IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ජනපතිට තුන්පාරක් පුළුවන්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරව වත්මන් ජනාධිපතිවරයාට තවත් වාරයක් ජනාධිපතිවරණයට තරග කිරීමට නීතිමය බාධාවක් නැතැ බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීරණය කර ඇතැයි සභානායක ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ දස පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සභානායකවරයා එම ප්‍රකාශය කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 (3) ඒ (1) (1) ව්‍යවස්ථාව ප්‍රකාරව පැවරී ඇති බලතල ක්‍රියාත්මක කරමින් තවත් වාරයක් තෝරා පත් වීමට, තරග කිරීමට කිසිදු නීතිමය බාධාවක් නැති බව තීන්දුවේ සඳහන් වන්යේ යැයි ද සභානායක කීවේය.

එසේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට ද, මැතිවරණයක් කැඳවීමට ද අයිතියක් ඇති බව ද එම තීන්දුවේ සඳහන් බව ඇමැතිවරයා පැවසීය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තුන් වරක් තරග කළ නොහැකි බවට කවරකුට හෝ සැකයක් සංකාවක් තිබුණා නම් ඒ සියල්ල දුරු කර නිර්භයව ඕනෑම වේලාවක මැතිවරණයකට ඉදිරිපත් වීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හැකි බව ද සභානායකවරයා කීවේය.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව දී ඇති බලතල අනුව මෙය කළ හැකි යැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කැරුණු තීන්දුවේ පැහැදිලිව සඳහන් බව ද හෙතෙම කීවේය.

මේ අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තුන් වැනි වාරයටත් ජනාධිපතිවරණයට තරග කළ හැකි බවට යහපත් තීන්දුවක් දී ඇතැයි සභා නායකවරයා පැවසීය.



අදහස් (0)

ජනපතිට තුන්පාරක් පුළුවන්

ලලිත් Wednesday, 12 November 2014 01:47 AM

අපේ අදහස් පල වෙන්නේ නැහැනේ. (ර)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 11 November 2014 03:02 PM

අනේ අපේ අනුර දිසානායක මහත්තයා, තරඟයට ඉදිරිපත්වෙලා තමන්ට රටේ තිබෙන තැන තහවුරු කරලා පෙන්වන්න සුදානම් වෙන්න. (නි)

:       0       0

මොරිස් Wednesday, 12 November 2014 02:14 AM

ඇයි මහත්මය මම ලියපු ගීතයක කොටස පලකලේ නැත්තේ? ඊට වඩා බරපතල දේවල් කියක් නම් පලවෙලා තියෙනවද? (ර)

:       0       0

ටිකිරි Tuesday, 11 November 2014 03:06 PM

ඒක ඉර හඳ වගේ විශ්වාසයි (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 11 November 2014 03:06 PM

මේ අදහස් දාන සමහර අය ගැන මට තරහත් යනවා (නි)

:       0       0

ප්‍රියංග Wednesday, 12 November 2014 02:19 AM

මෙම තීරණය ගැන මට පුදුමයක් නැහැ.(දිල්)

:       0       0

අසාර Tuesday, 11 November 2014 03:08 PM

ජයවේවා අපේ ජනපතිට! (නි) .

:       0       0

වනිගතුංග Tuesday, 11 November 2014 03:08 PM

ඔබයි අප සැමගේ එකම බලාපොරොත්තුව! (නි)

:       0       0

කුරුප්පු Tuesday, 11 November 2014 03:09 PM

ඔබතුමාට බුදු සරණයි! (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 12 November 2014 02:36 AM

මේ අදහස් වලින් නම් 99%කින්ම ජයග්‍රහණය කරනවා.එත් "ජනතා අධිකරණය" මොන තීරණයක් ගනීවිද දන්නේ නැහැ.(දිල්)

:       0       0

ජුදේ මේදිස් Wednesday, 12 November 2014 11:07 AM

ජය වේවා මහා රජ (දිල්)

:       0       0

විමල් Tuesday, 11 November 2014 03:10 PM

අනුර කුමාර මහත්තයගේ තුරුම්පුව වතුරේද? දැන් වත් අර වෛරය බේරෙන මුහුණ සැහැල්ලු පෙනුම තියෙන ප්‍රසන්න මුහුණක් වෙයිද ? (නදී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 11 November 2014 03:17 PM

ගරු ජනාධිපති තුමනි..තෙවන වරටත් ඔබ තුමා සටනකින් තොරව බහුතරය ලබා ගන්න බව හෙට ඉර පායනවා වගේ විශ්වාසයි. නමුත් ඔබ තුමාටත් හිතන්න සැලකිල්ලට ගන්න දෙයක් මේ සිදුවුණු සිදුවීම් සමග ඉතිරි වෙලා තියෙනවා. ඒ තමන් වටේ ඉන්න තමන්ගේ පානෙන් එලිය බලන ඒ පානෙන් එලිය බලන ගමන් තමන්ටම වල කපන මල පෙරේතයෝ ගැන. ඔබ තුමාට තියෙන්නේ මේ රටේ මිනිස්සුන්ගේ විශ්වාසය ආදරය ගෞරවය මිසක් ඔබ තුමාගේ පැවැත්ම රදා පවතින්නේ ඒ මත මිසක් ඔය මලපෙරේත දොල පිදේනි කාරයින් මත නෙමෙයි කියලා කරුණා කරලා වටහා ගෙන යම්තාක් දුරකට හෝ බිදිලා තියෙන මධ්‍යස්ත ජනතාවගේ හිත් ආයෙත් ඔබ තුමා වෙතට ආකර්ෂණය කරගන්න ඔය වටේ ඉන්න මල පෙරේතයින්ව අදුනගෙන පස්සට පයින් ගහල දොට්ට දාන්න. එන්න හදනවයි කියන ලොකුම මල පෙරේතයා ලංකරගත්තොත් ඒ එක්ක ඔබ තුමාට අපේ හිත්වල තියෙන ගෞරවයත් ආදරයත් අවසන් බව හිත තබා ගන්න. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 12 November 2014 02:38 AM

නිල් මැණික් යට ගිහින් "තිරිවාන,බොරළු,කබොක් ගල්" මතු වෙනවා කියන්නේ මෙන්න මේවට තමයි. (බ)

:       0       0

කවිෂ්කා Wednesday, 12 November 2014 02:39 AM

එක හොද තීන්දුවක් අපිත් ඉන්නවා ඔබ තුමත් එක්ක ඕනේ දෙකට (බ)

:       0       0

අනූෂා Tuesday, 11 November 2014 03:22 PM

අපේ ශ්‍රී ලංකාවම ඔබතුමා එක්සේසත් කරනවා නොඅනුමානයි (නි)

:       0       0

ප්‍රියංග Wednesday, 12 November 2014 02:48 AM

ඔය පැත්තේ වෙන වැදගත් මහත්තයෙක් ඇත්තෙම නැතිද (බ)

:       0       0

අනෝමා Tuesday, 11 November 2014 03:23 PM

ඔබතුමාට තුන්පාරක් නෙමෙයි දහපාරක් වුණත් පුළුවන් (නි)

:       0       0

ජනනි ලොකුහේවා Wednesday, 12 November 2014 03:00 AM

අප මවුබිමේ ස්වෛරීභාවයට කැමති රටට ආදරේ බුද්ධිමත් ජනතාව ඔබතුමාට ගෞරවාදරයෙන් සිරස නමා ආචාර කරනවා. ඒ වෙන කිසිවක් නිසාවත් නොවෙයි. රට බෙදන්නට වලිකන අලුගෝසුවන් ඉදිරියේ අභිතව කෙළින් සිට ගනිමින් අනාගත දුවා දරුවා වෙනුවෙන් රටක් ඉතිරි කරන්නට දරන ඍජු උත්සාහය නිසාමය. රටේ ජනතාව ඔබ තුමා ඇති විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් දිනවනවා. ඒක සහතිකයි.(බ)

