IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


“ජනපතිගේ වාහන ගැන සුමනදාසගෙන් අහමු“

හිටපු ජනපති කාර්ය මණ්ඩලය භාවිතා කළ වාහන ගැන හොයන්න පේන අහන්න සිදුව ඇති බවත් ඒ ගැන ගාල්ලේ සුමනදාසගෙන් හෝ අහන්නට සිදුවන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දි කීවේය.

අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හිටපු ජනාධිපතිවරයා විසින් පරිහරණය කළ වාහන පිළිබඳ කරණ ලද විමසීමකට පිළිතුරු දෙමිනි.

“රජයේ නිලධාරියකු වුවත් තම තනතුරු වලින් ඉවත්ව යනවිට පරිහරණය කළ සියළු දේ බාර දි යනවා. මේ හිටපු ජනාධිපතිතුමාගේ වාහන ගස් ගල් යටින් ගරාජ් යටින් ලැබෙන්නේ ඇයි. එතන වාහන කොපමණ තිබුණාද ? ඒවායේ ලිපිගොනු නැද්ද ?“ දිසානායක මන්ත්‍රීවරයා විමසුවේය.

වික්‍රමසිංහ මහතා එය පිළිතුරු දුන්නේ වාහන ගැන නිසි ලේඛණ නැති බව පවසමිනි. 

‘‘වාහන හැමතැනින්ම ලැබෙනවා. අපි කිසිම කෙනෙක් දන්නේ නැහැ වාහන කීයක් තිබුණා ද කියා. වාහන සීයක් ද ? දාහක් ද ? ලක්ෂයක් ද ? කියා කිසිකෙනෙක් දන්නේ නැහැ. අපි හැමෝම එකතුවෙලා මේවා හොයන්න ඕනෑ. මේ වාහන ගැන ලිපිගොනු නැහැ මන්ත්‍රීතුමෝ. පේනයක්වත් අහන්න වෙනවා. නැත්නම් අර සුමනදාසගෙන් අහල බලමු “ යැයි ද අගමැතිවරයා කියා සිටියේය.



අදහස් (0)

“ජනපතිගේ වාහන ගැන සුමනදාසගෙන් අහමු“

යෝනක Saturday, 07 February 2015 05:17 PM

මේක අපේ අර යෝගීතුමාගෙන් අහන්නකො. (නි)

:       0       0

ජෝයි ගොඩ්රි මාතලගේ Saturday, 07 February 2015 05:57 PM

සුමනදාසය ජනපති ලගට ළං උනේ එයා මල්ල තරකරගන්න. ජනපති තුමාත් ජනතාවට වඩා සුමන දාසයගෙ බේගල් විශ්වාසකරලා. අවු 2 කට කලින් ජනපතිවරණය තිබ්බා. ඊට වඩා නරකද ඒ වසර දෙකත් රට දැහැමින් කරලා ජනතාවට සහනය දිලා ඡන්දයකට ගියා නම්. එතුමා අදත් ජනපති. (නදී)

:       0       0

නන්දලාල් Sunday, 08 February 2015 05:36 PM

සුමනදාස ළඟ මහින්ද මහතාගේ වාහන කීයක් තිබුණද කියලා අපි තාම දන්නෙත් නැති එකේ එයාගෙන් පේන අහන්න ඕනෑද? (නි)

:       0       0

යසපාල Saturday, 07 February 2015 09:13 PM

හැබැයි ඇහුවා නම් එයා කියයි හරියටම (නි)

:       0       0

සමන්ජය Saturday, 07 February 2015 11:10 PM

අපේ බන්දුල පෙරේරා පඬිතුමා දන්නවා ඇති මේ පිළිබඳ සියලු විස්තර. (නි)

:       0       0

දිනේෂ් Sunday, 08 February 2015 01:16 AM

මෝඩ මිනිස්සු යන්නේ කොහෙද මල්ලේ පොල් අදහස් දාන්නේ. අවුරුදු 20 ක් විතර පරණ කතා ඇදගෙන අද ඇති ප්‍රශ්නයට උත්තර සෙවීම යටගහනවා. බටලන්දක් දැන් හොයන්න ගියාම මේ කෝටි ගණනක නාස්තිය ගැන හොයන්නේ කොහොමද? (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 08 February 2015 01:24 AM

