IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ජනාධිපතිවරණයෙන් මෛත්‍රී ජය ගන්නා බව ජ්‍යොතිෂ සංගමයක් කියයි

ඉදිරි ජනාධිපතිවරණයෙන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ගන්නා බව ස්වාධීන ජ්‍යෝතිර් වේදීන්ගේ සංගමය අද සෝලිස් හෝටලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.

නාත්තන්ඩියේ පී ඩී පෙරේරා, ගාමිණී බුලත්සිංහල සහ කේ ඒ යූ සරත්චන්ද්‍ර යන ජ්‍යෝතිර්වේදීහු ඊට එක්වූහ.

2014 අවසානයේ ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්වන බව, කාන්තාවක් එහි මූලිකත්වය ගන්නා බව හා නොසිතූ චරිතයක් පොදු අපේක්ෂකයා බවට පත්වන බවටත් තමන් මින් පෙර කී සියලු අනාවැකි සත්‍ය වූ බවත්,    ජනාධිපතිවරණයෙන් සිරිසේන මහතා ජයග්‍රහණය කරන බවත් නාත්තන්ඩියේ පී ඩී පෙරේරා මහතා කීවේය.

සිරිසේන මහතාගේ කේන්ද්‍රයේ රාජ යෝග රැසක් ඇති බවත්, ඔහු නියත වශයෙන්ම ජනාධිපතිවරණය ජය ගන්නා බවත් ගාමිණී බුලත්සිංහල සහ කේ ඒ යූ සරත්චන්ද්‍ර මහත්වරු කීහ.

මේ අතර ජනාධිපති ජෝතිෂ උපදේශක සුමනදාස අබේගුණවර්ධන මහතා පුවත්පතකට සාකච්ඡාවක් ලබා දෙමින් කියා තිබුණේ ජනාධිපතිවරණයෙන් නියත වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජය ගන්නා බවයි. සිරිසේන මහතාගේ කේන්ද්‍රයේ රාජ යෝග නැතැයි ද ඔහු කියා තිබිණි.



අදහස් (0)

ජනාධිපතිවරණයෙන් මෛත්‍රී ජය ගන්නා බව ජ්‍යොතිෂ සංගමයක් කියයි

සමන් Monday, 05 January 2015 06:30 AM

මේ කට්ටිය ගැන නම් අහලවත් නෑ.(හේ)

:       0       0

චමිල Monday, 05 January 2015 06:34 AM

මෛත්‍රී විශිෂ්ට ජයක් ලබනවා.(හේ)

:       0       0

චනොත් Sunday, 04 January 2015 05:01 PM

මෛත්‍රී අනිවාර්යයෙන් දිනනවා (නි)

:       0       0

වීරසේකර Sunday, 04 January 2015 05:43 PM

මම නම් කියන්නේ මහින්ද මහත්තයා දිනනවා (නි)

:       0       0

යසංග Sunday, 04 January 2015 06:03 PM

හරි හරි අපි බලමුකෝ! (නි)

:       0       0

බණ්ඩාර Monday, 05 January 2015 03:24 PM

මෛත්‍රී විශිෂ්ට ජයක් ලබනවා (නි)

:       0       0

ආනන්ද Monday, 05 January 2015 07:44 AM

එහෙම රාජ යෝග ‍තියෙන තවත් අය ඉන්නවද දන්නෙ නැහැ (නි)

:       0       0

වීරසිංහ Sunday, 04 January 2015 06:27 PM

මමත් හිතන්නේ මෛත්‍රී දිනනවා (නි)

:       0       0

ඩයස් Monday, 05 January 2015 07:48 AM

අනාවැකියක් ඉටුවෙන්නත් පුළුවන්.නොවෙන්නත් පුළුවන්. නමුත් ඡන්දය තියෙන්නේ මිනිසුන්ගේ අතේ සහ හිතේ (නි)

:       0       0

යමුනා Sunday, 04 January 2015 06:30 PM

මෛත්‍රී විශිෂ්ට ජයක් ලබනවා (නි)

