IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ජනාධිපති නිල ගුවන් යානය එපා කියයි

ජනාධිපතිවරයාට පමණක් භාවිතා කිරීමට නිල ගුවන් යානයක් ලබන මාසයේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පැවසීය. එය ඇමෙරිකානු ඩොලර් මිලියන 16ක් හෙවත් රුපියල් කෝටි 208 ට වැඩි බවත් හෙතෙම කීවේය. මේ සඳහා මුදල් ගෙවන්නට නියමිතව තිබුණේ මහා භාණ්ඩාගාරයෙන් බවත් ඒ ගැන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කර එම ගුවන් යානය ගෙන්වීම නවතා මුදල් ජනතා සුබ සිද්ධියට යෙදවීමට තීරණය කළ බවත් ජනාධිපතිවරයා කීවේය.



අදහස් (0)

ජනාධිපති නිල ගුවන් යානය එපා කියයි

මාධවී Sunday, 01 February 2015 03:23 AM

මොන බොරුද. ඒක ජනාධිපතිට වෙනම යන්න ගේන එකක් නෙවෙයි. ශ්‍රී ලංකන් එකට කොහොමත් ගේන අලුත් ගුවන්යානයට සවි කරන්න පුළුවන් එකක් විතරයි. (නදී)

:       0       0

නාලක Sunday, 01 February 2015 03:34 AM

අපි තුන්වෙනි ලෝකයේ දුප්පත් රටක් (නදී)

:       0       0

බණ්ඩාර Sunday, 01 February 2015 03:37 AM

මාධවී, ඕවා මේ මිනිස්සුන්ට කියල වැඩක් නෑ. මේවා තනිකරම ඉරිසියාව සඳහා පමණයි. අනික ලබන මාසයේ එන්න තිබ්බ නම් ඔහොම අවලංගු කරන්න පුලුවන්ද? නවත්වපු ඒවා හැර අලුතින් පටන් ගත් දෙයක් ගැන කියන්න. නැතිනම් අලුතින් පටන් ගන්න යන දෙයක් ගැන කියන්න. (නදී)

:       0       0

අබේ - ටෝකියෝ Sunday, 01 February 2015 04:56 PM

කෝ අර පාවෙන අවි ගබඩාව සම්බන්දව තොරතුරු. මේවා ඔක්කම මඩ (නදී)

:       0       0

නිපුන් Sunday, 01 February 2015 03:45 AM

මේක රාජපක්ෂ ගෙනාවේ තමන්ගේ පෞද්ගලික ගමන් යන වෙලාවට ඒ330 ගුවන් යානයට සවි කරගන්න. අපිට මේ අනවශ්‍ය නාස්ති වැඩක් නෑ (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 01 February 2015 03:52 AM

මාධවී, හිතාගෙන ඉන්නේ අපි කොන්ඩේ බැඳපු චීන්නු කියලද? හිටපු ජනාධිපති වරයට වෙනම ගුවන් යානයක් ගෙනාවා කියල කිව්වේ ජනාධිපතිවරණයට බොහොම කලින්. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේත් එවකට විපක්ෂය කතා කරලා තිබුනා. (නදී)

:       0       0

ශාන සෞදි Sunday, 01 February 2015 04:09 AM

ඉතා හොඳ බුද්ධිමත් තීරණයක්. ඔබ තුමන්ලාට ගොඩක් පින්. ඔබ තුමා මේ විදියට වැඩ කොලොත් අපේ රට දියුණු වෙනවා නියතයි. දුප්පත් කම නැති වෙනවා හැමෝටම. එක සමාජ මට්ටමක් එනවා. රාජ්‍ය සේවය තුල කාර්යක්ෂම බව ඇති කරන්න. ගොඩක් පින් දුක්විදින ජනතාව බලන් ඉන්නවා ජනපති තුමනි, ඔබට තෙරුවන් සරණයි (නදී)

