IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


ජනපතිගේ ඉල්ලීම ශ්‍රීලනිපය ප්‍රති‍ක්ෂේප කරයි

(ඩයනා උදයංගනී)

යළිත් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රතික්‍ෂේප කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට පක්‍ෂයක් ලෙස ගත් තීරණය වෙනස් කළ නොහැකි බව මෙන්ම ජනතා ඉල්ලීම ප්‍රති‍ක්ෂේප කළ නොහැකි බව තම පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ජනාධිපතිවරයාට දැනුම් දුන් බව ද නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.

මේ අවස්ථාවේදී රටේ පවතින අර්බුදය විසඳීමේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම පැවසීය.

හිටපු ඇමතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (6) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එමෙන්ම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා රජය ගෙනඑන ඕනෑම වැඩපිළිවෙලකට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහය ලබාදෙන බව ද හිටපු ඇමතිවරයා කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පාර්ලිමේන්තුවේ ස්වාධීනවීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවේදී මෙම කරුණු දැනුම් දුන් බව ද නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, හිටපු අමාත්‍ය මහින්ද අමරවීර, ජාතික සංවිධායක හිටපු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික, හිටපු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෂාන් විජයලාල් ද සිල්වා, ජගත් පුෂ්පකුමාර, චාමර සම්පත් දසනායක, සාරථී දුෂ්මන්ත මිත්‍රපාල, අංගජන් රාමනාදන්, ආචාර්ය සුරේන් රාඝවන් යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (4)

ජනපතිගේ ඉල්ලීම ශ්‍රීලනිපය ප්‍රති‍ක්ෂේප කරයි

Pradeep Kumara Wednesday, 06 April 2022 03:35 PM

ඔබතුමා ඡන්දෙට කලින් කිව්ව විදියට වැඩකළා නම් අද ඔහොම කාටවත් පාච්චල් වෙන්නේ නැතුව කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න තිබුණා. දැන් ඉතින් කියන්න තියෙන්නේ "කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බළලෝ" කියලා තමයි...!...

:       0       60

"බෙදුණු තුප්පහි සිංහලය" Wednesday, 06 April 2022 06:40 PM

මේ "බෙදුණු තුප්පහි සිංහලයට" මේ රට කරගෙන යන්න හොඳම ශ්‍රීලාංකික උරුම නායකයෙක් " ඩයස්පෝරාවෙන් " යෝජනා කරලා රට බාරදෙන්න!

:       0       0

මහේෂ් Wednesday, 06 April 2022 10:20 PM

බලය තියෙනකොට කොහොමද සුළු පක්ෂවලට සැලකුවේ. කොහොම රජය විවේචනය කලත් ගම්මන්පිල,විමල් වීරවංශ ඒ අවස්ථාවේ ඇමතිකම් වලින් ඉවත් කරන්න සුදුසු වෙලාවක් නෙමෙයි කොහොමටත්. ඒ අයට කරගන්න ඕන දේ ජනාධිපති තුමා කලා.හිටපු ප්‍රවාහන ඇමැති කොහොමද හැසිරුනේ සුළු පක්ෂ එක්ක. ගම්මන්පිල මහත්තයට දෝෂාභියෝගයක් පවා ගෙනාව. දැන්පි ඒ කරපු මොන්ටිසෝරි වැඩ ගැන ලැජ්ජා හිතෙනවා ඇති. නාමල්ට ඇමතිතුමා හැසිරුනේ හරියට රජ කුමාරයෙක් වගේ. අසරණ මිනිස්සුන්ගේ චන්දෙන් ආවා කියලා අමතක උනා. මිනිස්සු මෙහෙ ඩීසල්, කිරිපිටි, පෝලිම්වල, දුක් විඳිනවා, කරන්ට් නැහැ එහෙන්. මිනිස්සු අන්ත අසරණ වෙලා ඉන්න වෙලාවේ එයා මාලදිවයිනේ water sport කරනවා.."ක්‍රීඩා ඇමති ක්‍රීඩා කරපුවම මොකද වෙන්නේ " කියනවා. මුදල් ඇමතිතුමා නිවාඩුවකට ගිහින් ඇමෙරිකාවට.... දැන් ඔය ගිලෙන නැවට කව්රුත්ම නගින්නේ නැහැ.

:       0       0

Bema Wednesday, 06 April 2022 10:38 PM

මහින්ද මහත්තයා පැරදුනේ ඇයි කියලා නිකමට හිතුවනම් ඔහොම වෙන්නේ නැහැ. මෙහෙම වෙන්න ලොකුම හේතුව නාමල් සහ බැසිල් ඇමතිලා. ඔබතුමාටත් බලය ලැබුනම මොලේ නැතුව ගියා. ලොකු බලයක් මිනිස්සු දුන්නේ ලොකු බලාපොරොත්තු තියාගෙන. මේ ගොහොරු වලෙන් රට ගොඩගනී කියන ලොකු විශ්වාසයක්‌ ඇතිව. නැතුව පව්ලේ අය ඉස්සරහට දාගෙන ඒ ගොල්ලෝ පෝෂණය කරන්න නොවෙයි. නාමල්.............. ආදී ඇමතිතුමන්ලගේ හැසිරීම මිනිස්සුන්ගේ කෝපය තව තවත් වැඩි කලා. ඔබතුමා කාටවත් ඇහුන් කන් දෙන්න නැතිව ඇති උගත් පිරිසට. මමම හරි කියලා හිතාගෙන වැඩ කරන්න ඇති. ඒවාට හේතුව පළපුරුද්දක් නැතිකමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සූර්වී උඩුගුවනේදී අනඟරැඟුම් පෑ විදේශිකයාට දඩ
2025 අප්‍රේල් මස 24 83 0

උඩු ගුවනේදී සුර් වී ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් ඉදිරියේ අනග රැඟුන්පැ 65 හැවිරිදී ස්විඩන් ජතිකයෙකුට රුපියල් 26500. 00 දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ


ඕඩිසී දුම්රියේ ටිකට් වංචාවට SMලා සම්බන්ධ දැයි විමර්ශන
2025 අප්‍රේල් මස 24 38 0

ඇල්ල ඕඩිසී දුම්රිය ටිකට් පත් වැඩි මිලට විකිණීමේ ජාවාරමට දුම්රිය ස්ථානාධිපතිවරුන් හා කාර්ය මණ්ඩලය සම්බන්ධ වී ඇද්ද? යන්න පිළිබඳව දුරකථන විශ්ලේෂණ වාර්


පාප්වහන්සේ වෙනුවෙන් දිව්‍ය පූජාව 26දා කොටහේනේදී
2025 අප්‍රේල් මස 24 41 0

ශුදතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශ්‍රි ලංකාවේ වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උදේග්වා හිමිපාණන් සහ ශ්‍රි ලංකාවේ රදගුරුතුම


ට්‍රම්ප්ට නඩු පිට නඩු
2025 අප්‍රේල් මස 24 322 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකාවේ ජනපද 12 ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඇමෙරි


ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොකු සමුළුවක් ලංකාවට
2025 අප්‍රේල් මස 24 207 0

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2025 වර්ෂයට අදාල දකුණු ආසියානු කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට එකඟතාවය පළ වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජ


රනිල්ගෙන් මෝදිට ලියුමක්
2025 අප්‍රේල් මස 24 518 0

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහළගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙලා දකින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 694 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 344 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 491 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site