ඇමැති ජෝන් අමරතුංග පසුගියදා චීනයට ගියාලු. ඒ සහායක රටක් ලෙස ‘ඉන්ටනැෂනල් ටුවරිසම් එක්ස්පෝ 2016‘ සඳහා ශ්‍රී ලංකාවද එක්වීම සම්බන්ධ සාකච්ඡාවකටලු.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 50ක් ඊට එකතුවී සිටී.
ඒ සඳහා රජයේ විශේෂඥයින් සහ අදාළ බලධාරීන් එහි යතියි අපේක්ෂා කළාලු. නමුත් චීනයට ගිය අතර අනූ රාසයියා සිටියාලු. ඇය ජෝන් අමරතුංග සංචාරක ඇමැතිවරයාගේ දියණියයි. ඇයට කිසිදු නිල තනතුරක් ඒ සඳහා නැතිලු. ඇගේ ගුවන් ගමන් ගාස්තු ගෙවන්නේ කවුදැයි කාටත් පැනයක්ලු.
සංචාරක අමාත්‍යංශයේ ලේකම් පී.එච්.ජේ.බී. සුගතදාස ඇය ශ්‍රී ලංකා නියෝජිත පිරිසට අයත් යැයි අදාළ ලියකියවිලිවල මගින් සනාථ කර ඇත.
ඇය කෙසේ හෝ චීනයේ ෂියෑන් නගරයට ගිය අතර එහිදී ඇගේ ගුවන් ගමන් බලපත්‍රය සහිත අත්බෑගය අතුරුදන්ව ඇතැයි පැමිණිලි කළාලු. කම්පනයට පත්ව දුරකථන ඇමතුම්ද හතර වටේටම ලබාදුන්නාලු. ඒ වන විට ඇමැති පියා සිටියේ දකුණු කොරියාවේලු. ඒ බෑනාවන දිනේෂ් වීරක්කොඩි සමගලු. ඇයට නීත්‍යනුකූලව චීනයෙන් පිටවීමට නොහැකිව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන්ට කරදර කළාලු. ඔවුන් බීජිං සිට ෂියෑන් දක්වා පැමිණ ඇයට අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ උදව් ලබාදී ආපසු ලංකාවට පිටත් කළාලු.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජෝන්ගේ දුවත් ජෝන්ට දෙවැනි නැතිලු
චින්තක Monday, 05 September 2016 10:12 AM
රවි ගැන අපි දැනගත්තේ කිලිනොච්චි මැදවච්චි අලිමංකඩ, පාමංකඩ කතාවලින්. කලින් අයගේ දූෂණ ගැන කතාකරන අයට මෙව්වා හොද පාඩම්. (බ)
පීරිස් Tuesday, 06 September 2016 09:21 AM
"ඉස්සර අපි කිව්වේ ජෝන්-ජෝන් පිටිකොටපන්, ජෝන්ගේ අම්මා පිටි හලපන් කියලයි . මේ ජෝන්ටත් වෙන වැඩක් බැහැ. (බ)
සුසන්ත Tuesday, 06 September 2016 05:21 PM
ගහේ කටු උල්කරන්න ඕනෑද? (නි)
ශ්‍රීලාල් Sunday, 04 September 2016 11:52 AM
පරණ ගණන්කාරයන්ට වුණත් දැන් පැන්ෂන් යන්න කාලය හරිනේ. තවදුරටත් මහජන මුදල් කාබාසිනියා නොකර ගෙදරට වෙලා ඉන්නවාද? නැත්නම් තිබෙන මුදලින් වෙන රටකට ගිහිල්ලා ලංකා ජනතාවට බරක් නොවී ඉන්න. (නි)
රාධා Tuesday, 06 September 2016 12:11 AM
මිනිසෙකු උපතින් කුලයකට බෙදිය නොහැකි අතර කරන ක්‍රියාවෙන් කිසියම් කුලයකට අයත්වේ (නි)
රින්සි Sunday, 04 September 2016 12:26 PM
ජෝන් ගැනත් තීරණයක් ගන්න දැන් කාලය හරි වගේ (නි)
සාගර Monday, 05 September 2016 05:01 AM
මේ වගේ දේවල් කලින් ආණ්ඩුවෙන් කළ නිසා එයාලට ගෙදර යන්න වුණා. දුෂණය නැතිකරලා, යහපාලනය ඇතිකරනවා කිව්ව කට්ටිය දැන් වැරදි දෙකක් කරනවා. එකක් යහපාලනය නැතිකම, අනිත් එක ජනතාව බොරුවෙන් රැවටීම. (නි)
සංජීව රාජපක්ෂ Monday, 05 September 2016 06:04 AM
සංචාරක ඇමතිගේ දුවට බැරිනම් ඉතින් කාටද පුලුවන්
සාමා Sunday, 04 September 2016 03:08 PM
එන පාර පරදිනවා අනිවාර්යෙන්ම .... එතකන් පුළුවන් තරම් ගසා කනවා .... මෙයාව පරද්දන්නම ඕනේ (බ)
චන්ද්‍ර වීරසිංහ Tuesday, 06 September 2016 11:36 PM
යහපාලන විශ්වකර්මයින්ගේ වැඩකිඩ තමයි. සිංහල අපිව ගොනාට අන්දන්න මේ අය හරි හපන්නුනේ. අනේ අපේ සිරි ලංකාවට වුණ දෙයක්. (නි)
