IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ජනධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පිරිස ඉවත් කරයි

(ඉන්දිකා රාමනායක)

පොලිසිය සහ හමුදාව ,විශේෂ කාර්ය බළකාය එක්ව ජනාධිපති ලේකම්කාර්යාලය අසල රැඳිසිටි අරගලකරුවන්ට පහරදී  අද (22) අළුයම  එම ස්ථානයෙන් ඉවත් කර ඇතැයි වාර්තා වෙයි.

අරගලකරුවන් අත්පත් කරගෙන සිටි ජනාධිපති ලේකම් කාර්යාලය ඔවුන් පන්නා දමා සම්පූර්ණයෙන්ම සිය පාලනයට ගෙන ඇති අතර , ගාලු මුවදොර බාලදක්ෂ මාවත දක්වා ම වූ භූමි ප්‍රදේශයේ සියලු කූඩාරම් ඉවත් කර එම ප්‍රදේශයේ ද අරගලකරුවන්ගෙන් නිදහස් කරගෙන ගෙන ඇති බව වාර්තා වේ.

එහිදී ඇතිවූ ගැටුමින් ආරක්ෂක අංශවලින් පහරකෑමට ලක් වූ පිරිසක් රෝහල් ගත කර ඇති අතර  නීතිඥවරුන් දෙදෙනකු ඇතුළු ඇතුළු පුද්ගලයන් අට දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලය දෙසින් දහසකට ආසන්න භට කණ්ඩායමක් අද අළුයම 1.30 ට පමණ අරගල භූමියට ඇතුළු වී අරගලකරුවන්ට පහරදී ඔවුන්  එම ස්ථානයෙන් පලවා හැර ඇතැයි වාර්තා වෙයි.

මෙහිදී දෙපාර්ශවය අතර උණුසුම් තත්වයක් හටගෙන ඇති අතර එහිදී අරගලකරුවන් පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වෙයි .

ගාලුමෝදරට පිවිසෙන මාර්ග සියල්ලම පිටස්තර පුද්ගලයන්ට ඇතුළුවීමට නොහැකි වන අයුරින් වසා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

මේ හේතුව නිසා අරගලකරුවගේ සහයට කිසිවකුටත් ගාලුමෝදර දක්වා ගමන් කිරීමට නොහැකි විය.

මෙම ගැටුම් අතරතුර දෙස් විදෙස් මාධ්‍යවේදීන් පිරිසක් ද  ප්‍රහාරවලට ලක්ව තුවාල ලබා සිටි අතර මාධ්‍යවේදීන් කිහිප දෙනෙක්ම අත්අඩංගුවට පත්වී ඇතැයි ද වාර්තා වේ.

කිසිදු දැනුම්දීමක් නොමැතිව පැමිණි හමුදා සහ පොලිස් කණ්ඩායම් අරගලකරුවන්ට පන්න පන්නා පහර දුන් බවට අරගලකරුවෝ චෝදනා කළහ .

පිරසට පහර දෙන ආකාරය අරගලකරුවන් විසින් වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත ද මුදා හැර ඇත.

 

-------------------------------------------------------------------------------

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 6.15

ජනාධිපති ලේකම් කාර්යාලයේ දොරටුව අත්පත් කරගෙන සිටි පිරිස අද අලුයම සිදු කළ මෙහෙයුමකින් අනතුරුව ඉවත් කිරීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය

එහිදී පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් නවදෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය

පොලිසිය යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව මෙම මෙහෙයුම සිදුකර ඇත

(ඡායාරූප ඉන්දිකා රාමනායක)



අදහස් (52)

ජනධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පිරිස ඉවත් කරයි

Prabath Friday, 22 July 2022 08:29 AM

මීට කොච්චර කළින් කරන්න තිබුණු වැඩක්ද මේක? 88-89 මේ අය හමුදාවල පවුල් පිටින් මැරුවා... අපේ අලුත් හමුදා විරුවන් ඒක දන්නේ නැති නිසා කිව්වේ... ඔය කට්ටිය තවමත් එහෙමම තමයි.

:       0       0

sharm warn Friday, 22 July 2022 08:39 AM

වෙහෙර ගිල්ල එකාට අග්ගලාවත් කජ්ජක්ද? ඒ පරණ එක... අලුත්ම එක... ගෙට ගිනි තියාගත්තු කෙනාට රට ගිනි තියන එක කජ්ජක්ද?

