(අංජුල මහික වීරරත්න)
තමන්ට ආදරේ නම් මැතිවරණය පවත්වන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව සමගි ජනබලවේගයේ කොළඹ මහ නගර සභා නගරාධිපති අපේක්ෂක මුජුබර් රහුමාන් මහතා පැවසීය.
පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් නොවන්නැයි කියා තමාට පණිවිඩ එව්වා යැයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය අසත්‍යයක් බව කී රහුමාන් මහතා ජනාධිපතිවරයා ගේ සිතේ තමා ගැන එවන් ආදරයක් තිබේ නම් කළ යුත්තේ පනිවිඩ එවමින් සිටීම නොව මැතිවරණය පැවැත්වීම බවද සඳහන් කළේය.
එලෙස මැතිවරණය පවත්වා සත්‍ය ආදරයක් ඇති බව තහවුරු කර පෙන්වන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද මුජුබුර් රහුමාන් මහතා කීය.
ගොඩක් වයසට යනතුරු දේශපාලනයේ රැඳී සිටීමට තමා අදහස් නොකරන බව පැවසූ මුජුබර් රහුමාන් මහතා එසේ වයසට ගිය විට ජනාධිපතිවරුන් වගේ තමාත් ඔහේ කියවාවි යැයි බියක් දැනෙන නිසා ගොඩක් වයසට යන්නට පෙර දේශපාලනයෙන් සමුගන්නා බව ද සඳහන් කළේය.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’ජනාධිපති මට ආදරේ නම් මැතිවරණය තියන්න’’
sena Saturday, 25 February 2023 06:55 PM
මුජිබර් රහුමාන් රනිල්ට ආදරේ නැති නිසානේ සජිත් එක්ක ගියේ... එවන් ආදරයක් රනිල් ගැන තිබේනම් කළ යුතුව තිබ්බේ රනිල් එක්ක සිටීම වේ...
අන්නේකයිSunday, 26 February 2023 06:30 AM
එක වරක් ඔබට මා... එපා නම්... සිය දහස් වාරයක්... එපා මට ඔබ එපා....... - රනිල්
senaSunday, 26 February 2023 07:57 AM
සමගි ජනබලවේගයේ සියල්ලෝම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල්ව නායකත්වයෙන් ඉවත්කරන්න කල හැකි හැමදේම කලා. අවසානයේ පක්ෂය අතහැරලා ගියා. නමුත් රනිල්ගෙන් පලිගැනීම නැවතුනේ නෑ. මේවෙනකොට රටේ ජනාධිපති රනිල්. සමගි ජනබලවේගයේ සියල්ලෝම ජනතවගේ ගැටළු, ආර්ථික අර්බුදයට විසදුම් සෙවීම පසෙක දමා දැන් රනිල් පස්සේ පන්නනවා. කුහකකමට , ඉරිසියාවට තණ්හාවට අතුරු ආබාධ ඇත. බෙහෙත් නැත. රටේ මිනිස්සු රවටන්න එපා . ඔබලා කරන දේශපාලනය නිසා රනිල් කෙසේ වෙතත් රටේ මිනිස්සු ඔබලාව දේශපාලනයෙන් පන්නාවි.
Prabha Saturday, 25 February 2023 07:01 PM
රනිල්ගේ ආදරේ ඉල්ලන්නේ පරිස්සමෙන්...
යෝගා Saturday, 25 February 2023 08:02 PM
රොබෝවෙකුගෙන් ආදරය බලාපොරොත්තු වන්නා එක්කෝ මන්ද බුද්ධිකයෙකි... නැත්නම් පිස්සෙකි..
thushara Saturday, 25 February 2023 09:33 PM
එයා ආදරේ ඔයාට නෙවෙයි.
Moratuwa Vijayanthi Sunday, 26 February 2023 03:07 AM
රනිල් ආදරේ... අකිලටයි, සාගලටයි.. ඔයාට නෙවේ...!
රිතික් Sunday, 26 February 2023 07:28 AM
ඔයා කිව්වට තියන එකක් නෑ ඔන්න අකිල සාගල වගේ කෙනෙක් ඔහොම කිව්වොත් නම් මැතිවරණය තියයි.
anura Sunday, 26 February 2023 11:26 AM
මමත් ඔයාට හරිම අදරෙයි අනේ! කමක් නෑ නේද?
fairoos Sunday, 26 February 2023 12:49 PM
අනේ පව්, මෙයා තියෙන රස්සාවත් නැතිකරගත්තා...!
BamunuarachchiMonday, 27 February 2023 08:06 PM
හරක් මස් කඩයක් කලානම් හොඳයි නේද?
Bamunuarachchi Monday, 27 February 2023 12:11 PM
ජනපති ඔහෙට ආදරෙයි .ඔහෙට වැඩිය ජනතාවට ආදරෙයි. ඔහෙට අල්ලපු අතතත් නැහැ පය ගහපු අත්තත් නැහැ.