IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ජනතාව සිටින තැන ජනපති පෙන්වයි

චක්‍රලේඛ ආයතන සංග්‍රහ මුදල් රෙගුලාසි කිසිවක් ජනතාවට ඉහළින් නොමැති බවත්, ඒවා ජනතා සේවය සඳහාම තිබිය යුතු බවත් මහින්ද රාජපක්ෂ ජනපති කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවසීය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයට වසර 50ක් පිරීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේ පැවැති උත්සවයේ දී ජනාධිපති එසේ පැවසීය.

ජනතාව නියෝජනය කරමින් පත්වන මහජන නියෝජිතයන් සමග ගැටුම් ඇති කර නොගෙන සුහදව කටයුතු කිරීමේ වගකීමක් රජයේ සේවකයන් සතුව තිබිය යුතු බව ද ජනාධිපති කීවේය.



අදහස් (0)

ජනතාව සිටින තැන ජනපති පෙන්වයි

සිරිවර්ධන Tuesday, 18 February 2014 03:38 PM

දැන් රාජ්‍ය සේවය ශක්තිමත්. ඒ කියන්නේ එක වැඩේට දහ දෙනෙක් ඉන්නවා. එතකොට වැඩ නිකම්ම කෙරෙනවා. (දී)

:       0       0

ද සිල්වා Monday, 17 February 2014 11:14 PM

ජනාධිපති තුමනි මහජන නියෝජිතයන් සහ රජයේ සේවකයන් එකට එක්ව සහයෝගයෙන් රටවැසියන් වන අපව සුරාකෑම බොහෝදුරට සාර්ථක ලෙස කරගෙන යනවා ප්‍රශ්න ඇතිකරගන්නේ 1% ටත් අඩු ප්‍රමාණයක් , රජයේ කාර්යාලයකින් වෙලාවට වැඩක් කරව ගන්න නිලධාරියට පගාවක් දෙන්න ඕනේ එහෙමත් නැත්නම් දේශපාලඤයෙකුගෙන් ලියුමක් ඕනේ නැත්නම් මේ දෙකම ඕනේ.(නදී)

:       0       0

කල්ප Tuesday, 18 February 2014 11:25 PM

ජනපතිතුමා හරි (දී)

:       0       0

නාලක Tuesday, 18 February 2014 03:52 PM

බන්දුල පෙරේරා සමග මම 100% එකඟයි (දී)

:       0       0

සංජීව Tuesday, 18 February 2014 03:15 AM

එකනේ අපේ අගමැති තුමා එක ක්‍රියාවෙන් පෙන්නුවේ (අ)

:       0       0

සත්‍යයා Tuesday, 18 February 2014 05:40 AM

ඔබ තුමා ඉන්න තැන මොකක්ද කියල දැනගන්න ජනතාව බොහොම ආසාවෙන් ඉන්නවා. වචන ටික නම් රත්තරන් වටිනවා.(නදී)

:       0       0

සමන්ති Tuesday, 18 February 2014 05:54 AM

ජනතාව නියෝජනය කරමින් පත්වන මහජන නියෝජිතයන් ඇතිකරන ගැටුම් ගැන ප්‍රශ්නයක් නැත්ද ? (අ)

:       0       0

මාටින් Tuesday, 18 February 2014 06:45 AM

මේක තියෙනකල් රට හදන්න බෑ. මෙයාල හිතාගෙන ඉන්නේ මෙයාලගේ සල්ලි වලින් රට හදනවා කියල. විශ්ව විද්‍යාල වල රාජ්‍ය පරිපාලනය ඉගෙන ගත්ත අය කෙලින්ම මෙම සේවයට දැම්ම නම් මක් වෙනවද? (අ)

:       0       0

කල්ප Tuesday, 18 February 2014 08:07 AM

පරිපාලන සේවයේ අයට දේශපාලන අයිතිවාසිකම් නැහැ බඳවාගැනිමේදී i සම්මුක පරීක්ෂණයේ ලකුණු ලැබෙන්නේ වෙන ක්‍රමයකටලු. ඉහල තනතුරු දෙන්නෙත් සුදුසුකමට වඩා හිතවත්කමටලු. පක්ෂ දේසපාලනයත් පළාත් සභාත් තිබෙනතුරු අපේ රටහදනවා බොරු.(නදී)

:       0       0

රිසා Tuesday, 18 February 2014 04:40 PM

ජනතාව තමයි රටක වැදගත්ම දේ (දී)

:       0       0

රවී Tuesday, 18 February 2014 04:48 PM

හොදට බලා ගන්න (දී)

