IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ජනාධිපති වරණයට පෙර රනිල් ලන්ඩන් අලි හමුවේ

බ්‍රිතාන්‍යයේ පාලක කොන්සවේටිව් පක්ෂයේ වාර්ෂික සම්මේලනයකට සහභාගි වීම සදහා නිල ආරාධනාවක් ලැබ බ්‍රිතාන්‍යයට පැමිණි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඔක්තෝබර් 02  වැනිදා ලන්ඩන් නගරයේ ෂයිලොක් හෝම්ස් හෝටලයේදී බ්‍රිතාන්‍යයේ එක්සත් ජාතික පක්ෂ නිල ශාඛාවේ සාමාජිකයන් හමුවිය.

පක්ෂ සාමාජිකයෝ වික්‍රමසිංහ මහතා උණුසුම් අයුරින් පිළි ගත්හ. ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන වාතාවරණය හා එක්සත් ජාතික පක්ෂයේ අනාගත වැඩකටයුතු  පිළිබඳව සාකච්ඡාවක් ද පවත්විණි.

රැස්වීම ආරම්භ කරමින් පිළිගැනීමේ කථාව කළ බ්‍රිතාන්‍යය ශාඛාවේ ලේකම් දර්ශන ඩැනියෙල්, රටට අවශ්‍ය විස්වාසනීය දැක්මක් සහිත නායකයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා හැදින්වීය." අද වනවිට ඉතාමත් සමගි සම්පන්නව කටයුතු කරන එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කටයුතු වෙනුවෙන් බ්‍රිතාන්‍යය ශාඛාව සැමවිටම පෙනීසිටින බවද" ඔහු අවධාරණය කළේය.

බ්‍රිතාන්‍ය ශාඛාවේ ප්‍රගතිය හා පක්ෂය වෙනුවෙන් පසුගිය වසර කිහිපයේ බ්‍රිතාන්‍යය ශාඛාව සැපයු දායකත්වය පිළිබදව සභාපති හර්ෂක කන්නන්ගර " ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂයේ ජයග්‍රහණය සදහා පුර්ණ කැපවීම ලබාදීමටද" පොරොන්දු විය.

බ්‍රිතාන්‍යයේ එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ නිලධාරී මණ්ඩලයේ හා සාමාජිකයන්ගේ කැපවීම හා උනන්දුව දැකීමෙන් තමන් සතුටට පත්වන බවත් ඉතා කෙටි දැනුම්දීමකින් මෙවැනි සාකච්ඡාවක් සංවිධානය කිරීම ගැන තම ස්තුතිය ප්‍රකාශ කරන බවත්  වික්‍රමසිංහ පැවසුවේය. ශ්‍රී ලංකාවේ පවතින වර්තමාන දේශපාලන වාතාවරණය, පක්ෂයේ සමගිය සහ එළැඹෙන ජනාධිපතිවරනයේදී පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියාත්මක වියයුතු ආකාරය සහ පක්ෂයේ නව ඉලක්ක පිලිබදවත් ඔවුහු කතා කළහ.

එක්සත් ජාතික පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු පිළිබද ලේකම් සාගල රත්නායක මහතාද සභාව අමතා පක්ෂයේ අරමුදල් එක්රැස් කිරීමේදී පසුගිය වසර කිහිපය පුරාම බ්‍රිතාන්‍යයේ එක්සත් ජාතික පක්ෂයේ නිල ශාඛාව දැක් වු  දායකත්වය ප්‍රශංසාවට ලක් කළේය.

බ්‍රිතාන්‍යයේ එක්සත් ජාතික පක්ෂ ජාතික යොවුන් පෙරමුණේ සභාපති ක්‍රිෂාන්ත අතුකෝරල මහතා ස්තූති කතාව කළේය. බ්‍රිතාන්‍යයේ  එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ භාණ්ඩාගාරික කැලුම් අමරතුංග,හිටපු සභාපති හර්ෂ සිරිවර්ධන ,සංවිධායක චතුර කෝසල යන මහත්වරු ද එහි වුහ.