:       0       0

මහේ Friday, 22 July 2022 08:58 AM

අන්තිමට ඔතෙන්ට ගියෙ 9. එදා එද්දි අපි කතාවුනේ ඉස්සරහට කේසේ වේද කියල. අපේ එකෙක් කිව්ව ඕං බලපං මචං අපි ඉඟුරු දීල මිරිස් නෙවෙයි ගත්තෙ පතෝල දීල මිරිස් කියල

:       4       63

Akila Friday, 22 July 2022 09:03 AM

ගාලු මුවදොර සිටි අරගලකරුවන් අයින් කරන්න හමුදාවට , පොලිසියට ඇති අයිතිය මොකක්ද ? ඕනෙම රටක පුරවැසියන්ට උත්ගොෂණය කරන්න අයිතියක් තියනව , එම ප්‍රදේශය උත්ගොෂණ කරීම සඳහා වෙන්කර දීපු ස්තනයක් . ලනක්වේ දැන් තියෙන්නේ හමුදා පාලනයක්ද ? ලෝක ප්‍රජාව ( විශේෂයෙන් ණය අදාර දෙන අය ) මේ ගැන අවදානමෙන් සිටී

:       12887       60

kamalFriday, 22 July 2022 02:27 PM

හැම දෙයකම සීමාවක් ඇති බව තේරුම් ගත යුතුයි..

:       21       104

senaFriday, 22 July 2022 06:45 PM

විශේෂයෙන් ණය ආධාර දෙන රටවල් රජයට පවසා තිබෙනුයේ අන්තවාදී අරගල නවත්වා සාමකාමී ප්‍රජතන්ත්‍රවාදී පරිසරයක් ඇතිකර හැකි ඉක්මණින් සකච්ඡා සඳහා අවතීර්ණ වන ලෙසයි..

:       5       82

BTFriday, 22 July 2022 07:40 PM

"ඕනෙම රටක පුරවැසියන්ට උද්ඝෝෂණය කරන්න අයිතියක් තියනවා" ඒ සියල්ල අනෙක් පුරවැසියන්ගේ අයිතීන් උල්ලංඝණය නොවන අන්දමට, රටේ නීතියට අනුකූලව පමණයි. ප්‍රජාතන්ත්‍රවාදය සහ පුරවැසියන්ගේ අයතිවාසිකම් පිළිබඳ නිර්වචනය අප නම් ඉගෙන ගත්තේ 9වන ශ්‍රේණියේදීය. එනම්, වත්මන් ජනාධිපති අධ්‍යාපන ඇමති ධුරය දැරූ වකවානුවේය...

:       2       41

Prase Friday, 22 July 2022 07:54 PM

මිනිස්සුන්ට උද්ඝෝෂණ කරන්න අයිතියක් තියෙන්න පුළුවන්... රටේ දේපළ ගිනිතියන්න අයිතියක් නෑ. වහා අත්අඩංගුවට ගන්න.

:       6       55

Ruwan Friday, 22 July 2022 09:08 AM

ලොක්කා එහෙනම් නැග්ග ඉනිමගට පයින් ගැහුවා. ඔහොම යං...!

:       0       0

asoka Friday, 22 July 2022 09:20 AM

දැන්වත් මැතිවරණයක් තියලා ජනතාවට තම මතය ප්‍රකාශ කරන්න ඉඩදීලා රටට යහපතක් සිදුකරන්න.

:       0       0

Toni Friday, 22 July 2022 09:34 AM

නියමයි.. මේක කළින් කරන්න තිබ්බේ... රස්තියාදුකාරයින්ට සෙල්ලම් දාන්න දෙන්න එපා.. ගහලා එළවන්න.

:       0       0

කිරි පුතා Friday, 22 July 2022 09:54 AM

කාලකන්නින් ට තව තවත් කොටි ඩයස්පෝරාවෙන් , NGO , සහ වෙනත් අන්තවාදී කණ්ඩායම් වලින් කකා රට විනාශ කරන්න දෙන්න බෑ

:       51       238

අමා Friday, 22 July 2022 10:07 AM

තාම ඉන්නේ,ගෝඨාභය කියලා හිතාගන ඉන්න ඇති...!