:       0       0

අස්මිත් Tuesday, 18 February 2014 09:11 AM

රාජ්‍ය සේවය අද 0 සිට ඉහලටම දුෂිතයි, සෑම සංස්ථාවකම/අමත්යන්ශයකම නිලදාරීන් ජනතාවට කරන සේවය ඉතාමත්ම කණගාටු දායකයි. හැදුනුම් කම නොමැති සේවයක් ජනතාවට ලබා ගැනීමට නම් සන්තෝෂමක් පිදිය යුතුමයි. නැතිනම් කොතරම් අත්‍යවශ්‍ය සේවාවක් වුනත් කුඩම්මාගේ බැල්ම හෙලීම සෑම රාජ්‍ය පරිපාලන දෙපාර්තමෙන්තුවකම තිබෙන ලක්ෂණයක්. අතිගරු තුමාණන්ට තේරුම් ගිය නිසා නේද මේ මාතෘකවකට පිවිසියේ.(නදී)

:       0       0

සාගර Tuesday, 18 February 2014 09:34 AM

රටක් ඉහලට යන්නෙත් පහලට එන්නෙත් ජනතාවගේ ක්‍රියාකාරිත්වය සමගයි , සේවකයාට හොදින් සැලකුවොත් සේවකයාත් හොදින් වැඩ කරනවා, ඒකයි ඇත්ත (දී)

:       0       0

කලන Tuesday, 18 February 2014 05:11 PM

රජයේ සෙවකයින පුහුණුසැසි පවත්වන්න (දී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 18 February 2014 09:45 AM

සත්‍ය මහත්තය නොදන්නවා උනාට මේ රටේ බහුතරය ජනාධිපතිතුමා ඉන්න තැන දන්නවා....අඩුපාඩු දුර්වලතා නැති සර්ව සම්පුර්ණ මිනිස්සු මේ ලෝකේ නැති බවත් දන්නවා.මේ රටේ ජනතාව හොදට සාපෙක්ෂතාවදේ දන්නවා. ඒ හින්දා මොන අඩුපාඩු තිබුනත් එතුමාව තැබිය යුතු තැන ජනතාව තබාවි..ඔබතුමා කරදර වෙන්න එපා ඒ ගැන.. (දී)

:       0       0

මාලිංග Tuesday, 18 February 2014 05:20 PM

නියම තැන (දී)

:       0       0

අල්විස් Tuesday, 18 February 2014 09:47 AM

යුද්ධය ජයග්‍රාහි විදිහට නිමා කොට රටටත් ජනතාවටත් නිදහසේ ජිවත්වෙන්ට, පාරට බැහැල යන්ට එන්ට, බයකින් සැකයකින් තොරව දරුමල්ලන් සමග සැනසිල්ලේ නිදාගන්ට ඉඩ සලසල දුන්නු අපේ රටේ නායකයා ලෝකයේ සාමයට හතුරුකම් කරන රටවල තර්ජනාන්ගුලියට අභිතව රට සහ ජාතිය වෙනුවෙන් මුහුණ දෙමින් අපේ විරෝධාර සිංහල පුතුන්ගෙන් සැදුම්ලත් ත්‍රිවිධ හමුදාව සුද්දන්ගේ උවමනාවට පාවා නොදෙන බවට සපථ කර කියා සිටින බව සත්‍යා කියන පුද්ගලයා දන්නේ නැහැ. අපේ ගමකට එනවා. අපි හොඳින් උගන්නා දෙන්නම්. (දී)

:       0       0

ගමා Tuesday, 18 February 2014 10:12 AM

ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපතිතුමා ඉන්නා තැන නො දන්නා අය ලංකාවේ ඉන්න නිසා තමයි අපේ රටට ඉස්සරහට යන්න බැරි කියල මට හිතෙනවා. අපේ රටේ නායකයාණන් නිවැරදිව දෙපයින් සිටගෙන සිටින්නේ රටට ආදරය කරන පොදු ජනතාවගේ පැත්තෙයි. ඒක හරියටම දැනගන්න නම් නවී පිල්ලෙයි හෝ කැමරන්ගෙන් හෝ හිලරිගෙන් හෝ එහෙමත් නැත්නම් ජයලලිතාගෙන් ඇහුවොත් කියා දෙයි. ජනාධිපතිතුමාගේ වචන වගේම තමයි අනෙකුත් සියල්ලත්. රත්තරන් වටිනවා.(නදී)

