IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


ජනතා විශ්වාසය වැඩි මහ බැංකු අධිපතිට

 

(විමුක්ති එස් රුද්‍රිගු)

ආර්ථික ප්‍රතිසංස්කරණ මෙහෙයවීම සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ වැඩිම විශ්වාසයක් දිනා ඇති පුද්ගලයා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බවත් ඔහුට සියයට 56.6ක විශ්වාසයක් හිමිව ඇති බවත්  විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නිකුත් කළ නවතම සමීක්ෂණ වාර්තාව පෙන්වා දී තිබේ. එහි දෙවැනි ස්ථානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිව ඇති අතර ඔහුට හිමිව ඇති විශ්වාසය  ප්‍රතිශතයක් ලෙස සියයට 44.5 කි.

එසේම අවස්ථාවක් ලැබුනහොත් සමස්තයක් ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 56.8 ක් වෙනත් රටකට සංක්‍රමණය වීමට කැමති බවත් ඉන් බහුතරය වයස අවුරුදු 18-29 ත් අතර තරුණයන් බවත් එම වාර්තාවේ දැක්වේ.

වයස් කාණ්ඩ ලෙස ගත් විට වයස අවුරුදු 18-29 ත් අතර ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 77.2 අවස්ථාවක් ලැබුණහොත් වෙනත් රටකට සංක්‍රමණය වීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර  වයස අවුරුදු 30 ට වැඩි ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 45.4 ක් අවස්ථාවක් ලැබුණහොත් වෙනත් රටකට සංක්‍රමණය වීමට කැමැත්ත ප්‍රකාශ කළ බව එම වාර්තාවේ දැක්වේ.

එසේම මෙම වාර්තාවට අනුව රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට තීරණය කිරීම ශ්‍රී ලාංකිකයන් සියයට 60.5 අනුමත කර ඇති අතර ඉන් බහුතරයද වයස අවුරුදු 18-29 ත් අතර තරුණයන් වේ.

තවද මෙම වාර්තාවට අනුව මීට වසරකට පෙර තිබූ ආර්ථික තත්ත්වයට වඩා දැන් තිබෙන ආර්ථික තත්ත්වය නරක බව ශ්‍රී ලාංකිකයන් සියයට 79.1 ක් පිළිගෙන ඇත.

මෙම සමීක්ෂණය සඳහා නියැඳි 1000 ක් ගෙන ඇති අතර ඔක්තෝබර් 21 සිට 31 දක්වා මෙම සමීක්ෂණය සිදු කර ඇත.



අදහස් (32)

ජනතා විශ්වාසය වැඩි මහ බැංකු අධිපතිට

ජීවන්දර Thursday, 01 December 2022 11:50 AM

ඕකට මහින්ද රාජපක්ෂ අනුර කුමාර සජිත් ඇතුළත් නොකලේ ඇයි?

:       18       71

nimalThursday, 01 December 2022 06:00 PM

ඔවුන් තිදෙනා ආර්ථිකය හැර අන් සියලුදේ පිලිබදව වේදිකාවේ සහ පාර්ලිමේන්තුවේ දේශන පවත්වයි

:       5       26

BamunuarachchiThursday, 01 December 2022 06:59 PM

රාජපක්ෂලාට තිබුන කැමැත්ත ලක්ෂ 69 ක් කප් එක ගහල ඉවරයි. අනුරගේ නම දැම්මේ නැත්තේ 3% ලැබුනේ ඉතින් තව මොනවද ? ජනතාව පෙන්වන අප්‍රසාදය දැකලා සියදිවි හානිකර ගත්තොත් මල කෙලියයි නේද?

:       21       25

නිහාල් Friday, 02 December 2022 11:59 AM

තව නන්දයෙක්..

:       5       10

LalithM Thursday, 01 December 2022 12:04 PM

සැබෑ වැරදිකරුවන් හෙළිදරව් නොවේ. තවමත් සමහරු විශ්වාස කරනවා පැරණි රෙජිමේන්තුව රට ගොඩගන්න ඉදිරිපත් වෙයි කියලා?