:       0       0

බවර් පැරිස් Wednesday, 12 November 2014 11:32 AM

අද පාර්ලිමේන්තුවේ ඉන්න උදවියගෙන් රාජයෝගයක් තියෙන්නේ මෛත්‍රිපාල සිරිසේන අමතිතුමාටලු ? (ර)

:       0       0

මනෝජ් Tuesday, 11 November 2014 03:24 PM

පිදෙල් ක්‍රස්ත්‍රෝ වගේ (නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 12 November 2014 03:08 AM

හැබැයි ජනාධිපති තුමෝ..ඔබ තුමා ඔය වටේ පිටේ ඉන්න දොළ පිදේනි ඉල්ලන මල පෙරේතයෝ එලවන්නේ නැතුව යුධ ජයග්‍රහණයට ප්‍රසිද්ධියේ අපහාස කළ කුරුදු පොලු කාරයව පාමංකඩ ගිය එකාව, ගොන්නු යුද්දෙට යවපු එකාව වගේ තව තවත් මලපෙරේතයෝ ලැජ්ජාවක් නැතුව කිට්ටු කර ගන්න හැදුවොත් මාත් දුප්පත් පන් මල්ල බිම තියල කඩේ යාම නවත්තල දෙයියනේ කියල මගේ වැඩක් කරගෙන පාඩුවේ ඉන්නවා.අම්මප සත්තයි..(අ)

:       0       0

සඳුනි Tuesday, 11 November 2014 03:31 PM

ශේෂ්ඨාධිකරණ තීන්දුව මෙය නම් එය අප පිළිගත යුතුයි. දැන් ජේ වී පිය මොනවද කියන්නේ. 'නීති විරෝධී ජනපතිවරණය ගැන‘ (නදී)

:       0       0

නොයෙල් Wednesday, 12 November 2014 03:11 AM

අතිගරු ජනාධිපතිතුමනි. අපේ කැමැත්ත ඔබතුමාටයි. විධායකය ඉවත් කරන්න නම් බෙදුම්වාදය අත්හරින්න යයි ඔබතුමාගේ වටිනා දේශප්‍රේමී වචනය අපව ඔබ තුමා වෙත තව තවත් ලං කළා. අද දෙමළ සන්ධානය කියන්නේ "උතුරේ හමුදා ඉවත්කරන්නට පොරොන්දුවන පොදු අපේක්ෂකයාට දෙමළ ජනතාවගේ ඡන්දය ලබා දෙන බවයි". අපි බලා සිටින්නේ එයට එකඟ වන පොදු අපේක්ෂකයා හෙවත් "වීරයා" ඉදිරිපත්වන තුරුයි. ඔබ තුමා මෙවර ජය ගන්නේ ලංකාවේ විශාල අන්තගාමි නාදයක් වට්ටමින් බව පැහැදිළියි. ඔබ තුමාට දෙවි පිහිටයි.(අ)

:       0       0

කරුණාපාල Tuesday, 11 November 2014 03:35 PM

සිරිය මෙසාරා නැගේවි හද මෝරා. ජොලිය වැඩි කමටම පරණ සිංදුවක කෑල්ලක් කියා උනා. (නදී)

:       0       0

රොෂාන් Wednesday, 12 November 2014 03:12 AM

අන්න පබාට අදික්‍ෂණ මන්ත්‍රී ධුරයක් දීලා. ජයවේවා. !(අ)

:       0       0

විචාර Wednesday, 12 November 2014 03:16 AM

කෝ මේ ඉසුරන්දි, මිලානෝ ජයන්ත, තිලක් බණ්ඩා -ඩුබායි ? මේ මහත්වරු අද අහලකවත් නැහැනේ.(අ)

:       0       0

ශිරානි Wednesday, 12 November 2014 03:19 AM

මුළු රටම ඔබ තුමාට බාරයි . (අ)

:       0       0

ශීලා Tuesday, 11 November 2014 03:38 PM

නීත්‍ියයි ජනමතයයි අතර පරතරය බොහෝ වෙනස්. (නදී)

:       0       0

බණ්ඩා Wednesday, 12 November 2014 11:55 AM

බලය අතාරින්න බැරි නායකයෝ හිටපු ලිබියා,ඉරාක,එජිපතු,සිරිය , රටවලට මොකද වුණේ (දිල්)

:       0       0

අසංග Wednesday, 12 November 2014 03:20 AM

ජයම වේවා......තෙරුවන් සරණයි. (බ)

:       0       0

ප්‍රසන්න Wednesday, 12 November 2014 03:21 AM

මම නම් දේශපාලනයට ඒ තරම් කැමැත්තක් නැහැ (දී)

:       0       0

අන්ජනා Wednesday, 12 November 2014 03:22 AM

මමනම් අන්තිම මොහොතේ හරි පාර්ලිමේන්තුවට බලය දීල විධායක ජනාධිපතික්‍රමය වෙනස්කරයි කියල හිතනවා. (දී)

:       0       0

ගමගේ Tuesday, 11 November 2014 03:46 PM

10 දෙනාගේම එකගත්වයෙන් තීන්දුව ඒකමතික වීම හරිම වටිනවා. (ර)

:       0       0

භාග්‍යා Wednesday, 12 November 2014 03:28 AM

රටක නීතියට අපි ගරු කරන්න ඕනේ (දී)

:       0       0

සත්‍යපාල Wednesday, 12 November 2014 03:32 AM

යකාගේ හැටියටලු විමානේ කියලා කතාවක් තියනවා,මට මතක් වුණේ එක විතරයි මොකද මන්දා ?(දිල්)

:       0       0

ගුණවර්ධන Wednesday, 12 November 2014 03:35 AM

ශ්‍රේෂ්ඨාධීකරණයෙන් ඉල්ලීම කළේ බදාදා. බ්‍රහස්පතින්දා පෝය ඊට පස්සේ සෙනසුරාදා ඉරිදා නිවාඩු දවස් තුනට නීතිමය කරුණු විමසීමටයි තීන්දුව දීමට පැය 12 යි (දිල්)

:       0       0

සරත් Tuesday, 11 November 2014 03:55 PM

ජයවේවා ජනාධිපතිතුමනි ජයවේවා එංගලන්තේ කොටි නඩේ කුලප්පු වෙලා ජයවේවා (බ)

:       0       0

ප්‍රගීත් Wednesday, 12 November 2014 03:38 AM

ජය වේවා!(දිල්)

:       0       0

චමිලා Wednesday, 12 November 2014 03:40 AM

ඔබ හැමදාම අපේ ජනාධිපතිතුමා බෙදුම්වාදය පරාජය විය යුතුයි.(දිල්)

:       0       0

ඉදුනිල් Tuesday, 11 November 2014 04:09 PM

එහෙනම් ඉතුරු අවුරුදු දෙකත් ඉදලම ජනපති වරණය තියන්න, කලින් තියල මොකටද නිකන් මහජන මුදල් විනාශ කරන්නේ, සමහරුන්ට නම් හරි ජොලියක් දැනෙනවා වගේ. ඒත් ඡන්දෙන් පස්සේ ඒ වියදමත් දුප්පත් අපේ කරපිට. (බ)

:       0       0

සමන්ති Tuesday, 11 November 2014 04:14 PM

ඔය ඇමරිකාව, එංගලන්තය වැනි රටවල තුන්වරක් තරඟ කරන්න බැරිවුණාට, වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී සංවර්ධිත රටවල ඕනෑතරම් වාරයක් පුළුවන්. (නි)

:       0       0

කමල් Tuesday, 11 November 2014 04:18 PM

18 වැනි සංශෝධනය ගැන හරියට කියවා තිබුණු අයට මේ තීරණය ගැන පුදුමවෙන්න දෙයක් නැහැ.මහින්ද මැතිතුමා තරම් පොදු අපේක්ෂකයෙක් කොහෙවත් නැහැ. (නි)

