IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


’ජනතාවට බරක් නොවි සුපිරි නිවාසවලින් යන්න’

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

රටේ අහිංසක මිනිසුන්ගෙන් කාලා බීලා ඉන්න ලැජ්ජාවක් නැද්දැයි ප්‍රශ්න කරන බවත් ජනතාවට බරක් නොවී කරුණාකර ඔය සුපිරි නිවෙස් වලින් යන්නැයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරුන්ගේ ඉල්ලා සිටින බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතාගේ මහ මන්දිරය වෙනුවෙන් පෙනී සිටින අයට වගේම ඒ නිවසේ සිටින අයටද ලැජ්ජාවක් නැති බව පැවසු අමාත්‍යවරයා උස මහත දරුවන් තිදෙනෙකුට තමන්ගේ අම්මා තාත්තා රැක බලා ගැනීමට හැකියාවක් තිබිය යුතු බවද ප්‍රකාශ කළේය.

නාවික හමුදාවේ දරුවකු සේම හඳට රොකට් යවන දරුවකුද සිටින බව ඔහු පෙන්වා දුන්නේය.

හිටපු ජනාධිපති මේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නිවස තවමත් තක්සේරු කර නොමැති බවත් ලන්ඩන් ගොස් පැමිණි පසු ඊට අවස්ථාව දෙන බව ඇය ප්‍රකාශ කර ඇති බවත් නලින්ද ජයතිස්ස මහතා පැවසීය



අදහස් (19)

’ජනතාවට බරක් නොවි සුපිරි නිවාසවලින් යන්න’

Perera Friday, 24 January 2025 10:55 AM

මුන් පරපෝෂිතයෝ, කිනිත්තුල්ලෝ, මැක්කෝ ටික්කෝ

:       161       68

Ajith Kumara Friday, 24 January 2025 11:31 AM

අලුත් ආණ්ඩු ඉගෙන ගතයුතුයි සතුරෙකුගෙන් වුණත් වැඩ ගන්නනා ආකාරය ... 2015 ජන 08 බලය අතහැර ගිය විටත් පාන්දර බලයේ බලයෙන් ඉන්න හැදුවා කියා උබලා බොරු කුමන්ත්‍රණයක් .. මඩ පාරක් දැම්මා අමතකද ?

:       55       127

බකල ජයා Friday, 24 January 2025 12:00 PM

අර රොකට් කතාව මරු ඈ. එහෙනුත් ඉඩම්, අයිතිකාරයෝ නැති ගෙවල්, මැණික් මලු හම්බ උනාද කියලා හොයන්න ඕන.

:       101       82

Nalin Wanisekara Friday, 24 January 2025 12:11 PM

රට බංකලොත් කළා මදිවට තව අපේ සල්ලිවලින් නඩත්තු වෙන්න දෙන්න ඕනෙද? මේ දූශිතයින්ට වහාම මුන්ව එලවන්න ඕනේ. නැත්තම් ඒ මුදල අයකර ගන්න ඕනේ.

:       83       59

Duplicate Ralahami Friday, 24 January 2025 12:18 PM

ගැලරිය පිනවන්න වහසි බස් පුරසාරම් දොඩවනවා වෙනුවට නිතියට අනුකුලව හ්හැසිරෙන්න ක්‍රියා කරන්න ඔහු නිවස දුන්නෙ රජයෙන් නම් එය නැවත ලබා ගැනිමට පලමුව ලිකිතව දැනුම් දෙනවා වෙනුවට අරව්87/88/89 කාලෙ සෙල්ලම් කතා කිමෙන් ගොබ්බ චරිතයක් නොවන්න

:       64       123

ජිල්බු Friday, 24 January 2025 01:05 PM

නීතියට අනුකූලව කලොත් ඔය ගේ තව අවුරුදු පනහකින් හැටකින් ගන්න පුළුවන් වෙනවා වෙනවාමයි.