:       0       0

චානක. Sunday, 04 January 2015 07:16 PM

මම ජ්‍යෝතිෂය පිළිගන්නවා එදා මුළු රටම කම්පාකළ සුනාමිය පිළිබඳ රටට කිව්වා නම්. කාටද එහෙම පුළුවන්කම තිබුනේ? මනසට,බුද්ධියට තැන නොදී නොපෙනෙන නොදකින අන්ධ භක්තියෙන් දියුණුව පැතීම මම නම් නොකරමි (නි)

:       0       0

හරේශ් Sunday, 04 January 2015 07:53 PM

මෛත්‍රීපාල අනිවාර්යයෙන්ම දිනනවා (නි)

:       0       0

මොහමඩ් Sunday, 04 January 2015 08:30 PM

ජ්‍යෝතිෂය යනු කුමක්ද යන්න මට නම් මෙයින්ම තහවුරු වෙනවා. (නි)

:       0       0

අමා Monday, 05 January 2015 08:16 AM

ජ්‍යෝතිෂය මොනවා කිවුවත් දිනන්නේ අපේ ජනපති මහින්ද (නි)

:       0       0

ඛාන් Monday, 05 January 2015 08:15 AM

ජ්‍යෝතිෂය කුමක්දැයි යන්න ‍තේරුම් ගැනීමට මේ සිද්ධියම ප්‍රමාණවත් (නි)

:       0       0

ඛාන් Monday, 05 January 2015 08:17 AM

රමණි, ඔයාගේ කටට සීනි බෝල අහුරක් දාන්න වටිනවා (නි)

:       0       0

කුමාර Sunday, 04 January 2015 10:35 PM

තව දවස් 4 කින් ඔය කවුරු කියපුවා හරිද කවුරු වැරදිද කියලා දැනගන්න පුළුවන්නේ (නි)

:       0       0

පත්මසිරි මාපලගම Monday, 05 January 2015 08:22 AM

නක්ෂත්‍ර කරුවන් කියන ඒවා විස්වාස කරනට බැහැ , දිනන්නේ ඡන්දය දමන බහුතරය අනුව , හොරට දිනන්නත් පුළුවන් , නක්ෂත්‍ර කරුවන් කඩේ යන පැත්තට ඔවුන් කියනවා දින්නාවා කියා. (ස)

:       0       0

ලියොන් ගුණවර්ධන Monday, 05 January 2015 12:24 AM

ජ්‍යෝතිර්වේදීන් මේ අනාවැකි කියන්නේ තරු බලලාද? නැත්නම් වටපිටාව බලලාද? (නි)

:       0       0

ලංකා Monday, 05 January 2015 08:32 AM

මේ සරත්චන්ද්‍ර මම දන්නවා. මිනිහා කියන දේවල් සාමානයෙන් හරියන්නේ නැහැ. කියන දෙයට වෙනස් දෙයක් වෙන්නේ.(නදී)

:       0       0

නුවන් Monday, 05 January 2015 08:37 AM

මෛත්‍රීපාල අනිවාර්යයෙන්ම දිනනවා. (නදී)

:       0       0

ඒඩ්‍රියන් දි මෙල් Monday, 05 January 2015 01:35 AM

තරු බලලද තරු පෙනිලද ? (නදී)

:       0       0

සනත් Monday, 05 January 2015 08:55 AM

මෙහි සිටින අය තමා කිසියම් විශ්වාසයක් තියන්න පුළුවන් අය. (නි)

:       0       0

ශිරන්ති Monday, 05 January 2015 01:53 AM

ස්වාධීනයි කියන හුගක් අය ගැන කියන්නත් කණගාටුයි (නි)

:       0       0

රුවන් Monday, 05 January 2015 01:53 AM

දැන් ඔය කියන විදියට දිනුවට පස්සේ ආයෙත් මිනිස්සු කේන්දර බලන්න මේගොල්ලෝ ළඟට එයිද දන්නෙ නැහැ (නි)

:       0       0

සඳුන් Monday, 05 January 2015 09:13 AM

අනිවාර්යෙන්ම මහින්ද මහත්තො දිනනවායි,(හේ)

