IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ජනපතිගෙන් යළි විවෘත ආරාධනයක්

(අංජුල මහික වීරරත්න)

 රට නැවත ගොඩනැගීමේ කාර්යය සඳහා සියලු දේශපාලනඥයින්ට එකතු වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද විශේෂ ආරාධනයක් කළේය.

කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවට වසර සියයක් පිරීම නිමිත්තෙන් පැවති “රීඩ් මාවතේ සියවස් සැමරුම” උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම ආරාධනය කළේය.

බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය තුළ පවතින දේශපාලනික වෙනස්කම් එලෙසම පවත්වා ගනිමින්, නව රටක්, නව ආර්ථිකයක් සහ නව දේශපාලන ක්‍රමයක් ඇති කිරීම මඟින් පමණක් රට නැවත ගොඩනැගිය හැකි බව ජනාධිපතිවරයා පැවසීය.



අදහස් (15)

ජනපතිගෙන් යළි විවෘත ආරාධනයක්

රංබොඩ Friday, 27 October 2023 12:46 PM

මෙන්න වැන්දා? පිං කාලේ ඉවර වුණාම ගෙදර යන්න. නැත්නම් කොටියයි, එළුවයි උඩ ටික කනවා... පාතාලය යටටික කනවා. අපට මුහුදට තමයි පනින්න වෙන්නේ...!

:       23       54

Rata Perata Friday, 27 October 2023 01:40 PM

ජනමතය තෙරුම් ගන්නවත් මොලයක් නති මෙ වගෙ මනුස්සයෙක් කොහොමද රටක් හදන්නෙ? මෙය දන්නෙ නය ගන්නයි, රටෙ සම්පත් විකුනන්නයි විතරයි. එහෙම තමයි රටවල් ගොඩගන්නෙ කිය්ල මෙය හිතගෙන ඉන්නෙ. එක එක්කෙනට අරදන කර කර ඉන්න දෙයක් නෑ. තමුන් හොදනම් අනරදිතවම ඔය ලගට එයි හමොම. ඔය අසර්තක මනුස්සයෙක්. එක තෙරුම් අරගෙන ඔක පුලුවන් කෙනෙක්ට දෙන්න, නැත්නම් චන්දයක් තියන්න.

:       10       43

de silva Friday, 27 October 2023 01:45 PM

ඔබතුමා ප්‍රමුඛ කණ්ඩායමට පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබෙනවා.. රටේ අභිවෘද්ධියට අවශ්‍ය ඕනෑම පනතක් සම්මත කරගෙන ක්‍රියාත්මක කරන්න පුළුවන්.. වජිර කියන විදිහට රටේ ජනතාවගෙන් බහුතරයකුත් ඔබලාට තිබෙනවා. ඉතින් මොකටද විරුද්ධ පක්ෂවල ඉන්න දේශපාලකයෝ පිටුපස යන්නේ...? කරලා පෙන්වන්නකෝ...!

:       1       40

Hafeel Friday, 27 October 2023 03:01 PM

සිල්වා, ඔයාගේ අදහසට මමත් එකඟයි. මෙයා කල්මරන්න සතියෙන් සතිය කොහේ හරි ගිහින් මොනවා හරි දොඩනවා. මෙයාට අර පරාජිත වජිරත් පොහොර දානවා. මේ දෙදෙනා පරාජිතයෝ. මේ රනිල් කියන දේ කරන මිනිහෙක් නොවේ. ආපු ගමන් කිව්වා ස්කොට්ලන්ඩ් යාර්ඩ් පොලීසිය ගෙනැල්ලා පාස්කු ප්‍රහාරය විමර්ශනය කරනවා කිව්වා. ඒ සමගම කිව්වා පහුගිය නිදහස් දිනයට පෙර උතුරු නැගනහිර ප්‍රශ්නය විසඳනවා කිව්වා...