:       37       207

Santhu Friday, 22 July 2022 10:16 AM

රටට ආදරය බව පෙන්නා විලාප හතේ විලාප දුන්, රටේ දේපල කඩා බිඳ විනාශ කලේ "මේක අපේ රට " කියූ අය දැන් කෝ? කලහකාරී ත්‍රස්තක්‍රියා සංවිධානය කරමින්, ලක්ෂ ගණන් වියදම් කර කුලියට ගත් නරුමයින් මේ තරුණ පිරිස්වලට වගකියනවා...

:       28       175

BT Friday, 22 July 2022 10:18 AM

මෙම මෙහෙයුම සිදුකළ යුතුව තිබුණේ මීට පෙරයි. එසේ කළා නම් අපටත් මීට වඩා සුරක්ෂිතව ජීවත්වීමට හැකියාව තිබුණි. දැන් තමාගේ නිවස තුළට වී, සවස 5 වනවිට දොරගුළු දමාගෙන රැය පහන් කිරීමට සිදු වී තිබෙන්නේ සොර සතුරන්ට බියෙනි. කැලෑ නීතිය රජ කරන, ජනාධිපති මන්දිරයට පවා බලහත්කාරයෙන් කඩාපැන්න රටක වෙනත් දෙයක් බලාපොරොත්තු විය හැකිද?

:       62       256

AnuraFriday, 22 July 2022 10:46 AM

ගෝල්ෆේස් අරගල කරපු තරුණ පිරිස්න් හිටියේ නැත්නම් මෙලහකට කබ්රාල යි ,කපුටයි එකතුවෙලා ලංකාව සිම්බාබ්වේ රාජ්‍යය ටත් අන්ත දුප්පත් ජිවත් වෙන්න නොහැකි රටක් කරලා , පිටරට ඉන්න තවම් කඩේයන නිවටයන් ඇරුනහම මුලුරටේම මිනිසු ඒ ගොල්ලොන්ට ණයගැති

:       192       69

BTFriday, 22 July 2022 01:45 PM

ඔබ භාවිතා කර ඇති නමෙන්ම ඔබ “කඩේ යන්නේ" කවුරුන් වෙනුවෙන්දැ’යි මනාව පෙනේ. නොදන්නා දේ පිළිබඳව නොලියන්න. මා හට කිසිම පක්ෂයක් හෝ පුද්ගලයෙක් හෝ වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු අවශ්‍යතාවයක් නැත. අරගලයට සහභාගි වූ අයගෙන් සමහරෙක්නම්, වෙනත් රටවල පුරවැසිභාවය දරණ ඟාතීන් සිටිනා අය බව මම දනිමි. එවැනි එක් පුද්ගලෙයක් වසරක කාලයක් වෙනත් රටක පදිංචිවීමට අරගලයට කලින්ම කටයුතු කර තිබුණි. නමුත් මම, මෙරට ජීවත් වන ලාංකිකයෙක්මි. 1983 සිටම මෙරට පැවති ත්‍රස්තවාදය සහ භීෂණය සමඟ නිතිපතා ජීවත් වෙමින්, අධ්‍යාපන කටයුතු මෙන්ම රැකියාවේ නිරත වූ, ඇතැම් දිනවල පැය 12 බැගින් සේවය කළ අයෙක්මි. ඔබ වර්ණනා කරන කාඩ්බෝඩ් වීරයන්ට ඉපදීමට තරම් ආර්ථීක තත්වයක් සහිත රටක් ඉතිරි කිරීමට හැකි වූයේ අප වැන්නවුන් නිසා බව දැනගනු මැනවි. වර්තමානයේ නාෙයක් රටවල ආර්ථික ප්‍රශ්න තිබෙන පසුබිමක විවිධ දේශපාලනමය සහ සමාජමය අභියෝග පැන නැගී තිබේ. නමුත්, ඒවා විසඳීම කළ යුත්තේ රටේ නීතිරීතිවලට අනුකූලවය. නැතහොත් සිදු වන දේ ඔබ වැනි මොළය ශෝධනය වූ අයට හැර සෙසු පුරවැසියන්ට මනාව පෙනේ.

:       22       118

ganegodaSunday, 24 July 2022 02:07 PM

හුඟාක් දේවල් දන්න කෙනෙක් වගේ... ගොට්ට අල්ලගෙන හිටියට. ගොට්ටක්වත් ගහන්න නොදන්න බව පේනවා..!