:       50       48

SurainFriday, 24 January 2025 02:24 PM

ඔයා කියන විදියට මෙකට නීතිය නෙමෙයිද ක්‍රියත්මක වෙන්න ඕනෙ. 88/89 බස් ගොඩනැගිලි ගිනිතියපු භීෂණ තුන්ඩු කැලි වලින් ජනතාවට අපා දුක්දුන්න වැඩ පිලිවෙලද අනුගමනය කරන්න ඕන

:       65       32

ජිල්බු Friday, 24 January 2025 06:36 PM

Surain, මම කියලා තියෙන්නේ ලංකාවේ ගෙවල්, ඉඩම් නඩුවකට සාමාන්‍යයෙන් යන කාලය. මම නීතියට පිටින් ක්‍රියාත්මක වෙන්න කියලා නෑ. ආයෙත් කියවන්න. ආයෙ ආයෙත් කියවන්න. ගුඩ් ලක් විත් යෝ රීඩින්(ග්):

:       36       15

කිරු Friday, 24 January 2025 12:45 PM

හැබෑ දුක හඳුනන නායකයකු නම් රටේ දුප්පත් මිනිස්සුන්ට බරක් වෙලා ඒ මිනිසුන්ගේ මුදල් වලින් ජීවත් වෙන්න හදන්නෙ නෑ. ඔය සුපිරි නිවාස ආයෝජන බවට පත් කලොත් එයින් කිහිප දෙනෙකුගේ හරි රටේ දුප්පත් මිනිසුන්ගේ බඩගින්න නිවන්න පුලුවං. මේක දුප්පත් රටක්, නැගිටින්න දඟලන රටක්

:       69       43

නිශාන්ත ගනේවත්ත Saturday, 25 January 2025 08:18 AM

මිනිස්සු දුප්පත් වෙන්නේ කම්මැලි නිසා. ඉදිරියට යන්න උවමනාව නැති නිසා. මේ රටේ දියුණුවෙන්න බැරි නම් ලොවෙත් බෑ. අවශ්‍ය උනන්දුව විතරයි.

:       0       1

කිරු Friday, 24 January 2025 12:48 PM

උපරිම උත්සහ කලා බැරි නිසා ඉතිං ඊට වඩා මොනව කරන්නද?

:       3       29

ගුණරත්න Friday, 24 January 2025 12:58 PM

ඔතන කිසිම නීති විරෝධී දෙයක් වෙලා නැහැ, විශ්‍රාමික ජනාධිපති කියන්නේ රටේ හිටපු රාජ්‍ය නායකයා, එහෙම තැනැත්තෙක්ට ඉඳපු තනතුරේ තත්වයට ගැලපෙන සුදුසු වැදගත් නිවාසයක් රජයෙන් දෙන්න ඕන. එහෙම දුන්නු නිවාස වල ඔය හිටපු නායකයෝ පදිංචි වෙලා ඉන්නවා. ඉතින් මොකක්ද මේ දේහි ඇති වැරැද්ද? වර්තමාන පනතට 100% අනුකූලයි, අවශ්‍ය නම් ඕක වෙනස් කරලා ඒ නායකයන් එතනින් ඉවත් කරන්න පුළුවන්. ප්‍රශ්නය මේක ලංකාවේ තියෙන බැරෑරුම්ම ප්‍රශ්නයද? අනිත් හැම ප්‍රශ්නයක්ම විසඳලා ඉවරයිද?

:       49       124

රටවැසියෙක් Friday, 24 January 2025 01:18 PM

මෙතුමාත් අර අර්ජුන් වෛද්‍ය තුමාගේ උපාධිය ද අරගෙන තියෙන්නේ. ඔබතුමා රජයේ වැදගත් තනතුරක් දරන්නේ. වැඩක් කරනකොට, කියනකොට පිළිවෙලක් තියෙන්න ඕනේ. ඔබතුමාලට ඡන්දෙ දුන්නේ මිනිස්සු ඔයවගේ හැසිරීමක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. මිනිස්සුන්ගේ, සමාජයේ පිරිහීම දැන් ගොඩක් වැඩිවෙලා. පාසල්වල සිසුන් විදුහල්පතිට ගහන්න යන තත්වෙට දැන් පහලටම පිරිහිලා. ඔබතුමාලාගේ හැසිරීමත් අන්තිමයි. ඔය කවුරු වුණත් රටේ හිටපු ජනාධිපතිවරු වැරැදී තියෙන්න පුළුවන් කාගේත්. නමුත් හිඟන්නන්ට වාගේ කතා කරන්න එපා. රටේ නීතියක් තියෙනවා. ඒ අනුව ක්‍රියාකරන්න. හන්දිගානේ, පාරවල් ගානේ ඕවා කියවන්න ඕනේ නෑ. දැන් ගැලරියේ ගවයෝ අඩුයි ඔයවගේ කතාවලට හුරේ දාන්න. විභාග විතරක් පාස් වෙන්න තියෙන අධ්‍යාපන ක්‍රමයේ වරද තමයි මේ.

