(නිමල කොඩිතුවක්කු)
ජනතා විරෝධතා වැළැක්වීමට පියවර ගැනීම සහ මාධ්‍ය ආයතන වලට තර්ජනය කිරීමට විරෝධය පළ කරමින් ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දෙනු මැයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව ඉදිරිපිට අද(08) විරෝධතාවක නිරත වූහ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විරෝධතාවය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වූහ.
"ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනු, මාධ්‍ය මර්දනය හෙළා දකිමු, සිවිල් අයිතීන් සුරැකීමු, උද්ඝෝෂණ වලට ආණ්ඩුව බය ද"ආදී විරෝධතා පුවරු එහිදී ප්‍රදර්ශනය කර තිබිණ.
විරෝධතාවය සඳහා සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, සභාපති සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාවෙමින්යනවා මනෝ ගනේෂන්, අශෝක් අබේසිංහ, ගයන්ත කරුණාතිලක, නලීන් බණ්ඩාර, ඉරාන් වික්‍රමරත්න, මුජුබර් රහුමාන්, හෙක්ටර් අප්පුහාමි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ .
විරෝධතාවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.
"සමගි ජන බලවේගයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කෝවිඩ් රෙගුලාසි අනුගමනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් විරෝධතාවයක නිරත වී සිටිනවා.සාමකාමී විරෝධතා වල යෙදෙන ප්‍රජාතන්ත්‍රවාදී බලවේග මර්දනය කිරීමට ආණ්ඩුව විවිධ නියෝග, රෙගුලාසි, නිවේදන නිකුත් කරමින් සිටිනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කරන මානව අයිතීන් අපේ රටේ සියලුම පුරවැසියන්ට තියෙනවා. එය මොනම ජගතෙකුටවත් මොනම ආණ්ඩුවකට වත් මර්දනය කරන්න බැහැ. ඒ නිසා කොවීඩ් රෙගුලාසි අනුගමනය කරමින් ඕනෑම වෙලාවක විනයානුකූලව මහ පාරේ විරෝධතා පවත්වන්න තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට හැකියාව ඕනෑම කෙනෙකුට තියෙනවා.
තෙල් මිල පහත හෙලන ලෙස ඉල්ලමින්, ගොවියාට පොහොර ලබා දෙන ලෙස ඉල්ලමින්, ධීවරයාට සහන ඉල්ලමින්, පරිසර විනාශයට එරෙහිව කටයුතු කරන ලෙස ඉල්ලමින් අද රට පුරා ජනතාව මේ විරෝධතා ව්‍යාපාර ගෙන යනවා. මේ ආණ්ඩුවට මුල ඉදලම කිසිම වැඩපිළිවෙළක් තිබුණෙ නැහැ. ආණ්ඩුවේ සියලුම දේවල් අද අසාර්ථක වෙලා තියෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්, කොවීඩ් මර්දනය වෙනුවෙන් එන්නත් ලබාදීම සඳහා සිදුකරන සියලුම වැඩසටහන් අද අසාර්ථක වෙලා.
එයට එරෙහිව විරෝධය පළ කරන්න ජනතාවට අයිතියක් තියෙනවා.එයට එරෙහිව වර්තමාන ආණ්ඩුව ජනතාව වෙත මර්දනය සහ තර්ජනය දියත්කොට තිබෙනවා. ඊට එරෙහිව සමගි ජනබලවේගය දිගින් දිගටම අරගල කරනවා" යයිද ඔහු එහිදී පැවසීය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .
විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත
කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ජනතා විරෝධතා වැළැක්වීමට එරෙහිව සජබෙ විරෝධතා
Ruhunu Thursday, 08 July 2021 01:33 PM
ඔය කවුරුහරි මෙතනට පිදුරු ටිකක් ගෙනත් දාන්නකො.
ගලපරThursday, 08 July 2021 05:02 PM
මේ රුහුණු වගේ කට්ටියට තමයි පිදුරු කවන්න වෙලා තියෙන්නේ. අද රටේ දැන උගත්, දක්ෂ කිසිම කෙනෙක් ඉස්සරහට එන්නේ නැහැ. මේ උදාසීන බව රටේ යහපැවැත්මට ලොකු බාධාවක්...
Bamunuarachchi Thursday, 08 July 2021 05:26 PM
ඕවා ජනතා විරෝධතා නොවෙයි පක්ෂ විරෝධතා. ඕවාට ඉඩ දෙන්න බැහැ.