නවීන තාක්ෂණයෙන් යුක්තව ඉදි කැරෙන ජෝන්ද සිල්වා සමරු රඟහලට සුබ මොහොතින් මුල්ගල් තැබීමේ උත්සවයක් අද (10) පැවැත්විණි.
සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී බී ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැති අතර එම අවස්ථාවට කලාකරුවෝ රැසක් සහභාගී වුහ.
පැරැණි ජෝන්ද සිල්වා සමරු රඟහල තිබු භූමීයේම මෙම නව රඟහල ඉදි කෙරෙන අතර එය සිව් මහල් ගොඩනැගිල්ලකින් යුක්තය.
එහි ආසන 800ක රංග ශාලාවක් ද ආසන 200ක බ්ලැක් බොක්ස් රංග ශාලාවක් ද ඇතුළත්වේ. වියදම රුපියල් කෝටි 45 කි.
ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.
මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .
අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .
ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම
කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය
කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජෝන්ද සිල්වා රඟහලට මුල්ගල්
රාජිත සිල්වා Monday, 10 November 2014 01:53 PM
සෙරෙප්පු දෙකක් ගන්න දැන් පුළුවන් වේවි. සුභ අනාගතයක්. (අ)
චාමර Tuesday, 11 November 2014 01:21 AM
මෙතුමා අර අඩිය ගැලවුණ සපත්තු දෙක නෙමෙයි නේද දාගෙන ආවේ? (නි)
චානුක Tuesday, 11 November 2014 01:48 AM
මෙම කටයුත්ත සාර්ථක වේවා! (නි)
වරුණ Tuesday, 11 November 2014 01:55 AM
මේ පාරත් ඇමතිතුමාගේ සෙරෙප්පු දෙක ගැන හොඳ අවධානයෙන් ඉඳලා වගෙයි. ඕකත් කැඩිලා තිබුණොත් පිටරටින් කෝටි ගානකට ඉල්ලයිනේ?අන්තිමට අපිට කැඩිච්ච සෙරෙප්පු විකුණලා හොද විදේශ විනිමයක් උපයන්න පුලුවන්න්. (නි)
හේරත් Monday, 10 November 2014 10:45 AM
දක්ෂයින්ට තැනක්.(හේ)
ටිරාල් Monday, 10 November 2014 10:45 AM
සපත්තුව හොඳයි වගේ (බ)
අනුර Monday, 10 November 2014 05:41 PM
දැන් ලංකාවේ හරි සිනමාවක් තියෙනවද ? රූපවාහිනීයේ නාට්‍යයක් තියෙනවද ගෙදර හැමෝටම එකට බලන්න පුළුවන්. ඔක්කොම මෙලෝ රහක් නැහැ. (නදී)
බන්දුල Monday, 10 November 2014 05:44 PM
ලංකාවේ සිනමාවේ සොහොන් කොත හදන්න මුල්ගල තියන්න. (නදී)
අචිනි Monday, 10 November 2014 12:29 PM
කඩේ යන කට්ටියම නේ ඉන්නේ ? (නදී)
සම්පත් Tuesday, 11 November 2014 05:54 AM
මෙම රඟහලෙන් ප්‍රයෝජනය ගන්න.(හේ)