IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘ජනතා අභිලාෂයට‘ හිස නමමින් මායාදුන්නේ ඉල්ලා අස්වෙයි

ජනතා විමුක්ති පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී සරත් මායාදුන්නේ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කර තමා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළේය.

මෙවර මහ මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 2 ක් හිමිවූ අතර ඒ සඳහා මාතර දිස්ත්‍රික්කයෙන් තරග කර පරාජයට පත්වූ සුනිල් හඳුන්නෙත්ති සහ හිටපු විගණකාධිපතිවරයකු වූ සරත් මායාදුන්නේ යන මහත්වරුන් තෝරා ගනු ලැබිණි.

පාර්ලිමේන්තුවේ නොසිටියත් දූෂණයෙන් තොර රටක් බිහිකිරීමට තමා හැමවිටම ඇප කැපවන බවද ජනතාවගේ ඡන්දය හා මනාප අනුව තමා වැනි අයට පාර්ලිමේන්තුවේ ඉඩක් නැති බව පෙනෙන හෙයින්ද තමා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවියෙන් ඉල්ලා අස්වන්නේ යැයි හිටපු විගණකාධිපති සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ මහතා අද (3) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පසුගිය 1 වැනිදා දිවුරුම් දුන් ඔහුගේ මන්ත්‍රී පදවිය දින 3කට සීමාවිය.

 

 



අදහස් (0)

‘ජනතා අභිලාෂයට‘ හිස නමමින් මායාදුන්නේ ඉල්ලා අස්වෙයි

සිල්වා Thursday, 03 September 2015 08:17 AM

මෙතුමාගේ විශේෂ කතාව සම්පුර්ණයෙන් බලා අදහස් ඉදිරිපත් කරන්න. රටට වන හානිය, අපගෙන් වියයුතු වගකීම් හොඳින් විස්තර කරනවා. බල ලෝබයෙන් පෙළෙමින් ජනතා මුදල් ගසා කන තක්කඩියන්ට හොඳ පූර්වාදර්ශයක් දීලා තියෙන්නේ. රටට සේවය කරන්න ජනතාවට සේවය කරන්න මෙතනම ඉන්න ඕනෑ නැහැ කියලා එතුමා කියනවා. (නි)

:       0       0

සනත් ඉන්දික Thursday, 03 September 2015 08:33 AM

දේශපාලනේ අපි හිතන තරම් සුන්දර නැහැ නමුත් ජනතා විමුක්ති පෙරමුණට දොස් කියන්නත් බැහැ. ආසන 83 ක් අරගෙනත් ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර 12 න් 6ක්‌ම ජනතාව ප්‍රතික්ෂේප කළ පරාජිතයන් ගෙනෙන්න සන්ධානයට හැකිනම් ආසන 4 කට ජාතික ලැයිස්තු මන්ත්‍රී දු‍ර 2 ක්‌ ලැබුනම ඔවුන්ද තමන්ගේ පරාජිතයන් ගෙනෙන ඒක වරදක් නැහැ අනික ජාතික ලැයිස්තු අනුපාතය බලනකල 93/13-34/12 14/2 4/2 ජනතා විමුක්ති පෙරමුණට අඩුතරමින් දිස්ත්‍රික් 15 කට වත ඒක මන්ත්‍රී අසුනක් හිමිවිය යුතුයි නමුත් අවාසනාවට ඔවුන්ට ඒ අවස්ථාව අහිමි විය හේතුව මෙවර ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය ඉහල අගයක් ගත් නිසාය ඒ නයින් බලන කල ඔවුනට තමන්ගේ අපේක්ෂකයන් පත්කිරීමට ඉහලම අයිතිවාසිකමක්‌ ඇත නමුත් මහින්දට එලව එලවා පහරදීමේ දිට්ටදම්ම වේදී කර්මය පටිසන්දී ඇත (බ)

:       0       0

ප්‍රශාන්ත Thursday, 03 September 2015 04:53 AM

තමාට වඩා හොඳින් එම කාර්ය වෙනත් කෙනෙකුට කරන්න පුළුවන් නම් ඊට ඉඩදීම දියුණු මානව ලක්ෂණයකි. (නි)

:       0       0

ඩබ්. ජයා Thursday, 03 September 2015 03:12 PM

මේ අදහස තේරුම් ගන්න පුළුවන්නම් පැරදුන කිසිම කෙනෙක් පාර්ලිමේන්තු යන්නේනැ.මොහුට ගරුකළ යුතු සමාජයක් හදන්න අපි එකට අත්වැල් බැදගමු.ලජ්ජා නැති කට්ටියට හු කියල පන්නන ඕනි (අ)