:       0       0

බන්දුල Sunday, 01 February 2015 04:22 AM

මාදවි ඔයා අර බැංකුවක නිකන් ඉදල පඩි සහ නිල වාහන ගත්තු කෙනා නෙවේ නේද (නදී)

:       0       0

තිවා Monday, 02 February 2015 02:03 PM

හොද වැඩක්. කවුරු කරත් හොද වැඩක් නම් අගය කරන්න ඹ්නා (නදී)

:       0       0

අජිත් නිලන්ත Sunday, 01 February 2015 04:39 AM

මම නම් හිතන්නේ එක ගෙනාවාට වරදක් නැහැ. නැත්නම් මගී ගුවන් යානයක් විදේශ සංචාරවලට යොදා ගැනීම ඊට වඩා වියදම්කාරී වැඩක්. (නදී)

:       0       0

මංජු Sunday, 01 February 2015 04:48 AM

මාධවී ඔයත් කඩේ යන කෙනෙක්ද ? (නදී)

:       0       0

නිමල් Sunday, 01 February 2015 04:53 AM

අපේ රටට අවශ්‍ය මෙවන් මිනිසුන් තමයි. ජනාධිපතිතුමනි මැතිවරණ පණතත් වෙනස් කොට මැරයන් සහ තක්කඩින් දේශපාලනයට නොඑන ලෙස උගතුන්ගෙන් මැති සබය පුරවන්න. (නදී)

:       0       0

අසංග Sunday, 01 February 2015 05:13 AM

මේ දැන් අමුතුම මවා පෑමක් කරන්නේ. මෙතුමා අර පැත්තේ ඉන්න කොට කරපු වැඩ සේරම අමතක වෙලා වගේ. එතකොට වාහන කීයක් ළඟ තියාගෙන හිටියද? (නදී)

:       0       0

ගිහාන් Sunday, 01 February 2015 05:30 AM

මාධවී එතකොට අර චෝගම් එකට ගෙන්නපු සැප බස් දෙක. සමුළුවෙන් පසු පාවිච්චිය ඔයා මොකද කියන්නේ. ඒකේ මේ ලඟක් වෙනකම් අපිද නැගල ගියේ ? (නදී)

:       0       0

සුනිල් Sunday, 01 February 2015 05:54 AM

කොටියාගේ පුල්ලි ටික ටික එලියට එනවා (නදී)

:       0       0

පස්රි Sunday, 01 February 2015 06:01 AM

නියම වැඩක්. (ර)

:       0       0

සිසිල් Sunday, 01 February 2015 06:25 AM

මෛත‍්‍රී පාලනයෙන් රට දියුණු වේවා.! (ර)

:       0       0

ප්‍රේමදාස Sunday, 01 February 2015 06:38 AM

කෝ අර පොලීසිය හොයාගත්ත වාහන (දිල්)

:       0       0

මාධවී Sunday, 01 February 2015 06:42 AM

කාටවත් කඩේ යන්න මට උවමනාවක් නෑ. හැබැයි දෙයක් කියනකොට ඇත්ත කියන එක කඩේ යාමක් විදියට දකින්නේ පාට කණ්නාඩි දාගෙන එලිය බලන මිනිස්සු. මම කිව්වේ මේක ජනාධිපතිවරයාට විතරක් යන්න ගේන විශේෂ ගුවන් යානයක් නෙවෙයි. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා සංචිතය වැඩි කිරීම යටතේ මිලදී ගන්න අලුත් ගුවන් යානයකට සවි කරන්න පුළුවන් සුයිට් එකක් විතරයි. අලුතින් ගන්න ගුවන් යාන හය කොහොමත් ගන්නවා. ඒවා නතර කරන්නේ නෑ. (දිල්)

:       0       0

පැරා Saturday, 31 January 2015 04:22 PM

වැඩේ හොඳයි. (ර)

