෙන් බලයට පත් වුනු අය රටට සේවය කරනවද කියල දැනගන්න කැමති (ම)

:       0       0

රණතුංග Wednesday, 24 August 2016 08:20 AM

එජාලෙට මුක්කු ගහල රට විනාශ කරන එකද බණ්ඩාරනායක ප්‍රතිපත්තිය (බ)

:       0       0

තිලක් Wednesday, 24 August 2016 08:23 AM

පක්ෂය දෙකඩ කරන්ඩ තව එකෙක් අස්වේ (බ)

:       0       0

විපුල Wednesday, 24 August 2016 08:23 AM

මේ රටට සුදු පාලකයන්ගෙන් පසු ගොඩ නගන ලද දෙයක් ඇත්නම් එ්දේවල් කිරීමට පුරෝගාමී වූ පක්ෂයක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. පක්ෂය තියෙන්න ඕනේ රට හදන්න . පක්ෂයෙන් තමයි ජනතාවට නායකත්වය දෙන්නේ. නායකත්වයට කැමැත්ත දෙන්නේ ජනතාව. නායකත්වයක් නොමැතිව කිසිම දෙයක් කරන්න බැහැ නමුත් අද මේ ගෙවන්නේ නිදහස් පක්ෂයේ අදුරුම කාලය. පක්ෂය එසේ අදුරු කාලය ගෙවනකොට රටට එය අහිතකර වී තිබෙන බව නොරහසකි (බ)

:       0       0

මහාදේව Wednesday, 24 August 2016 02:25 PM

මම ජානකගේ ආසනයේ ජන්ද දායකයෙක්, එතුමා උගත් දුෂණයෙන් තොර තරුණ නායකයෙක්. (රේ)

:       0       0

දිලිප් Thursday, 25 August 2016 04:15 AM

ඇත්තටම මේ දේශපාලකයෝ ඔක්කොමට එකවර ඉල්ලලා අස් වෙන්න බැරිද? (බ)

:       0       0

අජිත් Wednesday, 24 August 2016 03:32 PM

ජය වේවා,නිදහස් පක්ෂේ පාවා දීල ඉවරයි, ,ඔබතුමාගේ තීරණය සමග අපිත් ඉන්නවා,අලුත් පක්ෂෙන් තරඟ කරමු (රේ)

:       0       0

කපිල Wednesday, 24 August 2016 08:56 AM

මේ කමෙන්ට් කරලා තියෙන හුග දෙනෙක් ජානක කියන්නේ කවුද කියලවත් දන්නවද...මෙය 96 ප්‍රාදේශීය සභාවෙන් පටන් අරගෙන දිගු ගමනක් ගිය දක්ෂ තරුණ දේශපාලකයෙක්.පළාත්සභාවේ හිටපු දක්ෂතම ඇමතිවරයා විදිහට ගොඩක් වැඩ කළා.කලවාන ආසනය පාතාලේ මැරයෙකුත් එක්ක හැප්පිලත් කවදාවත් පරාද නැහැ.ඔහුගේ දේශපාලන මතය මම අනුමත නොකළත් හොරෙක් නොවනබව මුළු රුවන් පුරයම දන්නවා. (බ)

:       0       0

රත්නායක Wednesday, 24 August 2016 09:09 AM

බැරිනම් යන එක හොඳයි .අලුත් අය ඉන්නවා ඕනෑ තරම් .හිටියත් ඔයාලට ලැබෙන්නේ නැහැ (ම)

:       0       0

අශාන් Wednesday, 24 August 2016 09:22 AM

මහින්ද මහත්තයාගේ සහ දරුවන්ගේ ඇත්ත තත්ත්වය දැන් උසාවියෙත් ඔප්පුවෙලා තියෙනවා. අැයි මේ මිනිස්සු තවත් මෙයාලා පස්සෙම දුවන්නේ. (නි)

:       0       0

ගාමිණී Wednesday, 24 August 2016 09:25 AM

ඔබතුමාට ජය වේවා! (නි)

:       0       0

ලක්ෂි Wednesday, 24 August 2016 09:52 AM

පසුගිය මැතිවරණයෙන් පරාදවෙලා මේ අාණ්ඩුවෙ අැමතිකම් කරන අය අයින් කරලා, රට ගැන අාදරයක් අැති බුද්ධිමත් වැඩට දක්ෂ අාසන සංවිධායකවරු පත්කරගෙන පක්ෂය ගොඩනඟන වැඩේ පටන්ගත්තොත් ජනතා විශ්වාසය ශ්‍රිලනිපයට නැවත අැතිවේවි (නි)

:       0       0

සම්පත් පතිරණ Wednesday, 24 August 2016 09:55 AM

ඔබට ජය! (නි)

:       0       0

සිරි Wednesday, 24 August 2016 10:03 AM

හොඳ තීරණයක්. ඔබට ජයවේවා!! අපි දැන් බලාගෙන ඉන්නවා අර කියපු රහස් ගැන (නි)

:       0       0

සජිත් Wednesday, 24 August 2016 03:55 PM

යහපාලනයට ඡන්දය දුන් අපි වුණත් ජානකට ගරු කරනවා. හොරෙක් නෙමෙයි. නිහතමානි මිනිහෙක්. (නි)

:       0       0

නාලනී Wednesday, 24 August 2016 10:16 AM

එයාලා අතහරිනවා කිවුව ගමන් අපේ අය හුරේ දානවා. නමුත් අන්තිමට බලද්දී රැටවිලා තියෙන්නේ අපිමයි (නි)

:       0       0

හෆීල් Wednesday, 24 August 2016 10:15 AM

මම හිතනවා දැන් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිරිසිදු වෙන්නේ කියලා. මේ අය තවම දන්නේ නැතුව වගේ වර්තමාන ව්‍යවස්ථාව අනුව මහින්ද රාජපක්ෂට ආපසු ජනාධිපති වෙන්න බැහැ කියලා. (නි)

:       0       0

ශාන සෞදි Wednesday, 24 August 2016 10:24 AM

ඉදිරියට රට හොඳ කලක් යාවි (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 24 August 2016 10:24 AM

හැම අවුරුද්දෙම පඩියෙන් රුපියල් සීයක් සාමාජික මුදල් දෙනවා කියන්නේ මොනතරම් දෙයක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක බැංකුවෙන් ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 200ක්
2024 ඔක්තෝබර් මස 07 22 0

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකා


හංවැල්ල ඝාතනයේ වෙඩික්කරු මාට්ටු
2024 ඔක්තෝබර් මස 07 26 0

හංවැල්ල කහහේන නෙළුවත්තුඩුව බස් රථ සහ ව්‍යාපාරික ස්ථාන හිමි කෝටිපති ව්‍යාපාරිකයාට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා විශේෂ බලකායේ සෙබලා බළ


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 39 0

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


පොලීසියට පාට් දැමූ නිතීඥවරිය ඇතුළු පවුලේ සිව් දෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 07 1572 1

කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්


ගලක් හිසේ වැදී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 07 670 0

නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව


සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 1561 6

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39268 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25625 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1107 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site