IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘ජනපතිට කියන්න‘ පැමිණිලි 45,000 : 1060කට විසඳුම්

‘ජනපතිට කියන්න‘ සේවාව ආරම්භ කර ගත වූ මාස දෙකේ දී 45,000ක් පමණ පැමිණිලි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිට වෙත යොමු වී ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ පුරවැසි අංශය පවසයි.

ජනාධිපති ලේකම් කාර්යලය විසින් සංවිධානය කරන ලද පුවත්පත් සාකච්ඡාවක දී   මේ බව කියැවිණි.

ජනාධිපති අතිරේක ලේකම් එස් ටී කොඩිකාර මහතා සහ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක මහත්වරුන් පවසන්නේ 1919 වෙත පැමිණිලි 22,947ක් ලැබී ඇති බවයි. 

තැපැල් මගින් ලැබී ඇති පැමිණිලි සංඛ්යාව 11,636කිග ඊමේල්ල ෆේස්බුක්, ජංගම දුරකතන මෘදුකාංග වැනි මාර්ග ඔස්සේ පැමිණිලි සංඛ්‍යාව 10,094කි.

ජනාධිපති අතිරේක ලේකම් එස් ටී කොඩිකාර මහතා පවසන්නේ මෙලෙස ලැබෙන පැමිණිලි පරිගණක මෘදුකාංග භාවිතා කරමින් අදාල අමාත්‍යංශ හා රාජ්‍ය ආයතන වෙත යොමු කරන බවයි. මේ සඳහා දැනටමත් සියලුම අමාත්‍යංශවල ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් යටතේ මේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් ඒ අනුව පැමිණිලිල දුක්ගැනවිලි හා යෝජනා සම්බන්ධයෙන් සියළුම අමාත්‍යංශ හා රාජ්‍ය ආයතන කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් හෙතෙම කීවේය.

ජනාධිපති කාර්යාලය පවසන්නේ දැනටටමත් පැමණිලි 1,062ක් විසඳා අවසන් බවයි. අදාල පිරික්සුම් කටයුතු ආරම්භ කර ඇති පැමිණිලි සංඛ්‍යාව 14,967ක් බවත් විසඳමින් පවතින පැමිණිලි සංඛ්‍යාව 1,062ක් බවත් පවසයි.  ලැබී ඇති පැමිණිලිවලින් 923ක් විසඳිය නොහැකි පැමිණිලි බවත් ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි. මේ වනවිට පිරික්සුම් කටයුතු සඳහා ඉතිරිව ඇති පැමිණිලි සංඛ්යාව 19,624කි.

 



අදහස් (24)

‘ජනපතිට කියන්න‘ පැමිණිලි 45,000 : 1060කට විසඳුම්

ජයන්ත Wednesday, 09 March 2016 11:28 PM

ඇයි සුසන්ත කුණු ප්‍රශ්නය? (නි)

:       0       0

චින්තක Thursday, 10 March 2016 12:05 AM

තවත් ටිකක් කාර්යක්ෂම වෙනවා නම් තවත් හොඳයි (නි)

:       0       2

යසන්ත Thursday, 10 March 2016 12:07 AM

බෙනට්, ඔබ 100% ක් නිවැරදියි. හුඟක් රාජ්‍ය ආයතන වල බෙඩ් අඩවි වල තියෙන්නේ ජනතාවට නොවැදැගත් පින්තූර කතා වැනි දේ මිස අවශ්‍ය තොරතුරු නෙමෙයි. මේ වෙඩ් අඩවි දුවන්නේත් ජනතාවගේ මුදල් වලින්. ඒ නිසා ජනතාවට අවශ්‍ය තොරතුරු ලබාදෙන්නේ නමි වටිනවා. (නි)

:       0       0

සෝමදාස Thursday, 10 March 2016 12:06 AM

ගන්නා ක්‍රියාමාර්ගයක් ඉක්මනට ගන්නවා නම් තමයි පුරවැසියන්ගේ සිත් සතුටු කරන්න පුළුවන්. අනික පසුගිය කාලේ රාජ්‍ය ආයතන වල සිටි ලොකු ලොකු දූෂණ කළ සහ ඊට උල්ලපන්දම් දුන් අය තවමත් නිදහසේ ඉන්නවා. වෙනස ටිකක් කටවල් වැහිලා මාධ්‍ය ඉදිරියට නොඒම පමණයි. (නි)