:       48       90

ජගත් ලියනගේ Friday, 24 January 2025 02:19 PM

මහින්ද! ඔයාට ලැජ්ජාව කියන එක ගෑවිලාවත් නැත්ද?

:       80       38

69 ලක්ෂය Friday, 24 January 2025 02:25 PM

මේකත් හරියට පිනෑන්ස් කාරයො ලක්ෂ 5 ත්‍රීවිල් රථ ලක්ෂ 15 ට තක්සේරු කරල ලීසින් දීලා නිසා උන් බේරගන්න වාහන import tax වැඩිකරන්න ආන්ඩුව තීරණය කලා වගේ වැඩක් . නිල නිවසෙ තක්සේරු ව කොම්පැනිවලට දීමට ජනතාවගෙ ආදරයට නෙමේ

:       8       64

Nandana Friday, 24 January 2025 07:23 PM

මෙයාගෙත් කට පඩික්කම වගේ...!

:       9       57

අජිත් කුමාර Saturday, 25 January 2025 05:00 AM

පච රෑල බොරුවෙන්මයි ඔක්කොම යන්නේ… යකෝ රටක ආර්තිකය හදනවා මිසක් ඔට ගෙයක් දෙකක් නිසා ජනතාවට සෙතක් වෙනවාද…? තොපේ හීනමානය සහ වයිරී දේශපාලනය (මිනී මරපු අයනේ) නිසා අපේ මහින්ද මහත්තයාට අද යාලුවෝ LTTE ඩයස්පෝරා ඔවුන්ගෙන් තිබෙන තර්ජනය කිසි ගානක් නෑ… සත්තු… පච රැල… අහ අහ මව්බිම නැතිනම් මරණය කරපු හැත්තක්නේ...

:       0       4

Sediris Saturday, 25 January 2025 07:58 AM

ආයේ ජීවිතේට රටක යුද්ධයක් ඇති වුනොත්, ඒක ඉවරවෙනවට හීන දකින්න එපා. මොකද කිසිම නායකයෙක් ආපහු රටක යුද්ධ නතර කරන එකක් නෑ. මොකද යුද්ධය ඉවර කරාට පස්සේ තමන්ටත් තමන්ගේ පවුලටත් කිසිම ආරක්ශාවක් නැති බව දන්නා නිසා. කොහොම හරි කොටි ත්‍රස්තවාදීන්ගේ අරමුණු ඉ‍ටු වුණා. පාතාල මර්ධනයත් වෙන්නේ නෑ.

:       0       4

Asanga Sunday, 26 January 2025 09:51 AM

මොවුන්ගේ කුහක ඊර්ෂ්‍යාව...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ලසන්ත ඝාතනය ගැන නීතිපති මතය අධ්‍යනයට
2025 පෙබරවාරි මස 05 206 0

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය


USAID සේවකයන්ට අනිවාර්ය නිවාඩු
2025 පෙබරවාරි මස 05 6 0

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රී ලංකා කාර්යාලයට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබූ සේවකයන් හෙට (07) රාත්‍රී 11.59 සිට පඩි සහිත අන


ගම් - නගර එකට සංවර්ධනය කරන්න ව්‍යාපෘතියක්
2025 පෙබරවාරි මස 05 175 0

ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුකර උණෙන් ඌරන් 1600ක් මැරිලා
2025 පෙබරවාරි මස 05 157 0

රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ


බදුල්ල නගරය ආශ්‍රිත වැසියන්ට මුඛ ආවරණ පළදින්න උපදෙස්
2025 පෙබරවාරි මස 05 352 1

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


රුවන්ඩා මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 05 208 2

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 769 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site