IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ජනාධිපති ගන්නා පැත්ත

(අංජුල මහික වීරරත්න)

කිසි විටෙක කාගේවත් පැත්තක් නොගන්නා අතර තමා ගන්නා එකම පැත්ත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීමේ පැත්ත  බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් හමුවේ අද (9) පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම වෙනුවෙන් ආණ්ඩුව ලෙස බලධාරීන්ට සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව ද ජනාධිපතිවරයා එහිදී පැවසීය.
ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 1996 වසරේදී ලංකාව ලෝක කුසලානය දිනා ගන්නා මට්ටමට රැගෙන ආ බව කී ජනාධිපතිවරයා තමා ,රජය ඇතුළු සියලු පාර්ශව වල එකම අරමුණ  විය යුත්තේ නැවතත් ඒ තත්ත්වයට ශ්‍රී ලංකා ක්‍රිකට් ගෙන ඒම යැයි සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග අයි.සී.සී ආයතනය යම් කාරණයක් සම්බන්ධයෙන් පෙරේදා (8) කතා කර තිබෙන බවට තමාට ආරංචි ලැබී ඇතැයි කී ජනාධිපතිවරයා තමාට ඇති එකම බය ඒ කාරණය යැයිද සඳහන් කළේය.

වර්තමානයේ  පැන නැගී ඇති තත්ත්වය අනුව කමිටු දමා විසඳුම් සෙවීම පලක් නොවන බව කී ජනාධිපතිවරයා කළ යුතු එකම දේ සම්පූර්ණයෙන් ක්‍රිකට්  නීතිය වෙනස් කිරීම බව සඳහන් කළේය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් චිත්‍රසිරි වාර්තාව ඒ අනුව ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇති බවද ජනාධිපතිවරයා කීය .

ජේ.ආර්.ජයවර්ධන පාලන සමයේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළ බව පැවසූ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකල පාසල් ක්‍රීඩාව ගොඩනැගීම සම්බන්ධයෙන් තමාට ද වගකීමක් පවරා තිබූ බව කීය.

පාර්ලිමේන්තු කමිටු ශාලාවක දී ජනාධිපතිවරයා සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර මෙම හමුව පැවැත්විණි.



අදහස් (13)

ජනාධිපති ගන්නා පැත්ත

Nalin Thursday, 09 November 2023 06:24 PM

ඉවත් කළයුතු කුණුගොඩාක් බදාගත් නිසා රනිල් මහතාට තිබුණු ජනතා කැමැත්තත් අඩුවෙයි. කිරිකලයටගොම ගොඩක් දාගත්තා වගේ වෙයි. කොහොමටත් පොහොට්ටුව තවදුරටත් ජනතාවට එපාවෙයි.

:       11       28

Lakmal Thilakarathne Thursday, 09 November 2023 09:48 PM

රනිල් කවද්ද කිරි කලයක් වුනේ ගොම වැටෙන්න. එයා ගොම ගොඩක්ම තමා. අනිත් එක එයාට කොහේද ජනතා කැමැත්තක්?

:       1       6

ලුම්බිණි Friday, 10 November 2023 03:50 AM

රනිල් මහත්තයාට ජනතා කැමැත්තක් තිබුනේ කවද්ද?

:       2       7

Praba Thursday, 09 November 2023 07:01 PM

එක පැත්තක විගණන වාර්තා මගින් දූෂිත යයි සම්මත වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය. අනිත් පැත්තේ දූෂිතයින් පන්නමු යයි එක්සත් වූ පාර්ලිමේන්තුව. ජනාධිපති දෙපැත්තටම සමයි. එක්සත් ජාතීන්ගේ සංගමයට අභියෝග කළ තැනැත්තා ICC එකට බයයි. කාටද අප්පා මේ සුදුලූනු පොඩි කරන්නේ...?

:       5       24

Nimal Thursday, 09 November 2023 07:02 PM

මට හිතෙන්නේ මේ ප්‍රශ්නය අපිට පේනවට වඩා එහාගිය රාජ්‍ය තාන්ත්‍රිකව බැඳුණු දෙයක්... ඒකයි ජනාධිපති සද්ද නැතිව ඉන්නේ...!