:       0       0

සඳුන් Thursday, 10 March 2016 12:08 AM

නීතිය රජකරන, සාධාරණය ඉටුවන, පගාවට බලපුළුවන්කාරකමට වැඩ නොකරන රටක් හදන්න කළහැකි සැමදේම කරනවා නම් තමයි හොඳ. (නි)

:       0       0

අමිල Thursday, 10 March 2016 02:11 AM

මමත් පැමිණිල්ලක් කළා. විමසිමට අංකයක් දුන්නා. ඒක වැඩ නැහැ (නි)

:       0       0

සුසන්ත Wednesday, 09 March 2016 02:43 PM

විල්පත්තු වන විනාශය, පොහොර ප්‍රශ්නය, ජාතික ආරක්ෂාව, මහා බැංකු බැඳුම්කර මංකොල්ලය... වගේ ඒවත් ඔය කියන නොවිසඳපු ගොඩේ ඇත්තේ නේද? (බ)

:       0       0

ගමගේ Thursday, 10 March 2016 03:02 AM

ජනාධිපතිතුමාට කියන්න හුගක් දේවල් තියනවා. එකක්, ආගමන විගමන දෙපාර්තමේන්තුව. එය මිහිපිට අපායකි. කිසිම පහසුකමක් නැති තැනක්. ඇයි මේ ලංකාව පුරාම ඉන්න අය මෙතනට ගෙන්වන්නේ? ඒ ඒ ප්‍රදේශවල උප කාර්යාල ඇති කරලා ආරක්ෂක විදිවිධාන ඇතුව අයදුම්පත් භාරගැනීම කරලා කඩිනමින් ගමන් බලපත්‍රය නිකුත් කළොත් ඔය වංචාවන් හා ගසාකෑම් නැවැත්විය හැකියි. (නි)

:       0       0

රෝෂන් Wednesday, 09 March 2016 02:51 PM

මා විසින් විදේශ ගත ශ්‍රමිකයන් පිළිබඳ ගැටළුවක් 12/02/2016 දින ඉදිරිපත් කළ අතර එයට මෙතෙක් ප්‍රතිචාරයක් නැත. (බ)

:       0       0

හිරාන් Thursday, 10 March 2016 02:58 AM

මේවා තවත් මෙගා නාට්‍ය නම් නොවේවා! (නි)

:       0       0

උදය Thursday, 10 March 2016 03:06 AM

රෝෂන්, විදේශගත ශ්‍රමිකයන් පිළිබඳ ගැටළුව වි.සේ.නි. කාර්යාංශයට කියලා වැඩක් වුණේ නැති නිසාද ජනපතිතුමාට ලිව්වේ ඔයා? (නි)

:       0       0

හර්ෂණ Thursday, 10 March 2016 03:36 AM

ඇයි බස්නාහිර පළාතේ පාරවල් කඩලා මාස ගානක් දුවිලි කනවා . සමහරුන්ට වන්දි ගෙවලා නැහැ. (ම)

:       0       0

බෙනට් Wednesday, 09 March 2016 04:22 PM

ලංකාවේ ලොකුම ආදායම උපයන රේගු දෙපාර්තමේන්තුවේ විස්තර ජනතාවට දැනගැනීම සඳහා දැනට ක්‍රියාත්මක වෙබ් අඩවිය අසාර්ථකයි .. ලෝකය සමග ගනුදෙනු කරන රේගුව තවම ක්‍රියාත්මක වෙන්නේ දැනට වසර 20 කට පමණ පෙර වෙබ් අඩවියක් ක්‍රියාත්මක වූවටත් වඩා අසාර්ථක ලෙසයි .. කිසිම වටිනා විස්තරයක් එයට ඇතුල් වෙන කෙනෙකුට ලබා ගන්න බැහැ.. එහි තියෙන්නේ තෑගි බෙදාදීමේ උත්සව , වෙනත් උත්සව , අර උත්සව , මේ උත්සව වගේ එක එක උත්සව වල ගහපු පින්තුර සහ පාර්ලිමේන්තු ගැසට් වල විස්තර පමණි . යම් භාණ්ඩයකට අයකරන බදු ප්‍රමාණය ඔබ පරික්ෂා කිරීමට උත්සහ කළොත් එය සොයාගැනීමට ඔබට දවසම ගත වෙනු ඇත. එයද පැහැදිලි ලෙස වෙන් වෙන් වශයෙන් විස්තර කර නැත .(බ)

