IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ජනතාව ඡන්දෙ දුන්නේ නව ව්‍යවස්ථාවකටයි - ඇමැති රාජිත

රංජන් කස්තුරි

මේ රටේ ලක්ෂ 62ක ජනතාවක් ආණ්ඩුවට ජනවරමක් ලබා දී ඇත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මතර කර ගැනීමට යැයි ද, ඒ සඳහා විවිධ සංවිධානවලට බලපෑම් කළ නොහැකි යැයි ද කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තවමත් අවසන් ලියවිල්ලක් ලෙස සකස් කොට නැති බව ද, එවැන්නක් සකස් කළ පසුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මත කොට පසුව ජනම විචාරණයක් පවත්වන බව ද රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

 ජනමත විචාරණයේදී නව ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කිරීම හෝ පිළිගැනීම හෝ ජනතාව තීන්දු කරනු ඇතැයි ද ජනතාවගේ තීන්දුව ආණ්ඩුව පිළිගන්නා බව ද ඔහු කීවේය.

ජනමත විචාරණයක දී ඕනෑම සංවිධානයකට පාර්ශ්වයකට ජනතාවට කරුණු තේරුම් කර දීමේ අවස්ථාව තිබෙන බව ද ඇමැතිවරයා පැවසීය.



අදහස් (71)

ජනතාව ඡන්දෙ දුන්නේ නව ව්‍යවස්ථාවකටයි - ඇමැති රාජිත

බණ්ඩාර (කැකිරාව) Wednesday, 05 July 2017 10:36 AM

එදා ආණ්ඩුවට ජනවරම ලබාදුන් අපේ රටේ ලක්ෂ 62ක ජනතාවෙන් අද දින ඔබේ ආණ්ඩුවට සහය දෙන්නේ ලක්ෂ 10ටත් වඩා අඩු පිරිසකි. එතරම්ම යහපාලන ආණ්ඩුව ජනතාවට ද්‍රෝහිවෙලා. ජනමත විචාරණයක් තිබ්බොත් ඔබලාට දෙවියගේම පිහිටයි.

:       1674       7225

sisira Paris Wednesday, 05 July 2017 10:40 AM

ජනමත විචාරයෙන් පැරදුණොත් රජය විසුරවා හැරිය යුතුයි.

:       8       6410

shan saudi Wednesday, 05 July 2017 10:50 AM

මෙයට සයිටම් එක නීති විරෝධී විදිහට පවත්වාගන යන්න පුළුවන්.. රටට, ජාතියට, ආගමට හානිවන පරිදි කරන්න යන නව ව්‍යවස්ථාව නවත්වන්න බෑ. අපි ඡන්දේ දුන්නේ ඕනේ ඕනේ විදිහට පනත් ව්‍යවස්ථාව ඇති කරලා රට විනාශ කරන්න නෙවේ.

:       131       546

nuwan Wednesday, 05 July 2017 10:52 AM

ඔය වෙනස ඕන වෙලා තියෙන්නේ සුළුතර අයට විතරයි. ඒ ගොල්ලන්ගේ ඡන්දේ ගන්න රට විනාශ මුඛයට අරගෙන යනවා !!!

:       54       747

radhika Wednesday, 05 July 2017 10:55 AM

අපි නම් ඡන්දෙ දුන්නේ කලින් ආණ්ඩුව ගෙදර යවන්නයි ... වෙන මොකටවත් නෙවෙයි.

:       738       841

මහින්ද Wednesday, 05 July 2017 11:12 AM

රටෙිි බහුතර මහජන කැමත්ත අනුවයි, රටෙිි ව්‍යවස්ථාවට අනුකූලවයි නිවැරදි තීන්දු තීරණ ගත යුත්තේ පාර්ලිමේන්තුවයි...

:       322       388

මහින්ද Wednesday, 05 July 2017 11:13 AM

තීන්දු තීරණ ගන්නේ පාර්ලිමේන්තුවයි. ඒ රටේ බහුතර මහජන කැමත්ත අනුවයි. රටෙිි ව්‍යවස්ථාවට අනුකූලවයි. සංඝ සමාජයකට කොහෙත්ම අයිතියක් නැහැ....ව්‍යවස්ථාවට පටහැනිව තීන්දු ගන්න රජයට බල කරන්න. දැන් පේනවා අස්ගිරි පාර්ශවය ඉන්නේ කොහේද කියලා... ?

