ව්‍යවස්ථා දායක සභාව තෝරාගත් නියෝජිතයන් අතර සිටින විජිත හේරත්ගේ පත්වීම වහා අහෝසි කරන්නැයිද එසේ නොකළොත් කථානායක හා ජනපතිට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බවත් පිවිතුරු හෙළ උරුමයේ ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
අගමැතිවරයා හා විරුද්ධ පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ද ඉවත් කර සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය කැමැති අයකු ව්‍යවස්ථා සභාවට පත් කළ යුතු බවත් ඔහු කීවේය.
පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ගම්මන්පිල මහතා මේ බව පැවසීය.
මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා
ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ
කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන
මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය
නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
‘ජනපතිටයි කතානායකටයි නඩු දානවා‘
දිසා Thursday, 01 October 2015 11:23 AM
රටට මිනිසුන්ට හැම විටම සේවයක් කරන්ඩ , හැම දේකම වැරැදයි හොයනවාට වඩා යමක් වැදගත් සමාජයට කරන්ඩ. ඔබ තුමා ගැන කනගාටුයි (අ)
පිවිතුරු යහපාල Thursday, 01 October 2015 12:39 PM
එතකොට ඒකද දීපිකාගේ යහපාලානය? කොහෙන්ද පාත්වුණේ?අටවෙනිදා යහපාලනෙත් එක්කද? සන්ධානේවත් ශ්‍රී ලංකා එකවත් ඔය කාගේවත් බුදල් නෙමෙයි.ඒක පාක්ෂිකයින් මත රැඳෙන එකක්. අපි දෙන්න ඕනෑ පිළිතුර වෙලාවට දෙන්නම් දීපිකා නංගිට මහසෝනා ගැහුවා වගේ වෙන්න. (නි)
මාගලී ෆොන්සේකා Thursday, 01 October 2015 12:47 PM
දේශපාලනය කළාට ජනාධිපතිට නඩු දාන්න බැහැ කියලාවත් තවම දන්නේ නැති හැඩයි. (නි)
කෝසල Thursday, 01 October 2015 12:47 PM
කරන්න පුළුවන් දෙයක්ද මහත්තයෝ ඔය කියන්නේ? (නි)
ඉසුරන්දි Thursday, 01 October 2015 01:06 PM
කමක් නැහැ මෙය හැප්පෙන්න හදන්නේ ලොකු ලොකු අයත් එක්කනේ.අනේ හොදා මොනා හරි කරලා ගොඩ එනවනම්.(හේ)
ධර්මදාස Thursday, 01 October 2015 01:12 PM
බුරන අය නොකයි. නිකම් බුරන්න එපා. (අ)
ජනිත Thursday, 01 October 2015 01:15 PM
නඩු දාන එකට වඩා, මේ රටට වෙන්න යන දේ මොලේ පිටිපස්සට ගිය කට්ටිය, කල්පනා කරලා බැලුවොත් හොදේ. (අ)
ජී.වැලිගම Thursday, 01 October 2015 01:22 PM
බල්ලන් බිරුවා කියල සඳ පායන එක බැබලෙන එක නවතින්නෙ නැහැ කියල කතාවක් නම් තියන්නවා...(බ)
උදාර Thursday, 01 October 2015 08:45 AM
අනේ මන්දා.... (ර)
රසික Thursday, 01 October 2015 08:48 AM
2015 හොඳම විකටයා. මහත්තයෝ ඔයාට දැන් ඔහොමවත් කතා කරන්න පුළුවන් වුණේ යහපලානේ නිසයි. (අ)
කුමාර Thursday, 01 October 2015 08:49 AM
යහපාලන ජාති ද්‍රෝහීන් (අ)
දීපාල් නිරෝෂ් Thursday, 01 October 2015 02:13 PM
ඔය කතා ඔච්චර ගණන් ගන්න එපා. කවුරු කවුරුත් දේශපාලනය කරන්න ඕනෑ (නි)
දිලාන් Thursday, 01 October 2015 09:00 AM
කොප්පයේත් කිඹුලන් දකිනවා. (ර)
පාලිත Thursday, 01 October 2015 02:26 PM
මොනවද මේ කියවන්නේ? (නි)
අනු Thursday, 01 October 2015 09:07 AM
හැම දෙකම අඩුවක්මයි දකින්නේ... (ර)
රොබට් Thursday, 01 October 2015 09:13 AM
මේ වගේ මනුස්සයෙක්නම් මම ජීවිතේට දැකලා නෑ, නීතීඥයෙක් කියලත් කියා ගන්නවා. ලංකාවේ ජනාධිපතිට නඩු දාන්න බෑ, ලඟදි සංශෝධනය අනුව මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවක් දාන්න පුළුවන්. ඒත් මේ පාලිමන්ට් වැඩවලදි අධිකරණ මැදිහත්වීම අවමයි. මේ මනුස්සයගෙ කතා අනුව විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ගැටුමකට යා යුතුයි. නමුත් එහෙම වෙන්නෙ නෑ, අධිකරණය මේකට මැදිහත් වෙන්නෙ නෑ. තව ටික දවසකින් කියයි මට පාලිමන්ට් එකේ කථා කරන්න දුන්නෙ නෑ, ඒ නිසා කතානායකට නඩු දානව කියල. මේවා විහිළු. (ස)