:       0       0

චන්දන Monday, 05 January 2015 09:19 AM

මෛත්‍රී අනිවාර්යෙන් දිනනවමයි (බ)

:       0       0

සීතා Monday, 05 January 2015 09:28 AM

මේකත් හරියට සැමියයි බිරියයි පක්ෂ දෙකක ඉන්නවා වගෙයි. කවුරු දින්නත් පැරදුණත් පවුල දිනුම්.(දිල්)

:       0       0

පහන් Monday, 05 January 2015 02:31 AM

ජෝතිෂ්‍ය කියන්නේ බොරුවක්. ඕකෙන් ජීවත්වෙන කට්ටිය ඉන්න නිසා බොරුව උනත් පවතිනවා (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 05 January 2015 02:32 AM

පපුවේ අමාරුවට කකුලේ අමාරුවක් කියන්නේ, මොලේ අමාරුවක් වත් හැඳුනද ? එ්ක නිසා ගණන් ගන්න එපා. (නදී)

:       0       0

හර්ෂ කුමාර Monday, 05 January 2015 09:39 AM

අනිවාර්යෙන් රට වෙනස් විය යුතු කාලය ඇවිත්.(හේ)

:       0       0

මොහාන් Tuesday, 06 January 2015 12:51 AM

මමත් හරියටම 9 වෙනිදාට කියන්නම් (නි)

:       0       0

රුවන් Monday, 05 January 2015 09:44 AM

මෛත්‍රීපාල අනිවර්යෙන්ම දිනනවා සාධාරණ ඡන්දයක් තිබ්බොත්.(හේ)

:       0       0

අනුර ගුණරත්න Monday, 05 January 2015 09:46 AM

අනිවාර්යෙන්ම මෙෙත්‍රී දිනනවාමයි.(හේ)

:       0       0

ටෙක්ලා Monday, 05 January 2015 03:21 AM

අපි බලමුකෝ... නේද? (නි)

:       0       0

ජනක Monday, 05 January 2015 10:01 AM

ජෝතිෂ්‍ය කියන්නේ නම් බොරුවක්.. ජෝතිෂ්‍ය ඇත්තක් නම් දෙගොල්ල දෙකක් කියන්නේ කොහොමද..? එක්කෝ මේ එකෙක් වත් ජෝතිෂ්‍ය දන්නේ නෑ. එක්කෝ ජෝතිෂ්‍ය කියල එකක් නෑ. ඒක උතුම් සාස්තරයක් නම් බොරු කියල පීචං වෙන්නේ නැතිව වැඩක් බලාගෙන් හිටිය නම් හරිනේ. මේ දෙගොල්ලන්ගෙන් එක ගොල්ලක් කියන දේ බොරු උනාම තමන්ගේ සාස්තරේ බලු වෙනවනේ..(බ)

:       0       0

යසපාල Monday, 05 January 2015 03:23 AM

අනේ මන්දා මේවා නම්... (නි)

:       0       0

අනන් පෙරේරා Monday, 05 January 2015 03:22 AM

ඒත් සමහරුන්ට නම් දැනටමත් රාජයෝග වැඩකරල‍ා ඉවරයි. (නි)

:       0       0

සමන් Tuesday, 06 January 2015 02:09 AM

මෛත්‍රීට ජයවේවා! (නි)

:       0       0

මාලි Monday, 05 January 2015 03:29 AM

පේනවා නේද? මට නම් මේ ඔක්කොම එකයි. (නි)

:       0       0

විභූති‍ Monday, 05 January 2015 03:31 AM

තව ටික දවසනේ! (නි)

:       0       0

සුරංග Tuesday, 06 January 2015 02:14 AM

ඡන්දය අවසන් වුණාම තමයි කවුද දිනුවෙ කියලා දැනගන්න පුලුවන් වෙන්නෙ.මේ කාලෙ කවුරු මොනවා කිවුවත් ඒ ගැන දෙපාරක් හිතන්න වෙනවා. (නි)

