IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ජනතා විශ්වාසය තහවුරු වුණා

කිසිදු බලවේගයකට ජාතියේ අවශ්‍යතා පරාජය කළ නොහැකි බවත් ජාත්‍යන්තර බලපෑම්වලට ජනාතාව ඉඩ නොදෙන බවත් බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දයෙන් පෙනෙතියි මහින්ද රාජපක්ෂ ජනපති නිවේදනයක් නිකුත් කරමින් කියයි.

‘අපට අන් සියල්ලටම වඩා වැදගත් වන්නේ මේ රටේ ජනාතවගේ කැමැත්ත බව දැඩිව අවධාරණය කළ යුතුයි.ජාතියේ අවශ්‍යතා පරාජය කිරීමට ඉදිරියේදී කිසිවකුටත් ඉඩ නොතබන බව අවධාරණය කරමි.රටේ ස්වාධිනත්වය හා ස්වෛරී භාවය සුරැකිමට රජය ගත් පියවරට  ජනතා විශ්වාසය විජග්‍රහණයෙන් තහවුරු කැර තිබේ.’

 

 



අදහස් (0)

ජනතා විශ්වාසය තහවුරු වුණා

වසන්ත Sunday, 30 March 2014 08:54 PM

රට ගැන හිතන්න දන්නේ නැති හැම දේම නිකන් ඉල්ලන අයට නම් මේවා තේරෙන්නේ නැහැ. ජය වේවා මගේ රටට.(නදී)

:       0       0

සනා Sunday, 30 March 2014 09:09 PM

ඔබතුමාට ජයවේවා (දිල්)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Sunday, 30 March 2014 09:28 PM

දැන් ඉතින් 'පොදු අපේක්ෂකයෙක්' තෝරාගෙන ඉතුරු වැඩ ටිකට ලෑස්තිවෙමු.(නදී)

:       0       0

චමත් Sunday, 30 March 2014 09:37 PM

දැන් කන්ද නැගලා ඉවරයි. පල්ලම බහින්නයි තියෙන්නේ.(ධිල්)

:       0       0

අමිත් Sunday, 30 March 2014 09:37 PM

ජන්දය දීපු අයගෙ ප්‍රතිශතයෙ එතරම් අඩුවක් නැහැ. 65%-68% ක් කියන්නෙ හොඳ අගයක්. ජනතාව නිවැරදි තීන්දුවක් දීලා තිබෙනවා. බහුතරය ආණ්ඩුව කෙරෙහි තවදුරටත් විශ්වාශය තියලා තිබෙන බවයි පෙනෙන්නෙ. කොහොමටත් ඔවුන්ට උදම් ඇනීමට හැකියාවක් නැහැ. ජනතාවගෙ සැබෑ ගැටලුවලට නිසි අයුරින් පිලියම් යෙදිය යුතුයි. නැතිනම් විකල්පවලට යාවී.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 30 March 2014 09:44 PM

මේ තරම් ජයක් ලබලත් අඩුවෙච්ච ප්‍රතිසතයක් ගැන කතා කරනවා. හරියට පැරදිච්ච එව්වෝ මාධ්‍ය සාකච්ඡා තියල තමන් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා කියනවා වගේනේ මේ හාදයන්ගේ අදහසුත්. මේ වගේ දෙවන පන්තියේ මැතිවරණයකින් වත් කිසිම අභියෝගයක් කරන්න බැරි කට්ටිය ගේ කතාවනම් ඉර හද අල්ලන්න ... .මිනිස්සුන්ගේ උනන්දුවක් නැති මිනිස්සුන්ගේ අවදානයක් නැති රාජ්‍ය පෙරලියක් සිදු නොවන මැතිවරණයකින් පොඩි ප්‍රතිශතයක් අඩු වුනු ගමන් කට්ටිය හරියට රාජ්‍යා බලේ අරගෙන වගේනේ..හරි හරි කට්ටිය දිනුම්.. සන්ධානේ පරාදයි.රජයත් ඉවරයි.ජනාධිපති තුමාගේ ජනාධිපති කමත් ඉවරයි....අනේ මෙහෙමත් මී හරක්..(නදී)

:       0       0

ඉන්දික පත්මසිරි Sunday, 30 March 2014 09:56 PM

ඊලග ජනපතිවරණයේ ජය ප්‍රතිඵල වලින් පෙන්නා දෙන බව ජනපතිතුමාගේ විශ්වාසය තහවුරු වූ බවයි අපිට නම් පෙනෙන්නේ.(නදී)

