IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


ජනපතිගේ ධූර කාලය - පාර්ලිමේන්තුවේ නිල කාලය වෙනස් වෙන්නෑ

(අජන්ත කුමාර අගලකඩ)

යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන්  19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළද ජනාධිපතිවරයාගේ ධූර කාලය හා පාර්ලිමේන්තුවේ නිල කාලය  සම්බන්ධයෙන් වන  වගන්ති වෙනස් නොවන බව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ලංකාදීපයට පැවසීය.

ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5 කටත් ඔහුට ධූරය දැරිය හැකි වාර ගණන දෙකකටත් 19 වන සංශෝධයන් සීමා කර තිබිණි.

මේ අතර පාර්ලිමේන්තුවේ නිල කාලයද වසර 5 කට සීමා කෙරිණි.

තොරතුරු දැන ගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකාමක් ලෙස 19 වැනි සංශෝධනයෙන් පිළිගත් අතර එයද වෙනස් නොවන බව ඔහු කීවේය.

17 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දෙනු ලැබූ ස්වාධීන කොමිසන් සභාවලට අමතරව 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන්ද ජාතික විගණන කොමිසම හා ප්‍රසම්පාදන කොමිසම හඳුන්වා දෙනු ලැබූ අතර එම කොමිසන් සභාද තවදුරටත් පවතින බව හෙතෙම සඳහන් කළේය.

20 වන ව්‍යවස්ථා සංශෝධන යෝජනාව අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා විසින් අනිද්දා (03) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇත.

අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමේන් අනතුරුව ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් පත් කර ඇති ඇමැති අනුකමිටුවට යොමු කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

මහාචාර්ය ජී.එල් පීරිස් , නිමල් සිරිපාල ද සිල්වා , දිනේෂ් ගුණවර්ධන , ජනාධිපති නීතිඥ අලි සබ්‍රි සහ උදය ගම්මන්පිල යන ඇමැතිවරු එම කමිටුවට ඇතුළත් වෙති.



අදහස් (12)

ජනපතිගේ ධූර කාලය - පාර්ලිමේන්තුවේ නිල කාලය වෙනස් වෙන්නෑ

Dhammika Tuesday, 01 September 2020 04:14 PM

ඉතින් මොකක්ද වෙනස් වෙන්නේ?

:       0       114

කුමාරTuesday, 01 September 2020 06:32 PM

ඔයාලට අන්දවන රෙදි වෙනස් වෙනවා...

:       0       12

asanka Tuesday, 01 September 2020 04:41 PM

අනේ මන්දා... අපි නම් ඡන්දෙ දුන්නේ රටේ ජීවන වියදම අඩු කරන්නට, සැමට නීතිය එකසේ ක්‍රියාත්මක කරන්නට සහ අපරාධ, මත් කුඩු පැතිරීම වළක්වන්ටයි. අලුත් වව්‍යවස්ථාවක් ගැන නම් හාන්කවිසියක්වත් හිතේ තිබුනේ නැහැ.

:       916       1035

pradeepa Tuesday, 01 September 2020 05:07 PM

කැබිනට් ඇමැතිවරු හා අනෙක් ඇමැතිවරු ගාන වැඩි කළාද? 19 තියපු ගාණ හරි..

:       35       224

Champa Tuesday, 01 September 2020 06:57 PM

ඒවා නම් තිබුණත් එකයි, නැතත් එකයි. මෙතන කරන්න හදන්නේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න බැරි වෙන්න දාපු වගන්තිය ඉවත් කරලා ද්විත්ව පුරවැසියන්ව පාර්ලිමේන්තු ගේන්න හදන එක... මොන දේ කළත් ඒකට නම් ඉඩ දෙන්න හොඳ නැහැ. ඒ මොකද කිව්වා නම් ද්විත්ව පුරවැසියන් මුල් තැන දෙන්නේ විදේශ රටට නිසා. ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තු එන එකට මම විරුද්ධ වෙන්නේ මගේ රටේ අනාගතය ගැන හිතලා. ද්විත්ව පුරවැසිභාවය ගන්නේ කොහොමද? ඉස්සෙල්ලාම විදේශ රටක පුරවැසිභාවය ගන්න නම් තමන් උපන් රටේ පුරවැසිභාවය අත හරින්න ඕනේ. ඒ වගේම ලංකාවේ නීතිය අනුවත් විදේශ රටක පුරවැසිභාවය ගන්න කොටම ලංකාවේ පුරවැසිභාවය ඉබේම අහෝසි වෙනවා. ඊට පස්සේ දෙවැනිව තමයි ලංකාවේ පුරවැසි භාවය ඉල්ලගෙන ද්විත්ව පුරවැසියෙක් වෙන්නේ. එතකොට උපන් දා ඉඳන් තිබ්බ පුරවැසිභාවය නෙමෙයි ලැබෙන්නේ ලියාපදිංචි පුරවැසිභාවයක්... ඒ හින්දා ද්විත්ව පුරවැසියන්ගේ පක්ෂපාතීත්වය තියෙන්නේ විදේශ රටට. අනික ලංකාවට ආදරේ කිසිකෙනෙක් ලාංකික පුරවැසිභාවය ඉවත්කර ගන්නවද?