:       0       0

සුසි Sunday, 01 February 2015 06:46 AM

අපේ රටට අවශ්‍ය මෙවන් මිනිසුන් තමයි. ජනාධිපතිතුමනි මැතිවරණ පනතත් වෙනස් කොට මැරයන් සහ තක්කඩින් දේශපාලනයට නොඑන ලෙස උගතුන්ගෙන් මැති සබය පුරවන්න.(දිල්)

:       0       0

ගැමුණු Sunday, 01 February 2015 06:48 AM

හොද දේවල් කවුරු කළත් අපි එය අගය යුතුයි, ඒ ගැන කිසිම විවාදයක් නැහැ. මේ පාලනයේ ප්‍රතිපලය දින 100 ගෙවුනහම බලල කියන්නකෝ . (දිල්)

:       0       0

දහම් Saturday, 31 January 2015 04:36 PM

විධායක ජනාධිපති අහෝසි වෙනවනේ. ඉතින් මොකටද, කාටද වෙනම ගුවන් යනා?(දිල්)

:       0       0

නෙවිල් ප්‍රනාන්දු Saturday, 31 January 2015 04:41 PM

මෙන්න ඇත්ත ජනාධිපතිතුමෙක්. දුප්පත් අවංක කෙනෙක් (බ)

:       0       0

පාරා Saturday, 31 January 2015 04:40 PM

එ්ක හොඳයි නමුත් බඩු මිල අඩුකළේ දමිල කට්ටියට විතරද? ප්‍රදාන අත්‍යවශ්‍ය භාණ්ඩ කියන්නේ මුං ඇට, උළුදු, වගේ දේවල් නෙවෙයි, හාල්, පරිප්පු සිනි ( - 10/= මදි) කි 60/= වගේ, කරවල වර්ග සියල්ලම වගේ දේවල්. (බ)

:       0       0

කසුන් Sunday, 01 February 2015 07:10 AM

නදී, ඔබ නිවැරදියි. රටක ජනාධිපතිවරයාට පමණක් භාවිතා කිරීමට නිල ගුවන් යානයක් තිබීමේ කිසිම වරදක් නැහැ, අනිත් රටවල නායකයන්ටත් එසේ තියෙනවා. ඔය කියන විදියට ඕඩර් එක කැන්සල් කළා නම් නිෂ්පාදකයා වෙත කැන්සලේෂන් චාජස් එකක් අප රජය විසින් ගෙවන්න වෙනවා (සාමාන්‍යයෙන් මුලුවටිනාකමෙන් 5% ගෙවිය යුතු වෙනවා). අනික තමයි එයාර් ලංකා හෝ මිහින් ලංකා ගුවන් සමගම් වලට සෑහෙන මුදලක් ඉතිරි කරගන්න පුළුවන් එය බොහෝ කරුණු කාරනා ඔස්සේ සිදුවෙන දෙයක්. මුදල් විදම් උනත් රටේ නායකයා අභිමානයෙන් සිටියයුතුයි. (ර)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 01 February 2015 07:13 AM

මේ ගුවන් යානය ප්‍රතික්ෂේප කිරීමත් " කොටියාගේ පුල්ලි ටික ටික එලියට එනවා" කියන කතාවේ සම්බන්ධය මොකක්ද? යන්නේ කොහෙද මල්ලේ පොල් කිව්වාලු. (ර)

:       0       0

සල්ගාදු ප්‍රන්සය Saturday, 31 January 2015 05:16 PM

බටහිර රටවල උනත් සීමිත පිරිසකට විතරයි ජනාධිපතිට, අගමැතිට කියා වෙනම ගුවන් යානා තියෙන්නේ. අප වැනි තුන් වන ලෝකයේ දුප්පත් අර්ධ සංවර්දන රටවල මේවා ගෙන්වා ගන්නට හැදුවේ , බල ලෝබය සහ රාජ උෂ්ණය සඳහා (නදී)