:       11230       3741

ගිහාන්Wednesday, 05 July 2017 01:36 PM

අස්ගිරි පාර්ශවය ඉන්නේ අස්ගිරි විහාරයේ. ඒක ඔබතුමා දැන්ද දැක්කේ? පාර්ලිමේන්තුව මහජන කැමැත්තට අනුවද හැමදාම තීන්දු ගත්තේ? අපිට තියෙන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක්. ඒ කියන්නේ මහජන කැමැත්තට අනුව වෙන එකම එක දේ ඒ පාර්ලිමේන්තුව හෝ පලාත් හෝ ප්‍රාදේශීය පාලන ආයතනයට යන්න ඕන පුද්ගලයින් ටික ‍තෝරාගැනීම පමණයි. එදා 18 වෙනි සංශෝධනයෙන් ඕනෑම වාර ගානක් ජනාධිපති වෙන්න පුළුවන් තීන්දුව ගෙනාවෙ මහජන කැමැත්තට අනුවද?

:       183       727

samaradhiwakaraWednesday, 05 July 2017 01:41 PM

ප්‍රතිචාර දාන අය ඇයි මේ වගේ ප්‍රතිචාරම දාන්නේ.... ?

:       172       50

රොමේෂ් Wednesday, 05 July 2017 01:42 PM

මේ පාර්ලිමේන්තුවේ කොහෙද රටේ බහුතර මතය ප්‍රකාශ වෙන්නේ? මේක එහෙන් පිටින්ම අච්චාරුවක් නේ. ජනතාව ප්‍රතික්ෂේප කරපු කීදෙනෙක් ඉන්නවද ඇමතිකම් කරන. පසුගිය මැතිවරණයේ තිබුණු එකම පොදු සාධකය තමයි "හොරු අල්ලනු, දඬුවම් කරනු" කියන එක... මේ ආණ්ඩුව කරන්න ඕන දේ නෙමෙයි කරන්නේ. පරණ කට්ටිය කරගෙන ආව දෙයක් අලුත් විදිහකට කරගෙන යන එකයි කරන්නේ...

:       6       441

indikaThursday, 06 July 2017 03:19 AM

සොබිත හාමුදුරුවෝ පහුගිය ආණ්ඩුව පෙරලන්න මහන්සි වෙනකොට ඒවා හොඳයි, දැන් තමයි නරක. අනිත් එක මේක තුන් නිකායම එකතුවෙලා ගත්ත තීරණයක්. ඉස්සර ඉඳන්ම රට ජාතිය වෙනුවෙන් පෙනිහිටියේ භික්ෂුන් වහන්සේලා තමයි. නැතුව කුහක දේශපාලකයෝ නෙවේ. පුළුවන් නම් චන්දයක් තියල පෙන්නන්න ඔය කියන 62 තියෙන්නේ කොහෙද කියල.

:       0       337

රජින්ද Wednesday, 05 July 2017 11:17 AM

දැන් එතකොට කළුතර ජනතාව මෙයාව පාර්ලිමේන්තු එවන්න තරම් අනුවණ වුණා කියලා ඒකට මුළු රටම වගකියන්න ඕනෙයි කියන එකද මේ කියන්නේ? ජනපතිතුමාටත් වඩා ඉහලින් කතා කරන්නේ කොහොමද?

:       245       1035

SamithaWednesday, 05 July 2017 01:18 PM

කළුතර මන්ත්‍රී නෙමෙයි බේරුවල මන්ත්‍රී. දිනුවේ බේරුවල ඡන්ද ටිකෙන්.

:       22       344

indikaThursday, 06 July 2017 03:21 AM

බේරුවල සුළු ජාතික චන්ද වලින්!

:       190       180

කළුතරThursday, 06 July 2017 03:46 AM

දිස්ත්‍රික්කයෙ ඡන්දබල ප්‍රදේශ 7ක් තියෙනව, මේ 7න් (බේරුවල හැර ) අනිත් 6යේම මනාපා ගනන් කරල ඉවරවෙනකොට මේයාට මනාප 15,000 කටත් අඩුගානක් තමයි තිබිල තියෙන්නෙ ලිස්ට් එකේ අන්තිමයට 2ක් උඩින්, බේරුවල ගනන් කරල ඉවරවෙනකොට මෙයා ලිස්ට් එකේ උඩට ඇවිල්ල ඒ කියන්නෙ බේරුවලින් 80%ක්ම මෙයාට තමයි මනාප තුනම ගහල තියෙන්නෙ.

:       41       194

Pahan Wednesday, 05 July 2017 11:45 AM

එතකොට ඇමතිතුමනි, ජනතාව ඡන්දේ දුන්න අනිත් කාරණා ඔක්කොම සම්පූර්ණද? අර හොරු අල්ලන එක එහෙම. ඊයේ අර නැගෙනහිර ආණ්ඩුකාරකමට පත් වුන පුද්ගලයා ඇමතිවරයෙක් වෙලා ඉන්න කාලෙ ආණ්ඩුවේ සල්ලිවලින් දුවගෙ උපන්දින සාද ගත්තා. ඒවා ඔක්කොම ආපහු ගෙව්වද? අවසර ආයිබෝං තරහ ගන්ට කාරියක් නෑ. දන්නේ නැති හින්දයි අහන්නේ...