:       26       2

Champa Tuesday, 01 September 2020 07:09 PM

එම්සීසී ගැන ජනාධිපතිවරයාගේ යූටර්න් එකෙන් ඔප්පු වුණා.. ඔහු මුල් තැන දෙන්නේ ඇමරිකාවට කියලා. ද්විත්ව පුරවැසිභාවය ඉවත් කළත් ඔවුන් ඒ වෙනුවෙන් බැඳිලා ඉන්නවා. 2006 යුද්ධය පටන් ගන්න කොටම, ඇමරිකාව ලංකාවට තමන්ගේ හමුදාව නීත්‍යානුකූලව ගොඩ බස්සන්න හදපු උගුල තමයි ACSA ගිවිසුම... 2007 ඒක අවුරුදු 10කට අත්සන් කරන්න වුනේ ආරක්ෂක ලේකම් සහ ආර්ථික කටයුතු ඇමති ඇමරිකන් පුරවැසියන් නිසා. නමුත් රටේ වාසනාවට යුද්ධෙ ඉවර වුණා. මට මතකයි මහින්ද තුවාල වෙච්ච තරුණ සෙබළුන් බලන්න රෝහලට ගිහාම ඔවුන් මහින්දට කිව්වේ "සර්, පත්තරේ තියෙනවා යුද්ධය නවත්තනවා කියලා, මොනවා වුණත් යුද්ධය නවත්තන්න එපා" කියලා. එතකොට මහින්ද කිව්වා "යුද්ධෙ ගැන තීරණ ගන්නේ මම. මම කීයටවත් යුද්ධෙ නතර කරන්නේ නැහැ" කියලා. මහින්දගේ වචන නිසා හමුදාවේ තරුණයින් මැරුණත් කමක් නැහැ කියලා සටන් කරලා ප්‍රභාකරන්ව ඉක්මනට විනාශ කළා. නැත්නම් ඇමරිකන් ගැත්තන්ගේ ගිවිසුම අනුව ඇමරිකන් හමුදාව ගොඩබසින්නේ 2009. සමහරු අහනවා ඉස්සර පාර්ලිමේන්තුවේ හිටියා.. දැන් බැරි ඇයි කියලා. ඉස්සර ජනතාව දැනගෙන හිටියේ නැහැ ඇමරිකන් ගැත්තන් රට පාවා දෙන ගිවිසුමක් අත්සන් කරලා බව... දැන ගත්තේ 2017 ඇමරිකාව කිව්වහම..

:       20       5

Rohana Wednesday, 02 September 2020 02:03 AM

වෙනස්වන කරුණු මොනවද? ඒවා සඟවා කථාකරන්නේ එම සංශෝධන අර්බුදකාරී නිසා නේද?

:       25       2

Ruwan Wednesday, 02 September 2020 02:53 AM

225 වැඩිම වැඩියි ලංකාව වගේ පොඩි රටකට. කරුණාකර 75ක් විතර අඩු කරමුද? නිකන් බොරු වැඩක්...

:       10       34

darmadaasa Wednesday, 02 September 2020 05:32 AM

20 ගේන්නත් කළින් ඇයි මේ 19 අහෝසි කරන්න තියෙන හදිස්සිය...?

:       19       2

දිමුත් Wednesday, 02 September 2020 06:07 AM

19න් හදිසි පනත් ගේන එක නැවැත්තුවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදයට හොඳයි.

:       36       2

Bamunuarachchi Thursday, 03 September 2020 06:13 AM

ජනාධිපතිගේ කාලය අවුරුදු 20 කලත් කමක් නැහැ.

:       56       0

ranjaThursday, 03 September 2020 09:58 AM

ඒවා කරන්න ඕනෑ නැහැ. ඒවා ස්වයංක්‍රීයව සිද්ද වේවි. ඔය පාර්ලිමේන්තුව කියන තැනට ගිය කවුරුවත් ඔතැනින් ගැලවෙන්න අදහසක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 28 179 0

චීන සමාගමකින් ආනයනය කළ කාබනික පොහොර නැවකට මුදල් ගෙවීමේ නිර්දේශ ලබාදෙමින් රජයට පාඩු කළේ යැයි කියන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරය


ආණ්ඩුව කුජීත වුණ බව චන්න කියයි
2025 අප්‍රේල් මස 28 212 0

මේ ආණ්ඩුව ඉතිහාසයේ වෙන කිසි දිනක නොවූ විරූ ආකාරයට කෙටි කාලයක් තුළ අප්‍රසාදයට පත්ව කුජීත වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චන්න ජයසුමන මහතා පැ


තරුණයකු ඝාතනය කළ 5කට මරණ දඬුවම
2025 අප්‍රේල් මස 28 264 0

තරුණයකුට ක්‍රිකට් පොලු ඇතුළු පොලු වලින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු මෝදර ප්‍රදේශයේ පුද්ගලයින් 07 දෙනෙකුගෙන් පස්දෙනකුට මරණීය දණ්ඩනය නිය


ඡන්ද පත්‍රිකා දෙකෝටි පනස්දෙලක්‍ෂ මුද්‍රණය කරයි
2025 අප්‍රේල් මස 28 54 0

පළාත් පාලන මැතිවරණය (2025) සඳහා ඡන්ද පත්‍රිකා දෙකෝටි පනස්දෙලක්‍ෂ හයදහස් පන්සිය තිස්තුනක් (25,206,533) මුද්‍රණය කළ බවත් අධිකරණ කටයුතුවලින් පසුව ඡන්ද පත්‍රිකා හත


සැබෑ අපරාධය ජනතා මුදල් බැංකු වල හිර කර තබා සිටීමයි
2025 අප්‍රේල් මස 28 1196 0

මහජන වැඩට තියෙන මුදල් තැන්පත් ගිණුම් වල රඳවා ගෙන සිටීම අපරාධයක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පෙන්වා දුන් බව හිටපු ජනාධිපති රනිල්


දුම්වැටි සමඟ ගුවන්තොටේදී අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 28 194 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(28 ) උදෑස


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 995 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 431 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 578 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site