:       0       0

ලංකා තිලක් Sunday, 01 February 2015 07:52 AM

මාධවී කොහොමත් එදා ඉදන්ම, මම වගේ කඩේ තමයි ගියේ (නදී)

:       0       0

සුනිල් Saturday, 31 January 2015 05:53 PM

මේ කතාව බොරුවක්. කවුරුහරි ජනපති තුමාට බොරු කියලා. ලබන මාසේ එනවා නම් හදල ඉවරයි. එයා බස් ඕඩර් කරලා හදල ඉවර නම් ගන්නේ නෑ කියල එහෙම ප්‍රතික්ෂේප කරන්න බෑ. අනික ලබන මාසේ එනවා නම් මේ වෙනකොට එ්කට සල්ලි ගෙවලත් ඉවර යි. (නදී)

:       0       0

සුනිල් Saturday, 31 January 2015 05:53 PM

මේ කතාව බොරුවක්. (දිල්)

:       0       0

රොහාන් Saturday, 31 January 2015 05:55 PM

සාක්ෂි ඇතුව පෙන්නන්න .බොරු මඩ නැතිව (දිල්)

:       0       0

ශාන් Sunday, 01 February 2015 08:18 AM

ජනාධිපතිවරයෙක් මේ රටේ ආර්ථිකය ගැන හිතල ගන්න සමහර තීරණ මෝඩ තීරණ හැටියට හිතන්න තරම් මහින්ද ආණ්ඩුව මිනිස්සුන්ගේ මොලය වෙනස් කරලා. පේනවා නේද සමහර අදහස්. එ්ත් දියුණු රටවල මිනිස්සු බයිසිකල් එකෙන් ගිහිල්ලත් වැඩ කරනවා. අපට රජෙක් ඕන නෑ, අපිට ඕන අපිත් එක්ක ඉන්න නායකයෙක් විතරයි. (නදී)

:       0       0

ඩිනෝ Saturday, 31 January 2015 06:03 PM

අපිටත් දැන් සැබෑ, පොළොවේ පය ගසා ජීවත් වන රජෙක් සිටී. එතුමා සදා කල් දිනේවා! (දිල්)

:       0       0

අසෝක Saturday, 31 January 2015 06:10 PM

මම හිතුවේ බෙන්ස්, නැව්, රොකට් බස් විතරයි කියලා බලපුවම හැම එක්මනේ (දිල්)

:       0       0

අසෝක Saturday, 31 January 2015 06:16 PM

මම හිතුවේ බෙන්ස්, නැව්, රොකට් විතරයි කියල. බස් විතරයි කියලා. බලපුවම ගුවන් යානාත් අරගෙනනේ (නදී)

:       0       0

හර්ෂණ Saturday, 31 January 2015 06:42 PM

ඕනවට වඩා සැප වින්ඳ නිසා තමයි දුප්පත් මිනිහව අමතක වෙලා ගියේ. (ර)

:       0       0

ඉඳුරුව විදානාරච්චිගේ ඉතාලිය Sunday, 01 February 2015 08:50 AM

රටට වැඩ දායක පුතකු හදපු මවට අපේ ස්තුතිය. (නදී)

:       0       0

බණ්ඩා Sunday, 01 February 2015 08:55 AM

බර්නාර්ඩ් , ඔය කියන විදියට වෙලේ සුදාත් පාර්ලිමේන්තුවට ඒවි. (නදී)

:       0       0

සරත් Sunday, 01 February 2015 09:21 AM

කොහොමත් හොරා කාපු අයට ඒවා නැති වෙනකොට දුක තමා. එ්කනේ සමහරු මොන හොඳ කලත් දැන් පරණ පුරුද්ද මතක් වෙන්නේ. බල්ලෝ බිරුවට තවලම නතර වෙන්නේ නැහැනේ (නදී)

:       0       0

චන්දන Saturday, 31 January 2015 07:24 PM

නියම ආදර්ශයක්. ඔය විදිහට රට පාලනය කරනවා නම් අපි හැමදාමත් ඔබලා සමගයි (නදී)