:       33       74

Sisira Thursday, 01 December 2022 12:18 PM

අපිටනම් ඒහෙම මතක නෑ ඉතින්

:       9       39

Senaka Thursday, 01 December 2022 01:24 PM

දේශපාලුවන් ගොඩට ඒ මනුස්සයා ඇදලා දාලා ඒ සසඳන්න යන්න එපා. කරුණාකරලා ඒ මනුස්සයාට තමන්ගේ පාඩුවේ වැඩ කරගෙන යන්න ඉඩ දෙන්න.

:       1       26

Muthu Thursday, 01 December 2022 01:31 PM

කෝටි දෙක හමාරක ජනගහනයෙන් 1000 එක්ක කතා කරලා මොන සමිකෂනයක්ද. නියැදි සීමාවල් හදන්නෙත් ඒ ගොල්ලොමයි ලේසියට. අන්තිමේ අපිට කියන්නේ % ගැන ලොකුවට. ලඟදි මූන 10 - 15 පාරක් පෙන්නුවොත් TV එකේ නිව්ස් වලට, එයා තමයි සමික්ශනේ උඩටම එන්නේ. ටෙලි නිලියෝ උඩටම එන්නෙත් ඒ විදියටමයි.

:       1       29

සිල්වා Thursday, 01 December 2022 02:32 PM

ඔය කියන ආර්ථික ඔස්තර්ලා ඔක්කෝම අය්. එම්. එෆ්. ණය පහසුකම් ලැබෙන තුරු මහජනතාවට ජීවන බර වැඩි කරන අයයි. ඔවුන් ආර්ථිකය ගොඩ දාන එක මහ බොරුවක්.

:       4       9

JagathFriday, 02 December 2022 12:43 PM

ආර්ථිකය ගොඩදැමීමට තමයි IMF ණය පහසුකම් බලාපොරොත්තු වෙන්නේ මිනිස්සුන්ව හුරතල් කරමින් ආර්ථිකය ගොඩදැමිය හැකි මැජික් නෑ. කෙලවුණු මොනම ආර්ථිකය වුවත් ගොඩනැගීම කසාය බීමක් තමා.. මිනිස්සුන්ට ඒක දරාගන්න වෙනවා... බොරුවට දේශපාලඥයින්ට බැනලා වැඩක් නෑ...!

:       5       8

sarath Thursday, 01 December 2022 04:27 PM

නන්දලාල් ඇතුළු මේ අය අද මේ තරම් ජනප්‍රිය වී ඇත්තේ අද ඉන්ධන, ගෑස් හිඟයක් නොමැති බව මතුපිටින් පෙනෙන නිසයි. ඊට සැබෑ හේතුව වර්තමානයේ විදේශ ණය හිමියන්ට හිමි විය යුතු ගෙවීම් පැහැර හැරීමයි. එබැවින් සැබවින්ම අද ජනප්‍රිය විය යුත්තේ ඉන්දියාව, චීනය, බංග්ලාදේශය වැනි අපට ණය දුන් රටවලුයි.

:       5       13

නිහාල් Thursday, 01 December 2022 04:38 PM

දැන් අනිත් නන්දේ ජනාධිපති කරමු

:       4       6

ගමේ එකාලා Thursday, 01 December 2022 05:03 PM

අපිට නම් ඔය නන්දෙලා ගැන කිසිම විස්වාසයක් නැහැ .

:       3       8

sujeewa Thursday, 01 December 2022 05:16 PM

මටනම් ඕකුන් එකේවත් නෙවෙයි අනුර කුමාර පමණයි

:       22       18

sisil Thursday, 01 December 2022 06:03 PM

රාජ්‍ය නිලධාරියකු වන මහබැංකු අධිපති නොමැතිව දේශපාලකයන් පිලිබදව පමණක් කලයුතු සමීක්ෂණයක්

:       0       11

කිරිපුතා Thursday, 01 December 2022 06:14 PM

මහ බැංකු අධිපති තුමාටත් ඡන්දෙ ඉල්ලන ලෙඩේ හැදෙයිද ? ඒනම් එයත් ඉවරයි !