:       1       496

Danushka Wednesday, 05 July 2017 11:57 AM

මිනිස්සු ඡන්දෙ දුන්නේ නව ව්‍යවස්ථාවකට නෙමෙයි. දැන් හොරු වැඩියෙන්ම ඉන්නේ ආණ්ඩුවේ වගෙයි.

:       184       934

lalith Wednesday, 05 July 2017 12:17 PM

එ්කට විතරක් නෙමෙයි. තව ගොඩක් දේවල් වලට... නමුත් අනික් සේරම වැඩ අතගගා රටේ ආර්ථිකය වලපල්ලට යවලා, ව්‍යවස්ථාව විතරක් වෙනස් කරලා, ජනාධිපති බලතල පාර්ලිමේන්තුවට ගේනවා කියලා ජනතාව රවටා අගමැතිට රටේ සියලුම ව්‍යවස්ථාදායක බලතල අගමැතිට පවරන ව්‍යවස්ථාවක් ගෙනෙන්න යන්නේ මොකටද?

:       55       322

sarath Wednesday, 05 July 2017 12:45 PM

මම ඡන්දෙ දුන්නේ මෛත්‍රිපාල මහත්තයාට... නැතුව අළුත් ව්‍යවස්ථාවකට නෙමෙයි.

:       141       234

ONE SRILANKAN Wednesday, 05 July 2017 12:46 PM

තවත් රට වනසන අවුලක් පුලුවන්නම් හදන්න... ඔය මහත්වරුන්ට ඡන්දේ දුන් අපට ප්‍රශ්නයක් මේක....

:       44       127

ajit Wednesday, 05 July 2017 12:50 PM

ජනතාව ඡන්දය දුන්නේ නව නීති හදන්න නෙමෙයි. මහලොකුවට කියපු හොරු ටික අල්ලන්න. කෝ හොරු දැන්.... ? ඒවා මතක නෑ. මේක ජනතාවගේ අවාසනාව තමයි.

:       54       173

මහකන්දේ විජිතසිරි හිමි Wednesday, 05 July 2017 01:02 PM

ජනතාවට කවද්ද මැතිවරණයට පෙර කීවේ අළුත් ව්‍යවස්ථාවක් ගේන බව මේ යහපාලන ආණ්ඩුව.... කිවුවේ විධායක ජනාධිපතිකම අහෝසි කරන බව පමණි. රාජිත මැතිතුමා හා පුතා ගැන රටේ ජනතාව හොඳින් දන්නවා...

:       77       296

කමල් ජයවීරWednesday, 05 July 2017 01:59 PM

ඒත් ඇත්තටම මිනිස්සු ඡන්දේ දුන්නේ ඒ කියපු විධායකේ අහෝසි කරන්න නෙමෙයි හාමුදුරුවනේ. දළඳා මාලිගාව වහල රේස් පැදපුව, පවුල් පාලනේ වියරුව, හොරකම්, වංචා, මේ වගේම අපේ හාමුදුරුවො විරුද්ධවුනු කැසිනෝ සූදුව, රතුපස්වල වෙඩි තැබීම, විල්පත්තු වන විනාශය, ශ්‍රී පාදස්ථානයේ ඉඩම් මංකොල්ලය, ජාතික රූපවාහිනියට කඩා වැදීම, නාය යෑම, ගස් බැඳීම වගේ හොඳටම පේන්න තිබුනු පාලනයක් නවත්තන්න. ඒත් දැන් පන්සලේ පිංකැටේ ආණ්ඩුවෙන් කඩනවා. ඒ මදිවට හොර, මැර, වංචා, දූශණ කලින්ට වඩා අති විශාල මට්ටමෙන් තමයි වෙන්නේ.

:       178       628

මහින්ද Wednesday, 05 July 2017 01:09 PM

සංඝ සමාජයකට කොහෙත්ම අයිතියක් නැහැ....ව්‍යවස්ථාවට පටහැනිව තීන්දු ගන්න රජයට බල කරන්න. ඒක තමයි ඇත්ත...

:       1209       368

SWAMINATHWednesday, 05 July 2017 05:13 PM

ශ්‍රී ලංකා ඉතිහාසය කියවන්න. කවදත් රට බේරගන්න ඉදිරිපත් වුනේ මහා සංඝරත්නය. ඔය "මහින්ද" කියන මහත්මයා මුල ඉඳලා ඉස්කෝලේ ගිහින් ඉතිහාසය ඉගෙනගන්න.

