(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඉදිරිපෙළ ඇමැතිවරුන් මේ අවස්ථාවේදී සභාවේ නොසිටීම කනගාටුදායක බවත් සියලූම ඇමැතිවරුන් පැමිණෙන්නේ ජනාධිපතිවරයා එනදාට පමණක් හෙයින් ඔහුට හැමදාම මේ සභාවට එන ලෙස මේනිසා දැනුම් දීමට සිදුවන බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පැවැසීය.
කතානායකවරයා මෙසේ පැවසූවේ ගෑස් සිලින්ඩර පුපුරා යෑමේ සිද්ධීන් සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර සංවාදයක් ඇතිවූ අවස්ථාවේදීය.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ දෙපැත්තේ ඉදිරිපෙළ ඇමතිවරුන් කිසිම කෙනෙකු මේ අවස්ථාවේදී සභාවේ නැති හෙයින් ඒ පිළිබඳව අවධානය යොමුකරන බවද
හෙතෙම සඳහන් කළේය.
මෙවැනි ප්‍රශ්න ඇතිවූ විට ඒවාට පිළිතුරු දීමට මෙතන සිටින සියලුම දෙනා බැඳී සිටින බවත් මෙහි කිසිවකු සාමූහික වගකීමෙන් ඉවත් නොවිය යුතු බවත් මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපතිට මූණ පෙන්නන්න එන ඇමැතිලාට කතානායකගෙන් අවලාද
ලලිත් අම්බලන්ගොඩ Tuesday, 30 November 2021 12:56 PM
පාර්ලිමේන්තු යන්නේ මොකටද? වේලාවට සියලු වරප්‍රසාද සහ වැටුප හම්බ වෙනවා නම්... මේ වගේ කාලකණ්නි ඉන්න කම් කවදාවත්ම මේ රට ගොඩගන්න බැහැ.
(මන්ද) බුද්ධික Tuesday, 30 November 2021 05:36 PM
සුලු දෙයක් තියෙන්නේ සභාපතිතුමා (කතානායකතුමා) ඇමතිවරු එන්නේ නැත්නම් කාලය නාස්ති කරමින් ජනාධිපති කැඳවා වැඩක් නැහැ. ජනාධිපති වරයාට සිටින තැනක සිට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය දෙස බැලීමේ පහසුකම් සලසන්න තාක්ෂණය දියුණුවෙන් ප්‍රයෝජනයක් ගන්න...
sharm warn Tuesday, 30 November 2021 05:37 PM
මෙන්න මෙයාට ඔරලෝසුව විතරක් පෙනි පෙනී හිටපු එකෙන් ඔලුව ටිකක් කෙළින් වෙලා වගේ... අදද දන්නේ මහලොකු ගරු කටයුතු සුදු රෙදි හොරු රස්සාවට එන්නේ යලට, මහට කියලා. ඒක මුළු රටම දන්න දෙයක්...
Perera Wednesday, 01 December 2021 12:59 AM
ජනාධිපතිත් රවට්ටන එකේ සාමාන්‍ය මිනිසු ගැන කවර කතාද
ගමේ එකාලා Wednesday, 01 December 2021 06:46 PM
දේශපාලුවෝ කොහොමටත් ඩබල් ගේම්කාරයෝ... ආවත් එකඑකාට බනින එකයි, සත්තු වගේ හැසිරෙන එකයිනේ කරන්නේ.
lakshitha Wednesday, 01 December 2021 09:50 PM
ජනාධිපතිතුමනි, ඔබතුමා ජනාධිපති තනතුරේ සිටිමින් : 1 ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට අවුරුදු 10 කට රට බාර දෙන්න. 2 දියවන්නාවේ 225 දෙනාම හැඳි ගෑවෙන්නට ඉඩ හරින්න . 3 රට පාලනයට සුදුසු පිරිස හමුදාව තුලින් පමණක් තෝරා ගන්න . 4 පළාත් සභා අහෝසි කරන්න. 5 සියලුම රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහ ගතකොට අතිරික්ත සේවකයින් විශ්‍රාම ගන්වන්න. 6 අවම ගාස්තුවක් අයකරමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වටිනාකමක් දෙන්න. 7 ප්‍රාථමික පාසල් අධ්‍යාපනය මෙරටට ගැලපෙන විෂයමාලාවක් යටතේ යාවත්කාලින කරන්න. 8 විද්‍යා දදාති විනයං – පාසල් අධ්‍යාපනයේ තේමාව වියයුතුයි. 9 පාසල් අධ්‍යාපනය ශක්තිමත් කරන්න 10 සිසුවිනය විනාශ කරමින් සිසුන් නොමඟට යොමු කරන ටියුෂන් කඩ තහනම් කොට දුර්වල සිසුන් සඳහා අතිරේක පන්ති පවත්වන්න. 11 පාසල් සිසුන් නොවන පිරිසට සුදුසු විධිමත් පුද්ගලික අධ්‍යාපන ආයතන රජයේ නිර්දේශයන්ට යටත්ව ආරම්භ කිරීම සඳහා උපදෙස් දෙන්න. 12 සියලුම පුද්ගලික අධ්‍යාපන ආයතනවලින් ආදායම් බදු ඍජුවම අයකර ගැනීම සඳහා Income Tax නියෝජිතයෙක් බැගින් ඒ ඒ ආයතනවලට අනුයුක්ත කරන්න. 13 පුද්ගලික අංශය ශක්තිමත් කරන්න.