(සුජිත් හේවාජුලිගේ )
සංචරණ සීමා ලිහිල් කෙරුණු අද (25) දිනයේදී බොහෝ පිරිස් හැසුරුණු ආකාරය සතුටු විය නොහැකි හෙයින් ඉදිරියේදී වෙළඳ සල් විවෘත කිරීම වෙනුවට වෙනත් විකල්ප ක්‍රියා මාර්ගයකට යොමුවීමට සිදුවන බව කොවිඩ් පාලනය කිරීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ජනතාවගේ සංචරණ අවම කිරීමේ පියවරක් ලෙස අත්‍යවශ්‍ය භාණ්ඩ ජංගම රථ යොදවා බෙදාහැරීමේ වැඩපිළිවෙලකට ඉදිරියේදී යොමු වීමට සිදු වනු ඇතැයිද යුද හමුදාපතිවරයා කියයි.
අත්‍යවශ්‍ය භාණ්ඩ නිවස ආසන්නයේම වෙළෙඳ සලෙන් ලබා ගැනීමට දුන් අවස්ථාව ඇතැම් පිරිස් අවභාවිතා කළ ආකාරයක් පෙනෙන්නට තිබූ බව පැවැසූ ශවේන්ද්‍ර සිල්වා මහතා මේ ආකාරයට ජනතාව අවිචාරවත් ලෙස කටයුතු කිරීම අවසන් ප්‍රතිඵලයට අහිතකර බලපෑම් ඇති කරනු ඇතැයි ද පෙන්වා දුන්නේය.
ජනතාවගේ මෙවැනි නරක හැසිරීම් නිසා කොවිඩ් පැතිරීම වේගවත් විය හැකි යැයිද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය .
ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර
පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.
යුක්රේන හමුදා, පළමු වරට, උතුරු කොරියන් සොල්දාදුවන් සමඟ සටන් වදින බව වාර්තා වේ. මේ බව අනාවරණය කළේ යුක්රේන ආරක්ෂක අමාත්‍ය රුස්ටෙම් උමෙරෙව්ය. ඒ, දකුණු කොරි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් යැයි කැබ
අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’ජනතාවගේ හැසිරීම හොඳ නෑ’’
thushara Tuesday, 25 May 2021 10:30 AM
අපි කාලතරණය කරලනේ.. අපිට තවම 25 අද..
සවේන්ද්‍රTuesday, 25 May 2021 11:08 AM
පොඩ්ඩක් පුරුදු වුණා ඉතින්... හෙට කරන කථාව.
gamunuTuesday, 25 May 2021 04:47 PM
ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව ඔවුන්ටම බලාගන්න අවස්ථාව දෙන්න.
නිහාල් Tuesday, 25 May 2021 10:36 AM
ඇයි මේ හෙට දාන්න තියන ප්‍රවෘත්තියක් අදම දාලා...?
SLTuesday, 25 May 2021 10:53 AM
ආණ්ඩුවටම බැන බැන හිටපල්ලා, සියල්ලම ඉබේ සිදුවෙයි...
AkilaTuesday, 25 May 2021 02:04 PM
ආණ්ඩුවේ කට්ටිය හිතන් ඉන්න විදිහට ලංකාවේ ඉන්නේ ඔක්කොම වගකීමෙන් නීතිය අකුරටම පිළිපදින අය නම්, අපි අද ලෝකේ දියුණුම රටක්...
kamal Tuesday, 25 May 2021 10:50 AM
ලොකුගේ උන්නැහේගේ හැසිරීම ගැන කියන්න කවදා පිටකොන්ද හැදෙයිද?