:       0       79

perera Wednesday, 05 July 2017 01:10 PM

මේ වගේ ව්‍යවස්ථාවකට කවුරුත් ඡන්දේ දුන්නේ නෑ.....

:       165       249

upali Wednesday, 05 July 2017 01:15 PM

මෙම අවස්ථාවේ ව්‍යවස්ථාව වෙනස් කිරීමේ අවශතාවයක් ජනතාවට නැහැ.. කුණු, ඩෙංගු, උමාඔය, සයිටම්, ගංවතුර, නායයාම්, බඩගින්න ඕව තමයි ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්න..තව ඕන තරම් තියෙනවා. ඔබතුමාගේ පෞද්ගලික මතයට ජනතාව ගාවගන්න එපා.. මහනාහිමි වරුන්ගේ වචනයට ඉහලින් යන්න හිතන්න එපා මේ බෞද්ධ රටේ..

:       412       2268

himalThursday, 06 July 2017 03:22 AM

ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ඕන, ජාතික ප්‍රතිපත්ති හදන්න ඕන, දීර්ඝ කාලීන ප්‍රතිපත්ති හදන්න ඕන කියලා තැන් තැන් වල කියවනවා, ඒත් හදන්න හැදුවාම එදා වේල දුවවන්න කතා කරනවා. ඕකට කියන්නේ එදා වේල ‍ටුවර්ස් කියලා. ඕකෙන් රටකට වැඩක් නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ රටේ මූලික නීතිය. ඒක කාලීනව වෙනස් නොකර ඉදිරියට යන්න බෑ. ඒක පිළිගන්නවද නැද්ද කියන එක මහජනතාව ජනමත විචාරණයකදී කරන දෙයක්.

:       12       208

ජි නන්දන Wednesday, 05 July 2017 01:20 PM

බහුතරයක් මිනිස්සුන්ට ව්‍යවස්ථාවක් ගැන අවබොධයක් තිබුනේ නෑ. පැවතුණු පාලනයට වඩා හොඳ පාලනයක් වෙනසක් ඇති කරන්නයි ඡන්දේ දුන්නේ... පමණට වඩා කථා කරනවා විතරයි.

:       82       120

රසික Wednesday, 05 July 2017 01:30 PM

මේ ආණ්ඩුව මැතිවරණවලට ආවෙම අලුත් ව්‍යවස්ථාවක් ගේනවයි කියලයි. රටේ ජනතාවත් ඒක අනුමත කළා. ඒක දැන් දශක කිහිපයක ඉඳන් තියෙන අවශ්‍යතාවයක්. කොහොමද ඒක එපා කියන්නේ?. අලුත් ව්‍යවස්ථාවේ හොඳ නැති දේවල් තියෙනවා නම් වෙනස් කරගත යුතුයි.

:       592       166

INDIKAThursday, 06 July 2017 03:24 AM

දහයක් දේවල් කිව්වම ඒ දහයටම කැමති අයම නෙවේ චන්දෙ දෙන්නේ. තමන් කැමති එකක් හෝ දෙකක් තිබුනත් චන්දෙ දෙන්න පුළුවන්. මෝඩ තර්ක දාන එපා!

:       135       187

Gihan Wednesday, 05 July 2017 01:49 PM

ඔබලා පැහැදිලිවම කිව්වා ව්‍යවස්ථා වෙනසකට යන්නේ නෑ කියලා. ඒක ජනාධිපතිවරණයේදිත් කිව්වා, මහමැතිවරණයේදිත් කිව්වා. ඒවගේ වීඩියෝත් තියෙනවා.

:       0       260

Danushka Wednesday, 05 July 2017 01:58 PM

මේ වගේ දේශපාලකයෝ වැඩක් නැහැ. රටට මාධ්‍ය ප්‍රකාශකයෝ තුන්දෙනෙක් ඉන්නවා. මේ ආණ්ඩුවේ තුන්දෙනා කියන්නේ කතා තුනක් මිනිස්සු හිනස්සන ආණ්ඩුවක්.... රටකට ගිය කලක්!!!

:       52       244

mangala welarathna Wednesday, 05 July 2017 02:05 PM

මේකට ලියනවිට කාටත් යමක් ඉගෙන ගන්න පුළුවන් දෙයක් ලියනවා නම් හොඳයි...

:       0       106

mangala welarathna Wednesday, 05 July 2017 02:12 PM

රාජපක්ෂ මහතාගේ පාලනකාලේ දළදා මාලිගාව අසල රේස් පදිනකොට මහනායක හාමුදුරුවරු රට පාලනයට මැදිහත් වූයේ නැහැ. බුදුරජාණන් වහන්සේ කිසිම රාජ්‍ය පාලනයකට බලපෑම් කළේ නැහැ.