ධම්ම Wednesday, 07 September 2016 03:46 PM
මේවා නොදැක්කා සේ ඉන්න ඔබට පුලුවන් වෙන්න ඕනෑ. යහපාලනයට විරුද්ධවෙන්න හොඳ නැහැ. (නි)
රංජිත් Monday, 05 September 2016 06:35 AM
ජොන් සහ කිරිඇල්ල දෙන්නම ගෙදර යවන්න කාලය හරි වගේ (බ)
බමුණුසිංහ Wednesday, 07 September 2016 01:39 AM
ජෝන්ගේ දුවත් ජෝන්ට දෙවැනි නොවුණානම් තමයි ප්රශ්නය නේද? (නි)
ගිහාන් Monday, 05 September 2016 07:52 AM
රොහාන් දයාදර පැරිස්, ජෝන් විතරක් නෙමේ රවි කරුණානායකත් දෙමළ ක්‍රිස්තියානි. හැබැයි මෙයාල ගැන කිතුණුවන් ඉන්නෙත් දැඩි පිළිකුලෙන්. ඒ ආගම, ජාතිය නිසා නෙමේ, කරන කැත වැඩ නිසා. (බ)
සොපි Monday, 05 September 2016 02:11 PM
ජෝන්ගේ වැඩ ගැන කවුද නොදන්නේ?? (නි)
අමා Sunday, 04 September 2016 06:03 AM
මොකුත්ම කියන්න එපා. මේක තමයි යහපාලනේ (නි)
රකිත් Sunday, 04 September 2016 06:14 AM
අනිවාර්යයෙන්ම ඉතින් අපේ මහජන මුදල් වෙන්න ඇති. (නි)
කිත්සිරි Sunday, 04 September 2016 06:33 AM
අනේ අම්මපා මෙහෙමත් දේවල් හැබෑට! (නි)
සිරි Sunday, 04 September 2016 06:40 AM
මේවා රජය සතු මුදල් අවභාවිතා කිරීම් නොවේද? (නි)
ජනහිත Sunday, 04 September 2016 07:00 AM
ඒ කාලේ නායකයා පියාණන්ව වන්දනාවේ එක්කගියා වගේ මේ කාලේ අය දුවව චීනෙට එක්ක ගියාට කමක් නැහැ. (නි)
ලුම්බිණි Sunday, 04 September 2016 07:36 AM
වැරදි වැඩ කළ කිසිකෙනක් හොඳ පැත්තට හරවාගන්න එච්චර ලෙහෙසි නැහැ. (නි)
ටෙහාන් Monday, 05 September 2016 04:26 PM
දුව ඉතින් තාත්තා වගේ වෙන්නම එපායැ
ශාන්ත Sunday, 04 September 2016 10:09 PM
මෙයාලගේ වැඩ යහපාලන ආණ්ඩුවට හිසරදයක් (නි)
නිමල් Sunday, 04 September 2016 10:11 PM
දැන් බය නැතුව නාස්තිය ගසාකෑම කරනවා. ආයෙත් හොර අල්ලන්න කාලයක් එන්නේ නැති බව දන්නවනේ. මේවා අගමැතිතුමාට නොපෙනෙන එකනේ වැඩේ. (නි)
රොහාන් දයාදර පැරිස් Sunday, 04 September 2016 08:49 AM
ජෝන්ගේ දුව කසාද බැදල ඉන්නේ දෙමල කෙනෙක්වද ? එහෙම නැතිනම් ජෝන් දෙමල ක්‍රිස්තියානිද ? කෙල්ලගේ නමේ ගැටලුවක් තියෙනවා ? (බ)
වීරසේන Sunday, 04 September 2016 10:42 PM
දැන් මෙයාලා ජනතාවට විහිළු සපයන්නන් වෙලා වගෙයි. රටේ අවාසනාව! (නි)
අජිත් කරුණාරත්න Thursday, 08 September 2016 01:51 AM
යහපාලනය විතරක් නොවෙයි, මීට කලින් තිබුණු පාලනයේත් මේවා පොකුරු පොකුරු තිබුනේ. මතකනේ සමහර ඇමතිවරුන්ගේ දරුවන්ගේ උපන් දින උත්සව වෙනත් රටවලදී පවත්වලා ජනතාවට බිල ගෙවන්න වුණේ. මේක කවුරු කළත් වැරදියි. ඒත් කාටද කියන්නේ? (නි)
බණ්ඩාර - කැකිරාව Sunday, 04 September 2016 09:39 AM
හා..හා මේ ගැන කවුරුත් කතා කරන්න එපා. රජයේ ප්‍රබල ඇමති තුමාලා කරන සියලුම වැඩ නිවැරදියි .ඔවුන් ගමන් බිමන් යන්නේ රජයේ මුදල් වලින්නම් නෙමයි (බ)
සුසන්ත Monday, 05 September 2016 12:43 AM
අපි ඔය කවුරු කවුරු ගැනත් දන්නවා (නි)
ලංකා Tuesday, 06 September 2016 07:58 AM
තාත්ත ගෙන් පස්සේ වත්තල ජනතාව නියෝජනය කරලා පාර්ලිමේන්තු යන්න ඉන්නේ මෙයා තමයි ..... ඔබට සතුටුද දැන් ? (බ)
අසේල Monday, 05 September 2016 09:00 PM
ගිහාන්, ඔබගේ අපක්ෂපාතී දැක්ම ගැන මගේ හද පත්ලෙන් ප්‍රණාමය! (නි)