IMG-LOGO

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා


ජනතා සිහිනයට තවත් වීරියෙන් කැපවෙමු

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනතා සිහිනය යථාවක් කරගැනීමට නව වසරේ දී තව තවත් වීර්‍යෙන් යුතුව සද්-අධිෂ්ඨානයෙන් යුතුව කැප වෙමු යැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා නව අවුරුදු සුබ පැතුම් පණිවිඩයෙන් පවසයි.

කථානායකවරයා මෙසේද කියයි.

අපගේ සාම්ප්‍රදායික සූර්‍ය දින දර්ශනයට අනුව නව වසරක උදාව අප සනිටුහන් කරන්නේ බක් මාසයේ දී උදාවන සිංහල-හින්දු අලුත් අවුරුදු සැමරුමෙනි. දිගු ඓතිහාසික උරුමයක්ව ඇති මෙම සංස්කෘතික මහෝත්සවය එක් අතකින් අප ජාතික සංහිදියාවේ ද සංස්කෘතික ප්‍රකාශනයකි. ඒ නිසා සමස්ත ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එකට එකතු වී සිදු කරන චාරිත්‍ර-වාරිත්‍ර මගින් නව වසර පිළිගන්නේ ඉදිරි වසරේ සතුට, සෞභාග්‍ය, වාසනාව ළගා කරගැනිමේ විශ්වාසයෙන් යුතුවය. ගතවු වසර කිහිපය තුළ අපට රටක් ලෙස අභියෝග ගණනාවකට මුහුණ දීමට සිදු විය. ආර්ථික අර්බුදයත්, පැවති දේශපාලන අසමතුලිතතාවයත් හේතුවෙන් රටට වගේම අප සැමගේ ජන ජීවිතයට විශාල බලපෑමක් සිදු විය. ඒ හේතුවෙන් සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රධානම සංස්කෘතික මහෝත්සවයක් වූ සිංහල-හින්දු අලුත් අවුරුද්ද පවා සැමරීම අප සැමටම ඒ තරම් සුබදායක වුයේ නැත.

නමුත් 2025 වසරේ උදාවෙන මෙම සිංහල - හින්දු අලුත් අවුරුද්ද පසුගිය අභියෝගාත්මක කාල සීමාව පසුකර රටක් ලෙස, සමස්ත ශ්‍රී ලාංකික ජාතියක් ලෙස, වඩාත් සුබදායක අයුරින් පිළිගැනිමට හැකි වී තිබේ. මා විශ්වාස කරන පරිදි කෙටි කාලයක් තුළ අපට නිර්මාණය කරගැනීමට හැකි වූ දේශපාලන ස්ථාවරත්වය මේ සදහා විශාල පිටුබලයක් විය. ඒ අනුව දිවයිනේ සතර දිශාවම එක මිටකට එක් කරගනිමින් නව දේශපාලන සංස්කෘතියක් රැගත් නව පාර්ලිමේන්තුවක් බිහි කරගැනීමට හැකි වුයේ දශක ගණනාවක සිට ජනතාව තුළ පැවති අපේක්ෂාවක් අප උර මතට පවරා ගනිමිනි. මා විශ්වාස කරන පරිදි ගත වූ කෙටි කාලය තුළ ජනතාව අපේක්ෂා කළ ජනතාවට වග වීමකින් කටයුතු කරන ව්‍යවස්ථාදායකයක් නිර්මාණය කර ගැනීමට අපට හැකි වී තිබේ. එහි ශුභදායක ඵල දැන් අප භුක්ති විදිමින් සිටින්නෙමු. පැරණි යල් පැනගිය ඉවත් කළ යුතු සියලු සිතුවිලි ඉවත් කරගනිමින්, ගොඩනගා ගත් නව යහපත් දේශපාලන සංස්කෘතිය උපයෝගි කරගනිමින්, අප ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නව බලාපොරොත්තු , ප්‍රාර්ථනා එක් කරගනිමින් නව යුගය වෙත පිය නගන්න වගේම සමාජයක් ලෙස, රටක් ලෙස, හිතන්නා වූ නව මිනිසෙකු ගොඩ නගන්න , එළඹෙන අලුත් අවුරුද්ද අපට මඟ කියනු ඇත. රටක් ලෙස අපට ඇති ඒ සිහිනය, සෑබෑ කරගැනීමට රටේ ව්‍යවස්ථාදායකය ලෙස අප සතුව ඇති භාර දූර වගකීමේ බර අප හොදින් හඳුනාගෙන සිටින බව ඔබට වගවීමෙන් යුතුව දැනුම් දෙන්නෙමු. එකී ජනතා සිහිනය යථාවක් කරගැනීමට නව වසරේ දී තව තවත් වීර්‍යෙන් යුතුව සද්-අධිෂ්ඨානයෙන් යුතුව අපි කැප වී ක්‍රියා කරන්නෙමුයැයි, ඔබ වෙත සපථ කරමින්,

එළඹෙන්නා වූ මේ සිංහල-හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවායි මම ඉතසිතින් ප්‍රාර්ථනා කරමි....!!!

 



අදහස් (0)

ජනතා සිහිනයට තවත් වීරියෙන් කැපවෙමු

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අවුරුදු උත්සව විකෘති කරන සංවිධායකවරුන්ට වැඩ වරදි
2025 අප්‍රේල් මස 15 299 0

අවුරුදු සිරිත් විරිත් වලට නොගැලපෙන දේවල් එක් කිරීමෙන් වලකින්නැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගම ගෙදර දිසානායක මහතා අවුරුද


’’නඩු තීන්දු අපිට දෙන්න’’ මැකොගෙන් ඉල්ලීමක්
2025 අප්‍රේල් මස 15 150 0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට තරඟ කිරීම සඳහා බාර දෙන ලද නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත්නම් එම පෙත්සම් වල හා නඩු තීන


කෞතුක වස්තු නඩත්තුවට දුන් මුදලින් පුටු මේස අරන්
2025 අප්‍රේල් මස 15 157 0

පුරාවිද්‍යාත්මක ස්ථානවල නඩත්තුව සඳහා 2023 වසරේදී මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් වෙන්කරනු ලැබූ ලක්ෂ හැට දෙකකට අධික මුදලින් ලක්ෂ 39ක් වැය කර කාර්යාල උපකර


සරසවි ඇදුරෙකුගෙන් කෝටියක පොල්ලක්
2025 අප්‍රේල් මස 15 216 0

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය බැඳුම්කර කඩ කරන ලද ආචාර්යවරයෙකුගෙන් රුපියල් කෝටියකට වැඩි මුදලක් අයකරගෙන නැතැයි ජාතික විගණන


අවුරුදු අනතුරු වලින් 80ක් රෝහලේ
2025 අප්‍රේල් මස 15 193 0

ගතවූ පැය 24ක කාලයේදී සිදුවූ විවිධ අනතුරුවලින් තුවාල ලැබූ අසූවකට වැඩි පිරිසක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.


කොළඹ එන්න ඇති පදම් බස්
2025 අප්‍රේල් මස 15 546 0

සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පැමිණි දකුණු පළාතේ ජනතාවට ආපසු අගනගරය බලායාම සඳහා ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් අද (15) පෙරවරුවේ සිට පැවතියේය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 123 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 273 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 896 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site