:       0       0

දනුක Wednesday, 09 March 2016 04:25 PM

රොෂාන්, ලැබී ඇති පැමිණිලි වලින් 923ක් විසඳිය නොහැකි පැමිණිලිලුනේ (නි)

:       0       0

හසිත Thursday, 10 March 2016 04:46 AM

දන්නා කෙනෙක් ඉන්නවනම් පැමිණිලි යොමු කරන්නේ කෙසේද කියා කියනවද? (බ)

:       0       0

කමනි Wednesday, 09 March 2016 04:40 PM

ඉතින් ජනපතිට කියමින් කාලය නාස්ති කරන්නේ ඇයි? කෙළින්ම අදාළ ආයතනයට පැමිණිලි කරන්නකෝ. (නි)

:       0       0

සුමිත් Thursday, 10 March 2016 04:53 AM

මම එන්නේ මහරගම ඉඳලා. මහරගමින් උදේ 7.25 එන කෝච්චියේ එනවා කියන්නේ කෝවේ දාලා අඹරනවා වගේ. කොටුවෙන් බහිනකොට කටු කුඩුවෙලා. අනේ අපිට පහසුවෙන් රස්සාවට එන්න කෝච්චියක් දෙනවා නම් හොඳයි ජනපතිතුමනි (නි)

:       0       0

ඉන්දික Thursday, 10 March 2016 05:13 AM

මෙන්න තවත් නාටකයක්. පැමිණිලි ගැනවත් මේවා විසඳපු ගණනවත් නොම්මර කිව්වට වැඩක් නැහැ. අර කවුද කිව්වා වගේ නොම්මර ජිල්මාට් ඕනෑතරම් දාන්න පුළුවන්නේ. රටේ ආර්ථික දර්ශකය ගත්තහම හොරු සමඟ හෙළුවෙන් බව පේනවා. (නි)

:       0       0

අරවින්ද Thursday, 10 March 2016 05:16 AM

ප්‍රශ්නයක් ඇහුවේ උත්තරයක් බලාපොරොත්තුවෙන් මිස කෝල් කරන්න නොවෙයි. මෙවැනි බොරු වැඩ නොකර රටට වැඩක් කරන්න. ගිය ආණ්ඩුවේ මෙන්ම මෙම ආණ්ඩුවේ ගැලවිජ්ජා වලට ජනතාව හසුවීම ඉතා ශෝචනීයයි. (නි)

:       0       0

රෝෂන් Thursday, 10 March 2016 05:25 AM

දනුක, මා සඳහන් කළේ ප්‍රතිචාරයක් නොමැති බව මිසක් නොවිසඳූ බව නොවේ. එසේම එය පැමිණිල්ලක්ද නොවේ ගැටලුවකි. (නි)

:       0       0

සංඛ Thursday, 10 March 2016 05:50 AM

මම ඉදිරිපත් කළ දේවල් වලට විසඳුම් ලැබෙමින් යනවා. මම ඒක දැක්කා. (නි)

:       0       0

සංඛ Thursday, 10 March 2016 05:46 AM

මිනිස්සු හොඳ දෙයක් එනකොට ඒක ගන්න උත්සහ කරන්නේ නැහැ. හැබැයි නරක දෙයක් අාවොත් ඒක ඉහටත් උඩින් පිළිගන්න පිරිසක්නේ ලාංකිකයෝ කියන්නේ. (නි)

:       0       0

වෙලගෙර Thursday, 10 March 2016 05:56 AM

මෙය සාර්ථක වේවා! (නි)

:       0       0

විරාජ් Thursday, 09 April 2020 03:45 PM

කොරෝනා virus තියෙද්දී පාසල් වල පාඩම් ඉදිරියට කරන්න පුලුවන් වෙන එක විශ්වාස නැහැ. ඒ නිසා හොද ම දේ මෙවර උසස් පෙළ විභාගය කල් දමන එක. පවතින මෙම තත්වය ලමුන්ගේ මනසට විභාග අපේක්ෂිතයන්ගේ මනසට ගොඩක් බලපාලා තියෙද්දී විභාග පවත්වන එක අසාධාරණයක්. එම නිසා ලමුන්ට පාඩම් කරගන්නත් අවශ්‍ය කාලයක් ලැබෙන නිසා හොඳම දේ විභාගය කල් දැමීම.විභාග අපේක්ෂිතයන් මානසික වැටී සිටින මේ අවස්ථාවේ උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2497 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 432 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1728 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5078 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3410 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3757 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37910 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24989 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site