අදටත් සංස්ථා, කාර්යාංශ වල ලොකු ලොක්කෝ අසීමිතව රජයේ වාහන, ඉන්ධන පාවිච්චි කරනවා තමන්ගේ පුද්ගලික පරිහරණයට. මේවාත් එකතු කරලා බැලුවාම මහා පරිමාණ දූෂණ. ඒවාත් හොයලා බලන්න. ඒවාත් රටේ දුප්පත් මිනිසුන්ට සහනයක් දෙන්න පුළුවන් සම්පත් තමයි. (නි)

:       0       0

ලීලාරත්න Sunday, 08 February 2015 01:40 AM

ප්‍රනාන්දු, ඔබ හරියටම හරි. ඔය කියන කට්ටිය මොන රජයකන් ආවත් පෙරලුන පැත්තට හැරිලා තමන්ගේ වරප්‍රසාද හා අයිති නැති වරප්‍රසාද ‍කිසිම අඩුවක් නැතුව භුක්ති විඳින අය. සෘජුවම දේශපාලනය නොකරන නිසා කැපිලා පේන්නෙත් නැහැ. හැබැයි රටේ සම්පත් වලින් වැඩි ප්‍රමාණයක් භුක්ති විඳින්නේ මොවුනුයි. මෙය සැඟවී ඇති ලොකු ප්‍රශ්නයක් රටේ තිබෙන. (නි)

:       0       0

රණසිංහ Sunday, 08 February 2015 02:13 AM

ප්‍රනාන්දු හරි. ජනාධිපතිට වඩා වාහන පාවිච්චි කරන "රථගාය" තියෙන නිලධාරින් තමයි වැඩිහරියක් අපේ රටේ ඉන්නේ. ඒවාත් හොයන්න කියලා නව ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. නොසිතන ගානක් ඉතිරි කරගන්න පුළුවන්වෙනවා සහතිකයි. එක මාසයක් හරියට අධීක්ෂණය කරලා බලන්න. (නි)

:       0       0

රසික Sunday, 08 February 2015 02:15 AM

සුමනදාසටත් රාජ්‍ය බැංකුවක සභාපතිකමක් දිලා තිබුනනේ. එයා වාහන කියක් පාවිච්චි කළාද දන්නේ නැහැ. අනේ රටට වෙලා තිබුනු විපතක මහත? (නි)

:       0       0

පැතුම් Sunday, 08 February 2015 02:21 AM

සුමනදාස මොකක්ද දන්නේ නැහැ සමත්වෙලා තිබෙන ලොකුම විභාගය? අපිට දෙන්න ඉතින් රස්සා කොහෙද? සුමනදාසලටනේ බැංකුවල රස්සා දීලා තිබිලා තියෙන්නේ. (නි)

:       0       0

ටිකිරි Sunday, 08 February 2015 02:40 AM

දින 30ක් ඉවරයි. තාම කිසිම ප්‍රගතියක් පෙන්නලා නැහැ . තවම හොරබඩු හොයනවා විතරයි හම්බුවෙලත් නැහැ . කහ කුඩුයි කොත්තමල්ලියි ගණන් අඩුවෙලත් නැහැ දින 100 න් එහාට යන්න කල්පනාවක් නැහැ වගෙයි.(නදී)

:       0       0

ජයතිස්ස පෙරේරා Sunday, 08 February 2015 02:40 AM

රාජ්‍ය ආයතන වල රියදුරු මහත්තුරුන්ගෙන් ඇහුවා නම් කියයි කොච්චර රජයේ වාහන අයතා ලෙස නිලධාරින් පාවිච්චි කරනවද කියලා. (නදී)

:       0       0

විමල් Sunday, 08 February 2015 02:46 AM

ඇයි රනිල් මහත්තයෝ එල්ලාවල මේධංකර හාමුදුරුවන්ගේ බෙන්ස් කාරෙක හෙව්වා ඔය වාහනත් හොයන්නකෝ . සමහර විට ඔබතුමාගේ රථ ගාලේ තිබිලා හම්බු වෙන්නත් බැරි නැහැ. දැන් වත් විකට වැඩසටහන් නවත්වලා ජනාධිපති තුමාට උදව්කරන්න. (නදී)

:       0       0

කුමාර Sunday, 08 February 2015 03:56 AM

ඔය වාහනත් අර ලැම්බෝගිනියි, හෙලිකොප්ටරුයි වගේ වාහනද දන්නේ නැහැ. (නි)

:       0       0

නාමල් Saturday, 07 February 2015 03:06 AM

දැන් දැන් ගොඩක් දෙනාට අර මතක නැතිවෙන ලෙඩේ හැදීගෙන එනවා වගෙයි (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 08 February 2015 04:21 AM