:       0       0

BTMonday, 25 July 2022 10:51 AM

මා ලියන දේ ඔබට නුරුස්සනවානම් නොකියවා ඉන්න. මා ලියන්නේ මේ රෙට් ඉපදී, මේ රටේ ජීවත් වන, මාගේ ශක්ති ප්‍රමාණයෙන් මේ රටේ ආර්ථිකයට සහ අධ්‍යාපන ක්ෂේත්‍රයට දායක වන, දේශපාලන උණෙන් තොර රටවැසියෙක් ලෙසිනි. කවුරුවත් වෙනුවෙන් ගාෙටු ගැසීමට මා හට අවශ්‍යතාවයක් නැත.

:       0       1

Shashika519 Friday, 22 July 2022 10:41 AM

අට පාස්...

:       104       34

යකාගෙ නීතිය Friday, 22 July 2022 02:37 PM

එහෙනම් යන්න ආමි එකට... එතකොට ඔබට තේරෙයි අට පාස් කෙනාගේ වටිනාකමයි, එකඑකාට කඩේ යන කෙනාගෙයි වෙනස...

:       10       74

ruwanSaturday, 23 July 2022 06:02 AM

ඔබට ඔහොම කතා කරන්න පුළුවන්... 8 පාස් අය රට බේරගත්තු නිසා. හැබැයි නුඹලා වගේ අය ඒ කාලේම කුඩු පට්ටම් වෙලා යන්න තිබ්බේ...!

:       0       0

ruwan Friday, 22 July 2022 10:42 AM

කරපු වැඩේ නම් නියමයි. මීට කළින් ගහලා පන්නන්න තිබ්බේ. මේක විකාරයක් කරගත්තානේ... දැන් ඕවාට ගැහුවා කියලා මිනිස්සු එන්නේ නැහැ ආපහු.. ඕනෑ නම් ඔය NGO ටිකක් කෑගහයි... නීතීඥවරුන් ටිකක් එක්ක.. එච්චරයි.

:       40       188

sujeewarFriday, 22 July 2022 11:34 AM

ආත්මාර්ථකාමියෝ ඒ කෑ ගහන්නේ ඒ අයගේ ආදායම් මාර්ග අවහිර වන නිසා. ඒ අය නිහඬව හිටියොත් සාක්කු වලට ඩොලර් එන්නේ නැහැ. රට විනාශ කරන්න පාරවල් විවෘතව තැබීම ඔවුන්ගේ රැකියාව. රාජ්‍ය දේපල රැක ගැනීම ගැන හෝ මේ වගේ තැන්වල සිටින නිකමුන්ට වඩා එදිනෙදා පලදායී ක්‍රියාවක නිරත වන අති බහුතරයකගේ අයිතිවාසිකම් ගැන හෝ කථා කරාට ඔවුන්ට ඩොලර් එන්නේ. නැහැ. ඔවුන් පරාර්ථකාමී නැහැ.

:       14       101

Saman Friday, 22 July 2022 10:43 AM

මේ අහිකුණ්ඨික ජනපදය ඉවත් කිරීමට පියවර ගත් ආරක්ෂක බල ඇණි වලට මගේ ස්තුතිය....!

:       38       207

සෝභීතFriday, 22 July 2022 11:30 AM

මත්කුඩු ජනපදය ඉවර කරාට මම විරුද්ධයි - මෝල්පේ සෝභීත

:       21       71

බොරු අරගලේ Friday, 22 July 2022 10:49 AM

මිනිස්සුන්ගේ පීඩනය ඉස්සරහට දාලා මේ අයගේ යටි අරමුණු වෙනුවෙන් රටම අවුල් කරපු NGO කාක්කන්ට, JVP සහ අන්තරේ අයට, පාදඩයින්ට, සමහරක් චීවරධාරීන්ට, ඩිමාන්ඩ් නැතිවෙලා හිටපු පට්ට ගැහිච්ච අයට උත්තරේ අවසානයේදී ඔවුන්ගේම අරගලෙන් ලැබිල තියෙනවා...

:       13       131

Anura Chamal Friday, 22 July 2022 10:55 AM

මරු වැඩේ වුනේ , ජනාධිපති මන්දිරේ හිටපු JVP කාරයෝ ටිකටයි UNP සෙට් එකයි රනිල් ඉල්ලීමට හිමිට මාරු වෙලා , ගෝට ගියගමන්ම වගේ මුස්‌ලිම වුනුයි ඩයස්පෝරාවේ වුනුඉ අඩු වුන. අඩු උනා . ඉතුරු වෙලා හිටිය ගංජා ගහ ගහ . ෆ්‍රී බත් පැකට් එතන පදිංචි වූනු අවස්ථාවාදී මී හරක් සෙට් එක විතරයි . මේ මෝඩ මීහරක් එක්ක මොන අරගලද බන්

:       16       105

Toni Friday, 22 July 2022 10:58 AM

නියමයි, ගහලා පැන්නද?