:       0       0

ගමගේ Thursday, 03 September 2015 05:00 AM

මාය දුන්න කැඩිලා ලු (ම)

:       0       0

දිලිප් Thursday, 03 September 2015 05:03 AM

ඔහු කළ ප්‍රකාශයත් සමඟ බලලයි අදහස් පළකළයුත්තේ. (නි)

:       0       0

දිසානායක Thursday, 03 September 2015 08:57 AM

ලාල් කන්තට දෙන්න (හේ)

:       0       0

අරුණ Thursday, 03 September 2015 08:57 AM

කවුද ඒ තැන පුරවන්න සුදුස්සා.(හේ)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 03 September 2015 05:36 AM

අයින්වෙන එක තමයි කරන්න තියෙන්නේ. වැඩියෙන් මෙහෙවු ජනතාවක් ඉන්න රටක මොන දේශපාලනයද? (නි)

:       0       0

සමීර Thursday, 03 September 2015 05:39 AM

විපක්ෂය නියෝජනය කරන උදය ගම්මන්පිල වගේ මහින්ද පිලේ අය දැන් නිහඬ මොකද? ඇයි ඒගොල්ලෝ විපක්ෂ නායකකම ඉල්ලුවේ නැත්තේ? කරු මහත්තයා මෙයාට දුන්නේ විපක්ෂයේ වෙන කවුරුත් ඉල්ලපු නැති නිසාලු. ඇයි මහින්ද පිලේ අයට සම්බන්දන්ව විපක්ෂ නායක කරන්න ඕනෑ වුණේ? (නි)

:       0       0

වසන්ජය Thursday, 03 September 2015 05:42 AM

ටිල්වින් ඒ වෙනුවට පත් කරන්න (ම)

:       0       0

අරුණ Thursday, 03 September 2015 05:46 AM

දමිළ ජන්ද ඉලක්ක කර ගනිමින් උදය ගම්මන්පිල , විමල් වීරවංශ වැනි මහින්ද පිලේ අය අද සම්බන්දන්ට විපක්ෂ නායකකම ගැනීමට ඉඩහැර ඇත. (ම)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 03 September 2015 05:47 AM

ලංකාවේ මිනිස්සු වැඩිම මනාපයෙන් පත්කරන්නන් අතරේ ශීෂ්ටසම්පන්න මිනිසුන්ට තැනක් නැහැ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 03 September 2015 05:49 AM

තමන්ගේ අයිතිවසිකම් වෙනුවෙන් පෙළගැසෙන්නේ ජවිපෙයි. ඒත් ඡන්දෙ දෙන්නේ.....? (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 03 September 2015 05:51 AM

ඒ කියන්නේ අහවලාගේ අන්තිම තුරුම්පුවත් සුනේ සුන්! (නි)

:       0       0

යොහාන් Thursday, 03 September 2015 05:52 AM

ජවිපෙ මෙවර උගතුන්ගෙන් පිරුණු ජාතික ලැයිස්තුවක් ඇත්තේ තමන්ට පමණක් කියමින් එය මාර්කට් කළා. කතාව ඇත්ත වුණත් පත්කරනකොට ලැයිස්තුවේ එක්කෙනෙක් හැලිලා හඳුන්නෙත්ති ආවා. දැන් මෙයා වෙනුවට තවත් පරාජිතයෙක් නොදමා ඔබේ ලැයිස්තුවේ ඉන්න උගතෙක් මැතිසබයට යවන්න (නි)

:       0       0

දිනෙත් Thursday, 03 September 2015 05:54 AM

සමීර ඔබ නොදන්නවාද සන්දානයේ මන්ත්‍රීවරු 56ක් වෙල්ගම විපක්ෂ නායක කරන්න කියලා ලියුමක් දුන්න බව, (ම)

:       0       0

අකිල Thursday, 03 September 2015 05:56 AM

දැනට පවතින්නේ ජාතික ආණ්ඩුවක් නොව සබාග ආණ්ඩුවකි. මක්නිසාද ආණ්ඩුවට සහයෝගය නොදක්වන විශාල පිරිසක්ද පාර්ලිමේන්තුවේ සිටින බැවිනි. ජාතික ආණ්ඩුවක් යනු සියලු පක්ෂ එකතු වී පිහිටුවාලන ආණ්ඩුවකි. තවද ජනවාරි 8 පොරොන්දු පත්‍රයට අනුවද උපරිම ඇමති සංඛ්‍යාව 20 කි. (නි)

