(යොහාන් භාසුර)
ජනතා සේවයට වෙන්කරන මුදල්වලින් සියයට 30 ක් 40 ක් නැවත භාණ්ඩාගාරයට හරවා යවන ක්‍රමය නතර කර ජනතාවගේ සංවර්ධනයට මුදල් යොදවන ක්‍රමයක් ක්‍රියාත්මක කරන බවත් මහජනතාවගේ මුදල් ගිණුම්වල රඳවාගෙන නොසිට නිසිපරිදි ජනතාව වෙනුවෙන් වැයකළ යුතු බවත් සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා අද (3) පැවසීය.
නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා වවුනියාව දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ පැවැති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්විමේදී එසේ පැවසීය.
දිස්ත්‍රික් සංවර්ධන කටයුතු සඳහා වෙන්කරන මුදල් ආයතනික ගිණුම්වල අංශවල රඳවාගෙන අවසන් දවස් කීපයේ ඒසී සවිකිරීමට, කර්ට්න් ගන්න, පුටුසැටි ගේන්න වගේ දේවල්වලට වියදම් කරන බව කී උපාලි සමරසිංහ මහතා මෙම වසරේ අනිවාර්යෙන්ම මහජන සුබසිද්ධිය වෙනුවෙන් වියදම් කළ යුතු බව ද සඳහන් කළේය.
මෙම වසරේ ලැබෙන සතයක්වත් අපසු හරවා නොයැවිය යුතු බවත් සමහර රෝහල්වලට වෙන්කර සල්ලි හරහා යැව්වත් ඒ රෝහල්වල බෙහෙත් නොමැති බවත් සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා වැඩි දුරටත් කීය.
නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පෙනී සිටිමින් දුරකථන ඇමතුම් ලබාදි පුද්ගලයන් බිය ගන්වා මුදල් ලබා ගත්තේ යැයි කියන බොරැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ලබන 0
රනිල් වික්‍රමසිංහ ආණ්ඩු සමයේ සියයට 5 ක්ව පැවැති රඳවා ගැනීමේ බද්ද වර්තමාන ජනාධිපති අනුර දිසානායක සියයට 10 ක් දක්වා ඉහළ දැමීම පිළිබඳව සමාජය තුළ විශාල අතෘප
බුද්ධි සේවාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු නිල ඇඳුමෙන් සැරසුන ඡායාරූපයක් යොදාගෙන වට්සැප් තාක්ෂණය ඔස්සේ කප්පම් මුදල් ලබාගත් මීතොටමුල්ල ඩිපෝවේ කාර්යාල ක
ශ්‍රී ලංකා මහ බැංකුව පර්පෙචුවල් ටෙෂරීස් සමාගමේ කටයුතු තවත් මාස හයකට අත්හිටුවා තිබේ.
බණ්ඩාරවෙල දියතලාව මාර්ගයේ අබතැන්න වත්ත ප්‍රදේශයේ දී අද පස්වරුවේ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරලීයාමෙන් තිදෙනකු තුවාල ලබා ද
ආණඩුව ක්‍රියාත්මක කර තිබෙන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ පෞද්ගලික බස් රථ අපහසුතාවට පත්කරන්නේ යැයි චෝදනා කරමින් බස් රථ හිමියන් වර්ජනයකට සූදානම් වන
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
ජනතා සේවයට ඇති මුදල් ජනතාවට වියදම් කරන්න
Priyantha Saturday, 04 January 2025 06:49 AM
ඒකට ඉතින් මුදල් ලබාදෙන ක්‍රමය ප්‍රධානම හේතුවක් වෙනවා. මෙතෙක් කාලයක් එක් එක් ව්‍යාපෘති සඳහා මුදල් එවීම කලේ බොහෝවිට අගෝස්තු මාසයත් අවසන් වුණාට පස්සේ වීම හේතුවක් වුණා. මුදල් ලැබුණාම අදාල සැළසුම් කිරීම ටෙන්ඩර් කැඳවීමටත් හා ටෙන්ඩර් පිරිනැමීමට කාලයක් ගියාම වැඩක් කරන්න කාලයක් නැහැ. මුදල් ආපසු යවන්නම වෙනවා. පුළුවන් නම් අගෝස්තු මාසය අවසන් වනවිට සියලුම ව්‍යාපෘති අවසන්කර දෙසැම්බර් මාසයේ මුල් සතියේදී ඒවාට කළයුතු ගෙවීම් අවසන් කරන නීතී හදන්න. නැත්නම් දෙසැම්බර් අවසාන වැඩිකරන දිනයේ ගිණුම් පියවනවා කියන්නේම.... තනිකරම නාස්තියට පාර කැපීමක් තමයි...
himal Saturday, 04 January 2025 10:05 AM
ඉතින් මහත්තයෝ, රජයේ මුදල් මහජන සුබ සිද්ධියට කියලා බෙදලා දෙන්න බැහැනේ. අර කොහේදෝ පැත්තක ගමේ කර්මාන්ත දියුණු කරන්න කියලා මිනිස්සු ඉල්ලුවාලු හට් හදලා දෙන්න කියලා. සල්ලි වියදම් කරලා හට් හදවලා දුන්නාම දැන් ඒ මිනිස්සු ඒවායේ ත්‍රී වීල් පාක් කරනවාලු... කර්මාන්ත කරන්නේ නැතිලු. ඉතින් මොකද කරන්නේ?