:       647       179

INDIKAThursday, 06 July 2017 03:28 AM

එකට හේතුව තමයි රාජිතල වගේ තමන්ගේ රට ජාතිය ආගම ගරහන පුද්ගලික වෛරය වපුරන දේශපාලකයෝ හිටියේ නැහැ. හිටියේ ලිච්චවී වගේ රජවරු . (දැන් ඉන්න ලිච්චවී වගේ අය නෙවේ!)

:       157       8

mangala Wednesday, 05 July 2017 02:25 PM

ඔබතුමාට වැරදිලා. මම ඡන්දේ දුන්නේ හොර වැඩ නැතිකරලා සාධාරණ සමාජයක් හදයි කියලයි. නැතුව ව්‍යවස්ථාවක් හදල ප්‍රශ්න වැඩිකරගන්න නොවේ. කොහොමත් හාමුදුරුවෝ අතගහපු එක හරියටම හරි. මේ වෙලාවේවත් බුද්ධ පුත්‍රයන් ඉදිරියට එන්න ඕනේ. අපි දන්නවා මේ ආණ්ඩුවට ඕනේ ඡන්ද වැඩිකරගන්න මිසක් රට හදන්න නොවන බව....

:       141       1222

minipe Wednesday, 05 July 2017 03:02 PM

ව්‍යවස්ථාව වෙනස් කළොත් හෝ නොකොළොත් වෙන අලාභ හානි අපට පෙන්වා දීම කාගේත් යුතුකමයි. නිකම් වචන තිබුණට ලියන්නවත්, කියවන්නවත් එපා. කරුණු කාරණාවන් පෙන්වා ඔප්පු කරන්න.

:       87       128

Nuwan Wednesday, 05 July 2017 03:32 PM

කාලය අවසන් වෙනකොට ඔයවගේ දේවලුත් කියනවා. මේ වැඩ බැරි ආණ්ඩුව නිසා අපරාදේ මේ කාලය ඉස්සරහට යන්න තිබුණ අවස්ථාව ගිලිහී යාමක්.. දැන් තිබ්බ ටිකත් නැහැ.. මාර වෙනසක්...

:       323       552

kumaa Wednesday, 05 July 2017 04:13 PM

මේ අය වෙනස් වුණොත් නම් රටට හොඳයි වගේ ?

:       0       135

Lakvidu Wednesday, 05 July 2017 04:16 PM

දැන්නම් මේ රටේ ජනතාව ඉන්නේ ඊළඟ ඡන්දේ එනකම්..., කරපු වැරැදි නිවැරැදි කරගන්න.

:       37       179

Reks Wednesday, 05 July 2017 04:24 PM

හරිහමන් විදිහට කතාකරගන්නවත් දන්නේ නැහැනේ... ඒ අය හින්දා අපි ජීවත්වෙනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ...

:       36       48

SL Wednesday, 05 July 2017 04:51 PM

ඉස්සෙල්ලාම ව්‍යවස්ථාව වෙනස් නොකර කරන්න පුළුවන් පොරොන්දු ඉටුකරන්න. ඇමති මණ්ඩලය 25ට අඩු කිරීම, මහජන මුදල් වංචාකල අයට නඩු පැවරීම වගේ. ඊට පස්සේ ව්‍යවස්ථාව ගැන බලමු!

:       0       54

Chandana Wednesday, 05 July 2017 05:16 PM

එයාලත් එකයි ...............මෙයාලත් එකයි.......හැමදාම අපි පරාදයි

:       0       0

lalith Wednesday, 05 July 2017 05:49 PM

වෙවුල වෙවුල මොන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාද හලෝ? අර විජේතුංග මහත්තය කළා වගේ කිරි හරකෙක් හදාගෙන අන්තිම කාලෙ විවේකයෙන් ඉන්න බලන්න?

:       0       8

Sinha priyantha wijerathna Wednesday, 05 July 2017 06:35 PM

ඇමති තුමනි ඔබ තුමාට වැරදිලා .කව්රුත් ව්‍යවස්ථාව වෙනස් කරන්න චන්දය දුන්නේ නැහැ .ආත්ම ගනනක් පසුතැවෙන්න වෙන තීරණ ගන්න එපා .කරුණාකර ඔබ රට වෙනුවෙන් තීරණ ගන්න .

:       0       0

දයාරත්නායක Wednesday, 05 July 2017 06:57 PM

සහතික අැත්ත. මැතිවරණයේදී දුන් පොරොන්දු ටික ඉටුකරණු.මේ රජය මහින්දට තියා මහින්දගේ පරම්පරා හතක් ගෙනාවත් හොලවනු බැහැ.

