(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රුපියල අල්ලගෙන හිටියා වගේ වත්මන් ආණ්ඩුවත් අල්ලගෙන ඉන්න නමුත් සැබෑ ජනතා ප්‍රසාදයක් නැති ආණ්ඩුව රුපියල වගේම කඩා වැටෙන බව සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ආණ්ඩුවට ශක්තිමත් ජනතා ප්‍රසාදය තියෙනවා යැයි පෙන්නුවත් ඇත්ත තත්ත්වය එය නොවේ යැයිද මෙි රාජපක්ෂ හොල්මන් කරන ආණ්ඩුවක් කිව්වොත් එය වැරදි නැතැයි ද හර්ෂ ද සිල්වා මහතා කීය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ආර්ථික දැක්ම සමඟ තමා එකඟ යැයිද විපක්ෂයේ හිටියත් එය කියන්නට තමාට ශක්තියක් තිබෙන බවද හර්ෂ සිල්වා මන්ත්‍රීවරයා පැවසීය.
කෙටිකාලීන සර්වපාක්ෂික වැඩපිළිවෙලකට එකඟ වෙමු යැයි කී හර්ෂ ද සිල්වා මහතා සර්ව පාක්ෂික රජයක් ගැන කතා කළේ තමාට ඇමතිකමක් ගන්න නොවේ යැයිද දැන් යන්න හදන්නේ සර්වපාක්ෂික නමැති බෝඩ් එකක් ගසා තමන්ගේ කණ්ඩායමක් විතරක් එකතු කරගෙන යන ගමනක් යැයිද හර්ෂ ද සිල්වා මහතා කීය.
මෙහෙම ගියොත් ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් සහයෝගය ගන්නට නොහැකි වෙන බවද මන්ත්‍රීවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට එක්වෙමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසීය.
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපතිගේ ආර්ථික දැක්ම සමඟ එකඟයි
HARAMANIS Friday, 12 August 2022 01:33 PM
හොඳයි කියලා විතරක් මදි. පුතානෝ එක්ක ඉඳලා වැඩක් නැහැ. මේ වෙලාවේ රනිල්තුමාට ජොයින් වෙන්න.බයිලා කිය කියා ඉන්න එපා.
duplicate Ralahami Friday, 12 August 2022 03:30 PM
කෙකර ගගා ඉන්නේ නැතිව යනවා නම් යන්න. සර්ව පාක්ෂික ආණ්ඩුවක් බදාගෙන කෑ ගහන්නේ නැතිව.. බැලුවාම කිසිම ප්‍රතිපත්තියක් නැහැනේ.. ඔයාවත් ජනතාව නිසි වෙලාවට ගෙදර යවන එක කරන්න.
Bamunuarachchi Friday, 12 August 2022 06:27 PM
ඔව් ඔව් කට්ටිය එකතුවෙලානේ මහා බැංකුවට වැඩේ දුන්නේ.දැන් ඉතින් ජනපතිගේ ආර්ථික දැක්ම සමග එකගයි කියලා තව මංකොල්ලෙක්ට එකතු වෙන්න හදන්නේ.