VINWednesday, 26 May 2021 03:08 AM
උස්තැන් දැක හැකිළෙන්නේ... මිටි තැන් දැක පුප්පන්නේ...!!!
mp Tuesday, 25 May 2021 10:52 AM
වයසක මිනිස්සු බඩු කර ගහගෙන පයින් යන්නේ කොහොමද? ඒක වයසක මිනිස්සු කරන්නේ කොහොමද? ඔබ කිව්වා නිවසේ වාහනයේවත් යන්න එපා කියලා. ඒක ගැටළුකාරී නොවේද? මේ අවස්ථාවේදී එම නීතිය නොතකමින් බොහෝ අය වාහනවල ආවා. නීතියට වැඩ කළ අය දුක් වින්දා. මෙය අසාධාරණයක් නොවේද...?
Sam Tuesday, 25 May 2021 10:55 AM
හමුදාපතිතුමෝ, හැම එකටම මිනිස්සුන්ට බැනලා හරියන්නේ නැහැ. නායකත්වයත් එක්ක වගකීමත් ගත්තා නම් තමයි හොඳ. වහගෙන ඉඳලා අතෑරපු ගමන් ඕකවෙනවා. මිනිස්සුන්ට කන්න බොන්න ඕනෑ. අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය කඩ පුළුවන් තරම් වෙලා ඇරලා තියන්න. රටේ බඩු ප්‍රවාහනය නවත්තන්න එපා. ළඟම කඩේත් ඕනෑ බඩු තියෙන ක්‍රමයක් හදන්න. එතකොට මිනිස්සු තෙරපෙන එකක් නැහැ...
wickyTuesday, 25 May 2021 03:02 PM
ඔන්න වහන්නෙ නැ කියලා එක පාරටම වහලා ආපහු පොඩි වෙලාවකට අරිනවා. මිනිස්සු කලබල වෙනවා.
දොලේවත්ත Tuesday, 25 May 2021 10:55 AM
උස් තැන් දැක හැකිලෙන්නේ... මිටි තැන් දැක පුප්පන්නේ... කවුරුන්දැයි විමසන්නේ ... පිළිතුර මුළු රටේ දන්නේ...
de silva Tuesday, 25 May 2021 11:03 AM
ඔය කියන්නේ අර තොණ්ඩමන් මහතාගේ අවමගුල් උත්සවය ගැන වෙන්න ඕනේ...
පොඩි මල්ලි Tuesday, 25 May 2021 11:12 AM
ඔබතුමා කිව්වා මතකයි මීට මාසෙකට කලින් අපේ බුද්ධිමත් ජනතාව ඔබතුමාලා කියන විදිහට නිසි ක්‍රම වේද අනුගමනය කරයි කියලා.. එ්ක නිසා සංචරණ සීමා හෝ ලොක් ඩවුන් ඕන නෑ කිව්වා.. අපි මේකේ කොටලා ලිව්වා 'සර්‘ අපේ මිනිස්සු කියන දේ අහන ජාතියේ බඩු නෙවෙයි' කියලා...තවමත් ඔබතුමා මිනිස්සු මෙහෙම කරයි කියලා හිතාගෙන ඉන්නවා නම් ඔබතුමත් අර 225 ලෙවල් එකේ කෙනෙක්... මිනිස්සු අත්තේ තියලා රවට්ටලා තමන්ට ඕන වැඩ කරගන්නවා.
pradeepa Tuesday, 25 May 2021 11:19 AM
හමුදාපතිතුමා ජනතාවට පමණක් දොස් කියනවා.. නමුත් ලොකු දේශපාලකයෝ කරපු දේවල් වලට කටවහගෙන හිටියා.
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 25 May 2021 11:30 AM
ජනතාවගේ ගැන විතරක් නෙමේ වගකිවයුතු අයගේ හසිරීමත් හොඳ නැහැ වගෙයි පේන්නේ. සමහරුන් මේ තරු පටි ගහගෙන කොළඹ ඉඳන් කියන ඒවා නොවෙයි රටේ වෙන්නේ.