:       2       21

sarath Friday, 27 October 2023 01:54 PM

ඔබතුමා කියන ඔය නව ආර්ථිකය සහ නව දේශපාලනය ගොඩනගන්නේ කොහොමද? පරණ හොරුත් (රත්රන් හොරා 1සහ 2, වඩේ චාමර, කස්සිපු ජොනී, පුත්තලම් බූරුවා, කුඩු ලංසා) එක්ක, ඔබතුමා දන්නේ නැතිවුණාට මිනිස්සු පාසලක තිබෙන උත්සවයකටවත් දැන් ඔය කියන හොරු වැද්ද ගන්න කැමැති නැහැ... සමහරු සහතික පත්‍රයක්වත් ඔය කට්ටියගේ අතින් ගන්න කැමැති නැහැ...

:       2       30

wedage Friday, 27 October 2023 01:56 PM

මේ ශ්‍රී ලංකාවේ මිනිස්සු මේ තරම් මෝඩයි කියලා හිතන එකම ලොකු පවක්... ඔයාට අපායේ දොර ඇරලා තියෙන්නේ පරණ පින් ඉවර වුණාම යන්න.

:       3       30

wedage Friday, 27 October 2023 02:00 PM

හමුදාව කැඳවන්න ආරාධනයක් කරන්න සුමානෙන් සුමානයට කරනවා වගේ පිටරට සවාරි ගහලා ඉවරද?

:       2       28

de silva Friday, 27 October 2023 05:40 PM

ඔබ කියපු විදිහට 2041 දී ලංකාව සංවර්ධිත රටක් කරන්න 2023 සිට 2041 දක්වා වසරකට ආර්ථික වර්ධනය 7% පමණ තබාගන්න වෙනවා, වයසක ඔබගේ මොලේට මේක තේරුම් ගියේ නැතිවුණත්, අපොස සමාන්‍ය පෙළට වාණිජ විෂය හදාරන පාසල් සිසුවෙකුට වුණත් වැටහෙන සරල කරුණක් මේක... මුලින්ම ලබන වසරේ හෝ රටේ ආර්ථික වර්ධනය 7% ට ගෙන එන්න ඔබ ගත්තු ක්‍රියාමාර්ග පැහැදිලි කරන්න පුළුවන්ද? කිසිම පැහැදිලි වැඩසටහනක් නොමැති රාජ්‍ය බලය පමණක් තිබෙන, මාධ්‍ය මර්ධනය කරන්න උත්සාහ කරන ඔබ සමග එකතුවෙලා, දේශපාලනික වශයෙන් සියදිවි නසාගන්න කිසිම විරුද්ධ පක්ෂ දේශපාලකයෙක් මේ අවස්ථාවේ සූදානම් වෙන්නේ නැහැ.. හොරෙක් හැරෙන්න...

:       2       19

chandi Friday, 27 October 2023 08:39 PM

පිනට ඇවිත් ආණ්ඩු වෙනස් කරන්න යන්නේ අම්මාගේ අප්පාගේ භූදලේ කියලා හිතලද ?

:       0       0

chandima Friday, 27 October 2023 08:59 PM

අර ජැක්සන් ඇන්තනී මහත්තයාට ගෙනාපු මැෂිම සුද්ද බුද්ද කරලා තියාගන්න වෙයි ඔය සේරම කරන්න නම් ?අමතක නොකර වෙලාවට පෙති ගන්න

:       0       0

Ananda Friday, 27 October 2023 10:58 PM

මූට මේක දාලා යන්නම බැරි හැටි .ඔහුට මේ වළෙන් ගොඩ ඒමට දේශපාලන බලයක් හෝ ගුවන් යානයක් තිබුණේ නැත. මරණය දක්වා බලයේ සිටින්නේ ගුවන් යානයක් පමණි. ලැජ්ජයි මචන් එලියට ගිහින් තරුණ පරම්පරාවට ඒ තැන ගෙනියන්න දෙන්න.

