IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


‘ජනපතිටත් වඩා ලොක්කෙක් ඉන්නවාද?‘

‘දුම්කොළ සමාගමට 90%ක බද්දක් පැනවීම සම්බන්ධයෙන් යෝජනාවක් ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළා. දැන් මාස එක හමාරක් පමණ එය තැන් තැන්වල නළියනවා. මම සෞඛ්‍ය ඇමැති කාලේ සිගරට් පැකට්ටුවේ රූපමය අවවාද දෙන්න ගිහින් සිගරට් කොම්පැනිය එදා මගෙන් නිදහසට කරුණු ඇහුවා. ඒ එදා අරලියගහ මන්දිරයේදි‘ යැයි කී මෛත්‍රිපාල සිරිසේන ජනපති මහරගම තරුණ සේවා සභාවේදී කියා සිටියේ මේ බව තමා රටටම පවසන බවයි.

එය පමා කරන අයත් කවුදැයි තමා දන්නා බවද ජනපති කීවේය.

‘දුම්කොළ සමාගම්වල අභියෝග වලට මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ට මද්‍යසාර හදන නීත්‍යානුකූල අසීලාචාර ව්‍යාපාරිකයන්ට අපි මේ ආණ්ඩුව තුළත් මුහුණ දෙනවා. මේ වසරේ පැවැත්වූ ලෝක දුම්කොළ විරෝධී දිනයේ දී අපේ විශේෂඥ වෛද්‍යවරයෙක් ඉතාම කෙටි දේශනයක් කළා. ඔහු පැවසුවා ‘ජනපතිතුමනි ඔබතුමන්ලාගේ ආණ්ඩුව ඊයේ පෙරේදා බදු සංශෝධනයක් කළා. නමුත් ඒ බදු සංශෝධනයේ දී සිගරට් සමාගම්වල බද්ද දැන හෝ නොදැන අඩු කරලා තියෙනවා.‘ කියලා. මම කිව්වා ‘මේ කියනකම් මම දන්නේ නැහැ. මම දැන් මේ රැස්වීම ඉවර කරලා යන්නේ කැබිනට් මණ්ඩලයට. මම ගිය ගමන් යෝජනා කරනවා එවැනි ප්‍රශ්නයක් වෙලා තිබෙනවා නම් වහාම සිගරට් සමාගම් වලින් අය කරන බද්ද වැඩි කළ යුතුයි‘ කියලා. අඩු කිරීම නෙවෙයි තිබෙන තත්ත්වයෙන් වැඩි කළ යුතුයි කියලා. ඒ වගේම මම එදා කැබිනට් මණ්ඩලයේ දී මේ ප්‍රශ්නය කතා කළා. මම මුදල් ඇමැතිට කිව්වා එහෙම ප්‍රශ්නයක් තිබෙනවා නම් කිසිසේත් තියෙන තැනින් අඩු කරන්න බැහැ තිබෙන තැනින් බදු වැඩි කිරීමයි අවශ්‍ය වෙන්නේ කියලා.‘ යැයිද ජනපති එහිදී කීය.

DSC_1187 DSC_1215 DSC_1229 DSC_1233

 

 

 



අදහස් (0)

‘ජනපතිටත් වඩා ලොක්කෙක් ඉන්නවාද?‘

චන්ද්‍රා Sunday, 04 September 2016 10:03 AM

මටනම් සතුටුයි ඔබට සතුටුයිද ? දැන් (බ)

:       0       0

පිටිගල Monday, 05 September 2016 02:01 AM

තුවක්කුවත් පතුරොමුත් අතේ තියෙද්දී වෙඩි තියන්න යමෙකුට නොහැකිනම් ඊට කුමක් කියන්නද? (නි)

:       0       0

හුසේන් රියාද් Sunday, 04 September 2016 10:18 AM

ඔහොම කියල හරියන්නේ නැහැ ජනපතිතුමනි. දැඩි තීරණ ගන්න කාලය ඇවිල්ලයි තියෙන්නේ. නැත්නම්, ඔබට කෙසේ වෙතත්, ඔය පුටුවට කරන නිගාවක්. (බ)

:       0       0

සෙනරත් Sunday, 04 September 2016 10:30 AM

දැන් අර ඖෂධ පනතට මොකද වුණේ එතකොට?