:       0       0

යසන්ත Wednesday, 12 November 2014 03:55 AM

ඔබ තුමාට ජයම වේවා.අපේ ජනපති ඔබම පමණි. ඔබතුමාට සමාන කරන්න හිතන්නවත් පුළුවන් කෙනෙක් දකුණු ආසියාවෙම නෑ. රැකියා නැතිව දුක් විඳවපු,රැකියාව නැතිව විවාහ වීමට නොහැකිව,ණයක් අරගනවත් ගෙයක් හදා ගන්න බැරුව හිටපු උපාධිධාරීන් 52000 ට වැඩි පිරිසකට, ඒ සියල්ල ඉෂ්ට කර ගැනීමට අවස්ථාව ලබා දීපු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට තුන් පාරක් නෙමෙයි තව 10 වතාවක් ජනාධිපති වෙන්න අවස්ථාව ලැබෙන්න ඒ පිනම ඇති.හැබැයි කලගුණ දන්න මිනිසුන් හිටියොත් ජනාධිපති තුමා ගොඩ.ජයෙන් ජයම වේවා.(බ)

:       0       0

බලපිටිය Tuesday, 11 November 2014 04:22 PM

දෙවියන්ට ස්තූති වේවා! (නි)

:       0       0

මේනක Tuesday, 11 November 2014 04:27 PM

ඔබතුමාට ජයෙන් ජයම වේවා! (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 11 November 2014 04:28 PM

ජනපතිට අපේ මනාපය! (නි)

:       0       0

අමරකෝන් Wednesday, 12 November 2014 04:11 AM

මේ රටට ආදරේ මිනිස්සු මේ තීරණය ගැන ගොඩක් ආඩම්බර වෙන්න ඕනේ. මෙතුමා ඉන්නකන් රට සුරක්ෂිත වේවි. වෙන එකෙක් අවොත් ඉවර වෙයි මගේ අහිංසක රට. (බ)

:       0       0

තිළිණ Tuesday, 11 November 2014 04:30 PM

තීන්දුව දුන් සියල්ලන්ටම අපගේ ආචාරය! (නි)

:       0       0

සරත් Tuesday, 11 November 2014 04:31 PM

ජයවේවා! (නි)

:       0       0

ගීතික Wednesday, 12 November 2014 04:14 AM

ඉදිරි පරපුර සඳහා දියුණු රටක් , ඔබ තුමාට දිගාසිරි(දිල්)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 11 November 2014 04:32 PM

ගරු ජනාධිපතිතුමනි, තෙවන වරටත් ඔබතුමා බහුතරය ලබාගන්නා බව හෙට ඉර පායනවා වගේ විශ්වාසයි. නමුත් ඔබතුමාටත් හිතන්න සැළකිල්ලට ගන්න දෙයක් මේ සිදුවුණු සිදුවීම් සමඟ ඉතුරුවෙලා තියෙනවා. ඒ තමන් වටේ ඉන්න සමහර අය ගැන. ඔබතුමාට තියෙන මේ රටේ මිනිසුන්ගේ විශ්වාසය ආදරය සහ ගෞරවය ඔවුන් නිසා නැතිකරගන්න එපා. (නි)

:       0       0

ජනක Wednesday, 12 November 2014 04:16 AM

ගොඩක් වැදගත් තීරණයක්. දැන් ජනතාවට පුළුවන් රටට ආදරේ නායකයෙක් තෝරාගන්න.(දිල්)

:       0       0

යසිරු Wednesday, 12 November 2014 04:17 AM

වටේ පිටේ කිට්ටු වෙලා ඉන්න නුසුදුස්සන් එලවන්න ඕන තරම් කල් තිබුණා. එහෙම කලේ නැත්තේ ඇයි කියන එක තමයි අපිට ප්‍රශ්නේ. (දිල්)

:       0       0

උමේෂ් Wednesday, 12 November 2014 04:20 AM

කරුණාකර ඉදිරි ධුර කාලය සඳහා ,උපරිම ඇමති ධුර ගණන් ප්‍රකාශයට පත් කර ඒ වචනයට ගරු කරන්න. (දිල්)

:       0       0

රූපවතී Thursday, 13 November 2014 05:52 AM

මම රටේ නායකයා වුණා නම් එල්ලුම් ගහ නැවත ක්‍රියාත්මක කරනවා (නි)

:       0       0

ඉෂානි Tuesday, 11 November 2014 04:40 PM

බොරුවට කෑගහපු අයට දැන් මොනවද දන්නෙ නැහැ කියන්න තියෙන්නේ? (නි)

:       0       0

විදුර Tuesday, 11 November 2014 04:44 PM

ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැහැ (නි)

:       0       0

ජයන්ත Wednesday, 12 November 2014 04:41 AM

යුද බිය නැති කළ මහින්ද ජනපති දිගුකල් වැජබේවා (දිල්)

:       0       0

යසස් Tuesday, 11 November 2014 04:44 PM

රටේ දුක්විඳින ජනතාව වෙනුවෙන් යමක් කරන්න බලන්න. ඔබට සදා ජය! (නි)

:       0       0

රුක්ෂලා Tuesday, 11 November 2014 04:44 PM

අපේ රට දියුණුවේ ස්වර්ණමය මාවතට ඇතුළත්වීමේ මේ තීරණයට අපේ ආචාරය! (නි)

:       0       0

තිලක් ඩුබායි Tuesday, 11 November 2014 04:46 PM

නිහාල්, හොඳින් හිතාබලා කතා කරන්න (නි)

:       0       0

හෂාන් Tuesday, 11 November 2014 04:46 PM

ඔබතුමාට මුළු හදවතින්ම සුබපතමි (නි)

:       0       0

සුදේශ් Tuesday, 11 November 2014 04:47 PM

ඉදිරියේදී අපේ රට සියළු ආකාරයෙන් සංවර්ධනය වෙන බව අපිට විශ්වාසයි (නි)

:       0       0

සේනක Wednesday, 12 November 2014 04:47 AM

ස්වාධීන අධිකරණ සේවා කොමිසම හැකි පමණින් ස්ථාපිත කරන්න (දිල්)

:       0       0

චානිකා Tuesday, 11 November 2014 04:53 PM

අපි මෙවර ඔබතුමාට අපේ සම්පූර්ණ සහයෝගය දෙනවා (නි)

:       0       0

තුසිත Wednesday, 12 November 2014 04:51 AM

රටේ දියුණුව වෙනුවෙන්, සියළු දෙනාගේ යහපත් හෙට දිනය වෙනුවෙන් අපිට ඔබගේ නැවත පත්වීම අවශ්‍යයි. ඔබට ජය .(දිල්)

:       0       0

නිමල් Wednesday, 12 November 2014 05:03 AM

මහින්ද රජතුමන්ට දීර්ඝ ආයුෂ වේවා! අපේ රටත් අපිත් එක සේ වාසනවන්තයි (දිල්)

:       0       0

ගාමිණි Wednesday, 12 November 2014 05:04 AM

රටට අමතක නොවෙන වැඩක් කරපු ජනාධිපතිතුමා හැමදාම රට පාලනය කරන්න ඕනි (දිල්)

:       0       0

ලියනගේ Wednesday, 12 November 2014 05:05 AM

බන්දුල පෙරේරා, නොයෙල්, ජයසිරි මනිමේන්ද්‍ර ඇතුළු සියලු දෙනාගේ අදහස්වලට එකඟයි.අපේ රටේ ඉන්නෙ කළගුණ සලකන මිනිස්සු ඒකෙ දෙකක් නැහැ.එත් වැඩේ තියෙන්නෙ ජනාධිපතිතුමා කළගුණ සලකන විදියේ වැරැද්දකුයි. (දිල්)

:       0       0

වික්ටර් Tuesday, 11 November 2014 05:04 PM

සමහරුන්ගේ අදහස් දැක්කහම පුදුමත් හිතෙනවා (නි)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Wednesday, 12 November 2014 05:08 AM