රංග Tuesday, 25 May 2021 11:34 AM
හැම දේටම මිනිස්සුන්ට බනින්න එපා, ඕක ගිහිං ලොකු තැනට කියන්න. ඒ තීරණ වල වැරැද්ද තමයි මේ. මේ මාධ්‍ය ඔස්සේ යුද්දෙත් කරපු හිස් චරිතයක්. ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා නැත්තං මේ අය යුද්දේ කරන විදියත් අපිට දැන් හිතා ගන්න පුළුවන්.
විපරමා Tuesday, 25 May 2021 11:43 AM
රටේ පාලකයින්ගේ, දේශපාලුවන්ගේ හැසිරීම ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දියවන්නාවේ අය හැසිරෙන හැටි සත්තු වගේනේ...!!!
Demuni Uduwara Tuesday, 25 May 2021 11:45 AM
මිනිස්සුන්ට බනින්න එපා... ඔබලාත් එසේ විය යුතුයි.
චමින්ද ජයනාත් ජයසුරිය Tuesday, 25 May 2021 11:48 AM
මම හිතුවා අර ඔබතුමා මාධ්‍ය වලට ඇවිත් අපේ ජනතාව කියන දේ අහනවා කියපු එක බොරුවට කියපු එකක් කියලා... ඒත් අද තමයි දන්නේ ඒක ඇත්තටම ඔබතුමා කියපු එකක් කියලා...?
kapila Tuesday, 25 May 2021 11:50 AM
අප්‍රේල් 12 වෙනිදා ඕක තේරුම් ගත්තා නම් මේ වගේ ව්‍යයසනයක් වෙන්නේ නෑ. ඇති යන්තන් මේ රටේ මිනිස්සු කියනදේ අහන්නේ නැති බව දැන්වත් තේරුම් ගත්තා. මීට පස්සේවත් බුරුලක් නොදී වැඩ කරන්න...
mpWednesday, 26 May 2021 03:15 AM
නුවණ පාවිච්චි කර අවුරුදු සතිය වැහුවා නම් මේක වෙන්නේ නැහැ. ලඟම කඩේ කාඩ්වලට බඩු දෙන්නෙත් නැහැ.. බඩු ඇත්තෙත් නැහැ. අතේ සල්ලි නැහැ.. බැංකු යන්න විදියක් නැති නිසා... ලොකුගේ කළ විනාශයට කවුරුත් කතා නැහැ. පාර්ලිමේන්තුවේ එක්කෙනෙක්වත් මේ පෝලිම්වල හිටියෙත් නැහැ. බඩු කරගහගෙන ගියෙත් නැහැ. හැබැයි ඒ අය නඩත්තු වෙන්නේ අපි ගෙවන අනේක බදුවලින්... අපට ජීවත්වෙන්න තියෙන බැංකු පොලියත් දැන් හූරාකනවා. මේවා සාපවෙනවා....
නිවර්තනා Tuesday, 25 May 2021 11:50 AM
ඔව් ඔව් කොහොමින් කොහොම හරි මේ කොවිඩ් රැල්ලත් අපි පාලනය කරගමු.... ඉස්කෝලේ විනයභාර ගුරුතුමා වගේ තමයි යුද හමුදා පති තුමත්... හැසිරීම හොඳ නැත්නම් හැසිරීම හොඳ කරගමු නේද කට්ටිය.
Demuni Uduwara Tuesday, 25 May 2021 11:52 AM
බැල්කනියේ සිට බිම අතින් ස්පර්ශ කරන ලෙස ඔබට ආරාධනා කරනවා..
nilmini Tuesday, 25 May 2021 12:01 PM
ළඟම කඩේ මුකුත් නැහැ...
Bishan Tuesday, 25 May 2021 12:01 PM
හරි ලේසියි. හැමදේටම ජනතාව පිට පටවන්න. ඔච්චර ලොකු පට්ටමක් තියාගෙනත් කරන්න බැරිද? පෙරේදා දොස්තරලාට චෝදනා කළා. අද ජනතාවට.... ඕකට කියන්නේ බෝල පාස් න්‍යාය.. .