:       0       0

නිහාල් Sunday, 04 September 2016 10:27 AM

අනේ මේවට අපි මොනවා කියන්නද? (නි)

:       0       0

පීරිස් Monday, 05 September 2016 03:03 AM

සමහර කැබිනට් ඇමතිලා කියන්නේ ලොකු කොම්පැනිකාරයන්ගේ සාක්කුවේ ජීවත්වෙන කට්ටියක්. එයාලා ඕවා ඉටුකරන්නේ නැහැ. හොඳම විහිලුව තමයි, මේ කිසිවක් කවුරුහරි කියනතුරුම නොදැනීම. (නි)

:       0       0

සාගර Sunday, 04 September 2016 10:53 AM

ඉතින් ජනපතිතුමනි, ඔබතුමා අපිට මේවා කියන්නේ, අපිද දැන් බද්ද වැඩි කරන්න ඕනෑ? වැට් බද්දත් අපිට කියලද වැඩි කළේ? (නි)

:       0       0

නලීන්ද Sunday, 04 September 2016 10:55 AM

කළමනාකාරීත්වයට දක්ෂතාවක් නැති කළමනාකරුවෙක් ඕනෑම ආයතනයක ඉහළ ඉන්නවා නම්, සේවකයෝ හිතෙන හිතෙන වැඩ කරලා ආයතනය කඩා වැටෙනවා. මීට වඩා මට කියන්න දෙයක් නැහැ. (නි)

:       0       0

රණතුංග Sunday, 04 September 2016 03:11 PM

මම නම් සිගරට් ......... ඉතින් මට නම් ඕක අදාලම නැත. නියෝගයක් දුන්න නම් , නොකෙරෙනෙව නම් , කරන්න ඕන එක එතුමාම දැන ගන්න එපායේ. (බ)

:       0       0

වසන්ජය Monday, 05 September 2016 06:34 AM

සියයට 90 ක බදු ගැහුවත් රූපමය අවවාද දුන්නත් දුම් බොන්නෝ එයින් මුදවාගත හැකි යි සිතනවානම් එය මෝඩ කමකි (බ)

:       0       0

සිරි Sunday, 04 September 2016 06:24 AM

ඒ කවුද කියලත් කියලා දැම්මා නම් ඉවරයිනේ (නි)

:       0       0

නිශාන්ත Sunday, 04 September 2016 07:28 PM

අපේ ජනාධිපතිතුමා ගැන අපිට ආඩම්බරයි (නි)

:       0       0

විමල් Sunday, 04 September 2016 06:44 AM

ඔබතුමා විධායක ජනාධිපතිවරයායි. නමුත් 'මම කිව්වා, අරයට කිව්වා, තවම කරලා නැහැනේ' කියන්න තව වතාවක් සිද්ධවුණොත් මොකක්ද ගන්නා පියවර? (නි)

:       0       0

ජනහිත Sunday, 04 September 2016 06:54 AM

මෙතුමාගේ කතාව ඇත්ත. (නි)

:       0       0

දර්ශන Sunday, 04 September 2016 07:02 AM

ඒකනේ. පුදුම කතාවක්නේ. ජනාධිපතිතුමාවවත් ගණන් ගන්නේ නැති අයද දැන් ඉන්නේ එතකොට? (නි)

:       0       0

කීර්ති Sunday, 04 September 2016 07:05 AM

ඉස්සර විලියම් ගොපල්ලව මහතා මට මේ වෙලාවේ මතක්වුණා. යහපාලනයේ ව්‍යවස්ථාවවත් වෙනස් කළාද? (නි)

:       0       0

කමල් Sunday, 04 September 2016 07:12 AM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

ධනුක Sunday, 04 September 2016 07:08 AM

කණගාටුවෙන් වුණත් මටත් කියන්න තියෙන්නේ අරයා මෙයාට ඇඟිලි දික්කර කර ඉන්නේ නැතුව ඔය වැඩේ හරියට කරන්න කියායි. හැමදාම නිදහසට කාරණා කියලා හරියන්නේ නැහැනේ. (නි)

:       0       0

හේවා Sunday, 04 September 2016 07:10 AM

ඇමති මණ්ඩලය ජනාධිපතිතුමා කියන දේවල් ගණන් ගන්නේ නැති බවකුයි අපිට නම් මේ කතාවෙන් හිතෙන්නේ (නි)

:       0       0

නාමල් Sunday, 04 September 2016 07:48 AM

මෙතුමා මේ කිසිදෙයක් දන්නෙ නැද්ද එතකොට? (නි)

:       0       0

හිනිදුම Sunday, 04 September 2016 07:44 AM

ඕකටත් දැන් පහුගිය ආණ්ඩුවේ කෙනෙක් අල්ලාගනීද කියලයි අපි මේ බලාගෙන ඉන්නේ (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 04 September 2016 09:29 PM

සංජය, මටත් හිතුනේ ඔබගේම අදහසමයි. (නි)