අගමැතිතුමනි, අපේ රටේ සිදුව ඇති සියලු වංචා සහ දුෂිත වැඩ කර රටේ මුදල් කොල්ලකෑ හොරු ටික අල්ලා නීතිය ඉදිරියට පමුණුවන්න. ඔය වාහන වලට වැයකළේ අපේ මුදල්. තවත් ඔවැනි දුෂිත වැඩවලට ඉඩදෙන්න ජනතාව සුදානම් නැහැ. අවුරුදු 19 කට පස්සේ බලය ආ අවස්ථාවේ, වරද්දාගන්න එපා. බලය තාවකාලිකයි. (නි)

:       0       0

දිලාන් Sunday, 08 February 2015 04:23 AM

විමල් , විකටයන් මතක්කර ගන්න ඕනෑ ඕන නම් පසුගිය මැතිවරණ වේදිකා දිවා රාත්‍රී ස්මරණය කරන්න. ඔයගොල්ලන්ට බොහොම අමාරුයි සමහර උපාසක අප්පුලාගේ වැරදි මතුවෙනකොට. (නි)

:       0       0

ලසිත් Sunday, 08 February 2015 04:55 AM

පැතුම් , බැංකු වල රැකියා වලට ඔයගොල්ලන්ට සුදුසුකම් තිබුනත් කොහේ ලැබෙන්නද? ඒවා ඔක්කොම අසවල් අයටනේ. ඈනුම් යවමින් ඉන්න හැටියෙන්ම පේනවා කොහොමද පත්වුණේ කියලා. (නි)

:       0       0

වයිකෝ Sunday, 08 February 2015 05:52 AM

මේ ප්‍රශ්ණය විසදන්න නව අගමැතිට බැරිනම් ඡන්දෙන් වෙන කෙනෙක් පත්කරමු. (නදී)

:       0       0

වැකෝ Sunday, 08 February 2015 05:58 AM

මහජනයා පත්කළ අගමැති නෙ මේ . විහිළු කාරයෙක් . (ස)

:       0       0

හසිත් Sunday, 08 February 2015 06:06 AM

වයිකෝ ගේ ගෙදර උන්දෑව අපි පත් කර ගමු. (ස)

:       0       0

දුමින්ද Monday, 09 February 2015 03:40 AM

ගනන් ගන්න එපා 88-89 නැති උන රත්තරන් බඩු, හැදුනුම් පත් ගැනත් කියපු දේවල් බොරු උනේ (නදී)

:       0       0

ෂාන් Sunday, 08 February 2015 06:40 AM

ඇත්ත එළි වෙද්දී කාටත් හිතට අමාරුයි (දිල්)

:       0       0

සිතුමිණි Saturday, 07 February 2015 05:18 AM

දේශපාලනයම කළා මිසක් ජනතාවගේ බදු වලින් ගත්‍ වාහන ටිකවත් ලේඛනගත කරලා නැහැ (නි)

:       0       0

වැකෝ Sunday, 08 February 2015 07:23 AM

රනිල් සහ මහින්ද අතර ලොකු අවබෝධයක් තියනවා . වාහන හම්බවුණාට කිසි කෙනෙක් අත්අඩංගුවට ගත්තේ නෑ නේද මේ වෙනකල් (දිල්)

:       0       0

වයිකෝ Sunday, 08 February 2015 08:00 AM

ජනවාරි 9 වෙනිදා උදේ පාන්දරම රනිල්ව අරලිය ගහ මන්දිරයට ගෙන්න ගත්තේ මෙවැනි දේ කරන හැටි කියන්න වෙන්න ඇති. (නදී)

:       0       0

නාරද Saturday, 07 February 2015 06:35 AM

මම නම් හිතන්නේ සුමනදාසගේ අනාවැකිය වැරදියට ගියේ මහින්ද මහතාගේ ප්‍රධාන කථිකයාගේ හරි උපන්දිනය සහ වේලාව නොදන්නා නිසා ඇතිවු ගැටලුවකින් බවයි (නි)

:       0       0

ලාල් ජේ Saturday, 07 February 2015 07:05 AM

ගාල්ලේ සුමනදාසගෙන් අහලා වැඩක් නැහැ. පේන කියන්න සුදුසුම කෙනා හිටපු අගමැති. (නදී)

