IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


ජනාධිපතිවරණයේදී ඡන්ද කඩන අපේක්ෂකයන්ට තහංචි

ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්ද කැඩීම සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිමය තදින් ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂවලට දැනුම් දී තිබේ.
 
ඇතැම් අපේක්ෂකයන් නාමයෝජනා බාරදී ව්‍යාජව කටයුතු කරමින් වෙනත් දේශපාලනඥයකුට සහාය දක්වන හෝ ඔහු ප්‍රවර්ධනය වන  අයුරින් කටයුතු කළහොත් එම අපේක්ෂකයා නම් කර ඒ බව ඡන්දදායකයින්ට ප්‍රකාශ කරන බවද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දේශපාලන පක්ෂ නායකයින්ට දන්වා ඇත.
 
එවැනි ව්‍යාජ ලෙස කටයුතු කරන අපේක්ෂකයින්ට ගුවන් කාලය ලබාදීම ඇතුළු සියලු වරප්‍රසාද අහිමි කරන බවද දේශප්‍රිය මහතා පක්ෂ නායකයින්ට ප්‍රකාශ කර තිබේ.
 
ඇතැම් දේශපාලන පක්ෂ තමන්ට දේශපාලන වාසි ලබාගැනීමේ සහ විරුද්ධ දේශපාලනඥයින්ට මඩ ගැසීමේ අරමුණින් හිතාමතාම අපේක්ෂකයින් ඉදිරිපත් කරවන බවද මෙවර එවැනි අපේක්ෂකයන් හඳුනාගතහොත් ඔවුන්ට එරෙහිව තදින් පියවර ගන්නා බවද මැතිවරණ කොමිසම ඉකුත් දා පැවැති පක්ෂ නායක රැස්වීමකදී කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දැනුම් දී ඇත. 
 
ඇතැම් අපේක්ෂකයින් තමන්ට ලැබෙන ගුවන් කාලය වෙනත් ප්‍රධාන අපේක්ෂකයකු වෙනුවෙන් භාවිත කරන අතර, ප්‍රචාරක රැස්වීම් සඳහා ක්‍රීඩාපිටි වෙන්කරවා ගැනීම ඇතුළු අනෙකුත් සියලු පහසුකම් ලබාගෙන වෙනත් අපෙක්ෂකයකු වෙනුවෙන් කටයුතු කරන බවද, සභාපතිවරයා පක්ෂ නායකයින්ට දන්වා තිබේ.
 
ජනාධිපතිවරණයට නාමයෝජනා බාරදී වක්‍රාකාරයෙන් වෙනත් ප්‍රධාන අපේක්ෂකයකුට සහාය පළකරන හෝ ප්‍රසිද්ධ නාමයක් සහිත අපේක්ෂකයින් මැතිවරණයට ඉදිරිපත් කර ව්‍යාජව කටයුතු කිරීම වැනි අවස්ථා හඳුනාගතහොත් මැතිවරණ කොමිසම ඒ පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගෙන ඡන්දදායකයින්ට ඒ බව ප්‍රසිද්ධ කරන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දන්වා ඇත.



අදහස් (17)

ජනාධිපතිවරණයේදී ඡන්ද කඩන අපේක්ෂකයන්ට තහංචි

Dilan Monday, 29 July 2019 05:48 AM

ඒ උනාට දැන් ඉන්න කෙනාට වඩා මහින්ද දාපු ඩුප්ලිකේට් එක්කෙනා හොඳයි.

:       183       411

Deepal Nirosh Monday, 29 July 2019 05:53 AM

මූදට හත් ගව්වක් තියාගෙන අමුඩ ගහන්නෙ නැතුව මුලින්ම මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරල දෙන්න.

:       48       359

සේන Monday, 29 July 2019 06:06 AM

මෙයා බලනවා ඇත්තේ අරයට පාඩුවක් වෙන කෙනෙක් ඇවිල්ලද කියලා වෙන්න ඇති. මෙයා ගැන හොඳට දැනෙනවා

:       209       313

Amila Monday, 29 July 2019 07:56 AM

නිකන් බයිලා ගහන්නේ නැතුව ඉන්න හලෝ. අර ගිය ජනාධිපතිවරණයේ ඩමියක් හිටියනේ.. තමුන් මොකද ඒකට කරේ? නිකන් උඩ බලන් හිටියා විතරනේ...