:       0       0

රජ Tuesday, 18 February 2014 10:15 AM

ආයතන සංග්‍රහයේ xxxii 1.1 වල තියෙනවා රජයේ සේවකයන්ට දේශපාලනය කරන්න බැහැ කියල. අමාත්‍යාංශ ලේකම්වරු දේශපාලනය නොකර රට හදන්නෙ කොහොමද? (නදී)

:       0       0

පෙරුමාල් Tuesday, 18 February 2014 10:32 AM

එතකොට ඔය චක්‍රෙල්ඛ, ආයතන සංග්‍රහ, මුදල් රෙගුලාසි තියෙන්නෙ මොකටද?  ජනතා නියෝජිතයෝ කියන විධියටම කලානම් හරිනෙ.(නදී)

:       0       0

ෆ්‍රෑන්ක් Tuesday, 18 February 2014 05:53 PM

රජයේ සේවකයින්ට පුහුණුවක් දෙන්න (දී)

:       0       0

ජයතිලක Tuesday, 18 February 2014 10:59 AM

කල්ප,මගේ තාත්තා 1979 වර්ෂයේදී පරිපාලන සේවයේ පවත්වපු විභාගයෙන් සහ සම්මුඛ පරීක්ෂණයෙන් සමත්වී ,ඔහුගේ නම සහ අනිකුත් සමත් වූ අයගේ නම් පුවත්පත් වලද පල වුවා. නමුත් ඒ තනතුර ඔහුට ලබා දුන්නේ නැහැ. හේතුව වුනේ ඔහු එලි පිට කිසිම දේශපාලන පක්ෂයකට සහයෝගය නොදීමයි. ඔහුගේ දේශපාලනය තිබුනේ හිතේ පමණයි. ඔහු අකාලයේ මරණයට පත්වුනෙත්, ඒ ගැන ඇතිවුණු හිතේ අමාරුවෙනුයි.(නදී)

:       0       0

පුජා Tuesday, 18 February 2014 11:39 AM

ඔය දන්නේ පරිපාලන සේවය ගැන හැමදෙනාම මහා අපුරුවට. හැමෝම අහගත්තු ටිකක් හැර නිවැරදි දැනුමක් ලබලා නැහැ. මෙහෙම උගතුන් ඉන්න සමාජයක නේ අපට රාජකාරි කරන්ට වෙලා තියෙන්නේ. (නදී)

:       0       0

සමන් Tuesday, 18 February 2014 11:57 AM

ජනතාව සිටින්නේ දේශපාලුවන්ගේ දෙපය යටනේ ඕක නේද ඇත්ත.(නදී)

:       0       0

තරංග Tuesday, 18 February 2014 12:00 PM

චක්‍රලේඛ ආයතන සංග්‍රහ මුදල් රෙගුලාසි සියල්ල සාදන්නේ වෙනස් කරනුයේ පාර්ලිමේන්තුවයි. එනම් මහජන නියෝජිතයන්. ඒ හින්දා මේක කි‍යන්ඩ ඕනේ කන්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා තමයි. රජයේ සේවකයන් ජොලියට බැනගන්නේ නෑනේ. තමන්ගේ රස්සාව බේරගන්න කරන්ඩ බැරි දේවල් බෑ කියනවා. (නදී)

:       0       0

රංග Tuesday, 18 February 2014 01:48 PM

බන්දුල පෙරේරා වැනි කීප දෙනෙක් හිටියට සත්‍ය මහතා ඇසු දේ නිවැරදියි (දී)

:       0       0

සේරම් Tuesday, 18 February 2014 02:10 PM

බන්දුල ඔයාට මල්ල අමතකවෙයි , එකත් අරන් යන්න , (දී)

:       0       0

සුනෙත් Tuesday, 18 February 2014 10:27 PM

අපේ ජනපතිට ජයවේවා (දී)

:       0       0

මනෝජ්-සාජා Monday, 17 February 2014 09:33 PM

ජනාධිපතිතුමනි . 'අ ' ඉදල හැමදේම ඔය රාජ්‍ය සේවකයන්ට උගන්වන පාඨමාලාවක් පටන් ගත්තොත් නරකද ?.(නදී)

:       0       0

විධුෂක Monday, 17 February 2014 09:52 PM

ජනතාව සිටින තැන ගැන නිලධාරියාට අවබෝධයක් ලබා දීමට ඇත්තෙන්ම වගකිව යුත්තන් ක්‍රියා කර නොමැත්තේද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5063 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 178 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


ජනපති රනිල් සියල්ල භාර දෙයි
2024 සැප්තැම්බර් මස 22 109 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22)වැනි දා බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 911 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 1465 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 3179 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16039 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 78 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site