:       3       10

fairoos Thursday, 01 December 2022 06:38 PM

අපි හැමෝම මෙහෙමහරි ජිවත් වෙන්නේ ඔහු නිසා.

:       6       6

ශ්‍රීලන්කිකයෙක් Thursday, 01 December 2022 10:40 PM

දැන්නම් ටික ටික අපේ කට්ටියගේ මොලේ පැදීගෙන එනවා වගේ. අපි තමයි වැඩ්ඩෝ, මහා මොලකාරයෝ රට ගොඩගන්න පුළුවන් අපිට විතරයි කියලා හිතාගෙන ඉන්න පිරිසට මෙන්න පිළිතුරු. කෝ මේ අනුර අය්යා, සජිත් නැහැනේ. ඒගොල්ලෝ කරන්නේ "කොහේද යන්නේ මල්ලේ පොල් "

:       4       12

AkilaSaturday, 03 December 2022 08:34 PM

අම්මෝ ඉතින් මොලේ පෑදීගෙන එන නිසාද? අවුරදු 45 තිස්සේ රට වනසන එකෙක්ට 45% ප්‍රතිශතයක් ඇවිල්ල‍ා තියෙන්නේ...!

:       2       0

pj Friday, 02 December 2022 04:08 AM

ඒ කොහොමද රනිල් 2 ට ආවෙ. රනිල් හිටියෙ අන්තිමයටත් පහළින් නේද? මහජන මතය 69 ලක්ෂයක් අරගෙන මේ ඊයෙ පෙරේදා උඩින්ම හිටයෙ රජ පවුලනෙ. බලාගෙන ගියහම රට කන්නෙ මේ මහජන මතයද?

:       2       18

Perera Friday, 02 December 2022 07:19 AM

2019 දි ගේටා ගැනත් ජනතාව පැහැදිලා හිටියෙ ඔයිට වඩා. ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා සුභාෂිතයේ තියෙනවනේ.

:       2       14

චමින්ද Friday, 02 December 2022 07:47 AM

2019 ට පෙර සිටම සමහර හාමුදුරුවෝ ගෝඨාභය ගේන්න උනන්දුවක් ගත්තා එහි ප්‍රතිඵලයක් ලෙසට 2019 දී ජනතාව ලක්ෂ හැටනවයක් ඉක්මවා මනාප දීලා ගෝඨාභය ජනාධිපති කලා එතැනදී ජනතා මතය නිවැරදියි කියන්න පුළුවන් නම් 2022 අරගලය අවස්ථාවේ මොකද වුනේ තේරුම් ගන්න බැහැ ඒ වගේ නන්දලාල් මහත්මයා ගැන විමසීම නිවැරදියිද කියලා සිතන්න වෙනවා මොකද ලක්ෂ හැටනවයක් ගත්ත කෙනාට වඩා එකම මංත්‍රී ආසනයක් වත් නොමැති කෙනෙකුගේ හැකියාව සම්පූර්ණයෙන්ම වෙනස්වෙලා ජනතාවට සුලුවෙන් හෝ සහනයක් ලැබුනෙ ජනතා මතයක් නැතුව නිසා .තම තමා එල්බගත් අදහසේම සිටින ජනතා මතය පිළිගන්න අමාරුයි

:       1       11

ranjith Friday, 02 December 2022 08:07 AM

ඡන්දයක් තිබ්බනම් ජනතා විශ්වාසය බලාගන්න තිබුණා. පාර්ලිමේන්තුවම අද විකෘත්යකට පත්වෙලා.

:       0       14

චන්දන Saturday, 03 December 2022 09:33 PM

පාර්ලිමේන්තුවම.... ගෙදර......

:       0       1

naleen Friday, 02 December 2022 08:28 AM

දැන් ඉතින් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහත්මාගේ නම විනාස කරලා දානවා දේසපාලු හොර රැළ එකතුවෙලා.