AselaTuesday, 25 May 2021 12:31 PM
ඔබේ තනතුර බබාට දෙන්න...
Nihal Tuesday, 25 May 2021 12:04 PM
ලොකුගේගෙ හැසිරීම යහපත් ද?
shehan Athukorala Tuesday, 25 May 2021 12:06 PM
ෆේරඩී සිල්වා..!!!
Shalika maduranga Tuesday, 25 May 2021 12:15 PM
ජනතාවටම බැන බැන ඉන්න...
ranjith Tuesday, 25 May 2021 12:22 PM
රෝග වසංගත විද්‍යාෙව්දී ජනතාවට දොස් කියන එක නොවේ.. මිනිස්සුන්ගේ හැසිරීම නිවැරැදි කරන්න වැඩ පිළිවෙළක් තියෙන්න ඕනේ.. ඒකට තව සෞඛ්‍ය අධ්‍යාපන, සෞඛ්‍ය ප්‍රවර්ධන ආදී නොයෙක් ආයතන පිහිටුවා තියෙන්නේ මිනිස්සුන්ගේ චර්යාමය වෙනස්කම් කරන්න උපාය මාර්ග තියෙනවා. කෝ ඒ ආයතන අද නැතුවා වගේ..
Dhammika Tuesday, 25 May 2021 12:25 PM
රටේ ඇති පහසුකම්, මිනිසුන් මෙවැනි අවස්ථාවක හැසිරෙන ආකාරය පිළිබඳ කිසිදු අධ්‍යයනයක් නොකර ගන්නා මෙවැනි තීරණ නිසා තමයි මේ ඔක්කොම. හැමදේම එහෙමයි. කාබනික පොහොර හදන කර්මාන්ත ශාලාවක් නැතුව ඒවා නතර කලා, කාලයක් එක පාරටම එළවලු කූඩවල නැතුව ගෙනියන්න එපා කියලා නීතියක් දැම්මා කාගෙදෝ ඉතුරු වෙච්ච කූඩ ටිකක් විකුණගන්න. කිසිම සැලැස්මක් නෑ වැඩවල. ඒවා කරන විදිහ කියලා යෝජනා යැව්වත් ඒවා බලන්නෙවත් නෑ
බද්රානි Tuesday, 25 May 2021 12:31 PM
ඇත්තම කියනවා නම්, ලංකාවේ ඉන්න අශිෂ්ඨ, අවිනීත, අසමත්ජාතී වගේ නෙමේ, "යුක්රේන් ටුවරිස්ලා හා නිරෝධායනය සඳහා පැමිණි ඉන්දීය ජාතිකයින්" ඉතාම විනයගරුකව වැදගත් ලෙස හැසුරුණා.. මේ ලෙඩේ බෝකර ගත්තේ ශ්‍රී ලාංකිකයින්මයි. ඔවුන් මේ දකුණු ආසියාවටම පිළිලයක් මිනිස් බෝම්බ තමයි ආයේ කතා දෙකක් නැහැ...
suba Tuesday, 25 May 2021 12:54 PM
හොඳම දේ තමන්ගේ කට පාලනය කරගැනීම. ඔබලා හිතනවා නම් ඔබලා තමයි හැමදේම හොඳටම දන්නේ කියලා.. එ්ක තමයි ඔබලාට වැරදෙන තැන. එ්ක තමයි දැන් වෙන්නෙත්...
kap Tuesday, 25 May 2021 12:59 PM
අර ලොකු ගෙයක් තියෙන දේශපාලකයෙක් කිව්ව ගමන් සංචරණ නීති නැති කරපු මෙයා දැන් බයිලා ගහනවා.. දැන්නම් බොස්ලා, සර්ලා, ගෝලයො ඔක්කොම ජෝකර්ලා වී ගෙන එන්නේ අත්‍යාවශ්‍ය දේවල් තියෙන පොඩි කඩ දෑන් නෑ... තිබ්බත් බඩු නෑ.
