(සුජිත් හේවාජුලිගේ)
චීන රජය මෙරටට පරිත්‍යාග කළ සයිනොපාම් එන්නත් මාත්‍රා ලක්ෂ පහ රට පුරා ජනතාවට වහාම ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට අද (26) උපදෙස් දුන්නේය.
ඒ අනුව එම එන්නත් ජනතාවට ලබාදීම සෞඛ්‍ය අංශ ඊයේම ආරම්භ කළේය.
සෞඛ්‍ය අංශවල නිර්දේශයන්හි ප්‍රමුඛතාව අනුව දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට පළමු අදියර යටතේ එන්නත් බෙදා හැරීමට සැලසුම්කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි .
සයිනොපාම් එන්නත් මාත්‍රා ලක්ෂ පහ රැගත් ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් යූ.එල් 869 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට අද (26)අලුයම පැමිණියේය.
මෙම ගුවන් යානය පැමිණියේ චීනයේ බීජිං නුවර සිටය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චීන රජය සමග කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම එන්නත් තොගය පරිත්‍යාග කර තිබිණ.
ශ්‍රී ලංකා රජය ඇණවුම් කර ඇති එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 20ක් මසක් ඇතුළතදී ලබාදීමටත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමටත් සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති චී.චෙන් .හුන්ග් මහතා එම එන්නත් තොගය බාරදෙමින් ඊයේ පැවැසීය.
මේ අතර චීන රජය සමග කළ සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස, සයිනොවැක් (sinovac)එන්නත මෙරටදීම ඉදිරි මාස දෙකේදී නිෂ්පාදනය කිරීමට රජය අපේක්ෂා කරන බව ඖෂධ සැපයීම සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය
පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි
මාතලේ, ලග්ගල පල්ලේගම පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී මැණික් පතලක පස්කණ්ඩියකට යට වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි.
කොටස් එකළස් කළ සුඛෝප භෝගී වාහනයක් සන්තකයේ තබා ගැනිම සහ එය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ
ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර
පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපතිගෙන් සෞඛ්‍ය ප්‍රධානීන්ට නියෝගයක්
පිටිගල මිලානෝ Wednesday, 26 May 2021 09:44 AM
එන්නත් ලක්ෂ පහ රටපුරාම බෙදන්නේ අර වෙරලු ගෙඩිය හත් අට දෙනෙක් කෑවා වගේද? මේ එක්කම මුට්ටි ටිකකුත් බෝක්කුවකින් පහළට විසි කරමුද?
siripalaWednesday, 26 May 2021 10:59 AM
ජනාධිපතිතුමනි, අන්න මුහුදේ නැවකුත් ගිනිගන්නවා.
fairoos Wednesday, 26 May 2021 09:45 AM
එතකොට තවත් එක අවුරුද්දක්.. ලොක්ඩවුන් එකේමද ඉන්න වෙන්නේ?
Ganga Wednesday, 26 May 2021 09:52 AM
ස්තුතියි ජනාධිපති තුමනි..,
Don JuanWednesday, 26 May 2021 11:05 AM
ස්තුතියි!!! අර මක්කටැයි...?
Saman Wednesday, 26 May 2021 10:10 AM
සයිනොපාම් එන්නත් මාත්‍රා ලක්ෂ පහ රට පුරා ජනතාවට ?? රටේ ඉන්න ජනගහනය වත් දන්නේ නැද්ද ?
Mahesh BoossaWednesday, 26 May 2021 10:54 AM
දෙයක් කියනකොට දෙපාරක් හිතන්න.
Sri Lanka Wednesday, 26 May 2021 10:20 AM
වෙසක් අමතක වෙලා වගේ..
සිරිබිරිස් Wednesday, 26 May 2021 10:21 AM
දැන්ම මෙයා නියෝග දුන්නේ නැත්තං ඒක අයිස් පෙට්ටියේ දාගෙන බලාගෙන ඉන්නවද? අනේ අම්මපා මෙහෙමත් ජනාධිපති කෙනෙක්....
keerthiWednesday, 26 May 2021 11:12 AM
කොරෝනා නිසායි, චිනයට ඇති බිය නිසයි, මොලේ කචල්.
නිවර්තනා Wednesday, 26 May 2021 10:23 AM
එන්නත් ලක්ෂ 05ක් කියන්නේ බොහොම සුලු ප්‍රමාණයක්.. ඒත් ඒ එන්නත් ලක්ෂ 05 විදගන්න අය නිසා රෝගය තවත් කෙනෙක්ට සම්ප්‍රේෂණය වෙන්න තියෙන ඉඩකඩ දහ ගුණයක් විතර මගහැරෙනවා. රට වටේම බෙදන එක බොහොම සාධනීය ක්‍රියාවලියක්.. ඒත් එන්නත කාටද දෙන්නේ කියලා තීරණය කරන්න ගියාම තමයි වැඩේ වෙන්නෙ ඕං...
NuwanWednesday, 26 May 2021 12:09 PM
සම්ප්‍රේෂණය නොවේ, හැදුණොත් රෝගය උත්සන්න වෙන එක තමයි වෙන්නේ. නමුත් ඔය චීනාගේ බෙහෙතෙන්, අනිත් පිළිගත් එන්නත්වලින් ලැබෙන ප්රතිලාභ නැහැ. නමුත් මොකක් හරි විදින එක හොඳයි.... මුකුත් නැතුවට..