:       11       59

යකාගෙ නීතිය Friday, 22 July 2022 11:31 AM

කොයිම දේත් ඕනෑවට වැඩිය ඕනෙ නැහැ කියන්නෙ ඕක තමයි. ගෝට කලේ ගහන්න ගහන්න වැදගෙන හිටිය එක. රනිල කලේ ගහන්න කලුන් හොම්බට දෙකක් ඇනල ඔඇත්තකට කරපු එක. ඒ අතින් ගෝට ග්‍රේට්

:       12       112

wimal Friday, 22 July 2022 12:00 PM

අපිට පාරක පයින් යන්නත් නැහැ... හැමතැනම විනාශයි. මොවුන් මේවා ඔවුන්ගේ පුද්ගලික දේවල් කරගන්න තැන් කරගෙන...

:       11       110

malakaFriday, 22 July 2022 03:51 PM

වාහන වල ගිය මිනිස්සුන්ට පයින් පාරේ යන්න වුනෙත් මේ අරගල කාරයෝ නිසාද මේ කමෙන්ට් ෆෙස්බුකියේ ෆේක් සෙට් එක බැහැලා වගේ

:       1       0

thushara Friday, 22 July 2022 12:02 PM

මුදලට අඬන බලකාය එළි බැහැලා...!

:       11       54

Namal Friday, 22 July 2022 12:56 PM

රටක වැඩක් කරන්න දෙන්නැති උන්ට ඔහොම තමයි සසලකන්න ඕන. ගෝඨාභය කියන මිනිහ තමයි මේ රට කෑවේ.

:       40       79

BTFriday, 22 July 2022 02:20 PM

"රටක වැඩක් කරන්න දෙන්නැති උන්ට" — කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ කියන්නේ ඔන්න ඕවට තමයි. රට මේ තත්වයට පත්වෙන්න මූලිකම හේතුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ කිසිම අණක් රාජ්‍ය සේවකයන් බහුතරයක් නොපිළිපැදීමයි. මහජනතාවට කෝවිඩ් එන්නත ලබා දෙන්න ත්‍රිවිධ හමුදාව යොදවන්නට වුණෙත් ඒ් නිසයි. සමාවෙන්න. මතකය කොටයි කියලත් කියමනක් තියනවනේ. ඔබට දැන් එන්නත් පෝළිම් ගැන අමතක වෙලා ඇති.

:       0       2

මැක්ස්Friday, 22 July 2022 02:51 PM

ගැහුවේ නැති නිසාද නාමල් ඔයාට...?

:       10       28

BamunuarachchiFriday, 22 July 2022 05:22 PM

කොහොමද මොනවා කරලද රට කාවේ කියලා කිව්වොත් අපිට දැනගන්න. ජෙප්පෝ හඳට බුරනවා වටේ ඉන්න එවුන් නිකන් බුරනවා.

:       2       0

kumara Friday, 22 July 2022 02:31 PM

මෙය මීට වඩා ගොඩක් කළින් කරන්න තිබුණ දෙයක්.. දැන් ඉතින් ආර්ථිකය ගොඩගන්නත් මේ විදිහට හිතලා බලලා වැඩ කරන්න. කොහොම වුණත් මේ සෙට් එකට නම් ඔතැනට එන්න දෙන්න එපා...

:       10       66

siri Friday, 22 July 2022 02:35 PM

මේ සිද්ධිය වුනේ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ මිස "ගෝඨා ගෝ ගම" නෙවේ නේද?. ප්‍රහාරය සිදුකර ඇත්තේ හමුදා ඇඳුම් ඇඳගත් පිරිසක් බවත්, ඔවුන් අසභ්‍ය වචන භාවිතා කළ බවත් දැන් වාර්තාවෙලා තියෙනවා. හමුදාවේ කිසිවෙක් ක්‍රියාන්විතයකදී කිසිකලෙකත් ඒ ආකාරයට වචන භාවිතා නොකරන බවයි කියන්නේ. ප්‍රහාරයෙන් පසු හමුදාවේ දාහකට කිට්ටු පිරිසක් එම ස්ථානයේ බලය තහවුරු කරගන්නා ලද බවත් එම වාර්තා වල සඳහන් වෙනවා.