:       0       0

ශෂික Sunday, 04 September 2016 07:50 AM

අනේ, මට දුකයි ඔබතුමා ගැන (බ)

:       0       0

ශානක Sunday, 04 September 2016 08:04 AM

මොකුත් දන්නෑ රටේ වෙන ඒවා. රට පාලනය කරන්නේ වෙන අය (බ)

:       0       0

රොමේෂ් Sunday, 04 September 2016 08:04 AM

දැන් සිගරැට් සමාගම් වලින් අය කරන බද්ද වැඩි කරලද තියෙන්නේ, අපේ ජනාධිපතිතුමා කිව්වට පස්සේ. අපේ ජනාධිපතිතුමා ගොඩක් දේවල් දන්නේ නැති පාටයිනේ. කලින් සිටි කෙනා නම් ඔක්කොම දන්නවා. නමුත් ප්‍රශ්නය වුණේ නොදන්නා ගානට සිටි එක. (නි)

:       0       0

දිසානායක Sunday, 04 September 2016 08:12 AM

අනේ මන්දා, අපි ඉතින් මොනවා කරන්නද? (නි)

:       0       0

කිත්සිරි Sunday, 04 September 2016 08:06 AM

මට හිතෙනවා වෙලාවකට මෙතුමාත් බෝලය පාස් කරනවා විතරයි කියලා. මාධ්‍ය මඟින් පෙනෙන දකින විදිහට නම් එතුමාට සැබෑ උවමනාවක් තියනවා කියලත් විටෙක හිතෙනවා. නමුත් මේ කියන විදිහට නම් කොහේහරි පරහක් තිබෙනවා කියලා තේරෙනවා. අපි ජය පතනවා සමාජය වෙනුවෙන්. (නි)

:       0       0

රූපවතී Sunday, 04 September 2016 08:16 AM

මට කියන්න තියෙන්නෙත් ශානිකා වගේම රටපාලනය කරන්නේ මෙයා නොවෙයි වෙනත් ඈයෝ .....අනේ අනේ රටේ ජනාධිපතිට ගිය කලක්? (බ)

:       0       0

සුසන්ත Sunday, 04 September 2016 08:24 AM

ජනාධිපති ගණන් නොගන්න බව අපිනම් දන්නවා. එයා වැදගත් දේවල් දැනගන්නේ පත්තරෙන්නේ. (බ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Sunday, 04 September 2016 08:56 AM

මුක්කු ගහලා ආණ්ඩු හැදුවම විධායක බලතල තියෙන ජනාධිපතිතුමාටත් කට පියාගෙන , ඇස් පියාගෙන ,නොදැක්කා සේ ඉන්න වෙනවා තමාගේ ආණ්ඩුව සහ බලය රැකගැනීමට. (බ)

:       0       0

ජනක Sunday, 04 September 2016 09:12 AM

සුබ සහ යස වගේ නුසුදුසු පුද්ගලයන් ලොකු තැන් වලට පත් වුනාම ආයතනයත් පිරිහනවා රටත් පිරිහනවා (බ)

:       0       0

බමුණු Sunday, 04 September 2016 09:06 AM

කිත්සිරි මෙයාල ඔක්කොම බොලේ පාස් කරන අය මහින්ද මහතාත් බොලේ පාස් කෙරුවනම් අපට ත්‍රස්තවාදය පරාජය කිරීමට බැරිය. එතුමා වගකීම ගෙන බාරගත්ත වැඩේ සාර්ථකව කර දුන්නා එයට බොහොම ස්තුතී. ලැබුන දෙය රැකගැනීම අපේ වගකීමයි. (බ)

:       0       0

රත්නසිරි Sunday, 04 September 2016 09:25 AM

ඡන්දෙ කාලේ ටීවී එකේ පෙන්නුව නුල් නාටවපු ඒවා හරි බව ඔප්පු වෙනවා මේ කතාවලින් (බ)

:       0       0

අමල් කටාර් Sunday, 04 September 2016 09:40 AM

විහිළු සපයනවා. (බ)

:       0       0

සංජය Sunday, 04 September 2016 09:41 AM

යහපාලනේ කට්ටිය හරියට ආඩි 7 දෙනාගේ කැඳ හැලිය වගේ. එක එක්කෙනා ගේ න්‍යාය පත්තර වලට වැඩ. ජනතාව දුක් විඳිනවා. අනේ අපිත් මේ කට්ටිය විශ්වාස කළානේ. බලාගෙන යන කොට මහින්ද මේගොල්ලන්ට වඩා හොඳයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 216 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 659 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1150 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 160 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 686 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 795 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39350 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25651 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 342 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site