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 05 July 2017 07:34 PM

ජනතාව චන්දෙ දුන්නේ හොරු එළවන්නයි. ඒක නම් අකුරටම කෙරුනා.

:       10       0

siri Wednesday, 05 July 2017 08:11 PM

මෙවැනි කතාවලට ජනතාව නිසි පිළිතුරු දේවී !!! ඉදිරි මැතිවරණයකදී....

:       0       28

Asanka Wednesday, 05 July 2017 09:53 PM

රටේ මිනිස්සු ඡන්දෙ දුන්නේ නව ව්‍යවස්ථාවකටය නොවෙයි, එක හොදට ඔහේ මතක තියාගන්න.

:       76       134

one srilankan Wednesday, 05 July 2017 11:58 PM

දත් දොස්තර මහත්තයෝ පොරොන්දු උන පරිදි හොරුඅල්ලන්නකෝ ඔය වගේම ,,,රටේ ජනාදිපති වරු කීදෙනෙක් ඉන්නවද ,,,අපි හිටියේ මෛත්‍රී මහත්තය විතරි කියල ,,,,ජනාදිපති අරමුදලින් කෝටියකට අධික මුදලක් ඔබතුම ලබගත්තළු එකත් මැතිවරණ පොරොන්දුවක්ද,,,,නමුත් සාමාන්‍ය මිනිහෙකුට,,,කීයද දෙන්නේ,,,වැඩි බන නොකිඅ ,,,ඉන්න සියල්ල දත්

:       46       77

Subhash Thursday, 06 July 2017 12:43 AM

ඒ කියන්නේ වාරියපොළ ශ්‍රී සුමංගල හිමි, කඩහපොල හිමි සහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් වැනි අයත් වැරදියි කියල නේද. කොන්ඩදෙනියේ හාමුදුරුවෝ හිටියනම් හොඳයි කියල හිතෙන්නේ මේ වෙලාවට තමයි.

:       109       155

atiya Thursday, 06 July 2017 01:58 AM

අපි අපේ රටට ආදරේ නම් රටේ ජීවත්වෙන ඕනෙම පුරවැසියෙකුට සමාන අයිතිවාසිකම් ලැබෙන ව්‍යවස්ථවක් ඉක්මනින් ගෙන යුතුයි. එකට ආගම ගාව ගන්න එපා. ආගම ජාතියෙන් වෙන් කර පුද්ගල අධ්‍යාත්මික දියුණුව සදහා පමණක් යොදා ගන්න. බුදු හාමුදුරුවෝ කිව්වේ හැමෝටම සමාන අයිතිවාසිකම් දෙන්න කියල අවුරුදු 1600 කට කලින්. එ්ක අපිට දහම් උගන්වන හාමුදුරුවරු නොදන්න එක ගැන මම බුද්ධ ධර්මය පිළිපදින පුද්ගලික ලෙස අතිශය කම්පා වෙමි.

:       695       304

LakmalThursday, 06 July 2017 03:39 AM

මහත්තයෝ මෙතන කව්රුවත් කියල නෑ කිසි කෙනෙකුගේ ඓතිවාසිකම් දෙන්න එපා කියල. කියන්නේ නැති ප්‍රශ්න ඇති කරන්න එපා කියල. ඔයා කියන්නකෝ දැන් තියන ව්‍යවස්තාවෙන් කාටද සමාන අයිතිවාසිකම් දීල නැත්තේ කියල. අනිත් එක අපි දන්නා තරමින් බුදුන් වහන්සේ මීට අවුරුදු 2550 කට කලින් පිරිනිවන් පෑවා. ඊට පස්සේ මොකුත් දීෂණ කලේ නෑ.

:       101       537

wedage Thursday, 06 July 2017 03:22 AM

ඔබතුමාලගේ චන්ද කල් දැමිමෙන්ම පේනවා මහජනතාව චන්දය දුන්නේ මේ වගේ පිස්සු කෙලින්න නොවේ කියල

:       124       575

දිලුම් Thursday, 06 July 2017 03:42 AM

මේ වගේ මිනිසුන් ජනමතය කියන එකේ අර්ථයවත් නොදැන එයාලට ඕන ඕන විදියට ජනමතය නිර්වචනය කරනවා. අපි ජන්දෙ දුන්නේ තොපි කියන එක දේකටවත් නෙමෙයි මිනිසුනේ. අපි ජන්දෙ දුන්නේ තිබුන රටට වඩා හොඳ රටක් නුඔලා හදයි කියල හිතල. අපිට වැරදුනේ එතන කියල දැනුයි අපිට තේරෙන්නේ.

:       101       445

Upul Thursday, 06 July 2017 03:52 AM

2014 වසරේ දිවුරුම් දෙනකොට කියපු ටික කළානම් හොඳයි.