5 8 10

 



අදහස් (0)

ජනාධිපති වරණයට පෙර රනිල් ලන්ඩන් අලි හමුවේ

ගාමිණී සිරිවර්දන Sunday, 05 October 2014 12:47 PM

සම්මේලනයේ කතා පවත්වනවා වගේම ,1 වෙනි ,2වෙනි ලෝක සංග්‍රාමයේ බ්‍රිතාන්‍ය හමුදාවට බැදී මියගිය ශ්‍රී ලාංකික සෙබළුන්ට ගෞරවයක් වශයෙන් දැනට බ්‍රිතාන්‍යයේ සිටින සියලුම ලාංකිකයින්ට පුරවැසි භාවය, අධ්‍යාපනයට එන සිසුන්ට සහන වෘත්තීමය සුදුසුකම් ඇති අයට රැකියා යන ඒවා ගැන එරට නායකයින් සමග තීරණ ගැනීමයි රටට සෙත (නදී)

:       0       0

සේරම් පැරිස් Sunday, 05 October 2014 03:48 PM

මෙතුමා පසු ගිය කලක ඇමරිකාවේ ලෝක සම්මන්ත්‍රනයක අමතනවා දුටුවා. මෙතුමා සමග එතන ඔක්කොම සිටියේ 5 දෙනෙකු පමණයි. (නදී)

:       0       0

ගිහාන් Sunday, 05 October 2014 03:54 PM

මොකක්.? ජනාධිපතිවරණයට පෙර අලි හමුවෙලා..? අපේ ජනාධිපතිතුමාට බැහැ කිය කියා ඡන්දෙට සැරසෙනවද ? (නදී)

:       0       0

හෂාන් Sunday, 05 October 2014 05:33 PM

බලමුද අපි ඔහුට අවස්ථාවක් දීලා? (නි)

:       0       0

සුනිල් විතා‍නගේ Sunday, 05 October 2014 05:48 PM

මහා ජන ගඟක් ගලලා වගෙයි (නි)

:       0       0

හේරත් Monday, 06 October 2014 08:34 AM

බොහොම හොඳ තීරණයක් මහත්තයෝ (නි)

:       0       0

සනත් Sunday, 05 October 2014 08:24 PM

ගාමිණී කියන දේ වෙනවා නම් කොච්චර ලොකු දෙයක්ද? අපිත් මේ බංගලාදේශයේ දුක්විඳින්නේ නැතුව එනවා එංගලන්තයේ පදිංචියට. (නි)

:       0       0

වසන්ත මිලානෝ Sunday, 05 October 2014 08:36 PM

ගාමිණී සිරිවර්දන මහතාගේ අදහස ටිකක් පැහැදිලි මදි. (නි)

:       0       0

බණ්ඩාර සරත් Monday, 06 October 2014 09:19 AM

විදේශ බටහිර රටවලට ගොස් අපේ දේශපාලනය එම රටවලට අනුගමනය කරන්න කියලා දෙනවා ඇති (නදී)

:       0       0

නුවන් Thursday, 09 October 2014 07:29 PM

මෙතුමාටත් අපි අවස්ථාවක් දීලා බලමුකෝ (නි)

:       0       0

ගයාන් Monday, 06 October 2014 04:38 AM

ඇමරිකා -එංගලන්තේ යන්නේ ඡන්ද දිනන විදිය ඉගෙන ගන්නද ? (නදී)

:       0       0

ලෙස්ලි ලෝව් Sunday, 05 October 2014 12:12 PM

අපිට හරිම සතුටුයි ලන්ඩන් ශාඛාව පක්ෂයේ කටයුතු වලට දක්වන සහයෝගය පිළිබදව .ඔබේ උත්සාහය හා අරමුණ .යහ පාලනයක් සහිත රටක් ගොඩනැගීම නේද .අපි ඔබලාට සුබ පතනවා (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 130 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 527 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 103 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 550 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 330 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 970 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38163 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site