mohomed Tuesday, 25 May 2021 01:09 PM
පළාත් සභා ඡන්දයෙන් බබා හම්බවෙයි ඔක්කොම එකතු කරලා...
hesa Tuesday, 25 May 2021 01:29 PM
රාජ්‍ය විරෝධීන්ට මොන වසංගතය ආවත් ඔහොම තමයි. පිටුපසින් ඉඳ උසි ගැන්වීම් ඔය... එකටම 10 දෙනෙක් ඔලුව වැනුවාම හිතන්නේ ජනපතිකම ලැබුණා කියලා...
fairoos Tuesday, 25 May 2021 02:16 PM
තවත් නාගැනීමක්... ඒකත් ජනතාවගේ කරේ...
Rata Perata Tuesday, 25 May 2021 02:50 PM
මෙයාට වගේ අපේ සල්ලිවලින් ජනතාවට වාහන දීලා නැහැනේ. කවුද මේ? අපෙන් පඩි අරගෙන අපිටම බනින්නේ..?
wicky Tuesday, 25 May 2021 02:59 PM
මිනිස්සුන්ට හැසිරීම ගැන කියලා දෙන්න කලින් තීරණ ගන්න කොට හිතලා බලන්න. මිනිස්සුන්ට මුදල් පාවිච්චිය අවම කරන්න කියලා, දැන් එක පාරටම ගෙවල් ගාව කඩෙන් බඩු ගන්නලු. මොකො ගමේ කඩේ කාඩ් නැති නිසා තමයි අපි සුපර් මාර්කට් එකට යන්න පුරුදු උනේ. මොකද අපි මුදල් භාවිතය අඩු කරලා නිසා. ඒත් සුරක්ෂිතයි අනම් මනම් කියලනේ පටන් ගත්තේ. දැන් එක සැරෙම කියාපි ළඟම කඩෙන් බඩු ගන්නලු. ඔක්කොමත් හරි, මේ වැස්සේ සතියකට බඩු, කොහොමද තනි මිනිහෙක් ගේන්නේ..? ඒකවත් ඔය පුටු වල ඉඳගෙන, ටීවි එකට ඇවිත් කියන මහත්තුරු, එයාලට නම් කෑම බීම සියල්ල ලැබෙන නිසා ප්‍රශ්නයක් නැතිව ඇති. එ්ත් අනික් මිනිස්සු, එක්කෝ බඩු බෙදන්න විදියක් තියෙන්න ඕනෑ.. එහෙමවත් නැ..., අපිට කොච්චර වැස්සේ හරි පයින් යන්නද මෙයාලා මේ කියන්නේ... අනික ගෑස් එකක් ගේන්න ගියාම, ආපහු එ් මනුස්සයා යන්න එපැයි. විකාර... කරන්න ඕනෑ දේ මුලින් නොකර දැන් මිනිසුන්ට කෙලිනවා..
මෝTuesday, 25 May 2021 10:21 PM
විකී, ඔබ හරි, කාල බීල ජොලියෙන් ඉන්න මචං.
WCA Tuesday, 25 May 2021 03:11 PM
ඔබතුමාට පුලුවන්ද පයින් ඇවිත් බඩු අරන් ගිය එක දේශපාලකයෙක් පෙන්නන්න, බෑ . ඔය වෙනස හින්ද තමයි මිනිස්සු තමන්ට පුළුවන් විදියට නීතිය නවාගෙන වැඩකරන්නේ.
Siri Tuesday, 25 May 2021 04:48 PM
සේරම ගහන්නේ බයිලා.
මුණසිංහ Tuesday, 25 May 2021 04:56 PM
දැන් නං ඉතිං බුද්ධිමත් ජනතාව ඉල්ලගෙන කන හැඩයි? කරන්න දෙයක් නැති වෙයි.