:       0       0

පද්මසිරි Saturday, 07 February 2015 07:09 AM

ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවාහන නිලධාරීන් කියලා තිබුන සියලු වාහන කාටද නිකුත් කරලා තියෙන්නේ කියලා ලේඛන වල තයෙනවා කියලා. ඔබේ නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව පිළිගන්නේ නැතිව පේන අහන වගේ බොලඳ වචන කීම ඔබට අගමැති වශයෙන් කැතයිනේ. (නදී)

:       0       0

ඇන්ටන් Saturday, 07 February 2015 07:14 AM

අගමැතිත් දැන් විහිළු කරන්න පටන් අරන් හැබැයි පාර්ලිමේන්තුව විහිළු සපයන තැනක් නොවේ (නදී)

:       0       0

සමන් Saturday, 07 February 2015 07:31 AM

තමන්ගේ කාර්යාලයට අයත් වාහන ටිකවත් ලේඛනගත කරන්න බැරි උන ලේකම්ලා හැට හුටාමාරක් හිටපු කාර්යාලයක් නේද මේක ? කාර්යාල කළමනාකරණය බින්දුවටම බැහැලද තිබුනේ (නදී)

:       0       0

වයිකෝ Saturday, 07 February 2015 07:41 AM

පවතින රජය මෙතරම් අසරණ මොකද? වග කිවයුතු කෙනෙක් ඇත්තෙම නැද්ද? නැත්නම් ප්‍රස්ණය යටගහන්ඩද කල්පනාව? (නදී)

:       0       0

ලියොන් Saturday, 07 February 2015 07:48 AM

"රනිල් ජෝක් " (නදී)

:       0       0

කරූ එම් ගමගේ Saturday, 07 February 2015 08:12 AM

මහින්දගේ වාහන ගැන කියනකොට මහින්දගේ හරකුන්ට කුලප්පුව හැදෙනවා (නදී)

:       0       0

ධනංජය Saturday, 07 February 2015 08:30 AM

හරි එතකොට හම්බුන වාහන ජනාධිපති කාර්යාලයේ කියල අඳුනගත්තෙ කොහොමද? හම්බ උන ඒවාට විතරද ලිපි ගොනු තිබ්බේ? ලිපි ගොනු වල තියන ඔක්කොම හම්බුණා නම් තව හොයන්නේ මොනවද? ඔය පෙන්නන වාහන ජනාධිපති කාර්යාලයේ කියල හරියටම කියන්න බෑනේ එහෙනම් (නදී)

:       0       0

සමන් Saturday, 07 February 2015 08:56 AM

වාහන ටික තොග පොත් වලට ඇතුල් නොකළ ලේකම්ලා ඔපිස් වල මගුල් නැටුවද? (නදී)

:       0       0

සුනිල් ගිකියන්ගේ Saturday, 07 February 2015 09:31 AM

රටේ නීතිය විහිලුවකට අරගෙන තියෙන බවයි මේකෙන් පේන්නේ. අගමැති තුමෝ ඔනෑම රජයේ දේපලක් බඩු වට්ටෝරු ලේඛනවල සදහන් කරන්න ඕනා. බඩු වට්ටෝරු ලේඛන නඩත්තු කිරීම නිලධාරීන්ගේ වගකීමක්. ඒ රාජකාරී හරියට කරල නැත්නම් ඒවාට දඩුවම් කරල මහජන දේපලවලට මොකද වුනේ කියල හොයන්න. විහිලු කතා කියන්නේ නැතිව. (නදී)

:       0       0

ප්‍රවින් Saturday, 07 February 2015 09:48 AM

සත්‍යා, ඔයාගෙ ප්‍රශ්ණය ගැන කනගාටුයි. සැකයක් හරි මොනයම් හෝ දෙයක් තියෙනවනම් පැමිනිල්ලක් දාලා නීතිමය වශයෙන් කරගන්න. මඩ ගැසීම ඉතා පිලිකුලෙන් හෙලා දකිමි. අගමැතිතුමා ඒකෙන් නිදොස් කොට නිදහස් මම දන්න විදියට. (නදී)

:       0       0

ප්‍රදීප් කුමාර Saturday, 07 February 2015 10:12 AM

සත්‍යා. ඔයාගේ අම්මගෙන් අහල බලමු බටලන්ද ගැන (නදී)

:       0       0

හෆීල් Saturday, 07 February 2015 10:17 AM

සත්‍යා, බටලන්ද පිළිබඳව චන්ද්‍රිකා ආණ්ඩුවෙන් කොමිසන් පත්කරලා රනිල් නිර්දොෂ උනා. නමුත් පහුගිය ආණ්ඩුව කොමිසන් වාර්තාව ඇයි හෙලිකලේ නැත්තේ? (නදී)