ඔය කතා වලට අපේ රටේ බුද්ධිමත් මිනිස්සු දැන් රැවටෙන්නේ නැත (දිල්)

:       0       0

දයා -නිව්සිලන්ඩ් Tuesday, 11 November 2014 05:10 PM

ජනාධිපතිතුමනි, ඔබේ අභීත නායකත්වයේ අගය වැටහෙන්නේ පිටරටක ජිවත්වනවිටයි .ඔබට සදා ජය සහ ආයු බල! (නි)

:       0       0

නිශ්ශංක Tuesday, 11 November 2014 05:10 PM

මෙවර අපිට හොඳ වෙනසක් දැකබලාගන්න පුළුවන් වෙයි (නි)

:       0       0

කමිදු Tuesday, 11 November 2014 05:12 PM

මහජනතාව ගැන හැඟීමක් ඇති අපේ ජනපති ඔබයි (නි)

:       0       0

චම්පික Tuesday, 11 November 2014 05:13 PM

බලමුකෝ වෙන්නේ ‍මොකක්ද කියලා (නි)

:       0       0

කේ. පෙරේරා Tuesday, 11 November 2014 05:18 PM

ඉදුනිල්, ඔයාගේ අදහස හරි. දැන් මොකටද ඔයතරම් හදිස්සි? (නි)

:       0       0

මේනක Wednesday, 12 November 2014 05:30 AM

මම කාටවත් ආවට ගියාට ජය ඝෝෂා කරන කෙනෙක් නෙවෙයි . මගේ නමිනුත් ජය ඝෝෂා කරලා අනේ හොඳයි. කවුරු හරි නමක් නැති කෙනෙක්නෙ. (දිල්)

:       0       0

නෙත්රූ Tuesday, 11 November 2014 05:23 PM

මේ ඇරඹුනේ අනාගතයේ ස්වර්ණමය කාල පරිච්ඡේදයයි (නි)

:       0       0

තිලක් ඩුබායි Tuesday, 11 November 2014 05:25 PM

මහින්ද මහතාට සමානකළ හැකි කිසිවෙකු සිටීද? සත්තකින්ම මුළු ලෝකයෙන්ම හොයාගන්න බැහැ. (නි)

:       0       0

කෙවුල්ගම Tuesday, 11 November 2014 05:26 PM

ඔබතුමාට සියළු දෙවි පිහිටයි! ඔබතුමා මෙවරත් වැඩිම ඡන්දයෙන් මගේ රටේ ජනපති වෙන්න (නි)

:       0       0

නාමල් Tuesday, 11 November 2014 05:26 PM

ඡන්දයෙන් පසු විශාල ලෙස බඩු මිල ඉහළ යනවා කියලා ඇතැම් පිරිස් කියනවා. ඒක ඇත්තද? (නි)

:       0       0

නයන Tuesday, 11 November 2014 05:29 PM

අපේ රටේ ඉන්න බුද්ධිමත් ජනතාව බුද්ධිමත් තීරණයක් ගන්නා බව විශ්වාසයි (නි)

:       0       0

අමාලි Wednesday, 12 November 2014 05:48 AM

දැන් මෙතුමාට විතරක් ද තුන් වෙනි වතාව වලංගු. අනෙක් අපේක්ෂකයන්ටත් හැකිද ? යම් කෙනෙකුට දෙවතාවකට වඩා ඉල්ලන්න බැරි නම් ඒ කුමන කාරණා නිසාද ? උගත් පාඨක භවතෙක් කාරුණිකව පැහැදිලි කළ මැනවි. මෙය මගේ පුද්ගලික සාමාන්‍ය දැනුම සඳහා පමණක් නිසා මෙයට උත්තර දීමට බන්දුල පෙරේරා කලබල විය යුතු නොවේ. (බ)

:       0       0

නිර්මල Wednesday, 12 November 2014 05:53 AM

මම දේශපාලනයට කැමති නැහැ (දී)

:       0       0

බන්දු Tuesday, 11 November 2014 05:42 PM

අනුර කුමාර උන්නැහේ දැන් කොහෙද දන්නේ නැහැ ඉන්නේ.? ජනාධිපතිතුමාට අධිකරණයෙන් විමසන්නට ව්‍යවස්ථාවෙන් ඉඩක් සලසා නැති බවක් කිවුවා නේද.? එහෙම නම් උසාවිය එහෙම එකක් මතු කෙරුවේ නැහැනේ. මෙහෙම කතා විජේවීර මහත්තයා නම් කිවේ නැහැ. (ස)

:       0       0

අසංක Tuesday, 11 November 2014 05:44 PM

ඔබට ජය! කොන්ද පන නැති නායකයන්ට වඩා ඔබ අපිට ආඩම්බරයක්! (ස)

:       0       0

සේනානායක Tuesday, 11 November 2014 05:44 PM

ජය වේවා.......තවම ජනමතය ඔබට. (ස)

:       0       0

ප්‍රදීප් Tuesday, 11 November 2014 05:46 PM

තන්හාය ජායති සෝකෝ කියල තියෙනව, ප්‍රවේසමෙන් ! (ස)

:       0       0

තනුජා Wednesday, 12 November 2014 05:56 AM

අදිකරණ සේවා කොමිසම් සභාව පත්කරන්න. (දී)

:       0       0

ක්‍රිස් Tuesday, 11 November 2014 05:55 PM

අපේ ජනාධිපති තුමාට ජය වේවා. (ස)

:       0       0

මංජුල රියාද් Tuesday, 11 November 2014 06:02 PM

තුන්පාරක් නෙමෙයි දහපාරක් හරි ඉල්ලන්න. අපි ඡන්දය දෙනවා ඔබතුමාට. ජය වේවා! (නි)

:       0       0

නිරංජන් Tuesday, 11 November 2014 06:07 PM

සුබ පැතුම්! (නි)

:       0       0

මරික්කාර් Wednesday, 12 November 2014 06:03 AM

ඉදුනිල්ගේ අදහසට මමත් එකගයි.එමෙන්ම මෙම ජනාධිපති ක්‍රමය වෙනස්විය යුතුයි.පාර්ලිමේන්තුව හරහා රටේ පාලනය තහවුරු විය යුතුයි. (දිල්)

:       0       0

දිලිප් Tuesday, 11 November 2014 06:12 PM

ඔබයි අප පැතුම මහින්ද උතුමාණෙනි. සදා ජය ඔබට!! ඔබ අපට ජාතික වීරයෙකි (නි)

:       0       0

සුදත් Tuesday, 11 November 2014 06:13 PM

ජයවේවා පියාණෙනි, ඔබට අපේ රටට දළදා සමිඳු පිහිටයි! (නි)

:       0       0

හේමාප්‍රිය Wednesday, 12 November 2014 06:15 AM

දුක් සැප කුමන්දා අසන නිරිදෝ වෙන කොයින්දා .ඔබ තුමා කවදත් අපේ රජතුමා .(දිල්)

:       0       0

විදානපතිරණ Tuesday, 11 November 2014 06:20 PM

ඔබතුමාට සියළු දෙවියන් ආශිර්වාද කරනවා. ඔබට කිසිදිනෙක වරදින්නේ නැහැ (නි)

:       0       0

කවීෂා Tuesday, 11 November 2014 06:22 PM

ඔබයි අ‍පගේ ගැළවුම්කරු! ඔබට දෙවි පිහිටයි! (නි)

:       0       0

ගුණසිරි Wednesday, 12 November 2014 06:26 AM

ඇයි තුසිත තාමත් ඉස්සරහට හොඳ වේවි කියලද හිතන්නේ. ගත වුන කාලයට මොකද වුනේ ?(දිල්)

:       0       0

අහමඩ් Tuesday, 11 November 2014 06:23 PM

මේ තීරණය ලැබෙනතුරු මම බොහොම විශ්වාසයෙන් බලාගෙන හිටියා (නි)