රසික Tuesday, 25 May 2021 05:31 PM
මේ රටේ මහජනයා තරම් ඉවසාගෙන ඉන්න ජනතාවක් කොහේවත් නැති තරම්ය. අපි ඉතාමත්ම ගරු කරපු අයෙකි මොහු. ත්රස්තවාදයට තිත තැබු ඔබලාගෙ තවත් වැදගත් රාජකාරිය රටේ මහජනතාවද අාරක්ෂා කිරීමයි. එනම් අපි බදු ගෙවන්නෝය සංචරන නීති ප්‍රකාශ කිරීමට කලින් එහි නිවැරදිබව බලන්න වටිනවා නේද? එක්අයෙක් කඩේ යන එක, වාහනයෙන් නොයා පයින් යෑම, ලඟම කඩේට යෑමට අපිද කැමතිය නමුත් ලඟ කඩේ අපිට අවශ්‍ය බඩු නැතිනම්? අනික ලඟ කඩේ කට්ටියට මාර ජොලි දැං බඩුත් එයාලට ඕන ගනං. එයාල බොරදියේ මාළු බානවා?
මුණසිංහWednesday, 26 May 2021 02:55 AM
මේ නීතිවල ගැටළු තියෙනවා. නමුත් ජනතාවත් ඉහළින් මෙය අවබෝධ කරගෙන සති 2ක් ඉවසන්න හිතුවා නම් තමයි හොඳ... හිඟන්නාගේ තුවාලය වගේ මේක තව කොපමණ කල් ඉදිරියට ගෙන යන්නද? ඇත්තටම සති 2ක් එක දිගටම වහලා දැමීමයි එකම පිළියම. අනෙක කඩ කාරයින් මෙවැනි අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීමත් නවතිනවා. 93ට තිබුණු හාල් මේ විදියට එක් දිනක් ඇරිය ගමන් 120ට විකුණනවා. දිගටම වහලා දාල ඉන් පස්සේ දිගටම විවෘත කළාම ඒ දේ වෙන්නේ නැහැ. බලන්න ආපහු ඊළඟ දවසේ ඇරියාම බඩු මිල ආයෙත් උස්සන හැටි...
බද්රානි Tuesday, 25 May 2021 07:40 PM
මම නම් කියන්නේ දැනට ලංකාවේ පවතින කොරෝනා ප්‍රභේදය මේ රටට සුදුසු එකක් නොවෙයි.
අජිත් විරතුංග කටාර් රාජ්‍යයේ සිට Tuesday, 25 May 2021 07:59 PM
පොඩ්ඩක් ඉවසගෙන ඉන්න ඊලඟ ඡන්දෙදී ජනතාව පෙන්වයි හැසිරීම කටාර් වල අපි.
wicky Tuesday, 25 May 2021 09:18 PM
ජනතාව වැරැදි ඇති. නමුත් රජයක් හැටියට කොරෝනාව පාලනය කරගැනීම නිසි ක්‍රියාමාර්ග නොගත් බවත් ඔබතුමා පිළිගන්න.
Demuni Uduwara Tuesday, 25 May 2021 10:01 PM
‘‘ගම සමග පිළිසඳරක්‘‘ රැස්වීමේ ඉන්නවා කියලා තමයි ඔවුන් හිතාගෙන ඉඳලා තියෙන්නේ..
මෝ Tuesday, 25 May 2021 10:19 PM
අපේ අය කඩේ ගිහින් රාක්ක පිටින් බඩු අරං ආවෙ හරියට ලෝක, විනාසෙ ලං වෙලා වගේ. එක මනුස්සයෙක් නියමෙටම කිව්වා ගියෙ නැත්තෙ නැව් විතරයි කියලා. අනික දුරස්ත භාවය.