:       0       0

යසංග Monday, 05 January 2015 03:44 AM

මෛත්‍රීට ජයවේවා! (නි)

:       0       0

තුෂාර Monday, 05 January 2015 03:46 AM

අනිවාර්යයෙන්ම මෛත්‍රී මහතා දිනනවා (නි)

:       0       0

ඇන්න් Monday, 05 January 2015 03:45 AM

ලංකාදීපයට පින් මේක දැම්මාට. (නි)

:       0       0

ජයන්ත Monday, 05 January 2015 03:51 AM

මේවා නම් මම පිළිගන්නේ නැහැ (නි)

:       0       0

සරත් පියසේන Monday, 05 January 2015 04:02 AM

මම කියංනෙ කේන්දර බොරු කාරයෝ පරදිති ඡන්ද ඉල්ලන්නෝ දිනති. කේන්දර බලන්න දන්නෙ නැතුව බේගල් කියන්න එපා ...ජනතාව බුද්ධිමත් ..ලංකාවෙ කේන්දර විස්වාස කරන පිරිසක් ඉන්නවා ..අනික් පිරිසකුත් ඉන්නවා ,,දේශපාලනය වගෙ. අවසාන වශයෙන් කියන්න දිනන නායක මහින්ද (බ)

:       0       0

ජෙහාන් Monday, 05 January 2015 04:14 AM

ඔය හැම හැමෝම කියන අනාවැකියක් ආතතිය හදා ගන්නේ නැතිව , වෙඩි තියා ගන්නවා කියල පුරවැසියන් වික්ෂිප්ත කරන්නේ නැතිව කියාගන්න. (බ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 05 January 2015 04:44 AM

එතකොට තම තමන්ට වැළ‍ඳෙන අසනීප ගැන ඕකෙන් දැනගන්න බැරිද? (නි)

:       0       0

ගමගේ Monday, 05 January 2015 04:52 AM

බලනකොට මේ දෙගොල්ලොම මේවා හරියටම දන්නේ නැහැනේ. (නි)

:       0       0

නාරද Sunday, 04 January 2015 03:17 PM

ඔක්කොම එකයි........ (නි)

:       0       0

සිරිල් මාලදිවයින Monday, 05 January 2015 05:14 AM

ඡන්දය පැත්තකින් තියමු. පේනවා නේද එකම විෂය ඉගෙනගත්තයි කියන අය කියන පරස්පර කතා. ජ්‍යෝතිෂය හරිද වැරදිද කියන්න දන්නෙ නැහැ. හැබැයි ඔය කියන කවුරුවත් හරිහැටි ජ්‍යෝතිෂය දන්නෙ නැහැ කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

ශාන්ත Monday, 05 January 2015 05:20 AM

ජෝතිශ්‍ය බොරු (නදී)

:       0       0

ඒඩ්‍රියන් ද මෙල් Sunday, 04 January 2015 03:19 PM

මෙතන සිටින එක ජ්‍යෝතිෂ මහතෙක් රජය සමඟ අමනාපයෙන් සිටියාලු නේද සෑහෙන කලක පටන්. (නි)

:       0       0

නිශාන්ත Sunday, 04 January 2015 03:19 PM

ජ්‍යොතිෂයට සියල්ල තීරණය කළහැකිද? (නි)

:       0       0

අසංක Sunday, 04 January 2015 03:22 PM

ලෝකේ ඉන්න ලොකුම බොරුකාරයෝ තමයි මේ කේන්දරකාරයෝ. හොඳම අපේක්ෂකයා දිනයි. (නි)

:       0       0

ජිලාන් Monday, 05 January 2015 05:28 AM

කට්ටිය දැන්ම කලබල වෙන්න එපා. (නි)

:       0       0

කුමාර් Sunday, 04 January 2015 03:30 PM

හරි හරි බලමුකෝ! (නි)

:       0       0

අශෝක Monday, 05 January 2015 05:31 AM

රටට හොඳක් වෙනවා නම් කවුරු දිනුවත් එකයි (නි)

:       0       0

වීරසිංහ Sunday, 04 January 2015 03:31 PM

දිනන බව ස්ථිරයි (නි)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 04 January 2015 03:34 PM

පව් අනේ! (නි)

:       0       0

මායා Monday, 05 January 2015 05:37 AM

අපිත් හිතනවා මෛත්‍රී මහත්තයා දිනයි කියලා (නි)

:       0       0

දුමින්ද Sunday, 04 January 2015 03:35 PM

රාජයෝග ඇති අය දැන් රෝහල්ගත වී ඇතුවාට සැක නැත (නි).