:       0       0

ගාමිණී Tuesday, 11 November 2014 06:23 PM

මේ තීරණය ලැබෙන බව බුද්ධිමත් බොහෝ දෙනෙක් දැනගෙන හිටියා. රටක ජනාධිපතිවරයෙක් ඒ වගේ නීතිමය ප්‍රතිපාදන නැතුව නැවත ජනාධිපතිවරණයකට යන්නේ නැහැ. (නි)

:       0       0

රුවන්ත Wednesday, 12 November 2014 06:29 AM

මේ වැදගත් තීරණයට හේතු වූ නීතිමය කරුණු ප්‍රකාශයට පත් කිරීම වැදගත් නේද . ඒක කාටත් හොඳයි. (දිල්)

:       0       0

නිලංක Tuesday, 11 November 2014 06:23 PM

ඔබතුමා සියළු බලවේග බිඳගෙන ඉදිරියටම එන බව මට විශ්වාසයි (නි)

:       0       0

රුවන්ත Wednesday, 12 November 2014 06:29 AM

මේ වැදගත් තීරණයට හේතු වූ නීතිමය කරුණු ප්‍රකාශයට පත් කිරීම වැදගත් නේද . ඒක කාටත් හොඳයි. (දිල්)

:       0       0

තිලක් ඩුබායි Tuesday, 11 November 2014 06:24 PM

අසංක,ඔය කියන ඒවා ලියලාම තියාගන්නකො. (නි)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Tuesday, 11 November 2014 06:28 PM

ජය වේවා මහරජාණෙනි,ජය වේවා! රටේ ජනතාව වහලුන් වෙන්නට ඉඩනොදී කොටින්ට සහ ජාත්‍යන්තරයට ගැතිකම් කළ බංකොලොත් දේශපාලුවන්ගේ බලාපොරොත්තු ඉටුකරගන්නට ඉඩනොදී බිය නොවී ජාත්‍යන්තරයෙන් ආ තර්ජන ගර්ජන වලට අබමල් රේණුවක තරම්වත් බිය නොවී, අපේ ත්‍රිවිධ හමුදාවටම කිසිදු බියකින් තොරව මිනීමරු කොටි ත්‍රස්ත්‍රවාදීන් සහමුලින්ම අතුගා දමන්නට නායකත්වය දුන් මහා සෙන්පතියනි, අප රටේ ජනගහණයෙන් 75% පමණ ජනතාව කළගුණ හොඳට දන්නා හොඳට මතක තිබෙන ජනතාවක්. ඔවුන් සියලුම දෙනා ඔබ සමඟයි (නි)

:       0       0

නිම්මි Tuesday, 11 November 2014 06:28 PM

ඔබගේ දෑතට මේ රට දියුණු කිරීමට තවත් ශක්තිය ලැබේවා! (නි)

:       0       0

කුෂාන්ත Wednesday, 12 November 2014 06:41 AM

අධිකරණය එසේ තීරණය කරයිනම් අපි කෙසේ එරෙහි වන්නද (දී)

:       0       0

චමාලි Tuesday, 11 November 2014 06:34 PM

ඔබතුමා බුද්ධිමත්ව කටයුතු කරන්න. ඔබගේ ජයග්‍රහණය ස්ථිරයි (නි)

:       0       0

චානක. Tuesday, 11 November 2014 06:38 PM

කවුරුත් බලාගෙන හිටියේ මේ තීරණය දෙනතුරු තමයි. බලමු දැන් මොකද වෙන්නේ කියලා. (නි)

:       0       0

බමුණු Wednesday, 12 November 2014 06:47 AM

බත් බැලයෝ කොපමණ ඉන්නවද කියා ගණන් කළහැකී (බ)

:       0       0

කසුනි Tuesday, 11 November 2014 06:48 PM

ඔබතුමා තමයි මේ රට ගළවාගත හැකි එකම සුදුස්සා (නි)

:       0       0

අමාලි Wednesday, 12 November 2014 06:58 AM

මෙතුමාට පමණද තුන් වරක් ඉල්ලුව හැක්කේ ? අනෙක් යම් අපේක්ෂකයෙකුට බැරි නම් ඒ කුමන කාරණා මතද ? මේ කරුණ අධිකරණ සහ ව්‍යවස්ථා නීතිය දත් උගත් පාඨක භවතෙක් පැහැදිලි කර දෙනු මැනවි.මගේ පුද්ගලික දැනීම පිණිස අසන නිසා බන්දුල පෙරේරා උත්තර දීමට කලබල විය යුතු නැත. (දිල්)

:       0       0

රාමා Tuesday, 11 November 2014 12:27 PM

හොඳ තීරණයක්, රට තවත් දියුණු කරන්න අවස්ථාවක්. (ර)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Tuesday, 11 November 2014 07:13 PM

රටේ ජනතාවගේ පොදු අපේක්ෂකයා ඔබයි. අපි ඔබ නම්කර හමාරය (නි)

:       0       0

ප්‍රියංග Wednesday, 12 November 2014 07:00 AM

ස්වාධින කොමිෂන් සභා පිහිටවලා ඉදිරි ජනාධිපතිවරණය තියල බලන්නකෝ (දිල්)

:       0       0

කුලතුංග Tuesday, 11 November 2014 07:14 PM

ඔබතුමා බයනැතුව ඉල්ලන්න. නිතරඟයෙන්ම ජයග්‍රහණය ලැබෙන බව සිකුරුයි (නි)

:       0       0

සුජීව Tuesday, 11 November 2014 07:20 PM

අපි අපේ රට ගැන මීටවැඩිය හිතන්න ඕනෑ (නි)

:       0       0

නිපුණ Tuesday, 11 November 2014 12:36 PM

ඔය තීන්දුව ගැන අපිනම් කලින්ම දැනගෙන තමා හිටියේ. (බ)

:       0       0

නෙතුක Tuesday, 11 November 2014 07:21 PM

දැන් බලාගන්න පුලුවන් බහුතර ජනතා කැමැත්ත මොකක්ද කියලා (නි)

:       0       0

ටුආන් Tuesday, 11 November 2014 07:45 PM

ඔබතුමාට සියළු දෙවි පිහිට ලැබේවා! (නි)

:       0       0

ශාන් Wednesday, 12 November 2014 07:25 AM

අපි ගොන්නු වගේ පේනවද මන්දා? (බ)

:       0       0

එච්.ඩී. ප‍්‍රදීප් Tuesday, 11 November 2014 12:52 PM

හොඳ අදහසක්. සතුටුයි. (ර)

:       0       0

ජබීර් Tuesday, 11 November 2014 08:28 PM

ඔබතුමා සියළු බාධක මැඩගෙන ඉදිරියටම යන්න. අපිත් එනවා ඔබතුමා සමඟම (නි)

:       0       0

ලයනල් Tuesday, 11 November 2014 08:31 PM

දැන් අර කෑගහපු කට්ටිය මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)

:       0       0

පියුමි Tuesday, 11 November 2014 12:56 PM

ඕක අපි දැනගෙන හිටිය. තුන් වරක් නෙවේ මැරෙනකන්ම පුළුවන්. (බ)

:       0       0

සමන් Tuesday, 11 November 2014 12:56 PM

ජයවෙිවා..ජයවෙිවා අපි  ඔබ සමගයි (බ)

:       0       0

බුද්ධික Tuesday, 11 November 2014 12:57 PM

ඕක අපි නම් කල් තියාම දන්නවා.නීතියේ සාධාරණත්වයට දෙවියන්ගේම පිහිට ආරක්ෂාව ලැබේවා (බ)

:       0       0

ගුණරත්න Tuesday, 11 November 2014 12:58 PM

තුන නෙමෙයි ජීවිත කාලෙටම තමා. දැන් ඉතින් පොදු අපේක්ෂකය කවදාවත් ජනාධිපතිකම් වෙනස් කරන්නේ නැහැ. (බ)