Sadis Wednesday, 26 May 2021 01:34 AM
විශ්‍රාම යනකම් වත් යුද විරුවෙක් යන නම රැකගන්න බලන්න. නොදන්න වසංගත මර්දනයක් කොරන්න ගිහින් වරිගෙ නහගන්නෙ නැතුව. නැත්නම් කුජීතම වෙලා යන කාලෙ වැඩිය දූර නැතිබව මතක් තියාගන්න. ඒක එකාගෙ මෝඩ උපදෙස් පිලිපදින්නෙ නැතුව මහ පොළොවෙ යථාර්ථය දැනගෙන කට අරින්න..
Demuni Uduwara Wednesday, 26 May 2021 04:40 PM
කරුණාකර මෙම අදහස් දැක්වීමට නිසි අවධානය යොමු කරන්න.
Sidath Wednesday, 26 May 2021 04:27 AM
හමුදාපතිතුමෝ, දේශපාලකයන්ගේ මෝඩ තීරණ වෙනුවෙන් පෙනී ඉඳලා ජනතාව ඔබතුමාට තියන ගෞරවය නැති කරගන්න එපා. නිකමට හිතලා බලන්න, දවස් හතරක් වහලා තියලා ආයේ ඉස්සරහට, දිගටම වහන්න තියනකොට... ගේ ළඟ තියන් සිල්ලර කඩෙන් පයින් ගිහින් මොනවද ගන්න පුළුවන්? ගෙදරකට සති දෙක තුනකට ඇති වෙන්න බඩු ගන්න පුළුවන්ද සිල්ලර කඩෙන්... අනික තාම පඩි හම්බවුණෙත් නෑ.. ගන්න දෙයක් ජීවිතේ ගැට ගහගන්න ගන්න වෙලා තියෙන්නෙ ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන්.. ගමේ සිල්ලර මුදලාලිට ක්‍රෙඩිට් කාර්ඩ් පෙන්නුවාම කුණු හරුප තමා හම්බෙන්නේ බඩු වෙනුවට.. ඒක හින්දා දාන නීතියක් ප්‍රායෝගික විදිහට දාන්න. ජනතාවගේ හැසිරීම හොඳ නෑ කිය කිය බොරුවට බනින්න එපා. එදා මැද හිටපු ඩබල දැක්කාම අපිට හිතුණා මේ වගේ තීරණ එයි කියලා. ඉස්සර ඔබතුමාත් එක්ක මේකට එකතු වෙලා හිටියේ අනිල් ජාසිංහලා වගේ ඔළුව වැඩකරන මිනිස්සු.. දැන් ඉන්නේ කඳ බඩ විතරක් තියන මදේ හිස් පුස්සන්... ඉස්සරහට තව ඔය වගේ ගොං නීති එයි කියලා ජහමනයා වෙච්ච අපිට දැන් හිතෙනවා....
kasun Wednesday, 26 May 2021 04:47 AM
දැන් ඔය රට වහන්න කියලා මැරෙන්න හදන අයට රට වැහුවත් පඩිය ලැබෙනවා. රට වැහුවොත් එළියට යන්න ලැබෙනවා. ඉතින් මැරෙන්න හදනවා...
de silva Wednesday, 26 May 2021 06:50 AM
නිදහස් දින නිලඇඳුම් ඇඳගත් රටේ පුරවැසියන් 5000ක් 6000ක් පමණ යුද උපකරණ කරගහගෙන ඒකට එක්රැස්වෙලා පෝලිමේ ගිහින් නන්දසේන මහත්මයාට සහ ඔබට සැලියුට් ගැහුවා. ඔබතුමා කතා කරන්නේ ඒක ගැනද?
ගමේ එකාලා Wednesday, 26 May 2021 08:21 AM
ආරක්ෂාවට වග කියන නායකයෙක් කියලනේ පත්කර ගත්තේ. දැන් සනීපද?