:       0       0

චතුරි Saturday, 28 October 2023 01:33 AM

රට ගොඩ ගන්න නම්..., හොරුන්ව ආරක්ෂා කරන මහ එකාව හිරේ දමලා අච්චු කරන්න ඕනෑ... එහෙම නැතිව මේ රට ගොඩ ගන්න බැහැ. ඉංග්‍රීසි වචන දෙක තුනක් කතා කෙරුවාට. රටක් ගොඩ ගන්න බැහැ. රටක නීතිය හදන්නේ නැතිව වරදට දඬුවම් නොදී. කවදාවත් රට ගොඩගන්න බැහැ. පළමුවෙන් මෙයාට ඉල්ලා අස්වෙන්න කියන්න ඕනැ. පපුවක් නැති අයට කොහොමද රටක් පාලනය කරන්න පුළුවන්...? මේ නඩේට ජිවිතේට පපුවේ අමාරුවක් ආවා කියලා අහලා තියෙනවාද? ඒ කියන්නේ ඔය නඩේ තුන්දෙනෙක් ඇර එකෙක්ටවත්... පපුවක් නැහැ ජනතාවට දෙන ගින්දර වලට මිනිස්සු රට ගොඩ ගන්නවා.. මෝඩ, නූගත් නඩේ හොරාකාලා, කප්පම් කාලා රට වලපල්ලට අරිනවා. සැවෝම එක්වෙන්න මෙයාව ගෙදර අරින්න.. හිරගෙදර ඉන්නෙ ඕනෑ අය. රජ පුටුවල ඉන්නේ. රටේ නීතියක් නැති නිසා....!

:       0       0

Kapila Saturday, 28 October 2023 06:17 AM

රටට ලීඩර්ශිප් එකක් නැතිව නන්නත්තාර වෙනකොට මෙතුමා තමයි රට බේරාගත්තේ... එතුමාට 2048 වෙනකන් දුන්නා නම් අපි ජපන් ඇමෙරිකාවටත් උඩින් ඉන්නේ... එයාලාට අපි ණය දෙන්න පුළුවන් වෙනවා.

:       0       0

LGP. JATHUNARACHCHI. Saturday, 28 October 2023 06:50 AM

කා සමගද?

:       0       0

Bamunuarachchi Monday, 30 October 2023 05:35 AM

ගහන්න ගහන්න වඳින එකත් මෝඩයලු... වඳින්න වඳින්න ගහන එකත් මෝඩයාලු. මම ඔබ ෆෑන් කෙනෙක් නොවේ... ඒත් රනිල් උන්නැහේ මේ දක්වා ඔබ කල දෙයක, දෙමළුන්ට 13 දෙන්න සුදානම් වුණු එක හැරෙන්න, වැරැද්දක් මම දකින්නේ නැහැ. ඒ නිසා ජෙප්පෝ, සජබයෝ වාතෙකට මායිම් නොකර ඔබේ වැඩ කොටස කරගෙන යන්න. හම්බයින් දෙමළුන් සුළු ජාතීන් හැටියට තියෙන්න. ඔය ජෙප්පන්ට සජබයින්ට බඩු මිල විදුලි බිල වැඩිවෙන එක නවත්තන්න බැහැ. ඔවුන් බලයට ආවත් විදුලි බිල අඩු කරන්න බැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාඨලීත් මැතිවරණයට තරඟ නොකරයි
2024 ඔක්තෝබර් මස 10 70 0

එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


කබ්රාල්ට එරෙහිව නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදෙයි
2024 ඔක්තෝබර් මස 10 201 0

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැ


බංග්ලාදේශ අන්තර්වාර පාලකයාත් ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 165 0

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 258 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 452 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


කලුතරට විශේෂ පොලිස් ආරක්ෂාවක්
2024 ඔක්තෝබර් මස 10 1962 0

නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවසන් දින වන අද (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39736 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25836 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 51 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 379 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1244 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site