:       0       0

ප්‍රභාෂ් Tuesday, 11 November 2014 08:53 PM

සමස්ත ජනතාවගේම ඒකමතික තීරණයද මෙයයි (නි)

:       0       0

රවී Tuesday, 11 November 2014 08:57 PM

ජයවේවා ජනාධිපතිතුමනි, ජයවේවා !! (නි)

:       0       0

ශාන්ත Wednesday, 12 November 2014 07:52 AM

ලංකාවේ මිනිස්සු හිතන විදිහ වෙනස් වෙනකන් ලංකාවේ දියුණු වෙන්නේ නැ. (දිල්)

:       0       0

ශාන්ත Wednesday, 12 November 2014 08:01 AM

මිනිස්සුන්ට ඇත්ත තේරෙන කන් අපේ ලංකාව වෙනස් වෙන්නේ නැ. තව අවරුදු 100 ක් ගියත් ලංකාව දියුණු වෙන එකක් නැ. (බ)

:       0       0

සනත් Tuesday, 11 November 2014 01:09 PM

රටේම ජනතාව දෙන්නෙත් ඔය තීන්දුව තමයි. පොදු අපේක්ෂකයො ගැන දන්නනෙ කොළඹ අය විතරයි. (ර)

:       0       0

රණබාහු Tuesday, 11 November 2014 01:14 PM

රට රකිමු, ජනපතිට අපේ මනාපය, ජය වේවා.! (ර)

:       0       0

තරංග Tuesday, 11 November 2014 09:05 PM

මගේ රටට දළදා හිමි සරණයි! (නි)

:       0       0

චාන්දි Tuesday, 11 November 2014 09:07 PM

මම මේ තීරණය බලපොරොත්තුවෙන් සිටියා. දැන් මට හරිම සතුටුයි (නි)

:       0       0

රොෂාන් ද සොයිසා Tuesday, 11 November 2014 09:08 PM

අපි ඔබ සමඟයි! (නි)

:       0       0

ජයසෝම වෙල්ලම්පිටිය Tuesday, 11 November 2014 01:24 PM

බොහොම වැදගත් මධ්‍යස්ත තීරණයක් දස පුග්ගල විනිසුරුවරුන් දීල තියෙන්නේ. යුද්ධය නිම කොට ලබපු සංවර්ධනය ඉදිරියට ගෙන යන්නට ඔබ තුමා නැවතත් ජනාධිපති වන්න, අපේ ආශිර්වාදය ඔබට.! (ර)

:       0       0

දීපාල් Tuesday, 11 November 2014 01:25 PM

ජයවේවා ජනපතිතුමනි ඔබට ජය.! (ර)

:       0       0

ගිහාන් Tuesday, 11 November 2014 09:12 PM

ක්‍රිස් ඉන්නේ ලංකාවේද? (නි)

:       0       0

යොහාන්‍ Tuesday, 11 November 2014 09:13 PM

වෙන මොන විකල්ප ඉදිරිපත් කෙරුනද අපි සැමදා ඔබතුමා සමඟයි (නි)

:       0       0

තුෂාර Tuesday, 11 November 2014 09:14 PM

අපේ ජනාධිපතිතුමා බලයට තණ්හාවෙන් මෙම තනතුරට පැමිණෙනවා කියලා හිතන්න එපා. එතුමා ඇත්තටම රටට ආදරෙයි (නි)

:       0       0

කසුනි Tuesday, 11 November 2014 09:16 PM

ඇති යන්තම්. දැනුයි මගේ ඇඟට ‍ලේ ටිකක් ඉනුවේ! (නි)

:       0       0

විජේසුන්දර Tuesday, 11 November 2014 01:34 PM

මගේ මිතුරනි, මෙකල මහින්දට සමාන කළහැකි කිසිවෙකු සිටීද? කරුණාකර මට කියන්න. (ර)

:       0       0

ඉදුනිල් Tuesday, 11 November 2014 09:18 PM

ඔබ මේ තනතුරට සදාකාලික සුදුස්සෙක් (නි)

:       0       0

ලංකා Tuesday, 11 November 2014 09:20 PM

මොකද කවුරුත් හරියට පැහැදිලි කරලා කියන්නේ නැත්තේ, පුළුවන් වෙන්නේ හෝ බැරිවෙන්නේ කොහොමද කියලා. (නි)

:       0       0

දෙයාන් Tuesday, 11 November 2014 01:39 PM

හැමෝගෙම තීරණය ඕක තමයි ජය වේවා.! (ර)

:       0       0

කපිල‍ Tuesday, 11 November 2014 09:22 PM

ඔබතුමා පරදවන්න ලැබෙන්නේ නැහැ. සමස්ත ජනතාවම ඔබතුමා සමඟයි (නි)

:       0       0

සංජීව Wednesday, 12 November 2014 08:37 AM

ලංකාවේ වෙනත් නායකයෙක් හැදෙන්න ඕන නැද්ද? මටනම් ලංකාවේ සිද්දවෙන දෙවල්ගැන පුදුමයි (දිල්)

:       0       0

ගමගේ Tuesday, 11 November 2014 09:23 PM

රට නැවතත් සුබ මාවතකට වැටෙන පෙරනිමිති පහළවෙලා! (නි)

:       0       0

කවිඳු Wednesday, 12 November 2014 08:53 AM

කවුරු කාට පක්ෂපාත වුනත් ප්‍රශ්නයක් නැහැ. මෙතන කවුරුවත් සත්තුන්ගේ නම් වලින් අනෙක් පාක්ෂිකයා අමතල නැහැනේ. ලංකාව දියුණු වේගෙන යන බවට ඒකම සාක්කියක්. (ර)

:       0       0

නිහාල් Tuesday, 11 November 2014 01:50 PM

රට බේරාගත් ඔබතුමාට හැර ත්‍රස්තවාදීන්ගේ සහකරු දෙමළ සන්ධානය සහයදෙන අපේක්ෂකයෙකුට අපි ඡන්දය නොදෙමු. (බ)

:       0       0

වීරසිංහ Tuesday, 11 November 2014 10:18 PM

ඔබයි අපේ එකම බලාපොරොත්තුව! (නි)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 11 November 2014 10:19 PM

සියලු කරදර බාධක ජයගෙන ඉදිරියට යන්න ඔබතුමාට සුබ පැතුම්! (නි)

:       0       0

සරත් Tuesday, 11 November 2014 01:55 PM

ජය වේවා ! (ර)

:       0       0

ලක්සිරි Tuesday, 11 November 2014 10:34 PM

ඇත්තෙන්ම හීනෙකින්වත් හිතුවේ නැහැ ඉතා ඉක්මනින් මෙවැනි ඉතාම සාධාරණ තීන්දුවක් මේ විදිහට ලැබෙයි කියලා. ඇත්තෙන්ම සහෝදරවරුනි, එතුමා කවදාවත් බලෙන් බලය ලබාගන්න නායකයෙක් නෙමෙයි. එතුමා ජනතාව ලබාදෙන මේ ජනතා පරමාධිපත්‍ය බලය ලබාගතයුතු වෙනවා. (නි)

:       0       0

දුලාන් Wednesday, 12 November 2014 09:00 AM

එහෙම කලොත් අවෑමෙන් පත් වෙන්න බලා ගෙන ඉන්න අයට ප්‍රශ්නයක්නේ සංජීව. (ර)

:       0       0

ලක්ෂී Tuesday, 11 November 2014 01:55 PM

ජනාදිපති තුමනි ඔබට ජය. මහපාර දෙපැත්තෙන් මිනිස්සුන්ට මරබියෙන් තොරව ඇවිද යන්න පදික වේදිකා හදල දෙනවනම් ඔබට තවත් ජය. (ර)

:       0       0

ගීකියානා Wednesday, 12 November 2014 09:01 AM

හොඳ අදහසක්. සතුටුයි. (ර)

:       0       0

දීපාල් Tuesday, 11 November 2014 10:42 PM

ඔබතුමා තමයි නියම සුදුස්සා.... (නි)