:       0       0

රණවක Sunday, 01 February 2015 09:30 AM

අලුත් ජනාධිපති කට ඇරියොත් මඩ වලකට අර අඳින එක තමයි කරන්නේ. මේ වාගේ හීන් නූල් කාරයෙක් රටේ නායකයෙක් උනේ යහ පාලනය කරන්නද? (නදී)

:       0       0

අඛිල මහේෂ් Saturday, 31 January 2015 07:37 PM

ඕවා කොහේ යන්නද ? (නදී)

:       0       0

ගුනදාස Saturday, 31 January 2015 08:05 PM

රටේ පිනට පහළ උන රටක් වටික මනුස්සයෙක්. රටේ හෙංචයියන්ගෙන් බේර ගත්තොත් ඒ ඇති (නදී)

:       0       0

ඉඳුනිල් Saturday, 31 January 2015 08:21 PM

ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදය මෙන් ජනාධිපතිවරයාට වෙන්වූ ගුවන් යානයක් නඩත්තු කළ හැකි රටක් නොවේ. හිටපු ජනාධිපතිවරයා තම විදේශ සංචාර වලදී හිතු මනාපයට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් යානා වෙන් කර ගෙන බුරුතු පිටින් සිය හෙන්චයියන් පුරවා ගෙන එම ගමන් වල යෙදුනේය. ඔහුට පෙර මෙරට සිටි සියලු රාජ්‍ය නායකයන් සිය විදේශ සංචාර කලේ සාමාන්‍ය ගුවන් යානා වල ආසන වෙන් කර ගෙන සීමිත දුත පිරිසක් සමගය. නව ජනාධිපතිතුමාත් එම නායකයන් සේ සිය විදේශ සංචාර සාමාන්‍ය ගුවන් යානාවල ආසන වෙන් කරගෙන කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු. (නදී)

:       0       0

බණ්ඩා Saturday, 31 January 2015 08:52 PM

ජාතියේ පිනට පහල වූ ඔබ අපිට දෙවියෙකි (නදී)

:       0       0

විකී Saturday, 31 January 2015 08:52 PM

නියමයි ! (නදී)

:       0       0

ලෝචන Sunday, 01 February 2015 10:26 AM

මේ මෝඩයෝ රැවටිලා, මිනිස්සුන්ට දෙන්නම් කියපු ඒවාට සල්ලි හොයන්නේ මෙහෙම තමයි. නැතිනම් ඔය පොරොන්දු විජ්ජාවට කොහේ තියෙන සල්ලිද ? (නදී)

:       0       0

සමන්ති Saturday, 31 January 2015 11:46 PM

මෙම ගුවන් යානය ලංකාවට දෙන්න ඇත්තේ බටහිර අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණයකිවන් වෙන්න ඇති (නදී)

:       0       0

බර්නාර්ඩ් Sunday, 01 February 2015 12:01 AM

මොනව‍ා කිව්වත් මහින්ද රජතුමා විතරයි රටට ආදරේ. එතුමව අපි කොහොම හරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් නැවත බලයට ගෙනෙන්න ඕනා. එතුමා නැත්නම් රටත් ඉවරයි. ආගම ජාතියත් ඉවරයි. (නදී)

:       0       0

නාලක Sunday, 01 February 2015 12:11 AM

එතකොට පුතාලට හෙලිකොප්ටර් තාත්තට ගුවන්යානා. හොඳයි හොඳයි. අපොයි සල්ලි. (නදී)

:       0       0

සුනේත්‍රා Sunday, 01 February 2015 12:36 AM

ප්‍රශංසනීයයි. (නදී)

:       0       0

සුනිල් ගම්පොළ Sunday, 01 February 2015 12:42 AM

කොහොමද පොදු බයියගේ වැඩ. කඩේ හිටපු හා ගිය එවුන් කමෙන්ට් දාපල්ලා (නදී)