:       0       0

ඉන්දික Saturday, 07 February 2015 11:06 AM

කිව්වොත් කියන්නේ රට්ටු හිනස්සන කතාවක්. බටලන්ද , අතුරුගිරිය ගැනත් පේන අහමුද? (නදී)

:       0       0

සම්පත් වන්නිආරච්චි Saturday, 07 February 2015 11:58 AM

රාජ්‍ය පාලකයන්ට අවශ්‍ය ලෙස කටයුතු කළ ප්‍රවාහන නිලධාරියාගෙන් විමසන්න. මහින්දට අනුයුක්ත කළත් වාහන භාරව රජයේ නිලධාරියෙකු සිටිනවා. වාහන පිළිබඳ විස්තර හා ලිපිගොනු නැත්නම් ඔහුට එරෙහිව විනයානුකූලව කටයුතු කරන්න. ජවිපෙ හා යූඑන්පී මාධ්‍ය සංදර්ශන මගින් ජනතාව නොමග යවනවා. (නදී)

:       0       0

ෂෙහාන් Saturday, 07 February 2015 12:29 PM

බටලන්දේ එක ගැන ඉස්සර රජයෙන් ඇහුවා මතක නැද්ද ? (නදී)

:       0       0

රවීන් Saturday, 07 February 2015 12:58 PM

ගරු අගමැතිතුමනි, මෙවැනි ප්‍රකාශ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කොට ඔබගේ සාමාන්‍ය දැනීමේ අගය රටටටම ඉදිරිපත් නොකරන්න. ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලයේ නව පත්වීම්ලද රාජ්‍ය සේවකයන් වැඩ බැරි දාසලා ලෙස ඉදිරිපත් කිරීම නවතන්න. මෙම කාර්යාලයේ රථවාහන භාරව සිටි නිලධාරියා (ප්‍රවාහන අධ්‍යක්ෂක) හා දැනට එම තනතුර දරන නිලධාරියා සතුව සියලු විස්තර පවතියි. මීට අමතරව ඔබතුමාට නියම ආකාරයෙන් විස්තරයක් අවශ්‍ය නම් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්තුමාගෙන් හෝ බස්නාහිර පළාත් සභාවේ අදායම් බලපත් අංශයෙන් ලබාගත හැක. (නදී)

:       0       0

හින්නි Saturday, 07 February 2015 01:13 PM

අගමැතිතුමාත් මාර ජෝක් දාන්නේ නේද.? එක අහල ඉල අැදුනා අප්පා (නදී)

:       0       0

දාස Saturday, 07 February 2015 01:46 PM

සත්‍යාට මතක නැති වුනාට මට නම් මතකයි බටලන්ද ගැන ඔක්කොම නඩුව ඇහුවා රනිල් මහත්තයව උසාවි ගෙනෙල්ලා. චන්ද්‍රිකා මැඩම්ගේ කාලේ ඒක උනේ. එ් වෙලාවේ සත්‍යා කොහෙද හිටියේ ? ළමයි ගැන අහන්න තිබුනනේ (නදී)

:       0       0

සමන්ති Saturday, 07 February 2015 02:03 PM

සත්‍යා, ඔබ පසුගිය කාලේ අවුරුදු ගණනක් නිදාගෙනද හිටියේ. (නදී)

:       0       0

සුමුදු Friday, 06 February 2015 06:09 PM

අනේ එයාලගේ අනාවැකි! (නි)

:       0       0

සත්‍යා Friday, 06 February 2015 06:51 PM

බටලන්දේ උන දේවල් ගැන කාගෙන්ද මහත්තයෝ අහන්න ඕනේ. අපේ ළමයත් එ්කට අරන් ගියා . ඒ ගැනත් පැමිණිල්ලක් දාන්න බැරිද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රූපවාහිනී ඩිජිටල් කරන්න ජපානය අත ගසයි
2024 ඔක්තෝබර් මස 01 527 0

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (JICA)ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සහ රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්


’’ඒඩීබී’’ ලොක්කා අනුරගේ වැඩපිළිවෙල පිළිගන්නා බව කියයි
2024 ඔක්තෝබර් මස 01 732 0

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (01) සුබ පැතුම් පළ කර තිබේ.


දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 447 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 932 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 1738 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 425 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38501 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25347 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 908 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site