:       10       7

චන්දන Thursday, 09 November 2023 07:28 PM

අනේ නිකන් ඉන්න... පච කෙලින්නෙ නැතිව... අපි නොදන්න රනී..!

:       2       17

Raaman Thursday, 09 November 2023 09:27 PM

දැන් රනිල් පොහොට්ටුව නෙවෙයි. ආපහු unp සහ පරණ යාළුවන් සමග. කොහොමත් ඉතින් born again එකට කැමති ඇති. උඩින් බෞද්ධ වුණාට ගියේ පන්සලට නෙවෙයිනේ. කුරුණෑගල බිෂොප් ලක්ෂ්මන් වික්‍රමසිංහ ඔහුගේ බාප්පා. තාත්තාගේ මල්ලී. රනිල් බෞද්ධ නොවීම නොවෙයි ප්‍රශ්නය. තමුන් උපන් ආගම කාටත් වටින්න ඕනෑ. නමුත් රනිල් බොරු බෞද්ධයෙක්. අන්න ඒක තමයි ප්‍රශ්නය. ඉතින් එහෙම කෙනෙක් විශ්වාස කරන්න අමාරුයි.

:       3       9

Asanka Thursday, 09 November 2023 10:02 PM

මෙතුමා අනිවාර්යෙන්ම ශම්මිගේ පැත්තේ තමයි ඉන්නේ... හොඳටම ඒක තේරෙනවා. මෙයාගේ පිටිපස්සේ ඉන්න ප්‍රධාන ගෝලයෝ දෙන්නා ශම්මිට තමයි උදව් කරන්නේ, කෝටි ගණන් අතයට ගනුදෙණු වෙනවා..!

:       1       3

kotiya Friday, 10 November 2023 01:49 AM

ඒකනේ. දැන් බලන්න මහ බැංකු වංචාව වෙච්ච වෙලේ කිසිම පැත්තක් ගන් නැතුව අර අහිංසක අර්ජුණ ඇලෝසියස්ට රට යන්න දුන්නෙ ඔබ තුමානේ. දැන් අධිකරණ වලින් අර්ජුණ ඇලෝසියස්ව නිදොස් කොට නිදහස් කරනවනේ. එහෙම නොවුනොත් නීතිපති තුමා නඩුව ඉල්ලා අස්කොරගෙන හරි ඇලෝසියසියස්ව නිදහස් කරනවනේ. කොයිතරම් සාධාරණද ඔබ තුමා. මේ තරම් සාධාරණ මනුස්සයෙක් බුදු හාමුදුරුවන්ගෙන් පස්සෙ මේ ලෝකෙට පහල උනාමයි.... අම්මපා....

:       1       8

A supporter of Elephant Pohottuwa Friday, 10 November 2023 09:08 AM

බුකීකරුවන් විසින් පාලනය කරනු ලබන දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැත්ත තමා ගන්නා බව ජනපති හෙළිකර ඇත.

:       2       5

Nadadawa withanage sisira kumara Friday, 10 November 2023 12:24 PM

අපි නොදන්න කෙනෙක්ද මෙයා...?

:       1       4

Rata Perata Friday, 10 November 2023 01:03 PM

මේ සූත්තර පුංචා හිතාගෙන ඉන්නේ ජනතාව කන්නේ තණකොළ කියලාද කොහේද? ඔයා බලෙන් ගත්තු පින් තනතුර ඉවර වෙලා වරෙන්කෝ ඡන්දෙකට...?

:       2       4

de silva Friday, 10 November 2023 04:31 PM

ජනාධිපති ගන්නේ රවී කරුණානායක, අර්ජුන මහේන්ද්‍රන්, ශම්මි සිල්වා වැනි යුරෝප් තාලෙට අඳින, ඉංග්‍රීසි කතාකරන ඩොලර් මිලියන ගණනින් හොරකම් කරන මිනිස්සුන්ගේ පැත්ත තමයි කවදත්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 50 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1582 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 464 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 83 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 428 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 2307 1

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39700 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 7 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1228 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site