නිවර්තනාWednesday, 26 May 2021 02:27 PM
ඔව් නුවන් එන්නත කියන්නෙ ස්ථීර ප්‍රතිකාරයක් නොවුනත් මේ වෙලාවේ හැටියට එන්නත විතරයි එකම ප්‍රතිකාරය... එන්නතකින් කරන්නෙ දුර්වල කරපු වෛරස් එක මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ට හදුන්වලා දීලා ශාරිරික වශයෙන් ඒ මනුස්සයා තුල පවතින ස්වයං ප්‍රතිශක්තිය වර්ධනය කරන එක තමයි... ඇත්තටම එහෙම වෛරසයට එරෙහි ප්‍රතිදේහයක් ශරීරයේ හට ගන්නවා කියන්නෙ ඒක පුද්ගලිකව තමන්ටත් පොදුවේ සමස්ත සමාජයටත් හොඳක්
saali Wednesday, 26 May 2021 10:33 AM
සති 3ත්, 4ත් ඇතුළත 2වැනි මාත්‍රාවද දිය යුතුය. නැතිනම් පළමු එන්නතෙහි ප්‍රතිඵල නැති වෙනවා. මෙය කට වචනයෙන් නොව, යම් ක්‍රමවත් විදිහකට කළ යුතුයි. මෙය සැලසුම් කිරීමට හැකි කිසිවෙක් නැතිද? පළමු එන්නත කල් පිරෙන අයත් දැන් ඇති නේද?
Raveendra Wednesday, 26 May 2021 10:46 AM
ඔය ටික කොමිස් ගහලා ගෙනාපු හෙලිකොප්ටර් එකකින් අහසේ ඉඳලා ඉස්සා නම් රටටම බෙදන්න තිබ්බා සර්...
chandima Wednesday, 26 May 2021 10:56 AM
එතකොට අර විපක්ෂ නායකතුමා චීන තානාපතිව ගෙදරට ගෙන්නලා රහසින් ඉල්ලලා තියෙන්නේ මොනවාද? සමහර වෙලාවට තවත් එන්නත් ලක්ෂ 05ක් ලැබෙයිද කියන්න බැහැ. තව තව කට්ටිය දාලා ඉල්ලුවා නම් රටටම ඇතිවෙන්න ලැබෙන්න තිබුණා..
විජිත් Wednesday, 26 May 2021 11:10 AM
මෝඩ නියෝග වලින් අපිට වැඩක් නැහැ. කරුණාකරලා පවු නොදී, ඔබගේ නොහැකියාව කෙලින්ම පිළිගෙන ජනාධිපතිකමෙන් ඉල්ලා අස්වී, නව ජනාධිපතිවරණයක් පවත්වන්න. ඔබ මෙය අවංකවම පිළිගෙන ඉල්ලා අස්නොවුණොත් ඉතාම මෑත දිනයකදී ජනාධිපතිකම දමලා පන බේරාගන්න පලා යන්න වෙනවා අනිවා...
Rata Perata Wednesday, 26 May 2021 11:12 AM
යන්තම් ලක්ෂ 05ක් පිනට ලැබුණාම, ඒක දෙන්න කියලා නියෝගත් දෙන්න ඕනෑද? ඕක චීනෙන් දුන්නේ මිනිස්සුන්ට දෙන්න තමයි. නන්දෙ හිතාගෙන ඉන්නවා ඇත්තේ සංරක්ෂණය කරලා තියාගන්න දුන්නා කියලා වෙන්න ඇති. අනේ මෙහෙමත් විහිළුවක්..
Sri Lanka Wednesday, 26 May 2021 11:26 AM
වෙසක් අමතක වෙලා අතේ මල්වට්ටිය, පපුවේ බටහිර කොඩිය...
රට වැසියා Wednesday, 26 May 2021 11:29 AM
එන්නත් ලක්ෂ 5 ක් ජනතාවට දෙන්න ලක්ෂ 25ක ජනතාව අනවශ්‍ය විදියට කුලප්පු කරලා, පොලිම් ගසන්න නම් එපා! මේ වැනි දේ ඉතා සංවිධානාත්මකව මනුෂ්‍යයින්ට ගරුත්වයක් ඇතිව කරන ආකාරය ද රාජ්‍ය නිලධාරින්ට කියා දෙන්න.
Sri Lanka Wednesday, 26 May 2021 11:37 AM
බෞද්ධ රටක් කියලා දිවුරුම් දීලා අපේ සංස්කෘතිය, වෙසක්, අවුරුදු සියල්ල ලොක්ඩවුන් මුවාවෙන් නැතිකළා.
C.K.Lankaputhra Wednesday, 26 May 2021 12:30 PM
දැන්නම් සටන් බිමට බහින්න කාලේ හරි වගේ... බිමට බැස්සේ නැත්තන්... අනේ මන්දා...?
Kumara Wednesday, 26 May 2021 02:28 PM
ජනාධිපති ඔර්ඩර් අපිට ඕන නැහැ සෞඛ්‍ය අංශ ක්‍රමවත්ව එන්නත් ලබා දුන්නොත් හොඳටම ඇති.
Kumara Wednesday, 26 May 2021 02:50 PM
ඇස්ට්‍රාසේනිකා එන්නත් කරපු 9 ලක්ෂේටම දෙවැනි මාත්‍රාව විදින්න ඊළඟ ජනාධිපතිවරණෙ පස්සෙද.?
Demuni Uduwara Wednesday, 26 May 2021 05:45 PM
ඔහු දැන් අවදි වී ඇත.