IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


‘ජනතාව පාරට බැස්සේ බලාපොරොත්තු කඩවුණ නිසයි‘ - විජිත හේරත්

‘අද ජනවාරි 08වැනිදා. මේ ආණ්ඩුව වසර දෙකක් සම්පූර්ණ වෙනවා. මේ ආණ්ඩුව පිහිටුවන කොට රටේ ආර්ථිකය, දේශපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් ජනතාවට විශාල පොරොන්දු දුන්නා. නමුත් වසර දෙකක් ගතවනවිට ජනතාව යහපාලනය වෙනුවෙන් තැබූ සියලූ බලාපොරොත්තු සුන් වෙලා. රට ආර්ථික වශයෙන් අගාධයකට වැටිලා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවට ආණ්ඩුවේ මැරකම්, චණ්ඩිකම්, ජනතා මර්දනය ක්‍රියාත්මක කරලා. රටේ සම්පත් කුණුකොල්ලයට විකුණනවා. මහජනතාවට බදු පිට බදු බර පටවන පනත් සංශෝධනය කරගෙන තිබෙනවා. වසර දෙකක් ඇතුළත ජනතාවගේ බලාපොරොත්තු බොඳවෙලා ගිහින්‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අද (8) පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

‘මෛතී‍්‍ර-රනිල් පාලනය ජනතාවගේ අනාගතය සංවර්ධනය කරන්න මැදිහත් වෙලා නැහැ. ඔවුන්ට ඒ වෙනුවෙන් වුවමනාවක් නැහැ. ජනතාවගේ බලාපොරොත්තු කඩවුණු නිසා තමයි අද ජනතාව පාරට බැහැලා තිබෙන්නේ. පීඩාකාරී ආණ්ඩුවේ කි‍්‍රයාමාර්ගවලට එරෙහිව රටේ ජනතාව වීදි බැස්සා. ආණ්ඩුව ඒ අරගල හමුදාව, පොලීසිය යොදවලා කඳුළු ගෑස් ගහලා වෙඩි ප‍්‍රහාර එල්ල කරලා මර්දනය කළා. ඊයේ හම්බන්තොට ජනතාවගේ උද්ඝෝෂණයටත් ආණ්ඩුවේ ප‍්‍රතිචාරය වුණේ ඒ මර්දනයයි. අපේ රටේ කර්මාන්ත හදන්න  ඕනෑ බව අපි පිළිගන්නවා. නමුත් ඒ වෙනුවෙන් ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් පවරා ගන්න දෙන්න බැහැ. ජනතාවගේ ඉඩම් පවරාගෙන කර්මාන්තශාලා හදල වැඩක් නැහැ. ආණ්ඩුව මේ කරමින් ඉන්නේ කර්මාන්ත හදන මුවාවෙන් විදෙස් සමාගම්වලට කුණු කොල්ලයට ඉඩම් විකුණලා එදා වේල පිරිමහ ගන්නයි. ජනතාවට පහර දීලා, තර්ජනය කරලා මේ සටන යටපත් කරන්න බැහැ. සිය දහස් ගණනක් ජනතාව සමඟ මේ ආණ්ඩුවට එරෙහිව ජනතාව නැගිටිනවා. පෙළ ගැහෙනවා.‘ යැයි ද විජිත හේරත් මහතා කීවේය.

DSC---2154

 



අදහස් (0)

‘ජනතාව පාරට බැස්සේ බලාපොරොත්තු කඩවුණ නිසයි‘ - විජිත හේරත්

අරවින්ද Sunday, 08 January 2017 10:41 PM

කර්මාන්ත ශාලා මහපොළොවේ ඇති ඉඩම් මත ඉදිනොවේ නම්, වෙන කොහේ ඉදිකරන්න කියලද කියන්නේ? (නි)

:       0       0

ලංකා Sunday, 08 January 2017 11:33 PM

පරණ පුරුද්දටම හැමදේටම බනිනවා. (නි)

:       0       0

රෝහණ Monday, 09 January 2017 12:41 PM

ඒ කතාව නම් ඇත්ත.(හේ)

:       0       0

බුද්ධි Monday, 09 January 2017 12:56 AM

ජීවගේ මොළය ගැන කණගාටුයි (නි)

:       0       0

යහම්පත් නලින් Monday, 09 January 2017 07:16 PM

ජේ වී පි එක එදා ඉඳන් කළේ අහිංසක සිසු සිසුවියන් සහ ජනතාව නොමඟ යවමින් උද්ඝෝෂණ පවත්වා රට අස්ථාවර කිරීමයි (නි)

:       0       0

රුවන් Sunday, 08 January 2017 11:37 AM

කවුද මේ අයට ජනතා ඉඩම් පවරා ගන්නවා කිවුව කෙනා අපේ රට දියුණූ වෙන්න නම් එක එකාට නැමෙන්නේ නැතිව දැඩි තීන්දු තීරන ගන්න වෙනවාමයි රටේ ණය ගෙවන්නේ කොහොමද බදු නොගහා හදෙන් ගෙනත් පියවන්නයෑ (බ)

:       0       0

දිනේෂ් කුමාර Sunday, 08 January 2017 11:37 AM

අපේ එකම බලාපොරොත්තුව.(හේ)

:       0       0

ජීවා Sunday, 08 January 2017 12:08 PM

යහපාලනයේ පෙර ගමන්කරුවෝ දැන් මෙහෙමද කතා කරන්නේ? ගම් වල ඉන්න නූගත් ගෑනු අය දැනගෙන හිටිය මේ ආණ්ඩුව පත් වුනොත් රටට මොකද වෙන්නේ කියල නමුත් මහලොකු උගත් සමාජ වාදියෝන්ට ඒ ටික තේරෙන්න අවුරුදු දෙකකම ගියා, කොහෙන් හිනා වෙන්නද මේවට (බ)