:       0       0

බණ්ඩාර කටාර් Monday, 31 March 2014 10:06 AM

බත් කන මිනිස්සු රටට ආදරෙයි. රටට ආදරය කරන මිනිස්සු අතිගරු ජනාධිපති තුමා සමගයි අනිත් අයට අපි බනින්නේ නැහැ මොකද තවම මොලේ මෝරලා නැහැ මොලේ මෝරපු දවසක රටට ආදරය කරයි. මොලේ හැදෙන්නට දෙමාපියන්ගේ ජාන බලපානවා ජාන හොද නැති උනහම රට ගැන හැගීම නැති වෙනවා.(නදී)

:       0       0

පිටිගල Sunday, 30 March 2014 10:06 PM

මොනවා කියන්නද මන්දා!(දී).

:       0       0

අරුණ Monday, 31 March 2014 10:44 AM

බණ්ඩාර ,ඇයි කටාර් ගියේ? (නදී)

:       0       0

හේළි Monday, 31 March 2014 11:03 AM

බණ්ඩාර කටාර් ගේ මාර මොලේ. අනේ බණ්ඩාර කටාර්, වාඩි වෙද්දී හිමින් වාඩි වෙන්න, මොකද රටක් වටිනා මොලයක් තැලෙන හින්දා.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 31 March 2014 11:32 AM

හේළි හිතා ගෙන ඉන්නේ එයාගේ මොලේ තියෙන තැනම අනෙක් අයගේ මොළෙත් තියෙනවා කියලා. මේ පායන කාලෙට ඔහොම හිතෙනවා. බණ්ඩාර මහත්තයා ඕවා ගණන් ගන්න එපා. ඔය මිනිස්සුන්ගේ තියෙන්නේ දෙමව්පියන්ගේ ජාන නෙමෙයි.(නදී)

:       0       0

සුනෙත් Monday, 31 March 2014 12:13 PM

මේ වෙලාවේ ආණ්ඩුව පරද්දනවා කියන්නේ අපේ බෙල්ල අපි විසින්ම මිරිකා ගැනීමකි (දී)

:       0       0

තුෂාර Monday, 31 March 2014 12:13 PM

ජනාධි පති තුමනි අපි සැමදා ඔබ සමගයි (දී)

:       0       0

ලේක්කෝ ගලබඩ Monday, 31 March 2014 12:18 PM

අපේ ජනාධිපති තුමාට තෙරුවන් බලයෙන් සවිය ආරක්ෂාව ලැබේවා! (දී)

:       0       0

බී. Monday, 31 March 2014 12:24 AM

ගිලෙන්න යන මිනිහා පිදුරු ගහේ හරි එල්ලෙනවලු. ඡන්දය අඩුවීම විශාල ජයග්‍රහණයක් නම් ඡන්දය හා ආසන වැඩි වූ ජවිපෙ හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යන දෙකටම කුමක්ද වී ඇත්තේ? (නි)

:       0       0

සංජි Monday, 31 March 2014 12:43 PM

2009 යුද්ධය නිම කරනවාත් සමඟ ගත්ත ජන්ද ප්‍රමාණය වසර 5 කට පසුවත් ගන්න ඔිනේ කියල හිතීම දේශපාලනයේ අණුවන කමක්.2009 දී කෘතග්‍රණ දන්න එජාප හා ජවිපේ ජන්ද ගොඩක් ආණ්ඩුවට ලැබුණා .මේ වාගේ ප්‍රාදේශිය මැතිවරණයකදි 60% ට ආසන්න ප්‍රමාණයක් තවමත් ආණ්ඩුව ජන්ද ගැනීම විපක්ෂයේ ජයග්‍රහණයක් යැයි සිතිම මුලාවක්. (දී)

:       0       0

චන්දි Monday, 31 March 2014 12:36 AM

බන්දුල පෙරේරා කඩේ ගියාට කමක් නැහැ සායක් ඇදගෙන කඩේ යන්න එපා.(නදී)

:       0       0

සංජිව Monday, 31 March 2014 01:02 PM

මගේ චන්ද ඔක්කොම වැඩ කළා (දී)

:       0       0

නන්දිකා Sunday, 30 March 2014 06:52 PM

ජනතා විශ්වාසය තහවුරු වුණා. 10% ඡන්දත් අඩු උනා.(නදී)

