(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.
සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාව හෙට (18) දහවල් 12.30ට පමණ සිදුවන අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද ඊට සහභාගී වේ.
තවද, විදේශ රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක්ද මෙම අවස්ථාවට එක් වීමට අපේක්ෂා කරන අතර ඔවුන් කොළඹ සිට විශේෂ දුම්රියකින් කැටුව යාමට කටයුතු සූදානම් කර තිබේ.
ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ මඟපෙන්වීමෙන් සංවිධානය කෙරෙන සිරි දළදා වන්දනාව හෙට සිට අප්‍රේල් 27 වැනි දා දක්වා දින 10ක් පුරා පැවැත්වීමට නියමිතය.
ආරම්භක දිනය වන හෙට (18) දින ප.ව 3.00 සිට ප.ව 5.00 දක්වා සැදැහැවතුන්ට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙන අතර අනිද්දා (19) සිට දිනපතා දහවල් 12.00 සිට ප.ව 5.00 දක්වා එම අවස්ථාව උදාවනු ඇත.
නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.
මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය
පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද
ශ්රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.
අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජනපතිත් හෙට දළදා වඳී
අරවින්ද මොණරවිල Friday, 18 April 2025 09:52 AM
පන්සලට දානය තහනම් කරලා, පෙරහැර නවත්වන බව, අනුර කුමාර හෙට දිනවත් ප්‍රකාශයට පත් කරයිද දන්නේ නැහැ...
Sara Friday, 18 April 2025 10:38 AM
අයියෝ දැන් මේ ඔක්කොමල පෝලිමේ ඉන්න එපෑය. වීඅයිපි නැලුනේ.