:       72       76

ඉඳුනිල්Tuesday, 30 July 2019 12:50 AM

ඒ ඩමිය දැන් ඉන්න මෑන්ස්ට වඩා හොඳ බව තාම තේරුණේ නැතෙයි?

:       0       0

Ariyathilaka Monday, 29 July 2019 08:01 AM

කාලෝචිත සාධාරණ තීන්දුවක්.. ජාතිවාදය අනුව වාසි ගැනීමට බලාපොරොත්තු වන අපේක්ෂකයින්ටද මෙයින් වැට බඳිනු ඇත...

:       2       38

rama Monday, 29 July 2019 08:15 AM

කවුද මේ අරයා, මෙයා කියන්නේ...? නම කියලා නම් කරන්න ඇයි ඔච්චර බය...?

:       1       51

de silva berlin Monday, 29 July 2019 08:29 AM

ඔය ඔක්කොම කරන්න ඉස්සරවෙලා ඔබතුමා පිළිවෙලකට තම තනතුරට සුදුසු ඇදුමක් එහෙම ඇඳලා, රැවුල කොන්ඩේ එහෙම කපලා ඉන්න... ප්‍රේමදාස ජනාධිපතිතුමා වගේ පිළිවෙලකට වැඩ කරන, කොන්ද පණ තිබුණු නායකයෙක් හිටියා නම්, රජයේ නිලධාරීන්ට ඔහොම ඇඳගෙන පිස්සු නටන්න හම්බ වෙන්නේ නැහැ. තව අධිකරණයට සම්බන්ධ උසස් රජයේ නිලධාරියෙකුත් ඉන්නවා කොන්ඩේ අඩියක් විතර දිගට වවාගෙන මූණට කඩා දමාගෙන ජීවිතේට කොන්ඩේ පීරන්නේ නැතුව උසවිත් යන, සාමාන්‍ය මනුෂ්‍යයෙක් ටී ෂර්ට් එකක් ඇඳන් උසාවි ගියොත් හරවල එවනවා. අධිකරණයේදී කිවිසුමක් ගියත් කූඩුවේ දමපු අවස්ථා තිබෙනවා. මේ ගොල්ලන් එ්කේ පිස්සු නටනවා.

:       138       124

Prabha Monday, 29 July 2019 11:21 AM

එතකොට අපේ නීතිපතිතුමා උසාවි යන්නේ කොණ්ඩේ පීරලාද?

:       0       165

Hafeel Monday, 29 July 2019 08:30 AM

එහෙමනම් ෆේෂල් කරන ව්‍යාජ අපේක්ෂකයින්ට වැඩේ වරදිනවා.

:       0       35

gaspe Monday, 29 July 2019 11:05 AM

මෙව්වා නිකන් තේරුමක් නැහැ...., කවදා සැබෑවෙන කෙප්පද අනේ?

:       0       3

sisira Monday, 29 July 2019 11:33 AM

ඔයා මොනවා කිව්වත් මේක ලංකාවනේ මහත්තයෝ....

:       3       2

සෙනෙවි Monday, 29 July 2019 11:44 AM

මේවා නිකං සම්ප්‍රප්ඵලාප... මෙයාත් පක්ෂග්‍රාහී වෙන ගමන් අනුන්ගේ වැඩ නවත්වන්නේ කොහොමද?

:       2       30

Nimal Monday, 29 July 2019 11:56 AM

ඔය කොයි උන්මත්තකයා ආවත් ලංකාව කන එක මිසක් පොදු ජනතාවට නම් සෙතක් වෙන්නේ නෑ. ඒකයි මම නම් දන්නේ.... පුලුවන් නම් පළාත් සභා වගේ ඔය මැතිවරණයත් නොතියා ඉන්න. එතකොට නිලධාරීන් ටික මේක ඔය පත්වෙන කෙනාට වඩා හොඳින් කරගෙන යයි.

:       0       22

ඉඳුනිල්Tuesday, 30 July 2019 12:47 AM

නිලධාරීන් තමයි ලොකුම හොරු කියලා ඔබ දන්නේ නෑ මිත්‍රයා...!