:       0       0

ගාමිණී Sunday, 30 March 2014 06:54 PM

ජය වේවා ජනපති තුමනි. කොහොම හරි ජෙනරාල්තුමාවත් ඔය ගමනට හවුල් කරගන්න.(නදී)

:       0       0

රමේෂ් Sunday, 30 March 2014 06:54 PM

ආසන ගානක්ම අඩු වෙලාලු නේද ? ඒ ගැනත් හිතට අරන් වැඩ කලා නම් හොඳයි. ජනපතිතුමනි, පාර්ලිමේන්තුවේ ඉන්න වැඩකට නැති අය අයින් කරලා දාන්න.(නදී)

:       0       0

සීලා Sunday, 30 March 2014 06:55 PM

ඒ කියන්න තව තවත් බඩු භාණ්ඩ වල ගණන් උස්සන්න පුලවන් කියන එකනේ. අනේ වාසනාවන්.(නදී)

:       0       0

පණ්ඩිතයා Monday, 31 March 2014 01:21 PM

බන්දුල පෙරේරා මහත්තයො, ඔබේ ප්‍රතිචාරය ට මෙන්න මගේ අනුමැතිය. (දී)

:       0       0

රුවනි තරංගා Sunday, 30 March 2014 06:56 PM

පසුගිය මැතිවරණය සමග සසදනවිට මේක මහා පරාජයක් කියලයි මට හිතෙන්නේ ආණ්ඩුවේ. මීට කලින් තුනෙන් දෙකක තිබුන ඡන්ද ටිකට මොකද උනේ. අන්න ඒකයි අපි හිතන්න ඕනේ.(නදී)

:       0       0

ශේන් Monday, 31 March 2014 02:18 AM

ජනපතිතුමනි, ඔබට ජයවේවා!! තවම බඩට වැඩිය රට ගැන හිතන මිනිසුන් ඉන්න එක ගැන සතුටුයි. නමුත් ජනතාවට පොඩි සහනයක් දෙන්න බලන්න. (නි)

:       0       0

පණ්ඩිතයා Monday, 31 March 2014 01:28 PM

සංජ්, ඔබ හරි... 2009 දී ඡන්ද පදනම ඉහලට ගියේ පැහැදිළි හේතුවකට. වසර 5 කට පසු ඒක අඩුවෙන එක සාමන්‍ය දෙයක්.. කට්ටිය කතා කරන්නෙ දැන් ඉතින් දිනුව කියල... (දී)

:       0       0

තාරක Monday, 31 March 2014 03:16 AM

බන්දුල, ඔයාට මොකද වෙලා තියෙන්නේ? මෙහෙම යනකොට රට ගොඩක් දියුණු වෙයි. (නි)

:       0       0

අජිත් Sunday, 30 March 2014 07:04 PM

ජනාදිපතිතුමනි. ඔබට ජය වේවා.(නදී)

:       0       0

තුසිත Monday, 31 March 2014 01:42 PM

සන්තෝසයි ජනතාව නිවැරදි තීරණය අරගෙන තියෙනවා (දී)

:       0       0

සිල්වා දකුණේ Monday, 31 March 2014 04:00 AM

කට්ටියගේ අදහස් දැක්කම මට මොකුත්ම කියන්න හිතෙනේ නැහැ බන්දුල පෙරේරා ඔබගේ අදහස් වලට මගෙන් මල් මිටක්.(නදී)

:       0       0

සුරේන් Monday, 31 March 2014 01:50 PM

හැම දේම හරියි කියන්නත් බැහැ ටිකක් හිතන්න වෙනවා.(නදී)

:       0       0

සුමනා මානවඩුව Sunday, 30 March 2014 07:13 PM

එතකොට ඡන්ද හා මන්ත්‍රීවරු ගාන අඩුවෙලා තියෙන්නේ ජනතා විශ්වාසය තහවුරු උන නිසාද? (නදී)

:       0       0

ඇසළ Sunday, 30 March 2014 07:20 PM

ඡන්ද අඩුවන්න මුලික හේතුව රට ගැන හිතන පිරිසට වැඩියේ බඩ ගැන හිතන පිරිස වැඩිනිසා. ජීවත්වීම දැන් අපහසු එක ඇත්ත. මෙම ඡන්ද අඩුවීම ගැන හිතල වත් මහජනයාට යම්කිසි ඇගට දැනෙන සහනයක් සැලසීමයි රජයේ යුතුකම.(නදී)

