IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


ජනාධිපති වැටුප එපා: අසීෆ් අලී සර්දාරි කියයි

රට මුහුණ දෙන ආර්ථික අභියෝග සැලකිල්ලට ගනිමින්, පාකිස්තාන නව ජනාධිපති අසීෆ් අලි සර්දාරි සිය වැටුප අත්හැරීමට තීරණය කර ඇත.

රටේ මූල්‍ය කළමනාකරණය දිරිගැන්වීම සඳහා ජනාධිපති සර්දාරි මෙම තීරණය ගත් බව, පාකිස්තාන ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

පාකිස්තාන භාණ්ඩාගාරයට බරක් නොවීම කමන් තීරණය කළ බවත්, එහෙයින් ජනාධිපතිවරයාට හිමි වැටුප බාර නොගැනීමට තීරණය කළ බවත් සර්දාරි පවසා ඇතැයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වී ඇත.

ජනධිපතිවරයාගේ මෙම තීරණයට සහාය පළ කිරීමක් වශයෙන් අලුතින් දිවුරුම් දුන් අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි ද ඔහුගේ සේවා කාලය තුළ වැටුපක් ලබා නොගැනීමට තීරණය කර තිබේ.

අසීෆ් අලී සර්දාරි ඝාතනයට ලක්වුණු හිටපු අග්‍රාමාත්‍යවරියක වන බෙනාසීර් බූතෝගේ සැමියාය. ඔහු ජනාධිපති ධුරයට පත්වුණු දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර සර්දාරි පාකිස්තාන ජනාධිපති ධුරය හෙබවූයේ 2008 සිට 2013 තෙක් කාලයේය.

 (එන්.ඩී.ටීවී.)



අදහස් (7)

ජනාධිපති වැටුප එපා: අසීෆ් අලී සර්දාරි කියයි

Akila Wednesday, 13 March 2024 01:58 PM

අපේ උන්දැටත් අඩුම ගානේ වැටුප නැතත් පිටරට සවාරි වලටවත් එයාගේ අතින් වියදම් කරගෙන යන්න කියමු..

:       2       16

Sanath DubaiWednesday, 13 March 2024 05:49 PM

මෙයාගේ පැටිකිරිය දන්නේ නැද්ද​? කලින් වතාවේ ජනාධිපතිකමේ ඉන්නකොට හොඳට හම්බකර ගත්තා. ඒවා ඔක්කෝම ඩුබායිවල තැන්පත් කරලා තියෙන්නේ...!

:       0       5

රංබොඩ Wednesday, 13 March 2024 02:13 PM

මෙව්වා අහලා අපේ ලොක්කොත් පඩි එපා කියයිද දන්නේ නෑ. පව් එහෙම වුණොත්... සමුර්ධි සහනාධාරවත් ලබාදෙන්න ඕනෑ.

:       2       8

Eranga Wednesday, 13 March 2024 02:18 PM

ජනාධිපති වැය සැලකිය යුතු ලෙස අවම කරමින්, මන්දිරය ද එපා කියමින්, පරිවාර රථ නොමැතිව නිල රාජ්‍ය ගමන් බිමන්වල යමින් පුර්වාදර්ශයක් දුන් අපගේ හිටපු ජනපති අපේ ඊනියා සිස්ටම් චේන්ජ් කාරයින් විසින් එළවා ගත්තා. ඔහුගේ අනුප්‍රාප්තිකයාට ද ඉන්න හිටින්න නිවසක් නොමැති තත්වයක් ඇති කිරීමට එම ඊනියා අරගල ත්‍රස්තයින් කටයුතු කළේය. දැන් අකුදී නමින් පෙනී සිටින බොරුකාරයකු දියසේන කුමරාට වෙස් බැඳගෙන පැමිණේ යයි ඇඟිලි ගනිමින් සිටිමින් සිහින ලොවක ජීවත්වෙමු...

:       10       8

fairoosWednesday, 13 March 2024 03:46 PM

කවුද අප්පා ඒ? අනේ මන්දා මෙහෙමත් අය ඉන්නවානේ..!

:       4       0

ranjith Wednesday, 13 March 2024 03:05 PM

ඒකට අපේ උන්දැලා තව රට සවාරි යන්න අමතර ප්‍රතිපාදන අනුමත කර ගන්නවා.

:       1       4

sam Thursday, 14 March 2024 08:11 AM

හනේ, අපේ කෙනත් එහෙමම තමයි... වතුර එක ගේන්නෙත් ගෙදරින්. ඒ තරම්ම හොඳයි. ජනතාවටයි, රටටයි ආදරේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

බස් - ලොරි - ගිලන් රථ යෝග්‍යතා හොරට දීලා
2025 අප්‍රේල් මස 23 103 0

බස් - ලොරි සහ ගිලන් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියාමනයෙන් තොරව යෝග්‍යතා සහතික නිකුත් කරන බව ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ අනුකාරක


පසුගිය මාස 4ට වෙඩි තැබීම් 37ක්: 26ක් මරුට
2025 අප්‍රේල් මස 23 280 2

මෙම වසර ආරම්භයේ සිට ඊයේ (23) දක්වා වූ මාස 4 කට ආසන්න කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 37 ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 26 කි.


ප්‍රහාරයේ වගකීම බාර ගනී
2025 අප්‍රේල් මස 23 1452 1

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම, ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන


’’ආණ්ඩුවට පාඩමක් කියා දෙන්න ජනතාව බලා ඉන්නවා’’
2025 අප්‍රේල් මස 23 513 5

බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ඩෑන් ප්‍රියසාද් ඝාතනය සිද්ධියට පිය - පුත් දෙපළකට විදෙස් තහනමක්
2025 අප්‍රේල් මස 23 2373 2

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක්


ලංකාවේ රාජ්‍ය සේවයේ ’’කොලිටිය’’ හොයන්න නේපාලයේ කණ්ඩායමක්
2025 අප්‍රේල් මස 23 464 2

නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 638 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 323 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 473 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site