:       0       0

රොෂාන් Sunday, 04 January 2015 03:39 PM

බැලූ බැල්මට මෛත්‍රී මහතා දිනන බව පේනවා. (නි)

:       0       0

සිරිල් Sunday, 04 January 2015 03:45 PM

එහෙනම් ඡන්දෙ දෙන්න ඕනෑ නැහැ (නි)

:       0       0

ජෙහාන් Monday, 05 January 2015 05:48 AM

මෙතන බන්දුල පෙරේරාත් ඉන්නවද දන්නේ නැහැ. මනුස්සයා පසුගිය දවස් ටිකේම ඡන්ද අනාවැකි කිව්වේ අපේ නම් දිහා බලලා. (නදී)

:       0       0

දිනූෂා Sunday, 04 January 2015 03:46 PM

කවුරු දිනනවද කියන්න අපි කරදර වෙන්න ඕනෑ නැහැ.. (නි)

:       0       0

සමන් Sunday, 04 January 2015 03:48 PM

බොරු කියපු වරදට සුමනෙට මොනවාහරි වෙයිද? (නි)

:       0       0

සරසි Monday, 05 January 2015 05:48 AM

අනාවැකි කියන්න ගිහින්, අන්තිමට ආතතිය කියල මේ හැමෝම රෝහල් ගත වේද දන්නේ නැහැ. (නදී)

:       0       0

උදයකාන්ත Sunday, 04 January 2015 03:51 PM

පොදු අපේක්ෂකගේ ජය නියතයි. ශ්‍රී ලංකාවට ජය වේවා. (නි)

:       0       0

ජ්‍යෝතිෂවේදියා. Monday, 05 January 2015 05:53 AM

1956 සෙනසුරු හිටියේ වෘශ්චික රාශියේ. බණ්ඩාරනායක මහත්තයා විශිෂ්ට ජයක් ලැබුවා. 1987 සෙනසුරු හිටියේ වෘශ්චික රාශියේ. අලුත් අපේක්ෂකයෙක් එ. ජා .ප යෙන් මතුවුණා. දැන් සෙනසුරු ඉන්නේ වෘශ්චික රාශියේ. අනිවාර්යයෙන්ම වෙනසක් වෙනවා.(නදී)

:       0       0

මුදිත Sunday, 04 January 2015 03:53 PM

‍අපිට නම් රාජ යෝග නැහැ (නි)

:       0       0

රමනී Monday, 05 January 2015 05:55 AM

රටම කන්නේ ඔය ජෝතිර්වේදියෝ තමා. අපිවත් කාළා, ජනාධිපතිතුමාවත් කැවා (නදී)

:       0       0

සරත්චන්ද්‍ර Sunday, 04 January 2015 03:55 PM

ජය ශ්‍රී ! (නි)

:       0       0

ටිරෝන් Sunday, 04 January 2015 04:04 PM

ඔය මොන බයිලත් 9 වෙනිදා එළිවෙනතුරු විතරයි (නි)

:       0       0

විමල් දළුගම Sunday, 04 January 2015 04:07 PM

අනේ! මෙයාලා ලංකාවේද ඉන්නේ? (නි)

:       0       0

පාලිත Sunday, 04 January 2015 04:16 PM

ඡන්දය දිනන්නේ පොදුජන ඡන්ද වලින් (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 05 January 2015 06:25 AM

මෛත්‍රීපාල අනිවාර්යයෙන්ම දිනනවා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 286 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 923 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 49 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1773 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6317 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1849 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 969 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 339 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site