:       11       35

Ruwan Friday, 22 July 2022 02:51 PM

ලස්සනට මේක ලියල තියෙන්නේ ..."පිරිස ඉවත් කරයි"

:       0       0

soma Friday, 22 July 2022 02:59 PM

අපේ රට කන ස්ට්‍රයික් කාරයන් ගැනත් සලකලා බැලුවොත් හොඳයි.

:       0       1

ගමේ එකාලා Friday, 22 July 2022 03:45 PM

රනිල් ආපු ගමන් වැඩ පටන් අරන්.

:       0       0

Niro Friday, 22 July 2022 05:03 PM

ඉස්සෙල්ලා මුං ටික බාබර් සාප්පුවකට අරං ගිහිං කොණ්ඩ රැවුල් කප්පවලා පරිණාමය කරලා ගන්න ඕන. මුංගේ මූණු දැක්කම රටට කේසේ වෙතත් අපිටත් වගතුවක් නැත.

:       0       1

Bamunuarachchi Friday, 22 July 2022 05:19 PM

ඔකතමයි උඹලගේ පිහාටුත් ලස්සනයි, කට හඬත් ලස්සනයි කියා කියා හිටියට උඹලාට දුවන්න පුලුවන්ද කියලා බලන බව අපි දැනගත්තා. වෙලාව ආවම නාකිරැල ඔය කියන තරුණ රැළට දුවන්න පුලුවන්ද කියලත් බැලුවා.

:       1       0

ගමේ එකාලා Friday, 22 July 2022 05:23 PM

හිතක් පපුවක් නැති කාලකන්නි තිරිසනුන්ගේ වැඩ.නිරායුද අරගලකරුවන්ට පහර දෙන එක කිසිම සිස්ට සම්පන්න රටක් අනුමත කරන එකක් නැහැ.

:       1       0

අනිල් Friday, 22 July 2022 08:55 PM

කුලියට like දාන හමුදාව වැඩ පටන් අරගෙන

:       1       0

Pathmasiri Perera Saturday, 23 July 2022 08:50 AM

ඇති කියන්නේ ඇති...!

:       0       0

ganegoda Saturday, 23 July 2022 12:34 PM

එතන හිටිය මනුස්සයින්ට අඩන්තේට්ටම් කරලා ඉවත් කෙරුවට රටේ ප්‍රශ්න තාමත් එතැනමයි නේද?

:       8       1

Bamunuarachchi Saturday, 23 July 2022 12:48 PM

අපිට ඇඳුම අදාළ නැහැ වැඩේ සිද්ද වුණානම්. මේ ක්‍රියාත්මක වුනේ අරගල ගෝ හෝම් ගියා නේද...?

:       0       7

Lelwala Saturday, 23 July 2022 03:21 PM

මේ පිරිස ඉවත් කිරීම ගැන හමුදා අංශවලට අපගේ ආචාරය...

:       2       10

විපරමා Saturday, 23 July 2022 03:48 PM

නිරායුධ අරගල කරුවන්ට ආණ්ඩුවේ මැර හමුදාවන් නොසෑහෙන්න පහරදීලා ඉවත් කරගත්තු හැටි ලෝකෙම දැක්කා...

:       10       5

Lelwala Saturday, 23 July 2022 04:17 PM

අවනීතියට ඉඩදිය යුතු නැත. එය හොඳින් හෝ නරකින් විසඳිය යුතුයි... ආරක්ෂක අංශ වෙත අපේ ප්‍රණාමය...

:       3       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් බස් ගැටී හතරක් රෝහලේ
2024 නොවැම්බර් මස 25 307 0

අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ග


වනජිවි නිලධාරියා යට කර පලාගිය කැබ් රියදුරු අල්ලයි
2024 නොවැම්බර් මස 25 228 0

රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිළධාරීයකු අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය.


වාලම්පුරියක් කෝටියකට විකුණන්න ගිහින් මාට්ටු
2024 නොවැම්බර් මස 25 176 0

දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර


අයි.එම්.එෆ් එකඟතා ගැන හිටපු මුදල් රාජ්‍ය ඇමති සතුටු වෙයි
2024 නොවැම්බර් මස 25 702 0

විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 3 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම


බොහෝ ප්‍රදේශවලට අදත් වැසි
2024 නොවැම්බර් මස 25 139 0

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු


ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 1084 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 515 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2045 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site