ටිරෝන් Thursday, 01 October 2015 09:14 AM
මෙයා නම් මුල්ලේරියාවට හොඳටම කිට්ටුයි වගේ. (ස)
රාධා Thursday, 01 October 2015 03:15 PM
පිවිතුරුය පළමු පෙම (බ)
ශ්‍රී වික්‍රම Thursday, 01 October 2015 09:37 AM
මෙයාට හැදිලා තියන අමාරුවට බේත් නෑ. අපි කියල මොනා කරන්නද ? (ම)
පිවිතුරු යහපාල Thursday, 01 October 2015 09:41 AM
ගම්මන්පිල මහත්තය බුදු බණ දේශනා කළත් ඒකත් වැරදියි කියන්න බලාගෙන ඉන්න මේ තීරුවේ යහපාලන ටෝයියන්ගෙන් එතුමාට ප්‍රශංසා ලැබෙන්නේ නැති බව අපි දන්නවා..ලක්ෂ 48 ජනමතය අද නියෝජනය කරන්නේ මෛත්‍රී මහත්තයවත් ඔය එතුමාගෙන් ඇමතිකම් ගත් ටිකවත් නෙමෙයි.මේ විපක්ෂයේ වාඩි වෙලා ඉන්නේ ඒ ජනමතයේ සැබෑ නියෝජනය..යහපාලනෙට කඩේ ගිය එව්වෝ මිසක් ඒ මතයට විරුද්ධ එකෙක් ඔය සභාවේ ඉන්නවද..ඉන්නවනම් ඔප්පු කරලා පෙන්නන්න..ඔය ඔක්කොම තඩි හංසයෝ..මේකට යහපාලන හංස සභාව කියල නම දාගන්න..එතකොට අහවරයි..තව අවුරුද්දෙන් දෙකෙන් රටත් අහවරයි.. (බ)
එච්. පෙරේරා Thursday, 01 October 2015 09:43 AM
තේ කොප්පයේත් කිඹුල්ලු දකින මේ දේශපාලන අනාථයන් දැක්කම පවු කියල හිතෙනවා. (බ)
දීපිකා Thursday, 01 October 2015 09:45 AM
රටේ නායකයත් ආණ්ඩුවේ නායකයත් සන්ධානයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයත් මෛත්‍රිපාල සිරිසේන මහත්මය..ආණ්ඩුවට හා සන්ධානයට විරුද්ධ මොහුගේ මන්ත්‍රී ධූරය අවලංගු කරන්න විනය පරීක්ෂණයක් පවත්වා. (බ)
ඉමේෂ් Thursday, 01 October 2015 10:01 AM
ඔන්න, හැමෝම එකතුවෙලා යහපාල කියන දේ කරලා පෙන්නන්නකෝ වෙන වැඩ ඔක්කොම නවත්තලා.(හේ)
අංගොඩ ලාල් Thursday, 01 October 2015 10:01 AM
මේ ජාතිවාදී -ආගම්වාදී කල්ලිය කිසිම දවසක කිසිම දෙයකින්වත් සෑහීමට පත්වෙන අය නෙමෙයි .මොනම දෙයක් කලත් කීවත් එහි නරක පමණක් දකින මෙයාල එක අතකින් බලනකොට මානසික ව්‍යාධියකින් පෙලෙන අය . කවදාවත් මොනම හරි දෙයක හොඳක් කියනවා අපි අහල නැහැ . මොවුන්ට ඡන්දය දීපු මේ රටේ අහිංසක ජනතාව මෙය තේරුම් ගත යුතුයි . (අ)
විගමගේ Friday, 02 October 2015 02:12 PM
මොලේ ඇති මිනිහෙක්ට තේරෙන්නේ නැද්ද ජනාධිපතිට නඩු දාන්න බෑ කියලා. (ර)
සිරි Thursday, 01 October 2015 10:10 AM
හෙළයේ උරුමය කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැතිව "පිවිතුරු හෙළ උරුමය" කියල ලේබලයක් අලවාගෙන බිහිවෙච්චි ස්වයන් ජාතකයෙක්. (අ)
බණ්ඩාර Friday, 02 October 2015 07:11 AM
අනේ පව් මෙයා කියන දේවල් බලනකොට. (ර)
රණසිංහ Thursday, 01 October 2015 10:22 AM
රට ගැන හිතලා කතා කලොත් ජාතිවාදියා කියලා හංවඩු ගහනවා. (ර)
රණා Thursday, 01 October 2015 10:24 AM
මොකක්ද දැන් වෙලා තියෙන්නේ.? (ර)
ධර්ම ජයවික්‍රම Thursday, 01 October 2015 10:30 AM
හැම දෙයකටම විරුද්ධවිමෙන් මාධ්‍ය අවධානය දිනාගැනීම හැරෙන්න හරවත් දේශපාලන කියවීමක් නැහැ. ව්‍යවස්ථා සභාවට පත්කළ යුතු දහදෙනා නම් කර කතානායක තුමාට දෙන්න. එය පිළිගත්තේ නැත්නම් නඩු දමන්න. (ර)
රවී ගමගේ Thursday, 01 October 2015 10:34 AM
ඉදලා හිටලා මොකක්හරි කියලා මාද්‍ය හමු පවත්වනවා. (ර)
සිරිමල් Thursday, 01 October 2015 10:48 AM
ගම්මන්පිල මහත්තයාට ගිය කලක්.(හේ)
විජයබාහු Thursday, 01 October 2015 10:48 AM
විපක්ෂ කියන නමට හරි කතා කරන්න මනුස්සයෙක් ඉන්න එක ලොකු දෙයක් (හේ)