:       0       0

Raveendra Monday, 29 July 2019 01:35 PM

උපන් දේශයට ප්‍රිය අපේ මේ දේශප්‍රිය අයියානේ..// ඇයි මේ හදිස්සියේ බලුපොරයට නීති දමන්නේ..// හිතුවද මිනිසුන් පමණක් තරගෙට එ්වි කියා..// ඔට්ටුයි බලමු හිවලුන්, වඳුරන් බල්ලන් එන්නේ කියා..//

:       2       39

සමරසේකර Tuesday, 30 July 2019 01:14 AM

ඡන්ද කැඩීමටත් ඡන්දපොළ නියෝජිතයින් වැඩියෙන් පත්කිරීමටත් මෙම කියන ආකාරයට අපේක්ෂකයන් දානවා. ඡන්ද ගණන්කිරීමේදී මුල්වටය ගණන්කර අවසන් වූ විට සියයට 5ට අඩුවෙන් ඡන්ද ලබාගත් පක්ෂ නියෝජිතයින් ඉවත්කරන්න උපදෙසුත් මෙලෙසටම දෙනවා. නමුත් ප්‍රධාන අපේක්ෂකයාගේ නියෝජිතයන් එවැනි අවස්ථාවල දැඩි විරෝධය දක්වනවා. මම දැකලා තියෙනවා රජයේ මාණ්ඩලික තත්වයේ නිලධාරීන්ට මැතිවරණ කටයුතුවලදී පක්ෂග්‍රාහීව කටයුතු තහනම් වුවත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ කෙනෙකු ඡන්ද රාජකාරි නොකර ගණන් කිරීමේ නියෝජිතයෙක් ලෙසට පැමිණ එලෙස කළබල කරනවා. එවැනි අවස්ථාත් නැතිකළ යුතුය. තවත් විශේෂ දෙයක් කියන්න තියෙනවා. සමහර ඡන්ද දායකයන් තම අපේක්ෂකයාට ඇති දැඩිම කැමැත්ත නිසා ඡන්ද ලකුණ ඉදිරියේ ගැසූ කතිරය පාට කරනවා. එවැනි ඡන්ද ප්‍රතික්ෂේප කරන ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරිනුත් සිටිනවා කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සූර්වී උඩුගුවනේදී අනඟරැඟුම් පෑ විදේශිකයාට දඩ
2025 අප්‍රේල් මස 24 111 0

උඩු ගුවනේදී සුර් වී ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් ඉදිරියේ අනග රැඟුන්පැ 65 හැවිරිදී ස්විඩන් ජතිකයෙකුට රුපියල් 26500. 00 දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ


ඕඩිසී දුම්රියේ ටිකට් වංචාවට SMලා සම්බන්ධ දැයි විමර්ශන
2025 අප්‍රේල් මස 24 57 0

ඇල්ල ඕඩිසී දුම්රිය ටිකට් පත් වැඩි මිලට විකිණීමේ ජාවාරමට දුම්රිය ස්ථානාධිපතිවරුන් හා කාර්ය මණ්ඩලය සම්බන්ධ වී ඇද්ද? යන්න පිළිබඳව දුරකථන විශ්ලේෂණ වාර්


පාප්වහන්සේ වෙනුවෙන් දිව්‍ය පූජාව 26දා කොටහේනේදී
2025 අප්‍රේල් මස 24 47 0

ශුදතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශ්‍රි ලංකාවේ වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උදේග්වා හිමිපාණන් සහ ශ්‍රි ලංකාවේ රදගුරුතුම


ට්‍රම්ප්ට නඩු පිට නඩු
2025 අප්‍රේල් මස 24 363 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකාවේ ජනපද 12 ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඇමෙරි


ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොකු සමුළුවක් ලංකාවට
2025 අප්‍රේල් මස 24 221 0

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2025 වර්ෂයට අදාල දකුණු ආසියානු කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට එකඟතාවය පළ වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජ


රනිල්ගෙන් මෝදිට ලියුමක්
2025 අප්‍රේල් මස 24 544 0

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහළගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙලා දකින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 695 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 345 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 491 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site