:       0       0

ඇසළ Sunday, 01 February 2015 11:13 AM

මේ වගේ කට හොදයි කොන්ඩේ බැදපු චීන්නුන්ට කිවුව නම්. බෙර ගහල කැගහල අල්ලපු අවි ගබඩා වල සද්දේ දැන් ඉවරයි. රටම දන ගත්ත වෙලා තියන දේ. බොරු කියන්න උනත් ක්‍රමයක් තිබිය යුතුයි. (නදී)

:       0       0

අර්ජුන රණවන Sunday, 01 February 2015 12:51 AM

ආදර්ශවත් වගේම රටටම පාඩමක්. කෝටි ගාණක් ගෙවලා බස් ගත්තා චෝගම් වලට. මේවා තමයි නියම නායකත්වෙයේ තීරණ. (නදී)

:       0       0

බන්දුල Sunday, 01 February 2015 01:33 AM

බැංකුවක හිටපු සභාපතිනියක් සහ ජී.එම් කෙනෙක් රුපියලකට වාහන අරන් ගිය පුවතකුත් ඔය අතරේ දැක්කා. (නදී)

:       0       0

තක්ෂිලා මධු භාෂීනී Sunday, 01 February 2015 01:34 AM

නියමයි (නදී)

:       0       0

නිහාල් ජිනදාස Sunday, 01 February 2015 02:12 AM

ඉතා හොඳ බුද්ධිමත් තීරණයක් (නදී)

:       0       0

සරත්චන්ද්‍ර Sunday, 01 February 2015 02:12 AM

සරල නිහතමානී මිනිසෙකුගේ වටිනාකම තමයි මෙය (නදී)

:       0       0

හේමන්ත Sunday, 01 February 2015 02:18 AM

ඔබ තුමන්ලාට ගොඩක් පින්. ඔබ තුමා මේ විදියට වැඩ කොලොත් අපේ රට දිවුණු වෙනවා නියතයි. දුප්පත් කම නැති වෙනවා හැමෝටම. එක සමාජ මට්ටමක් එනවා. රාජ්‍ය සේවය තුල කාර්යක්ෂම බව ඇති කරන්න. ගොඩක් පින් දුක්විදින ජනතාව බලන් ඉන්නවා (නදී)

:       0       0

මංගල Sunday, 01 February 2015 02:36 AM

හරිම පුදුමයි. අහන්නත් සතුටු දෙයක්. මෙන්න දෙවිවරු. ජනපති තුමනි, ඔබට තෙරුවන් සරණයි (නදී)

:       0       0

අයේෂා Sunday, 01 February 2015 02:51 AM

මෛත්‍රී සර්, "ඔබ දුප්පත් අපේ මිනිසා" ස්තුතියි (නදී) .

:       0       0

මහේන්ද්‍ර Sunday, 01 February 2015 02:59 AM

ශ්‍රී ලංකික සොහොයුරු සොහොයුරනි අපි පසුගියදා පක්ෂ බේද, ආගම් බේද , ජාති බේදයෙන් තොරව එකමුතුව ජනාදිපති මැතිවරණයට පෙනී සිටීම මත අපට නිහතමානී ජනාදිපතිවරයෙකු ලබාගන්නට පුළුවන් වුණා. මෙතරම් කෙටි කාලයකදී එතුමාට ලැබෙන වරප්‍රසාද පවා තම ජනතාවගේ සුබ සිද්දිය තකා ප්‍රතික්ෂේප කිරීමෙන් එතුමාගේ උසස් ඉහලතම මහත්මා ගුණාංග පෙන්නුම් කරනවා. එතුමාට අපේ සුබ පැතුම්. අප අපේ මව් බිමට කරන ආදරය කරන්නා සේම අපේ ජනාදිපතිව ආරක්ෂා කරමු. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 30 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1340 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 822 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1365 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 969 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site