:       0       0

නිශාන් Sunday, 30 March 2014 07:26 PM

දැන ජිනිවා ප්‍රශ්නේ ඉවර වුනා. ඒත් ප්‍රශ්ණය එන්නේ ඊලග ඡන්දෙදි.(නදී)

:       0       0

සංජු Sunday, 30 March 2014 07:29 PM

මම නම් ඔය අැහුවමයි. ඡන්දෙ අඩුවෙලා ජනතා විස්වාසේ තහවරු වෙන විදියක් ගැන. ඒ කියන්නේ පරාද උනා නම් උපරිමය තහවුුරුයි කියන එකද ? අනේ මට තේරෙන්නේ නැහැ මේවා.(නදී)

:       0       0

සරත් Monday, 31 March 2014 02:13 PM

බන්දුල පෙරේරට කරන්ට ඕන සැත්කම තායිලන්තයේ කරනවා. නරකද එහෙ ගිහිල්ල සැත්කම කරගෙන අවොත් ඊලග මැතිවරණයට කලින්. (නදී)

:       0       0

එලෝන් ඩිලෝන්ස් Monday, 31 March 2014 02:14 PM

රජයේ වැරදි හදාගන්න ඔබතුමාගේ ප්‍රතිරූපය විනාශ කරන අය ඈත්කරන්න.(නදී)

:       0       0

චාන්දි Sunday, 30 March 2014 07:43 PM

ගෙදර යන්න කාලේ හරි (නදී)

:       0       0

අමින්ත Sunday, 30 March 2014 07:54 PM

ඔව් තව බොහොම ටික කාලයක් බලයේ ඉන්න පුළුවන් බව පේනවා.(නදී)

:       0       0

මිගිද Sunday, 30 March 2014 07:56 PM

අනේ සර් අපිට හිමි තැන දෙනවදෝ .(නදී)

:       0       0

රිස්වාන් ඩුබායි Monday, 31 March 2014 07:29 AM

විශ්වාසය කෙසේ නමුත් අපේ බඩ කට ගැනත් බලන්න. (නි)

:       0       0

චන්දි Sunday, 30 March 2014 08:09 PM

ජනාදිපති තුමනි ඔබතුමාගේ චන්ද සටනේ ජනතා ජය තහුරු උනාට අපිට නම් එහෙම වුනේ නැහැ.(නදී)

:       0       0

සේන Monday, 31 March 2014 02:47 PM

බන්දුල කියනදේ තේරෙන්නේ නැති අය තමයි ප්‍රථිචාර දාන්නේ.(නදී)

:       0       0

බණ්ඩා Sunday, 30 March 2014 08:10 PM

එන පොට හොද නෑ. බහින කාලේ වගේ.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 31 March 2014 08:11 AM

චන්ධිට උත්තර දෙන්න අවශ්‍ය නැහැ. ගැනුන්ගේ අර මොකක්ද එකක් හැදී මිටේ දිගයි කියනවනේ. හැමදාම විභාගේ ෆේල් වෙන කෙනාට වාර විභාගෙකින් යන්තම් එස් එකක් ලැබුනම ඉතින් උසස් පෙලට ඒ ගන්න කෙනාට වඩා සතුටක් දැනෙනවා තමයි. සතුටු වෙන්න සතුටු වෙන්න.(නදී)

:       0       0

මිහිර Monday, 31 March 2014 08:15 AM

ෂේන්, ඇසළ, මමනම් හිතන්නේ ගියපාරට වඩා අඩු වුණත් මෙතරම් හෝ ඡන්ද ප්‍රමාණයක් ලැබිලා තියෙන්නේ සැළකිය යුතු පිරිසකට තවමත් රටට වඩා වැදගත් දේවල් තිබෙන නිසා කියලයි. (නි)

:       0       0

ශානි Monday, 31 March 2014 08:23 AM

ජනතාව සැමදා ඔබ සමඟයි (නි)

:       0       0

නුවන් Sunday, 30 March 2014 08:44 PM

චන්දෙ අඩු උනේ නම් ජනතා විශ්වාශය නැති උන නිසා කියල තේරෙන්නේ නැතිද?(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 379 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 2729 4

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2023 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 214 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1219 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1327 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26968 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23514 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 398 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site