(රංජන් කස්තුරි)
ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය පියවර ගැනීමට මේ මස 10 වැනි දිනෙන් පසුව මැතිවරණ කොමිසන් සභාවට බලය හිමිවන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
ඒ අනුව එම දිනෙන් පසුව ජනාධිපතිවරණයට අදාලව නාමයෝජනා කැඳවීම ඇතුළු අනෙකුත් කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බවද ඔහු කීය.
මේ අතර ජනාධිපතිවරණය නොවැම්බර් මස අවසන් සතියේ සෙනසුරාදා පැවැත්වෙනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරෙන අප්‍රේල් 26 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.
පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්
රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැ
නැගී එන දේශපාලන පක්ෂයක අපේක්ෂිකාවක් නීති විරෝධි ලෙස නිළ ජන්ද පත්‍රිකාවක් තොගයක් සිය නිවසේ සඟවාගෙන සිටියදී අද( 24 ) අලුයම අත් අඩංගුවට ගත් බව පුත්තලම මූලස
ඌව පළාත් සභාව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුම් හයක් කල් පිරීමට පෙර ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173 ක අලාභයක් සිදු කළේ ය
දළදා වන්දනාව වසරක් පාසා පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්බීඑස් අභයකෝන් මහතා තීරණය කර ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජනපතිවරණය ගැන පියවර ගන්න 10 වැනිදායින් පසු මැතිවරණ කොමිසමට බලය
චතුෂ කුමාර Sunday, 01 September 2019 02:59 PM
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා බලය අයුතු ලෙස භාවිතා කරමින්, අපේක්ෂයන්ට විවිධ නීති දමමින් බාධා පමුණුවනු ලබනවා. ජන්ද අපේක්ෂයින්ට මෙතුමා සලකන්නේ ඉතාම නින්දිත ආකාරයටයි. ඒ සම්බන්ධයෙන් අපගේ බරපතල විරෝධය මෙසේ දක්වා සිටිමු.
RaveendraSunday, 01 September 2019 05:35 PM
තවද ඡන්ද අපේක්ෂකයාට ඕනෑ විදියට රජයේ නිලධාරීන් "එහෙයියන්" ලෙස සිටින්නේ නම් ඔය කියන පාදඩ ඡන්ද අපේක්ෂකයින් බොහොම ඉහළින් එවන් නිවට නිලධාරීන් වර්ණනා කරන ආකාරය අප ඉතිහාසයේ හොඳින් දැක තිබෙන බවත් සඳහන් කිරීමට කැමැත්තෙමු. අවසාන වශයෙන් අවංක, නිහතමානී, නීතිගරුක ඡන්ද අපේක්ෂකයන් මෑතකාලයේ අප නම් දැක නැතිබවත් කණගාටුවෙන් සඳහන් කිරීමට කැමැත්තෙමු. එසේ නීතිගරුක, අවංක ඡන්ද අපේක්ෂකයන් මෑත අතීතයේවත් සිටියේ නම් අපගේ මව්රට දියුණුවෙමින් පවතින රටක් නොවේ. දියුණු රටක් ලෙස මේ මොහොතේ හැඳින්විය හැක. දියවන්නා ඔයේ සිටින හැලිවඳුරන් 225ම වංකයින් ලෙසත් ප්‍රසිද්ධියේ කීමට අප කිසිවිට පසුබට නොවෙන්නෙමු.
ලසන්තMonday, 02 September 2019 01:24 AM
චතුෂ, කියන ලෙසට සභාපතිවරයා බලය අයුතුලෙස භාවිතා කරනවා කීමෙහි වරදක් නැත කියල හිතෙනවා.
kolam boss Sunday, 01 September 2019 03:11 PM
මෙයාට ලංකාවේ මිනිස් ජීවිතයකට වඩා වටිනවා හොර ඡන්දයක් දාන එක නවත්වන එක... කලින් ඡන්දෙදි කිව්වනේ හොර ඡන්දෙ දාන්න අාවොත් ඔලුවටම වෙඩි තියන්න කියලා. මෙයාගේ විකට කතා අහලා කිසිම පොලිස්කාරයෙක් සහගහන අපරාධයක් නම් කරගත්තේ නැහැ. මේ වතාවේ මොන විකට කතාවක් කියයිද දන්නේ නැහැ...
රජින්දSunday, 01 September 2019 06:56 PM
රට-තොට ගැන ඔබගේ දැනුම සම්බන්ධව කණගාටුවන අතර, හොර ජන්දයක් දැමීමක් යනු මහා ජනතාවකගේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වාධීන මතයක් යටපත් කිරීමකි. එය ව්‍යංගාර්ථයෙන් ජනමතය විකෘති කිරීමකි. එහෙත් ඔබ සිතුවොත් දේශපාලකයින් පිල් මාරු කරනවිට එයද ජන මතය යටපත් කිරීමක් කියා, එය එසේ නොවේ. ඒ මන්දයත් කුමන පක්‍ෂයකින් හෝ පෙරමුණකින් මේ රටේ කවර ආයතනයක ජනතා නියෝජිතයෙක් පත් වුවත් ඔහු එතැන් පටන් කිසිදු පක්‍ෂයක පාක්‍ෂිකයෙක් නොවන අතර ඔහු රජය වෙනුවෙන් පොදු ජනතා සේවකයෙක් විය යුතුය. නමුත් ලංකාවේ මෙය සිදුවන අකාරය අවුල් සහගතය.
DDSunday, 01 September 2019 09:55 PM
කතාවෙන් එහෙම කිව්වට මම හිතන්නේ නෑ එක ක්‍රියාත්මක කරනවා කියල. අපේ අයට එහෙම නොකියත් බෑ.
athuraMonday, 02 September 2019 04:17 AM
හැබැයි රජාගේ කාලෙ හිටපු අයට වගේ ආතතිය නම් හැදුනෙ නැහැ.
ආන්ජලො නුගාරා Sunday, 01 September 2019 05:04 PM
2015 බලය දුන්නෙ යහපාලනය,කොමිසම් ගේන්නනෙ.කොමිසමෙ බලය සබාපතිගේ එකපුද්ගල තිරණ නෙමෙයි.