:       0       25

vipula Thursday, 06 July 2017 04:46 AM

රටේ මෙතරම් දැවෙන ප්‍රශ්න තියෙද්දී ආණ්ඩුව ව්‍යවස්ථාව වෙනස් කරනේ ඇයි? මේකෙන් ඩෙංගු ප්‍රශ්නයට, සයිටම් ප්‍රශ්නයට පිළියමක් වෙනවද? තරුණයන්ට නව රැකියා දෙන්න පුළුවන්ද? කුණු ප්‍රශ්නයට මේකෙන් විසඳුමක් තියෙනවද? දිනෙන් දින වැඩිවන උද්දමනය හා රුපියලේ අගය අඩුවීමට මෙමගින් බලපෑමක් කරන්න පුලුවන්ද? ජනමත විචාරණයකට යනවා නම් අපරාදේ සල්ලි අනිවාර්යෙන්ම පරදිනවා. පළමුව කලයුත්තේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට විසදුම් ලබාදෙන එක....

:       114       593

Deepal Nirosh Thursday, 06 July 2017 04:50 AM

මේ ආණ්ඩුව බලයට පත් කරන්න ඡන්දය දුන් හෝ නොදුන් බහුතර ජනතාවක් නව ව්‍යවස්ථාවක් ලබාපොරොත්තු වුණේ නැහැ. අවශ්‍ය වුණේ විධායක ජනාධිපති බලතල සුළු සංශෝධනයක් පමණයි. දැන් ඒකත් ඉටු වී අවසන්. මේ හදන්නේ ලැබූ ජනමතය තමන්ගේ බල මූලික අවශ්‍යතාවයට කොල්ල කන්න. මේ කතාව පැත්තකින් තියල දැන් රට මුහුණ දී ඉන්න ප්‍රධාන ගැටළු විසඳන්න පියවර ගැනීමයි ජාතික අවශ්‍යතාවය.

:       61       352

sudes Thursday, 06 July 2017 04:59 AM

සුළු ජාතීන්ගෙන් ඡන්ද වලින් යැපෙන උදවිය නම් ඔහොම කතා කියනවා.

:       105       643

rajitha Thursday, 06 July 2017 05:08 AM

ඡන්දේ දුන්නේ රට කරන්න මිසක් රට බෙදන්න නෙමෙයි.

:       107       328

samithaThursday, 06 July 2017 07:20 AM

ඔයාලා චන්දය දුන්නේ රට කරන්න වුනාට එයාල හිතුවේ රට කන්න චන්දය දුන්න කියල. මම අද සතුටු වෙනවා කළුතර වෙලත් මෙයාට චන්දය නුදුන්න එක ගැන. අඩු ගානේ මගේ චන්දය ගත්ත යු එන පී මන්ත්‍රී රට කන්නේ නැහැ.

:       0       34

asanga Thursday, 06 July 2017 05:36 AM

ඡන්දයක් තියන්නකෝ අපි පෙන්නන්නම් ඔයගොල්ලන්ගේ දැන් තත්වය...

:       0       18

vipula Thursday, 06 July 2017 05:55 AM

ඔයාල මිනිස්සුන්ට කියල චන්දෙ ගත්ත දෙවල්මද කරන්නේ ..... දුෂණය නවත්තල සංවර්ධනය වේගවත් කරන්නව කිව්ව නිසාත් මිනිස්සු චන්දෙ දුන්න . ... ජීවන බර අඩුකරනවාටත් චන්දෙ දුන්න ... හැබැයි දුෂිත ඇමති මණ්ඩලයක් තියාගන්න , කැබිනට් එක 25 වඩා තියාගන්න ....මහා බැංකුව සිද්දිය වගේ දේවල් වලට මිනිස්සු චන්දෙ දුන්නේ නෑ. (කන්න ඕන වෙනකොට කබරයත් තලගොයා වෙනවා කිව්වලු )

:       0       25

Nuwan Thursday, 06 July 2017 06:01 AM

ලොව දියුණු වූ සියලුම රටවල් ආගම මුල්කරගෙන ජාතික තීන්දු තීරණ ප්‍රතිපත්ති හදල නැහැ , කවුරු බලයට ආවත් ඔවුන්ගේ ජාතික ප්‍රතිපත්ති වෙනස්වෙන්නේ නැහැ , ආගමික නායකයින්ට ඊට බලපෑම් කරන්නත් බැහැ. එහෙම නොවෙන තාක්කල් අපිටත් ගොඩයාමක් නැහැ. මහනායක හිමිවරු අකමැති වෙන හේතු ප්‍රසිද්ද රහසක්. අපට සත්‍ය වශයෙන්ම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දර්ශනය පිළිගන්නවානම් කුලය පදනම් කරගත් නිකායවල් ගණනාවක් තියෙන්න විදියක් නැහැ. විවෘත මනසින් හිතන්න.