ආගමික ශබ්ද දූෂණයෙන් තොර රටක් වෙනුවෙන් ! Wednesday, 26 May 2021 10:01 AM
සර්ව ආගමික පූජ්‍ය / පූජක පාර්ශවයේ සියල්ලන්ගේම අවධානය පිණිසයි. මේ වනවිට කෝවිඩ් වසංගතය වෙනුවෙන් වසරකට අධික කාලයක් මුළුල්ලේ ඔබගේ විශ්වාසයන් සහ ඇදහීම් අනුව කොරෝනා මර්ධනය වෙනුවෙන් ලවුඩ්ස්පීකර් මඟින් උදේ සවස යාඤා, පිරිත්, කවිබණ, ස්තෝත්ර විකාශය කළ බැව් ඔබත්, අපත්, රටත් දනිමු. එහෙත් පන්සල් අවටත්, පල්ලි අවටත්, කෝවිල් අවටත් ජීවත්වෙන මිනිසුන් දිගින් දිගටම කොරෝනා රෝගයට ගොදුරු වීමත් එයින් මියයාමත් සිදුවේ. එබැවින් එම ක්‍රමය අසාර්ථක බැව් කණගාටුවෙන් වුවත් කියන්නට කැමැත්තෙමු ! කරුණාකර තව දුරටත් උදේ, සවස, අහළ, පහළ මිනිස්සුන්ගේ කන්බෙර පලමින් අධික ශබ්දයෙන් ලවුඩ්ස්පීකර් භාවිතා කිරීම දැන්වත් නවත්වන්න...! එය ශබ්ද දූෂණයකි...! පරිසර දූෂණයකි...! සංචරණ සීමා පණවා ඇති බැවින් මේ දිනවල බොහෝ දෙනෙක් තම තමන්ගේ නිවෙස්වල කල්ගත කරති. මේ මහා ශබ්ද දූෂණය ඔවුන්ට මහත් හිරිහැරයකි.! එවන් සරල දෙයක්වත් තේරුම් ගැනීමට තරම්වත් බුද්ධියක් නැති පිරිසට නිවන මෙන්ම ස්වර්ගයද, මෝක්ෂයද බොහෝ දුර බැව් දැන්වත් තේරුම් ගන්නේ නම් මැනවි...!
Kumara Wednesday, 26 May 2021 10:11 AM
මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි
Nimal Wednesday, 26 May 2021 01:18 PM
රට ඇරලා දාපල්ලා. කවද හිටියත් මැරෙනවනේ. කොරෝනා හැදිලා මැරෙන එකෙක් මැරෙයි..
Bishan Wednesday, 26 May 2021 01:40 PM
මෙතුමා ජනතා සේවකයෙක් බව අමතක වෙලා වගේ. හැම රාජ්‍ය සේවකයෙක්ම ඉන්නේ ජනතාවට සේවය කරන්න. ජනතාවගේ සල්ලි වලින් පඩි ගන්නවා නම් ඔබේ රාජකාරිය කරන්න. මිනිස්සුන්ට දොස් කියන්නේ නැතුව. හැසිරීම හරි නැත්තම් නීතී දාන්න. තූත්තුකුඩියේ ඉඳන් ආවා වගේ හැසිරෙන්නේ නැතුව...
බද්රානි Wednesday, 26 May 2021 03:07 PM
පුලුවන්නම්, කාට හරි කියන්න පුලුවන්ද මේ රටේ කවුද වැදගත් විදිහට හැසිරෙන්නේ කියලා? දරන තනතුර අඳින ඇඳුම කුමක් උවත්, මොන විදිහකට මවාපාගෙන හැසිරුනත්, ඇතුලේ ඉන්නේ, ගෝත්‍රික වනචාරියෙක්ම තමයි. කාට තිත්ත උනත් ඇත්ත ඒකයි. "උස් තැන දැක හැකිලිලා මිටිතන් දැක පුප්පන" අයට කොහෙද මානව හැගීම් තියෙන්නේ.
Demuni Uduwara Wednesday, 26 May 2021 04:10 PM
දේශපාලකයන්ගේ හැසිරීම හොඳයිද?