:       0       0

සමීර Thursday, 03 September 2015 05:58 AM

දිනෙත් පොඩ්ඩක් පුවත්පත් බලන්න. ඒ ලිපිය කතානායකට අවසන් මොහොතේදී දීල නැහැ. (ම)

:       0       0

හේමන්ත Thursday, 03 September 2015 06:04 AM

සම්පන්දන් විපක්ෂ නායකයා කරගන්න ඕනෑවුණේ මොකද කියන එක මටත් ප්‍රශ්නයක්? කෝ දේශප්‍රේමීන්? අපරාදේ අපේ ඡන්දේ! (නි)

:       0       0

කෝසල Thursday, 03 September 2015 06:39 AM

ලාල්කාන්ත මහතා ජාතික ලැයිස්තුවට සුදුසුයි (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 03 September 2015 06:39 AM

ලිපි වලින් විපක්ෂ නායක තෝරන්න බ‍ැහැ. එයාලට අද වෙල්ගම යෝජනා කරන්න තිබුනා. එහෙම කරලා නැතිලු නේද?? (නි)

:       0       0

රූපවතී Thursday, 03 September 2015 06:50 PM

මහජනයාගේ මුදල් වියදම් කරලා ඡන්ද තියලා අවසානේ පාර්ලිමේන්තුවේ ඉන්න ලොකු ලොකු අයට ඕනෑ විදියට අවසන් තීන්දු ගන්නවා නම් පුලුවන්නේ ඡන්දයක් නොතියා ලොකු අයගේ උවමනාවන් අනුව පළාත් වලට ඕනෑ කෙනෙක් පත්කරන්න. (නි)

:       0       0

නිලන්ත Thursday, 03 September 2015 06:40 AM

දේශප්‍රේමීන් හා ජාතිප්‍රේමීන් වෙන්කරගන්න සම්පන්දන් හොඳයි (නි)

:       0       0

ශශී Thursday, 03 September 2015 06:58 AM

සම්පන්දන් විපක්ෂ නායකයා වුණාට මොකද? මොකද එයා ලංකාවේ නෙමෙයිද? (නි)

:       0       0

සොපී Thursday, 03 September 2015 11:26 AM

ඔබතුමාගේ කාර්යභාරය ජනතාවට වැඩක් වන අයුරින් යොදා ගනිතැයි සිතනවා (ම)

:       0       0

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Thursday, 03 September 2015 12:32 PM

මායාදුන්න මන්ත්‍රීතුමාගේ විරෝධය දුෂිතයින් , අපරාධකරුවන් , කුඩු ජාවාරම්කරුවන්, නුගතුන් පාර්ලිමේන්තු එවා ජවිපෙ නියෝජනය අඩුකළ ලංකාවේ ඡන්දදායකයින්ටයි.ඔහුගේ කතාව හොඳට අහන්න.... (නි)

:       0       0

සුරන්ජිත් ලාල් Thursday, 03 September 2015 12:52 PM

මෙතුමාගේ කතාවෙන් පැහැදිලි වන ප්‍රධානම දේ අපේ රටේ ඡන්දෙ පාවිච්චි කරන රටවැසියන් විශාල ප්‍රමාණයක් රට ගැනවත් අනාගත දරුවන් ගැනවත් නොහිතා පක්ෂ පාට ගැන පමණක් සිතන බවව. ඔවුන් කොතරම් නරක වැඩ කළත් කොතරම් වැරදි ලෙස හැසිරුනත් ඔවුන්ටම ඡන්දය පාවිච්චි කරන බව. අහෝ ඛේදවාචකයකි මගේ මවුබිම (නි)

:       0       0

ඉඳුනිල් Thursday, 03 September 2015 07:51 AM

ඒක ඉතින් එයාගේ කැමැත්ත (නි)

:       0       0

යොහාන් Thursday, 03 September 2015 07:59 AM

ඒකත් එහෙමද? හොඳයි හොදයි (නි)

:       0       0

සම්පත් Thursday, 03 September 2015 08:13 AM

අයින් වෙන්න කියලා කවුරුහරි කිවුවද දන්නෙ නැහැ. අපරාදේ ඒ මනුස්සයත් නැහැ දැන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 750 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 667 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 142 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 941 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 197 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1144 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site