:       1       15

wije Friday, 02 December 2022 09:33 AM

දැන් කට්ටිය නන්දලාල් මහත්තයට වටකරලා පහරදෙයි.

:       0       7

දාස Friday, 02 December 2022 10:22 AM

ඔය මොන මුසාවක්ද, පොළවේ පවතින යථාර්තය ඔයිට වඩා හුඟක් වෙනස් මහත්තයෝ...!

:       5       5

නිහාල් Friday, 02 December 2022 11:56 AM

මොල හතානෝගෙ පය ලෙවකන තමන්ගෙම උගත් කමටත් අපහාස කරන බංඩාර ලොක්කටත් චන්දෙ දීල. ලංකාවේ බයියන්ගෙ තරම හිතා ගත්තැහැකි.

:       0       5

ජයන්ත Friday, 02 December 2022 12:44 PM

දේශපාලකයන් කිහිප දෙනෙක් පමණක් තෝරාගෙන සහ එයට රාජ්‍ය නිලධාරියෙකුද ඇතුළත් කරලා මේ කරන සෙල්ලම/ ගැලපීම මොකක්ද? මට නම් හිතෙන්නේ ප්‍රතිරූප පුම්බන වැඩක් අරඹලා තියෙනවා. පොදු අපේක්ෂක ටාර්ගට් කිරීමක්ද?

:       0       3

Asanka Pradeep Friday, 02 December 2022 01:42 PM

ඔය සමීක්ෂණය කරන්ඩත් අනිවා මිලියන් වලින් ජනතා මුදල් ගිලලා ඇති... නැත්නම් තමයි පුදුමේ...

:       1       1

I LOVE MY COUNTRY Sunday, 04 December 2022 12:14 AM

මෙි වාර්තාව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ( NGO) විසින් නිකුත් කරන ලද්දක්. මෙි වාර්තාවට ඇතුලත් තොරතුරු පුද්ගල 1000 කින්, වයස් කාණ්ඩ කීපයකින් ලබා ගත් තොරතුරැ පමණයි. පාක්‍යසෝති සරවනමුත්තු විධායක අධ්‍යක්ෂක. සභාපති මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර. සැබවින්ම සමස්තම රටෙි පොදු මතය මෙහි ඇතුලත් නොවීම විශේෂයකි. හුදෙක් මත විමසුමක්ම පමණි.

:       0       0

Ajantha Monday, 05 December 2022 01:35 PM

ඊළඟ ඡන්දය දිනන්නට යන රනිල්ගේ තරගයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

බස් - ලොරි - ගිලන් රථ යෝග්‍යතා හොරට දීලා
2025 අප්‍රේල් මස 23 50 0

බස් - ලොරි සහ ගිලන් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියාමනයෙන් තොරව යෝග්‍යතා සහතික නිකුත් කරන බව ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ අනුකාරක


පසුගිය මාස 4ට වෙඩි තැබීම් 37ක්: 26ක් මරුට
2025 අප්‍රේල් මස 23 253 2

මෙම වසර ආරම්භයේ සිට ඊයේ (23) දක්වා වූ මාස 4 කට ආසන්න කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 37 ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 26 කි.


ප්‍රහාරයේ වගකීම බාර ගනී
2025 අප්‍රේල් මස 23 1311 1

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම, ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන


’’ආණ්ඩුවට පාඩමක් කියා දෙන්න ජනතාව බලා ඉන්නවා’’
2025 අප්‍රේල් මස 23 468 5

බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ඩෑන් ප්‍රියසාද් ඝාතනය සිද්ධියට පිය - පුත් දෙපළකට විදෙස් තහනමක්
2025 අප්‍රේල් මස 23 2210 1

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක්


ලංකාවේ රාජ්‍ය සේවයේ ’’කොලිටිය’’ හොයන්න නේපාලයේ කණ්ඩායමක්
2025 අප්‍රේල් මස 23 434 2

නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 637 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 323 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 473 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site