:       0       0

කොල්ල Monday, 09 January 2017 05:02 AM

ජේවීපී උදවිය ප්‍රශ්න ඇති තැන්වලට පනින්නේ ඡන්ද වැඩිකරගන්නයි. පෝර ඉල්ලා ගොවියෝ එක්ක පෙළපාලි ගියා. දැන් මේකට පැටලිලා. ගෙයක් ගානේ යනවාලු. අයිඩී ඉල්ලන්නද? (අ)

:       0       0

මංජුල Sunday, 08 January 2017 12:37 PM

පොඩි අඩියක් දාලා..කැබ් එකක් ඩ්‍රයිව් කළා නම්...බලාපොරොත්තු ඉටුවෙනවා ....(කටේ නරිවාදම්) (බ)

:       0       0

පද්මිනි Monday, 09 January 2017 05:16 AM

මේ අවස්ථාවේදී නම් ජේවීපී සමග එකග වෙන්නේ නැහැ. බලෙන් ඉඩම් පවරගන්නවා කියා ඔබ කියන්නේ මොන සාධක උඩද, රට දියුණු වෙනවට බයද.(අ)

:       0       0

අමිත් දර්ශක Sunday, 08 January 2017 12:57 PM

අපි ජනවාරි 8 හංසයාට ගැහුවා දැන් දඟලනවා (බ)

:       0       0

රවීන් Sunday, 08 January 2017 01:02 PM

එතකොට ගොඨාබය මහත්තයා ඉන්නකොට ඔය බලාපොරොත්තු කොහෙද තිබුනේ?(හේ)

:       0       0

රවින්ද්‍ර Sunday, 08 January 2017 01:10 PM

කර්මාන්ත ශාලා හදන්නත් ඕනැලු.. නමුත් ඉඩම් දෙන්නත් බැරිලු.. අහසෙද කර්මාන්ත ශාලා හදන්නේ...(හේ)

:       0       0

අරවින්ද Monday, 09 January 2017 06:41 AM

මේ අය කොහොමත් ග්‍රාමීය ප්‍රදේශ දියුණු වෙනවට අකමැතියි. මොකද එහෙම වුනොත් මේ ගම්වල ජීවත් වෙන අය රවට්ටා ගන්නට බැරි වෙනවා. (අ)

:       0       0

තිලක් Sunday, 08 January 2017 01:45 PM

හැමදාම විරෝධය , කොහොමද කරපු කාලේ, '71, 89 විරෝධ කරන්න ගිහිල්ලා, තරුණයෝ ලක්ෂයක් අඩු වුණා, ඔබලාගේ ක්‍රමය ජනතාව අනුමත කළේ නෑ,ඔබලත් පාරම්පරික සමාජ වාදියෝ වෙලා, රටට වැඩක් නෑ (බ)

:       0       0

කමනි Monday, 09 January 2017 06:53 AM

දේශපාලන කුණු කුඩයක් කතා කරයි. (බ)

:       0       0

කමල් Sunday, 08 January 2017 02:13 PM

මෙම රජයේ කටයුතු ගැන සැහිමකට පත්වන්නට බැහැ නමුත් පසුගිය රජය කාලයේ කටුනායක. හාලාවත. රතුපස්වල. සිදුවීම් සුදු වෑන් දැං අමතකද (බ)

:       0       0

පාලිත ගලපිටිය Sunday, 08 January 2017 02:15 PM

පුදුමයි ඔබට මතක නැති එක පැලවත්ත සීනි කර්මාන්ත ශාලාව අරඹද්දී මෙවැනි සිද්ධියකදී ඔබේ පක්ෂ සාමාජිකයෙක් ගිනි තිබ්බා. දැන් කී දෙනෙක් ජීවත්වෙනවාද ඒකෙන් (බ)

:       0       0

ශෂී Monday, 09 January 2017 07:13 AM

අනේ ඔහෙලා බොරුවට කතා. ඔහෙලා හැමදාම විහිළු කතා. මොනවද දැනෙන්න කළේ ? (බ)

:       0       0

ප්‍රදීප් Sunday, 08 January 2017 02:55 PM

හරියට හරි ජීවා (හේ)

:       0       0

චානක Sunday, 08 January 2017 07:21 PM

රටක් දියුණුවීමට නම් මෙවන් විදේශ ආයෝජනයන් ක්‍රියාත්මක විය යුතුමයි. විදේශ සම්පත් රට තුලට ගලා ආ යුතුයි. වෙලා තිබෙන්නේ අවස්ථාවාදී දේශපාලකයන්ගේ වාසියට ජනතාව නොමඟ යැවීමයි. අපේ අහිංසක යුවතියන් අරාබි රටවල විඳින වහල් සේවය සහ එමඟින් පවුල් කැඩීයන ආකාරය පේනවා නේද? එම තත්වය මඟහරවාගෙන ඔවුන්ට මෙවන් කර්මාන්ත ශාලාවල රැකියා අවස්ථා ලබාගන්න පුළුවන්වීම කෙතරම් සහනයක්ද? (නි)

:       0       0

නිමල් Monday, 09 January 2017 10:51 AM

මෙයාලා නේද එදා ඡන්දෙ දෙන්න කිව්වේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1321 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2352 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 327 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1030 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9572 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3597 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site