:       0       0

නලීන් Tuesday, 11 November 2014 10:53 PM

කිසිම තනතුරකට සදාකාලික සුදුස්සන් නැත (නි)

:       0       0

දිල්රුක්ෂ Tuesday, 11 November 2014 10:56 PM

මුළුමහත් ශ්‍රී ලාංකීය ජනතාව එකාවන්ව ඔබතුමාට සහයෝගය දෙන බව ස්ථිරයි (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 11 November 2014 01:59 PM

පොදු අපේක්ෂකයාටත් අනිවාර්යයෙන්ම තුන්වරක් පොදු අපේක්ෂකයා වියහැකියි නේද? (නි)

:       0       0

අන්දරමාන Tuesday, 11 November 2014 01:59 PM

ආණ්ඩුවට බැන බැන හිටි අපේ අම්මා මේ පාර විදුලි බිල දැකලා මහින්ද මහත්තයාටමයි දෙන්නේ කියලා කියනවා. ජයවේවා! (නි)

:       0       0

කණිෂ්ක Tuesday, 11 November 2014 11:13 PM

කීපාරක් ඉල්ලුවත් අපිට කමක් නැහැ. හැබැයි තුන්ගුණයක් විතර වැඩි කළ ඇමති මණ්ඩලයක් එහෙම නම් අපිට එපා (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 11 November 2014 02:01 PM

ජනතාව මේ ගැන මුළු හදවතින්ම සතුටු වෙනවා (නි)

:       0       0

ටෙක්ලා Tuesday, 11 November 2014 11:16 PM

ඔබතුමාට තිස්තුන් කෝටියක් දෙවි රැකවරණයි! (නි)

:       0       0

තේජා Wednesday, 12 November 2014 09:18 AM

ජයම වේවා......තෙරුවන් සරණයි. (දී)

:       0       0

නන්ද Tuesday, 11 November 2014 11:21 PM

තුන්වන වාරයේ දිනන එක නෙමෙයි, දිනලා කරන්න යන වැඩ ටික තමයි වැදගත්. කට්ටිය උඩපනිනවා අසවලා සුදුස්සා කියලා. ඒක හරි. නමුත් තනතුර නිසා රටට සිදුකරන්න පුළුවන් සේවය තමයි වැදගත්. (නි)

:       0       0

සේන Tuesday, 11 November 2014 02:01 PM

අපි ඒක කොහොමත් දැනගෙන හිටියා (නි)

:       0       0

යසස් Tuesday, 11 November 2014 11:24 PM

මගේ අදහසේ හැටියට තුන්වැනි වර ඇවිල්ලා මුලින්ම කරන්න ඕනෑ දේ තමයි රාජ්‍ය තාන්ත්‍රික සේවාව නිවැරදි කරන එක. කරුණාකර සුදුස්සන් කවුදැයි හඳුනාගෙන පත්කරන්න. (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 11 November 2014 11:26 PM

මෙම තීරණය ගැන මට පුදුමයක් නැහැ (නි)

:       0       0

තිලකරත්න Tuesday, 11 November 2014 11:34 PM

මහින්ද රාජපක්ෂ තරම් වෙනත් අසහාය නායකයෙක් මේ වනතෙක් ශ්‍රී ලංකාවේ බිහිවී නැහැ. එම නිසා තවත් වරක් ඔහු ජනාධිපති වියයුතුමයි. අතීතය හැමටම දැන් අමතකයි නේද? (නි)

:       0       0

පුෂ්පකුමාර Tuesday, 11 November 2014 02:09 PM

අනේ, විජේසුන්දර ඒ දෙවියාට සමාන කළ හැකි දෙයියෙක් මෙලොවත්,එලොවත් නැහැ. අනේ! අපේ රටට ඉතින් මේ දෙයියන්වහන්සේ ගේම පිහිටයි!! (අ)

:       0       0

විරාජ් Tuesday, 11 November 2014 11:37 PM

ඔබට සියළු දෙවි රැකවරණයි! (නි)

:       0       0

වරුණ Tuesday, 11 November 2014 11:41 PM

තුන්වැනි වරට මෙතුමා එන එක අපිට නම් ප්‍රශ්නයක් නෙමෙයි (නි)

:       0       0

කසුන් Tuesday, 11 November 2014 11:45 PM

ජයවේවා! ඔබගේ ජයග්‍රහණය අපේ පැතුමයි! (නි)

:       0       0

ලබු Tuesday, 11 November 2014 02:13 PM

අපි නම් තීන්දුව කලින්ම අනුමාන කළා. ජයවේවා. අපිට දීමනා මදි ඡන්දෙ දෙන්ඩ යන්ඩ, අපි පෞද්ගලික අංශයේ වැඩ. අපිව හැම පැත්තෙන්ම සුරා කනවා. ඡන්දෙට කලින් 50000 බයිසිකලයක් දුන්නොත් ඡන්දෙ වැටෙයි. නැත්නම් ලබු තමා.(ිඅ)

:       0       0

රොහාන් Tuesday, 11 November 2014 02:16 PM

මං හීනෙකින්වත් හිතන්නේ නෑ තුන්වර දිනයි කියලා.(හේ)

:       0       0

වජිර Tuesday, 11 November 2014 02:18 PM

පුළුවන්ද බැරිද කියලා ජනතාව තීන්දු කරයි.(හේ)

:       0       0

නිහාල් Tuesday, 11 November 2014 02:20 PM

අපි කොහොමත් දන්නවා තුන් පාරත් ඉල්ලන්න පුළුවන් කියලා.(හේ)

:       0       0

වික්‍රමපාල Wednesday, 12 November 2014 12:49 AM

අපි බලමුකෝ මොකක්ද ඉදිරියේදී වෙන්නේ කියලා (නි)

:       0       0

කුමාර Tuesday, 11 November 2014 02:23 PM

මෙවරත් ජය නියතයි.(හේ)

:       0       0

සිරිසේන Wednesday, 12 November 2014 12:52 AM

සියළු බලවේග පරදා අපේ වීරයා ජයමඟ පෙරමුණේ! (නි)

:       0       0

අනුරුද්ධ Tuesday, 11 November 2014 02:25 PM

තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණයෙන් සියලුම බාධක ජයගෙන රට රැකගනිමින් සංවර්ධනය කිරීමට ඔබට ඒකාන්ත ජයග්‍රහණයක් ප්‍රාර්ථනා කරමි.(හේ)

:       0       0

බිනර Wednesday, 12 November 2014 12:52 AM

තිලකරත්න ඉතිහාසය ගැන හොඳින් දන්නවා වගෙයි. (නි)

:       0       0

අමිල Tuesday, 11 November 2014 02:25 PM

ඡය වෙිවා.මහ රඡ .අපගේ ආශිර්වාදය ඔබටයි .(දිල්)

:       0       0

අමිල Tuesday, 11 November 2014 02:25 PM

ඡයවෙිවා .......මහරඡ.....අපගේ ආශිර්වාදයඔබටයි (අ).