:       145       0

Abaran Thursday, 06 July 2017 06:20 AM

වාහන බලපත්‍ර විකුණාගෙන කන්නත් චන්දේ දුන්නේ නැහැ . මතක තබාගන්න

:       0       42

නිමල් ජයසිංහ Thursday, 06 July 2017 06:46 AM

මට නම් හිතෙන්නේ ඔය⁣ කොයි ව්‍යවස්ථාවටත් වඩා වටින්නේ තමුන්ගෙ පක්ෂයේ ඉදල ඊටපසු අනික් පක්ෂයට පනින අය නවත්වාලීමට පනතක් ගෙනල්ලා ඒක සම්මත කරගතයුතුයි. මන්ද මෙයාල වැඩි හරියක් කරන්නේ අනික් පැත්තෙන් කුටියක් කඩාගෙන අනික් පැත්තට පනින එක .පක්ෂයේ වැරැදි ඇතිනම් තමන්ට ඉවත්වීමේ අයිතිය ඇත්තෙමි .නමුත් වාසියට පනින එක වහාම නැවත්විය යුතුය .අනික මේ සියලු දෙනාටම මිල අධික වාහනයක් ලබා දිමත් නතර කලයුතුය.මෙයාල රටෙි ජනතාවට කුමක්ද කරන්නේ .සැප පහසු වාහනයක් දෙන්න

:       0       9

saman Thursday, 06 July 2017 07:09 AM

යහපාලන ආණ්ඩුව දැන් අවුරුදු 2 1/2 තිස්සේ රට ගෙනියනවා විතරයි. වැඩක් වෙනපාටක් නම් නැහැ.

:       6       28

Senarath Thursday, 06 July 2017 07:19 AM

මේ අපේ රටේ ඉන්න ලොකුම වංචනිකයෙක්. පසුගිය ආණ්ඩුවෙන් ගන්න පුළුවන් සේරම අරගෙන අන්තිම මොහෙතේ මේකට පැන්න. මෙයා මේ ආණ්ඩුවට කරන්නෙත් ඒ ටිකම තමා.

:       0       30

tony-maharagama Thursday, 06 July 2017 07:33 AM

රටේ පුරවැසියන් හැටියට සුළු ජාතීන් කෙරෙහිත් සාධාරණ දැක්මක් ඇති රාජිත ඇමතිතුමාගේ නිර්භීතකම ගැන අපි ආඩම්බර වෙනවා. නිදහසෙන් පස්සේ ආණ්ඩු කීයක්නම් ආවද...? ඒ කාටවත් බැරිවුනා කැකෑරෙමින් තිබෙන සුළුජාතීන්ගේ ප්‍රශ්න දිහා සානුකම්පිතව බලා විසඳුමක් ලබාදෙන්න. උත්සාහ කලත්, ජාතිවාදීන් සහ බලයට කෑදර දේශපාලකයන් නිසා ඒ අවස්ථාවන් මගහැරුණා. ප්‍රශ්න තාමත් එදා වගේමයි. ඒ නිසාමයි අපි තාමත් " සංවර්ධනය වෙමින් පවතින රටක් " හැටියට නිදහස ලැබුණු කාලේ ඉඳලම ඉන්නේ. එදා... අපිට වඩා පිටුපසින් සිටි රටවල් අද දියුණුවක් ලබලා. හැබැයි අපි තාමත් ජාති, ආගම් බේධ ඇදගෙන එකතැන පල්වෙලා. දැන්වත් වෙනසක් කල යුතුයි රට ඉදිරියට යන්න නම්... පහුගිය පාලනයට කඩේ යන උදවිය, දළදා මාලිගාව ඉස්සරහා රේස් පදිද්දී, මිනී මරද්දී, මාධ්‍යවලට ගහද්දී, මාධ්‍යවේදීන් අතුරුහන් කරද්දී, සුළු ජාතී ව්‍යාපාරිකයින් උස්සලා කොටි ගණන් කප්පම් ගනිද්දී මහජන මුදල් කොටි ගණන් විනාශ කරද්දී, එකී මෙකී නොකී නීති විරෝධී සහ සමාජ විරෝධී දේවල් කරද්දී..., " අපි කිව්වට අහන්නේ නැහැනේ " කියනව ඇරෙන්න, විරුද්ධව නිවේදන නිකුත් කලේ නැහැ.

:       165       0

samarage Thursday, 06 July 2017 08:07 AM

මේවාට කොහිල කටු ඇනෙනවා ඉවසන්න නම් බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 542 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 1098 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 436 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1485 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 5038 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2308 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 717 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2014 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site