:       0       0

චන්ද්‍රා Tuesday, 11 November 2014 02:25 PM

ජනාධිපති මැතිවරණයක් එනවා කියපුගමන් ඉදිරිපත්වෙන්න එන අය ගැන සලකා බැලුවම මොනවවුනත් තවමත් නියම සුදුසුම කෙනා ඔබය, ජයවේවා!....(අ)

:       0       0

සරත් Wednesday, 12 November 2014 10:08 AM

ජය වේවා මහා රජාණනි.! (ර)

:       0       0

දිනෙල්ක‍ා Wednesday, 12 November 2014 12:55 AM

හැමෝටම ජය වේවා! සුබ ගමනක පෙරනිමිති.... (නි)

:       0       0

නිශාන්ත Wednesday, 12 November 2014 12:55 AM

රටේත් ජනතාවගේත් ආරක්ෂාවට, ස්ත්‍රී සහ මහජන ප්‍රශ්න වලට අහුම්කම්දෙන අමාත්‍ය මණ්ඩලයකුත් පත්කළොත් ඔබයි සදාකල් අපේ රටේ නායකයා (නි)

:       0       0

යොමාල් Wednesday, 12 November 2014 12:56 AM

රටේ දියුණුව වෙනුවෙන්, සියළු දෙනාගේ යහපත් හෙට දිනය වෙනුවෙන් අපිට ඔබගේ නැවත පත්වීම අවශ්‍යයි (නි)

:       0       0

ශ්‍යාමා කුමාරි රත්නමල්ල Tuesday, 11 November 2014 02:32 PM

අපේ ජනාධිපතිතුමා රටට ජනතාවට ද්‍රෝහිව කිසිම වැරද්දක් කරන්නේ නැහැ. ඒ බව දන්නා විරුද්ධ පක්ෂයේ සියල්ලොමත් "තුන්වරක් බැරි" කතාව අරගෙන මාද්‍ය හරහා බය ගැන්වීමක් කරන්න හැදුවා. නමුත් කවුරුවත් අධිකරණයට ගියේ නැහැ. මහජනතාවගේ සැකය දුරු කිරීම ජනාධිපතිතුමාගේ හොඳ ගතියක් නිසා එතුමාම අධිකරණයෙන් ඒ ගැන පැහැදිළි කිරීමක් විමසුවා. අනුර කුමාර දිසානායක මහත්තයා දැන්වත් බොරු වපුරන්ට එපා කියලා මට කියන්ට හිතෙන්නේ මෙන්න මේ වෙලාවටයි. ජනාධිපතිතුමාට ශ්‍රේෂ්ටාධිකරණයෙන් විමසන්නට ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන නැහැ කිවුව පචය ලත් තැනම ලොප් වෙලා. මෙහෙමත් මිනිස්සුන්ට නායකයෝ කියලා කියනවද අප්පා. (අ)

:       0       0

ටෙරන්ස් Wednesday, 12 November 2014 12:58 AM

ජය වේවා! ජය වේවා! (නි)

:       0       0

චානිල් Wednesday, 12 November 2014 01:00 AM

තිලකරත්නට වර්තමානයවත් පෙනෙන්නේ නැහැ. අනිත් මිනිසුන්ට අතීතය මතක් කරලා දෙන්න හදනවා. (නි)

:       0       0

යාපා Wednesday, 12 November 2014 01:00 AM

ඔබතුමාට පුළුවන් තුන්පාරක් නෙමෙයි සියපාරක් වුණත් දිනන්න (නි)

:       0       0

සනත් අබේකෝන් Tuesday, 11 November 2014 02:39 PM

සිංහලයාගේ චින්තනය මේ තරම් ඔද්දල් උනේ කොහොමද කියලා මම මේ කල්පනා කරන්නේ. (බ)

:       0       0

රංග Wednesday, 12 November 2014 01:03 AM

දැන් එහෙනම් අනෙකුත් අපේක්ෂකයන් එක එක්කෙනාට කරන මඩ ගැසිල්ල නවත්වන්න. හැමෝටම තුන්පාරක් පුළුවන් ඇතිනේ. (නි)

:       0       0

දසුනි Wednesday, 12 November 2014 10:37 AM

වැඩි පිරිසක් මීට වඩා බුද්ධිමත් නිසා කලබල වියයුතු නැහැ කියලයි මම නම් හිතන්නේ (නදී)

:       0       0

අශාන් Wednesday, 12 November 2014 01:04 AM

ර‍ට බේරාගත් අභීත විරුවාණන්ට යළිත් වරක් මේ රට බාරයි (නි)

:       0       0

දිනූෂ Wednesday, 12 November 2014 01:05 AM

අපි මේ තීරණය බලාපොරොත්තුවෙන් සිටියා. ඔබට බුදු සරණයි! (නි)

:       0       0

හේමන්ත Tuesday, 11 November 2014 02:44 PM

අතිගරු ජනාධිපතිතුමනි, ජයවේවා! අපි ඔබ සමඟයි (නි)

:       0       0

රන්ජිත් Wednesday, 12 November 2014 01:05 AM

කවුරු ආවත් කමක් නැහැ, අපේ රටට සෙතක් වෙනවා නම් එච්චරයි (නි)

:       0       0

අකලංක Wednesday, 12 November 2014 01:08 AM

අද නම් මට හරිම සතුටු දවසක් (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 12 November 2014 01:22 AM

ඔබ මෙවර නම් දිනනවා දිනනවාමයි. (නි)

:       0       0

නීල Tuesday, 11 November 2014 02:46 PM

නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ.(අ)

:       0       0

අජිත් Tuesday, 11 November 2014 02:47 PM

රාමා : අනේ අපිට කියන්නකෝ රට දියුණු වෙලා තියෙන්නේ කොහෙන්ද කියා ? හෙට ඉපදෙන්න ඉන්න දරුවා පටන් ලෝකෙට ණයයි කියා ඔබ නොදනිද ?(අ)

:       0       0

රන්ජන් Tuesday, 11 November 2014 02:49 PM

ඉහලම ප්‍රතිශතයකින් යුධ බිය නැති කල ජනපති දිනවමු. ජයවේවා! (අ)

:       0       0

සිඩ්නි Wednesday, 12 November 2014 01:29 AM

දැන් හැමෝටම හරිම සතුටු ඇති (නි)

:       0       0

සුරන්ජිත් ලාල් Tuesday, 11 November 2014 02:49 PM

ඡන්දය ඉල්ලන්නකෝ එතකොට අපි අපේ තීන්දුව හරි පුද්ගලයෙකුට දෙන්නම්. ලංකාවේ ඉන්න දුප්පත් මිනිසුන්ට පරිගණක නැහැ තිබුන නම් කියයි කොහොමද එක වේලක් කාල කහට උගුර බිල දැන් කැලේ දුක විඳ විඳ ඉන්න හැටි(අ)

:       0       0

චමින්ද Tuesday, 11 November 2014 02:53 PM

මේක අපිටනම් ප්‍රවෘත්තියක් නෙවේ. (අ)

:       0       0

ගයනි Wednesday, 12 November 2014 01:33 AM

මම කැමතියි ඔබතුමා හැමදාටම මගේ රට පාලනය කරනවා නම් (නි)

:       0       0

ටියුඩර් Tuesday, 11 November 2014 02:56 PM

ඔබතුමා ඉල්ලන්න. ඡන්දය මිනිස්සු දෙයි (නි)

:       0       0

විජේනායක Wednesday, 12 November 2014 01:37 AM

වැදගත්, මහත්මා ගතිගුණ වලින් හෙබි ඔබතුමාට රටේ ජනතාවගේ කැමැත්ත ඉහළින්ම ලැබෙනවා (නි)

:       0       0

විජේවර්ධන Wednesday, 12 November 2014 01:39 AM

ඔබතුමාට අපේ උපරිම සහයෝගය දෙනවා අපි (නි)

:       0       0

සුධීර Tuesday, 11 November 2014 03:00 PM

අනේ අපොයි කියලා හිතෙනවා සමහර අදහස් දෑක්කහම. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 117 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 92 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 777 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


අල්ලස් ගත් සැරයන් - පීසි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 21 0

මඩකලපුව පනෙයි අරුප්පන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි පනෙයි අරුප්පන් වැවෙන් ගොඩ දැමීමට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටීමට රුපියල් 2000ක අල්ලසක


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 75 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


අධිවේගී පිවිසුම අසළ පාළු ඉඩමක මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 853 0

කොට්ටාව අධිවේගී පිවිසුම අසළ මිහිඳු මාවත ප්‍රදේශයේ පාළු ඉඩමක අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් තිබී අද අද (01) දා දහවල් සොයාගත් බව හෝමාගම මූලස්ථාන පොල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38430 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25315 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 890 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 323 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site